15. 9
15. 9.
15. 9.
මොසවජ්ජෙ න නිය්යෙථ රූපෙ ස්නෙහං න කුබ්බයෙ, මානඤ්ච පරිජානෙය්ය සාහසා විරතො චරෙ.
මුසවායෙහි නො යෙදෙන්නේ යැ. (භූතොපාදායභෙද වූ) රූපයෙහි ස්නේහය නො කරන්නේ යැ. මානය ද (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැනගන්නේ යැ. සාහසචර්ය්යාවෙන් වෙන් ව හැසිරෙන්නේ යි.
මොසවජ්ජෙ න නිය්යෙථාති - ‘මොසවජ්ජං’ වුච්චති මුසාවාදො. ඉධෙකච්චො සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ ‘ජානාමී’ති. ජානං වා ආහ න ජානාමී’ති, අපස්සං වා ආහ ‘පස්සාමී’ති පස්සං වා ආහ ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති. ඉදං වුච්චති මොසවජ්ජං. අපි ච තීහාකාරෙහි - චතු - පඤ්ච - ඡ - සත්ත - අට්ඨහාකාරෙහි -පෙ- ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති, මොසවජ්ජෙ න නිය්යෙථාති - මොසවජ්ජෙ න යායෙය්ය න නිය්යායෙය්ය න වුය්හෙය්ය න සංහරෙය්ය, මොසවජ්ජං පජහෙය්ය, විනොදෙය්ය, බ්යන්තීකරෙය්ය, අනභාවං ගමෙය්ය. මොසවජ්ජා ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති - මොසවජ්ජෙ න නිය්යෙථ.
මොසවජ්ජෙ න නිය්යෙථ - ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් සභාවට ගියේ හෝ පිරිස්මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සෙනාමැදට ගියේ හෝ රාජකුලයා මැද මහාවිනිශ්චයෙහි සිටියේ හෝ ‘එව එම්බා පුරුෂය, යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ ශාක්ෂි කොට විචාරන ලද්දේ හෙතෙම නො දන්නේ හෝ ‘දනිමි’ කියයි. දන්නේ හෝ ‘නො දනිමි’ කියයි. නො දක්නේ හෝ ‘දක්මී’ කියයි. දක්නේ හෝ ‘නො දක්මී’ කියයි. මෙසේත් තමා හේතු කොට හෝ මෙරමා හේතු කොට හෝ අල්පමාත්‍ර ආමිෂයක් හේතු කොට හෝ දැන දැන මුසවා බෙණෙයි. මේ ‘මොසවජ්ජ’ යී කියනු ලැබෙයි. තවද තුන් අයුරකින් - සතර - පස් - ස - සත් - අට අයුරකින් … මේ අට අයුරින් මෘෂාවාදය වේ. මොසවජ්ජෙ න නිය්යෙථ මෘෂාවාදයෙහි නො යවනු ලබන්නේ යැ, නො කියනු ලබන්නේ යැ, නො වහනු ලබන්නේ යැ, නො හරිනු ලබන්නේ යැ, මෘෂාවාදය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ. මෘෂාවාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ; නික්මුණේ බැහැර වූයේ විප්‍රමුක්ත - විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘මොසවජ්ජෙ න නිය්යෙථ’ යනු වේ.
රූපෙ ස්නෙහං න කුබ්බයෙති - ‘රූප’න්ති: චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං. රූපෙ ස්නෙහං න කුබ්බයෙති රූපෙ ස්නෙහං න කරෙය්ය, ඡන්දං න කරෙය්ය, පෙමං න කරෙය්ය, රාගං න කරෙය්ය, න ජනෙය්ය, න සඤ්ජනෙය්ය. න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්යාති - රූපෙ ස්නෙහං න කුබ්බයෙ.
රූපෙ සෙනහං න කුබ්බයෙ - ‘රූප’ නම්: සතර මහාභූතයන් හා සතර මහාභූතයන් නිසා පවත්නා රූපයෝ යි. රූපෙ සෙනහං න කුබ්බයෙ රූපයෙහි ස්නේහය නො කරන්නේ යැ, ඡන්දය නො කරන්නේ යැ, ප්‍රේමය නො කරන්නේ යැ, රාගය නො කරන්නේ යැ, නො දනවන්නේ යැ, නූපදවන්නේ යැ, නො නිපදවන්නේ යැ, වෙසෙසින් නූපදවන්නේ නුයි ‘රූපෙ සෙනහං න කුබ්බයෙ’ යනු වේ.
