12. 17
12. 17.
12. 17.
විනිච්ඡයෙ ඨත්වා සයං පමාය උද‍්ධං සො ලොකස‍්මිං විවාදමෙති, හිත්‍වාන සබ්බානි විනිච‍්ඡයානි න මෙධගං කුරුතෙ ජන‍්තු ලොකෙ.
හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘ ආදිය) ප්‍රමාණ කොට ගෙන ලෝකයෙහි බොහෝ සෙයින් (- මතුමත්තෙහි) විවාදයට පැමිණෙයි. (මෙසේ ලබ්ධියෙහි දෝෂ දුටු) පුද්ගල තෙමෙ සියලු දෘෂ්ටිවිනිශචයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යි.
විනිච‍්ඡයෙ ඨත්වා සයං පමායාති - ‘විනිච‍්ඡයා: වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි; විනිච‍්ඡයදිට‍්ඨියා ඨත්‍වා පතිට‍්ඨහිත්‍වා ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වාති විනිච‍්ඡයෙ ඨත්වා; සයං පාමායාති සයං පමාය පමිණිත්‍වා අයං සත්‍ථා සබ‍්බඤ‍්ඤූ’ති සයං පමාය පමිණිත්‍වා අයං ධම‍්මො ස‍්වාක‍්ඛාතො, අයං ගණො සුපටිපන‍්නො, අයං දිට‍්ඨි භද‍්දිකා, අයං පටිපදා සුපඤ‍්ඤත‍්තා, අයං මග‍්ගො නීයානිකො’ති සයං පමාය පමිණිත්‍වාති - විනිච‍්ඡයෙ ඨත්වා සයං පමාය.
විනිච්ඡයෙ ඨත්වා සයං පමාය - ‘විනිච්ඡය’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, විනිශ්චයදෘෂ්ටියෙහි සිට පිහිටා ගෙන දැහැගෙන පිවිසගෙන නුයි ‘විනිච්ඡයෙ ඨත්වා’ යනු වේ; සයං පමාය - ‘මේ ශාස්තෘ සර්‍වඥ ය’ යි හෙතෙම මැනැ පමණ කොට, ‘මේ ධර්‍මය ස්වාඛ්‍යාත යැ’යි තෙමේ මැනැ පමණ කොට, ’මේ ගණයා සුප්‍රතිපන්න යැ’ මෝ දෘෂ්ටිය භද්‍ර යැ ‘මෝ ප්‍රතිපදාව සුප්‍රඥප්ත’ යැ, ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’යි තෙමේ මැනැ පමණ කොට නුයි ‘විනිච්ඡයෙ ඨත්වා සයං පමාය’ යනු වේ.
උද‍්ධං සො ලොකස‍්මිං විවාදමෙතීති - ‘උද‍්ධං’ වුච‍්චති අනාගතං අත‍්තනො වාදං උද‍්ධං ඨපෙත්‍වා සයමෙව කලහං භණ‍්ඩනං විග‍්ගහං විවාදං මෙධගං එති උපෙති උපගච‍්ඡති ගණ‍්හාති පරාමසති අභිනිවිසතීති එවම‍්පි - උද‍්ධං සො ලොකස‍්මිං විවාදමෙති. අථවා අඤ‍්ඤෙන උද‍්ධං වාදෙන සද‍්ධිං කලහං කරොති භණ‍්ඩනං කරොති විග‍්ගහං කරොති විවාදං කරොති මෙධගං කරොති: ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති එවම‍්පි - උද‍්ධං සො ලොකස‍්මිං විවාදමෙති.
