යෙදුමෙන් කියවන්න

12. 16

12. 16.

12. 16.

සකායනෙ වාපි දළ‍්හං වදානො කං කත්‍ථ බාලොති පරං දහෙය්‍ය, සයං‘ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද‍්ධිධම‍්මං.

තවද ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාවූ තීර්‍ත්‍ථක තෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය වූ කවරක්හු බාල යැයි දක්වන්නේ ද, හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තක්හු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.

සකායනෙ වාපි දළ‍්හං වදානොති - ධම‍්මො සකායනං, දිට‍්ඨි සකායනං, පටිපදා සකායනං, මග‍්ගො සකායනං සකායනෙ දළ‍්හවාදො ථිරවාදො බලිකවාදො අවට‍්ඨිතවාදොති - සකායනෙ වාපි දළ‍්හං වදානො.

සකායනෙ වාපි දළ්හං වදානො - ධර්‍මය ස්වකීය මාර්‍ග යැ, දෘෂ්ටිය ස්වමාර්‍ග යැ, ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්‍ගය ස්වමාර්‍ග යැ ස්වකීය දෘෂ්ටිමාර්‍ගයෙහි දැඩි වාද ඇත්තේ ස්ථිරවාද ඇත්තේ බලවත් වාද ඇත්තේ පිහිටා කියන ලද වාද ඇත්තේ නුයි ‘සකායතෙ වාපි දළ්හං වදානො’ යනු වේ.

කං තත්‍ථ බාලොති පරං දහෙය්‍යාති - තත්‍ථාති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා පරං බාලතො හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත‍්තකතො පරිත‍්තතො කං දහෙය්‍ය? කං පස‍්සෙය්‍ය? කං දක‍්ඛෙය්‍ය? කං ඔලොකෙය්‍ය? කං නිජ‍්ඣායෙය්‍ය? කං උපපරික‍්ඛෙය්‍යාති - කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය.

කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි බාල හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් අන්‍ය වූ කවරක්හු සලකන්නේ ද, කවරක්හු බලන්නේ ද කවරක්හු දක්නේ ද කවරක්හු අවලොකනය කරන්නේ ද, කවරක්හු සිතන්නේ ද, කවරක්හු විමසන්නේ දැයි ‘කං තත්‍ථ බාලොති පරං දහෙය්‍ය’ යනු වේ.

සයංව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද‍්ධිධම‍්මන‍්ති - පරො බාලො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත‍්තකො පරිත‍්තො අසුද‍්ධිධම‍්මො අවිසුද‍්ධිධම‍්මො අපරිසුද‍්ධිධම‍්මො අවොදාතධම‍්මොති එවං වදන‍්තො එවං කථෙන‍්තො එවං භණන‍්තො එව දීපයන‍්තො එවං වොහරන‍්තො සයමෙව කලහං භණ‍්ඩනං විග‍්ගහං විවාදං මෙධගං ආවහෙය්‍ය සමාවහෙය්‍ය ආහරෙය්‍ය සමාහරෙය්‍ය ආකඩ‍්ඪෙය්‍ය සමාකඩ‍්ඪෙය්‍ය ගණ‍්හෙය්‍ය පරාමසෙය්‍ය අභිනිවිසෙය්‍යාති - සයංව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද‍්ධිධම‍්මං.

සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං - මෙරමා බාල යැ හීන යැ නිහීන යැ ඔමක යැ ලාමක යැ ඡත්තක යැ පරිත්ත යැ ආශුද්ධිධර්‍ම ඇත්තේ යැ අවිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අපරිශුද්ධිධර්‍ම ඇත්තේ යැ අනවදාතධර්‍ම ඇත්තේ යැ’ යි මෙසේ පවසනුයේ මෙසේ කියනුයේ මෙසේ බණනුයේ මෙසේ දක්වනුයේ මෙසේ වහරනුයේ තෙමේ මැ කලහය භණ්ඩනය විග්‍රහය විවාදය මෙධගය එළවන්නේය මොනවට එළවන්නේය, හැර ගන්නේය මොනවට හැරගන්නේය, අදින්නේය මොනවට අදින්නේය, ගන්නේය, දැහැගන්නේය, පිහිටාගන්නේ නුයි ‘සයං ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද්ධිධම්මං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සකායනෙ වාපි දළ‍්හං වදානො කං කත්‍ථ බාලොති පරං දහෙය්‍ය, සයං’ව සො මෙධගමාවහෙය්‍ය පරං වදං බාලමසුද‍්ධිධම‍්ම”න‍්ති.

“සකායනෙ වාපි -පෙ- පරං වදං බාලමසුද්ධි ධම්මං” යි.