මානඤ්ච පරිජානෙය්යාති - ‘මානො’ති එකවිධෙන මානො: යා චිත්තස්ස උන්නති; දුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො; තිවිධෙන මානො: සෙය්යොහමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො; චතුබ්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති, පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති; පඤ්චවිධෙන මානො: ලාභීම්හි මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං සද්දානං - ගන්ධානං - රසානං ඵොට්ඨබ්බානන්ති මානං ජනෙති; ඡබ්බිධෙන මානො: චක්ඛුසම්පදාය මානං ජනෙති, සොතසම්පදාය - ඝානසම්පදාය - ජිව්හාසම්පදාය - කායසම්පදාය - මනොසම්පදාය මානං ජනෙති; සත්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො; අට්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක්ඛෙන ඔමානං ජනෙති; නවවිධෙන මානො: සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො, සෙය්යස්ස සදිසොහමස්මීති මානො, සෙය්යස්ස හීනොහමස්මීති මානො, සදිසස්ස සෙය්යොහමස්මීති මානො, සදිසස්ස සදිසොහමස්මීති මානො, සදිසස්ස හීනොහමස්මීති මානො, හීනස්ස සෙය්යොහමස්මීති මානො, හීනස්ස සදිසොහමස්මීති මානො, හීනස්ස හීනොහමස්මීති මානො, දසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා. යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නාමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, අයං වුච්චති මානො.
මානඤ්ච පරිජානෙය්ය - ‘මාන’ නම්: එක් පරිද්දෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියක් වේ ද එයයි. දෙ පරිද්දෙකින් මානය වෙයි: ආත්මොත්කර්ෂණමානයැ, පරවම්භනමාන යැයි. තුන් පරිද්දෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘මම් සදෘශයෙමී’ මානය වෙයි, ‘මම් හීනයෙමී’ මානය වේ. සතර පරිද්දෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, යශසින් මානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, සුවයෙන් මානය උපදවයි. පස්පරිද්දෙමින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබන සුල්ලෙමී’ මානය උපදවයි, ‘මනවඩන ශබ්දයන් ලබනසුල්ලෙමී’ - ගන්ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමී’ මානය උපදවයි. ස පරිද්දෙකින් මානය වෙයි: චක්ෂුඃසම්පත්තියෙන් මානය උපදවයි, ශ්රොත්රසම්පත්තියෙන් -ඝ්රාණසම්පත්තියෙන් - ජිව්හාසම්පත්තියෙන් - කායසම්පත්තියෙන් - මනස්සම්පත්තියෙන් මානය උපදවයි. සත් පරිද්දෙකින් මානය වෙයි: අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ සදෘශමාන යැ අධිමාන යැ අස්මිමාන යැ, මිථ්‍යාමාන යැයි. අට පරිද්දෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය උපදවයි, යශසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්දාවෙන් අවමානය උපදවයි, සුවයෙන් මානය උපදවයි, දුකින් අවමානය උපදවයි. නව පරිද්දෙකින් මානය වෙයි: ‘ශ්‍රෙෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘ශ්‍රෙෂ්ඨයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘ශ්‍රෙෂ්ඨයාට හීන වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘සදෘශයාට හීන වෙමී’ මානය වෙයි, ‘හීනයාට ශ්‍රේෂ්ඨ වෙමී’ මානය වෙයි, ‘හීනයාට සදෘශ වෙමී’ මානය වෙයි, ‘හීනයාට හීන වෙමී’ මානය වේ. දස පරිද්දෙකින් මානය වෙයි: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ * … අන්‍යතරාන්‍යතර වස්තුවකින් හෝ මානය උපදවයි. මෙබඳු වූ යම් මානයෙක් මානය කරන අයුරෙක් මානය කරන බවෙක් උන්නතියක් නඟා තැබීමෙක් මාන නමැති ධ්වජයෙක් සිත දැඩි කොට ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්යතාවක් වේ ද, මේ මාන යයි කියනු ලැබේ.
මානඤ්ච පරිජානෙය්යාති - මානං තීහි පරිඤ්ඤාහි පරිජානෙය්ය: ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
මානඤ්ච පරිජානෙය්ය - මානය ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහානපරිඤ්ඤා යන ත්‍රිවිධ පරිඥාවෙන් පිරිසිඳ දැනගන්නේ යැ.
කතමා ඤාතපරිඤ්ඤා? මානං ජානාති: අයං එකවිධෙන මානො, යා චිත්තස්ස උන්නති; අයං දුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො -පෙ- අයං දසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා -පෙ- අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති ජානාති පස්සති. අයං ඤාතපරිඤ්ඤා.
