15. 8
15. 8.
15. 8.
නිද්දං තන්‍දිං ථීනං පමාදෙන න සංවසෙ, අතිමානෙ න තිට‍්ඨෙය්‍ය නිබ‍්බානමානසො නරො.
නිවනෙහි නැමුණු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදි ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත) නාමකායයාගේ අකර්‍මණ්‍ය බව (- මිද්ධය) ද කායාලස්‍යය ද චිත්තයාගේ අකර්‍මණ්‍ය බව ද මැඩපවත්වන්නේ යැ, ස්මෘතිවිප්‍රවාසය (සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, අතිමානයෙහි නො පවත්නේ යි.
නිද‍්දං තන්දිං සහෙ ථීනන‍්ති - ‘නිද‍්දා’ති යා කායස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔනාහො පරියොනාහො අන‍්තොසමොරොධො මිද‍්ධං සොප‍්පං පචලායිකා සොප‍්පනා සුපනා සුපිතත‍්තං තන්‍දින‍්ති යා තන්‍දි තන්‍දියනා තන්‍දිමනකතා ආලස‍්සං ආලසියං ආලස්‍යායනා ආලසායිතත‍්තංa; ථීනන‍්ති යා චිත‍්තස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථීනං ථීයනා ථීයිතත‍්තං චිත‍්තස‍්ස; නිද‍්දං තන්දිං සහෙ ථීනන‍්ති නිද‍්දඤ‍්ච තන්‍දිඤ‍්ච ථීනඤ‍්ච. සහෙ - සහෙය්‍ය පරිසහෙය්‍ය අභිභවෙය්‍ය අජ‍්ඣොත්‍ථරෙය්‍ය පරියාදියෙය්‍ය මද‍්දෙය්‍යාති - නිද‍්දං තන්දිං සහෙ ථීනං.
නිද්දං තන්දිං සහෙ ථීනං - ‘නිද්දා’ නම්: ස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාමකායයා ගේ අකල්‍ය (-ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් (මේඝය අහස මෙන්) කය පහත් කොට බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙන්) පෙළීමෙක් නිදීමෙක් කපිනිද්‍රාවක් නිදීමෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් වේ ද එයයි. තන්දිං යනු: තන්ද්‍රාවක් තන්ද්‍රාකාරයෙක් තන්ද්‍රාවෙන් මඩනා ලද සිත් ඇති බවෙක් ආලස්‍යයක් අලසබවක් ආලස්‍යාකාරයක් ආලස්‍යයෙන් මඩනා ලද සිත් ඇති බවක් වේ ද එය යි. ථීනං යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මැනවින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පැතුරුණු බවෙක් වේ ද එයයි. නිද්දං තන්දිං සහෙ ථීනං - ගිලන් බව ද ආලසය්‍ය ද තදබව ද; සහෙ - සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ, මඩනේ යැ, යටපත් කරන්නේ යැ, අල්වාගන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘නිද්දං තන්දිං සහෙ ථීනං’ යනු වේ.
පමාදෙන න සංවසෙති - පමාදො වත‍්තබ‍්බො: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං වා, කුසලානං වා ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං, අයං වුච‍්චති පමාදො. පමාදෙන න සංවසෙති පමාදෙන න වසෙය්‍ය න සංවසෙය්‍ය න ආවසෙය්‍ය න පරිවසෙය්‍ය, පමාදං පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය, පමාදා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - පමාදෙන න සංවසෙ.