උද්ධං සො ලෝකස්මිං විවාදමෙති - ‘උද්ධං’ යී අනාගතය කියනු ලැබෙයි, තමා ගේ වාදය මතුයෙහි තබා තෙමේ මැ කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයට එයි පැමිණෙයි එළැඹෙයි, ග්‍රහණය කෙරෙයි පරාමර්‍ෂ කෙරෙයි අභිනිවේශය කෙරේ නුයි මෙසේ ත් - ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ; නොහොත් තමා මතුයෙහි ලා කථා කරන අනෙකක්හු සමග කලහ කෙරෙයි, ඩබර කෙරෙයි, විග්‍රහ කෙරෙයි, විවාද කෙරෙයි, මෙධග කෙරෙයි: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි … නොහොත් ඉදින් පොහෝනෙහි නම් (තමා) මුදාගතැ’ යි මෙසේත් ‘උද්ධං සො ලෝකස්මිං විවාදමෙති’ යනු වේ.
හිත්‍වාන සබ‍්බානි විනිච‍්ඡයානීති - විනිච‍්ඡයා වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි; දිට‍්ඨිවිනිච‍්ඡයා සබ‍්බෙ විනිච‍්ඡයෙ හිත්‍වා චජිත්‍වා පරිච‍්චජිත්‍වා ජහිත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති - හිත්‍වාන සබ්බානි විනිච‍්ඡයානි.
හිත්වාන සබ්බානි විනිච්ඡයානි - ‘විනිච්ඡය’ යි ද ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති; දෘෂ්ටිවිනිශචයයන් සියලු දෙසැට දෘෂ්ටීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට බැහැර කොට දුරු කොට නසා විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘හිත්වාන සබ්බානි විනිච්ඡයානි’ යනු වේ.
න මෙධගං කුරුතෙ ජන‍්තු ලොකෙති - න කලහං කරොති’ න භණ‍්ඩනං කරොති, න විග‍්ගහං කරොති, න විවාදං කරොති, න මෙධගං කරොති, වුත‍්තං හෙතං භගවතා: “එවං විමුත‍්තචිත‍්තො ඛො අග‍්ගිවෙස‍්සන භික‍්ඛු න කෙන චි සංවදති, න කෙන චි විවදති, යඤ‍්ච ලොකෙ වුත‍්තං, තෙන ච වොහරති අපරාමස”න‍්ති ජන‍්තූති සත‍්තො නරො මානවො පොසො පුග‍්ගලො ජීවො ජාගු ජන්තු ඉන්‍දගු මනුජො; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - න මෙධගං කුරුතෙ ජන‍්තු ලොකෙති.
න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ - කලහ නො කෙරෙයි, ඩබර නො කෙරෙයි, විග්‍රහ නො කෙරෙයි, විවාද නො කෙරෙයි, මෙධග නො කෙරෙයි; මේ වදාළේ මැයි; භාග්‍යවතුන් විසින් - “ගිනිවෙස්න, මෙසේ මිදුණු සිත් ඇති මහණ තෙම කිසිවක්හු සමග සංවාද නො කෙරෙයි, කිසිවක්හු සමග විවාද නො කෙරෙයි, තවද ලෝකයෙහි යමක් කියන ලද නම්, දැඩිව නො ගනිමින් එයින් ව්‍යවහාර කෙරේ යැ” යි ජන්තු යනු: සත්ත්‍ව - නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; ලෝකේ යනු: අපායලෝකයෙහි … ආයතනලෝකයෙහි නුයි ‘න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“විනිච‍්ඡයෙ ඨත්වා සයං පමාය උද‍්ධං සො ලොකස‍්මිං විවාදමෙති, හිත්‍වාන සබ්බානි විනිච‍්ඡයානි න මෙධගං කුරුතෙ ජන‍්තු ලොකෙති”.
“විනිච්ඡයෙ ඨත්වා -පෙ- න මෙධගං කුරුතෙ ජන්තු ලෝකේ” යි.
චූලවියූහසුත‍්තනිද‍්දෙසො සමත‍්තො ද‍්වාදසමො.
දොළොස්වැනි ‘චූලවියූහ’ සූත්‍රනිර්දේශය සමාප්ත යි.