15. 10
15. 10.
15. 10.
පුරාණං නාභිනන්‍දෙය්‍ය නවෙ ඛන්තිං න කුබ‍්බයෙ, හීයමානෙ න සොචෙය්‍ය ආකාසං න සිතො සියා.
අතීත වූ රූපාදිඅරමුණට (තෘෂ්ණාදි විසින්) නො සතුටු වන්නේ යැ. වර්‍තමාන රූපාදියෙහි රුචිය නො කරන්නේ යැ. (රූපාදිය) නැසෙන කල්හි ශෝක නො කරන්නේ යැ, තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යි.
පුරාණං නාභිනන්‍දෙය්‍යාති - ‘පුරාණං’ වුච‍්චති අතීතා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං. අතීතෙ සඞ‍්ඛාරෙ තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන නාභිනන්‍දෙය්‍ය, නාභිවදෙය්‍ය, න අජ‍්ඣොසෙය්‍ය, අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති - පුරාණං නාභිනන්‍දෙය්‍ය.
පුරාණං නාභිනන්දෙය්‍ය - ‘පුරාණ’ යී ඉක්මැගිය රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. අතීත වූ සංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් නො සතුටු වන්නේ යැ, සතුටුබස් නො කියන්නේ යැ, නො බැසගන්නේ යැ; අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය දැහැගැනීම පිවිසසිටීම හරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘පුරාණං නාභිනන්දෙය්‍ය’ යනු වේ.
නවෙ ඛන්තිං න කුබ‍්බයෙති - ‘නවා’ වුච‍්චන‍්ති පච‍්චුප‍්පන‍්නා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං. පච‍්චුප‍්පන‍්නෙ සඞ‍්ඛාරෙ තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන ඛන‍්තිං න කරෙය්‍ය, ඡන්‍දං න කරෙය්‍ය, පෙමං න කරෙය්‍ය, රාගං න කරෙය්‍ය, න ජනෙය්‍ය, න සඤ‍්ජනෙය්‍ය, න නිබ‍්බත‍්තෙය්‍ය, නාභිනිබ‍්බත‍්තෙය්‍යාති - නවෙ ඛන්තිං න කුබ‍්බයෙ.
නවෙ ඛන්තිං න කුබ්බයෙ - ‘නව’ යී වර්‍තමාන රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානය කියනු ලැබෙයි. වර්‍තමානසංස්කාරයන් තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් රුචි නො කරන්නේ යැ, ඡන්‍දය නො කරන්නේ යැ, ප්‍රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘නවෙ ඛන්තිං න කුබ්බයෙ’ යනු වේ.
හීයමානෙ න සොචෙය්‍යාති - හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච‍්ඡමානෙ අන‍්තරධායමානෙ න සොචෙය්‍ය, න කිලමෙය්‍ය, න පරාමසෙය්‍ය, න පරිදෙවෙය්‍ය, න උරත‍්තාළිංකන්‍දෙය්‍ය, න සම‍්මොහං ආපජ‍්ජෙය්‍ය. චක‍්ඛුස‍්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච‍්ඡමානෙ අන‍්තරධායමානෙ - සොතස‍්මිං ඝානස‍්මිං - ජිව‍්හාය - කායස‍්මිං - රූපස‍්මිං - සද‍්දස‍්මිං - ගන්‍ධස‍්මිං - රසස‍්මිං - ඵොට‍්ඨබ‍්බස‍්මිං - කුලස‍්මිං - ගණස‍්මිං - ආවාසස‍්මිං - ලාභස‍්මිං - යසස‍්මිං - පසංසාය - සුඛස‍්මිං චීවරස‍්මිං - පිණ‍්ඩපාතස‍්මිං - සෙනාසනස‍්මිං - ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරස‍්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච‍්ඡමානෙ අන‍්තරධායමානෙ න සොචෙය්‍ය, න කිලමෙය්‍ය, න පරාමසෙය්‍ය, න පරිදෙවෙය්‍ය, න උරත‍්තාළිං කන්‍දෙය්‍ය, න සම‍්මොහං ආපජ‍්ජෙය්‍යාති - හීයමානෙ න සොචෙය්‍ය.
හීයමානෙ න සොචෙය්‍ය - නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි පහව යන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ. ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ යැ; ඇස නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි කන - නැහැය - දිව - කය - රූපය - ශබ්දය - ගන්‍ධය - රසය - ස්ප්‍රෂ්ටව්‍යය - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුවය - චීවරය - පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙසත් පිරිකර නැසෙන කල්හි හෙන කල්හි පිරිහෙන කල්හි නො වන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි ශෝක නො කරන්නේ යැ, නො වෙහෙසෙන්නේ යැ, නො දැහැගන්නේ යැ, නො හඬන්නේ යැ, ළෙහි පැහැර නො හඬන්නේ යැ, සම්මෝහයට නො පැමිණෙන්නේ නුයි ‘හීයමානෙ න සොචෙය්‍ය’ යනු වේ.
ආකාසං න සිතො සියාති - ‘ආකාසං’ වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. කිංකාරණා ආකාසං වුච‍්චති තණ‍්හා: යාය තණ‍්හාය රූපං ආකස‍්සති සමාකස‍්සති ගණ‍්හාති පරාමසති අභිනිවිසති, වෙදනං - සඤ‍්ඤං - සඞ‍්ඛාරෙ - විඤ‍්ඤාණං - ගතිං - උපපත‍්තිං - පටිසන්‍ධිං - භවං - සංසාරං - වට‍්ටං ආකස‍්සති සමාකස‍්සති ගණ‍්හාති පරාමසති අභිනිවිසති. තංකාරණා ‘ආකාසං’ වුච‍්චති තණ‍්හා.
ආකාසං න සිතො සියා - තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කවර කරුණෙකින් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබෙයි යත්: යම් තෘෂ්ණාවකින් රූපය ආකර්‍ෂණය කෙරේ ද, සමාකර්‍ෂණය කෙරේ ද, ගනී ද, දැහැගනී ද, අභිනිවේශය කෙරේ ද, වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය - වෘත්තය ආකර්‍ෂණ - සමාකර්‍ෂණ - ග්‍රහණ පරාමර්‍ෂණ - අභිනිවේශ කෙරේ ද; එකරුණෙන් තෘෂ්ණාව ‘ආකාස’ යී කියනු ලැබේ.
ආකාසං න සිතො සියාති - තණ‍්හානිස‍්සිතො න සියා, තණ‍්හං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය, තණ‍්හාය ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - ආකාසං න සිතො සියා.
ආකාසං න සිතො සියා - තෘෂ්ණාව ඇසුරු කළේ නො වන්නේ යැ, තෘෂ්ණාව දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ, තෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ විමුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘ආකාසං න සිතො සියා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පුරාණං නාභිනන්‍දෙය්‍ය නවෙ ඛන්තිං න කුබ‍්බයෙ, හීයමානෙ න සොචෙය්‍ය ආකාසං න සිතො සියා”ති.
“පුරාණං නාභිනන්දෙය්‍ය -පෙ- ආකාසං න සිතො සියා” යී.