15. 11
15. 11.
15. 11.
ගෙධං බ්‍රූමි මහොඝොති ආජවං බ්‍රූමි ජප‍්පනං, ආරම‍්මණං පකම‍්පනං කාමපඞ‍්කො දුරච‍්චයො.
(මම් වූ කලි තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන බැවින්) ගේධ යැයි කියමි. මහවතුරෙකැයි ද, (දිවෙන හෙයින්) ආජවයෙකැයි ද ජල්පනයෙකැයි ද ආලම්බනයෙකැයි ද ප්‍රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය තෙමේ ඉක්මැවිය නො හැක්කේ යි.
ගෙධං බ්‍රූමි මහොඝොතීති - ‘ගෙධො’ වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. ‘මහොඝො’ වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; ගෙධං බ්‍රූමි මහොඝොතී’ති ගෙධං මහොඝොති බ්‍රූමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨෙපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති - ගෙධං බ්‍රූමි මහොඝොති.
ගෙධං බ්‍රෑමි මහොඝොති - ‘ගේධ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් අධික රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘මහොඝ’ යී තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුසලමූලයෙක් වේ ද එය යි. ගෙධං බ්‍රෑමි මහොඝොති - ගේධය මහෞඝ යැයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණය කරමි, විභාග කරමි, ප්‍රකට කරමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘ගෙධං බ්‍රෑමි මහොඝොති’ යනු වේ.
ආජවං බ්‍රූමි ජප‍්පනන‍්ති - ‘ආජවා: වුච‍්චති තණ‍්හා: යො රාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. ‘ජප‍්පනා’පි වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. ආජවං බ්‍රූමි ජප‍්පනන‍්ති ආජවං ජප‍්පනාති බ්‍රූමි, ආචික‍්ඛාමි -පෙ- උත‍්තානීකරොමි, පකාසෙමීති - ආජවං බ්‍රූමි ජප‍්පනං.
ආජවං බ්‍රෑමි ජප්පනං - ‘ආජවා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ආජවං බ්‍රෑමි ජප්පනං - ආජවය ‘ජප්පනා’ යැයි කියමි, පවසමි … ප්‍රකට කරමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘ආජවං බ්‍රෑමි ජප්පනං’ යනු වේ.
ආරම‍්මණං පකම‍්පනන‍්ති - ආරම‍්මණම‍්පි වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. පකම‍්පිනම‍්පි වුච‍්චති තණ‍්හා; යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලන‍්ති - ආරම‍්මණං පකම‍්පනං.
ආරම්මණං පකම්පනං - ‘ආරම්මණ’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පකම්පන’ යී ද තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය නුයි ‘ආරම්මණං පකම්පනං’ යනු වේ.
කාමපඞ‍්කො දුරච‍්චයොති - කාමපඞ‍්කො කාමකද‍්දමො කාමකිලෙසො කාමපලිපො කාමපළිරොධො දුරච‍්චයො දුරතිවත‍්තො දුත‍්තරො දුප‍්පතරො දුස‍්සමතික‍්කමො දුබ‍්බීතිවත‍්තොති - කාමපඞ‍්කො දුරච‍්චයො.
කාමපඞ්කො දුරච්චයො - කාම නැමති මඩ කාමකදීමය කාමක්ලෙශය කාමලෙපය කාමපරිරොධය පසු කළ නො හැක්ක, ඉක්මැවිය නො හැක්ක, තරණය - ප්‍රතරණය - සමතික්‍රමණය ව්‍යතික්‍රමණය කළ නො හැක්කේ නුයි ‘කාමපඞ්කො දුරච්චයො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ගෙධං බ්‍රූමි මහොඝොති ආජවං බ්‍රූමි ජප‍්පනං, ආරම‍්මණං පකම‍්පනං කාමපඞ‍්කො දුරච‍්චයො”ති.
“ගෙධං බ්‍රෑමි මහොඝොති -පෙ- කාමපඞ්කො දුරච්චයො” යී.