පමාදෙන න සංවසෙ - ප්‍රමාදය කියැයුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයන්හි හෝ චිත්තයාගේ දුරැලීම (-ස්මෘති විරහය) නැවත නැවත දුරැලීම හෝ, කුශලධර්‍මයන්ගේ හෝ වැඩීමෙහි නො සකස් ව කරන බව සතතභාවයෙන් නො කරන බව නිරතුරු නො කරන බව හැකුළුණු පැවතුම් ඇති බව වීර්‍ය්‍යච්ඡන්‍දය හළ බව වීර්‍ය්‍යධුරය බහාතැබූ බව නො සෙවුණා බව නො වැඩීම බහුල නො කිරීම නො පිහිටීම නො යෙදීම ප්‍රමාද වීම, (යන) මෙබඳු වූ යම් ප්‍රමාදයෙක් ප්‍රමාදවන අයුරක් ප්‍රමාදවන බවක් වේ ද, මේ ‘ප්‍රමාද’ යයි කියනු ලැබේ. පමාදෙන න සංවසෙ ප්‍රමාදයෙන් නො වසන්නේ යැ, නො වෙසෙසින් වසන්නේ යැ, නො පැමිණ වසන්නේ යැ, හාත්පසින් නො වසන්නේ යැ; ප්‍රමාදය දුරුකරන්නේ යැ බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනුඅභාවයට පමුණුවන්නේ යැ; ප්‍රමාදයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘පමාදෙන න සංවසෙ’ යනු වේ.
අතිමානෙ න තිට‍්ඨෙය්‍යා’ති - අතිමානොති ඉධෙකච‍්චො පරං අතිමඤ‍්ඤති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස. අයං වුච‍්චති අතිමානො. අතිමානෙ න තිට‍්ඨෙය්‍යා’ති. අතිමානෙ න තිට‍්ඨෙය්‍ය, න සන‍්තිට‍්ඨෙය්‍ය, අතිමානං පජහෙය්‍ය, විනොදෙය්‍ය, බ්‍යන‍්තීකරෙය්‍ය, අනභාවං ගමෙය්‍ය, අතිමානා ආරතො අස‍්ස, විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති - අතිමානෙ න තිට‍්ඨෙය්‍ය.
අතිමානෙ න තිට්ඨෙය්‍ය - ‘අතිමාන’ නම්: මෙහි කිසිවෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ … යම් කිසි වස්තුවකින් හෝ මෙරමා පහත් කොට සිතයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මාන කරන බවක් උන්නතියක් උඩඟුබවක් මානධ්වජයක් සිත දැඩි කොට ගැනීමක් චිත්තයා ගේ කෙතුකම්‍යතාවක් වේ ද, මෙ ‘අතිමානය’ යයි කියනු ලැබේ. අතිමානෙ න තිට්ඨෙය්‍ය අතිමානයෙහි නො සිටිනේ යැ, වෙසෙසින් නො සිටිනේ යැ, අතිමානය දුරු කරන්නේ යැ, බැහැර කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ: අතිමානයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැගියේ විප්‍රමුක්ත විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘අතිමානෙ න තිට්ඨෙය්‍ය’ යනු වේ.
නිබ‍්බානමානසො නරොති - ඉධෙකච‍්චො දානං දෙන‍්තො සීලං සමාදියන‍්තො උපොසථකම‍්මං කරොන‍්තො පානීයං පරිභොජනීයං උපට‍්ඨපෙන‍්තො පරිවෙණං සම‍්මජ‍්ජන‍්තො චෙතියං වන්‍දන‍්තො චෙතියෙ ගන්‍ධමාලං ආරොපෙන‍්තො චෙතියං පදක‍්ඛිණං කරොන‍්තො යං කිඤ‍්චි තෙධාතුකං කුසලාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොන‍්තො න ගතිහෙතු න උපපත‍්තිහෙතු න පටිසන්‍ධිහෙතු න භවහෙතු න සංසාරහෙතු න වට‍්ටහෙතු සබ‍්බං තං විසංයොගාධිප‍්පායො නිබ‍්බානනින‍්නො නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො අභිසඞ‍්ඛරොතීති එවම‍්පි නිබ‍්බානමානසො නරො; අථවා සබ‍්බසඞ‍්කාරධාතුයා චිත‍්තං පටිවාපෙත්‍වා අමතාය ධාතුයා චිත‍්තං උපසංහරති: එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානන‍්ති එවම‍්පි ‘නිබ‍්බානමානසො නරො.’