ඤාතපරිඤ්ඤා කවර යත්: මානය ඥාතපරිඥායෙන් දැනගනී: චිත්තයාගේ යම් උන්නතියක් වී නම්, මේ එක් පරිද්දෙකින් මාන යැ. ආත්මොත්කර්ෂණමාන යැ පරවම්භනමාන යැ යන මේ දෙ පරිද්දෙකින් මාන යැ, … මේ දස පරිද්දෙකින් මාන යැ මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මානය උපදවා යයි දැනගනී, බලයි. මෝ තොමෝ ‘ඤාතපරිඤ්ඤා’ යැ.
කතමා තීරණපරිඤ්ඤා? එතං ඤාතං කත්වා මානං තීරෙති: අනිච්චතො දුක්ඛතො -පෙ- අනිස්සරණතො තීරෙති. අයං තීරණ පරිඤ්ඤා.
තීරණපරිඤ්ඤා කවර යත්: තෙල මානය ප්‍රකට කොට අනිත්‍ය හෙයින් තීරණය කෙරෙයි, දුඃඛ හෙයින් … අනිශ්ශරණ හෙයින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යැ.
කතමා පහානපරිඤ්ඤා? එවං තීරයිත්වා මානං පජහති, විනොදෙති බ්යන්තීකරොති, අනභාවං ගමෙති. අයං පහානපරිඤ්ඤා. මානඤ්ච පරිජානෙය්යාති - මානං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානෙය්යාති - මානඤ්ච පරිජානෙය්ය.
පහානපරිඤ්ඤා කවර යත්: මෙසේ තීරණය කොට මානය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. මෝ තොමෝ ‘පහානපරිඤ්ඤා’ යි. මානං ච පරිජානෙය්ය යනු: මානය මේ ත්‍රිවිධපරිඥායෙන් පිරිසිඳ දැනගන්නේ නුයි ‘මානඤ්ච පරිජානෙය්ය’ යනු වේ.
සාහසා විරතො චරෙති - කතමා සාහසා චරියා? රත්තස්ස රාගචරියා සාහසා චරියා, දුට්ඨස්ස දොසචරියා සාහසා චරියා, මූළ්හස්ස මොහචරියා සාහසා චරියා; විනිබද්ධස්ස මානචරියා සාහසා චරියා, පරාමට්ඨස්ස දිට්ඨිචරියා සාහසා චරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චචරියා සාහසා චරියා, අනිට්ඨාගතස්ස විචිකිච්ඡා චරියා සාහසා චරියා, ථාමගතස්ස අනුසයචරියා සාහසා චරියා, අයං සාහසා චරියා. සාහසා විරතො චරෙති සාහසාචරියා ආරතො අස්ස, විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්ය චරෙය්ය විචරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙයය්ය යාපෙය්යාති - සාහසා විරතො චරෙ.
සාහසා විරතො චරෙ - සාහසචර්ය්යාව කවර යත්: රාගයෙන් රත් වූවහුගේ රාගචර්ය්යාව සැහැසි කරුණෙකි, ද්වේෂයෙන් ද්විෂ්ට වූවහුගේ ද්වෙෂචර්ය්යාව සැහැසි කරුණෙකි, මෝහයෙන් මූඪ වූවහුගේ මොහචර්ය්යාව සැහැසි කරුණෙකි, මානයෙන් විනිබද්ධයාගේ මානචර්ය්යාව සැහැසි කරුණෙකි, දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වූවහුගේ දෘෂ්ටිචර්ය්යාව සැහැසි කරුණෙකි, විසුරුණු සිතැත්තහුගේ ඖද්ධත්යචර්ය්යාව සැහැසි කරුණෙකි, විසුරුණු සිතැත්තහුගේ ඖද්ධත්යචර්ය්යාව සැහැසි කරුණෙකි, නිෂ්ඨාවට නො ගියහුගේ විචිකිත්සාචර්ය්යාව සැහැසි කරුණෙකි. අනුශයයෙන් තද වූවහුගේ අනුශයචර්ය්යාව සැහැසි කරුණෙකි. සාහසා විරතො චරෙ - සැහැසි කරුණෙන් ( -හැසිරීමෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතර්ම්යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ යැ, හැසිරෙන්නේ යැ, වෙසෙසින් හැසිරෙන්නේ යැ, ඉරියවු පවත්වන්නේ යැ, වැටෙන්නේ යැ, රැකෙන්නේ යැ, යැපෙන්නේ යැ, යාපනය වන්නේ නුයි ‘සාහසා විරතො චරෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“මොසවජ්ජෙ න නිය්යෙථ රූපෙ ස්නෙහං න කුබ්බයෙ, මානඤ්ච පරිජානෙය්ය සාහසා විරතො චරෙ”ති.
“මොසවජ්ජෙ න නිය්යෙථ -පෙ- සාහසා විරතො චරෙ” යී.