නිබ්බානමානසො නරෝ - මෙහි කිසිවෙක් දන් දෙනුයේ සිල් සමාදන් වනුයේ පෙහෙවස්කම් කරනුයේ පියයුතු පරිභෝග කළයුතු පැන් එළවා තබනුයේ පිරිවෙන හමදිනුයේ සෑය වඳිනුයේ සෑයෙහි සුවඳමල්දම් නඟනුයේ සෑය පැදකුණු කරනුයේ තුන්බිමට අයත් යම් කිසි කුශලාභිසංස්කාරයක් රැස් කරනුයේ (දිව්‍යාදි) ගතිහෙතුයෙන් නො කෙරෙයි. උත්පත්තිය හේතුකොට - ප්‍රතිසන්‍ධිය හේතුකොට - භවය හේතු කොට - සංසාරය හේතු කොට - වෘත්තය හේතු කොට නො කෙරෙයි. ඒ සියල්ල විසංයොගයෙහි ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ නිවනට නැමුණේ නිවනට නැබුරු වූයේ නිවනට අභිමුඛව නැමුණේ රැස් කෙරේ නුයි - මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ. නොහොත් සියලු ත්‍රෛභූමක සංස්කාරධාතුයෙන් සිත නවත්වා, නිර්‍වාණධාතුවට සිත එළවයි: යම් මේ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙක් කෙලෙස්රජසුන්ගේ නො ඇලීමෙක් දුක්ඛනිරොධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැයි මෙසේත් ‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.
1. “න පණ‍්ඩිතා උපධිසුඛස‍්ස හෙතු දදන‍්ති දානානි පුනබ‍්භවාය, කාමඤ‍්ච තෙ උපධිපරික‍්ඛයාය දදන‍්ති දානං අපුනබ‍්භවාය.
1. පණ්ඩිත වූ මනුෂ්‍යයෝ කාමසුඛයට හේතු වූ පුනර්‍භවය සඳහා දන් නො දෙති. වැලි ඔහු ඒකාන්තයෙන් (කාමාදි) උපධි ක්‍ෂය වීම පිණිස (අපුනර්භව සඞ්ඛ්‍යාත) නිර්‍වාණය සඳහා දන් දෙත්.
2. න පණ‍්ඩිතා උපධිසුඛස‍්ස හෙතු භාවෙන‍්ති ඣානානි පුනබ‍්භවාය, කාමඤ‍්ච තෙ උපධිපරික‍්ඛයාය භාවෙන‍්ති ඣානං අපුනබ‍්භවාය.
2. පණ්ඩිතයෝ උපධිසුඛය හේතු කොට පුනර්‍භවය සඳහා ධ්‍යානයන් නො වඩති. වැලි ඔහු උපධීන්ගේ ක්‍ෂය වීම පිණිස නිර්‍වාණය සඳහා ධ්‍යාන වඩත්.
3. තෙ නිබ‍්බුතිං ආසිංසමානා දදන‍්ති තන‍්නින‍්නචිත‍්තා තදාධිමුත‍්තා, නජ‍්ජො යථා සාගරමජ‍්ඣුපෙතා භවන‍්ති නිබ‍්බානපරායණා තෙ”ති
3. ඔහු නිවන පතමින් ඊට නැමුණු සිත් ඇත්තාහු එහි ඇලුණාහු දන් දෙති. සයුර කරා පැමිණි ගඞ්ගාවන් මෙන් ඔහු නිවන පිහිට කොට ඇත්තාහු වෙත් නුයි -
‘නිබ‍්බානමානසො නරො’.
‘නිබ්බානමානසො නරෝ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“නිද‍්දං තන්දිං සහෙ ථීනං පමාදෙන න සංවසෙ, අතිමානෙ න තිට‍්ඨෙය්‍ය නිබ‍්බානමානසො නරො”ති
“නිද්දං තන්දිං සහෙ ථීනං -පෙ- නිබ්බානමානසො නරෝ” යී.