15. 7
15. 7.
15. 7.
සච්චො සියා අප‍්පගබ‍්භො අමායො රිත‍්තපෙසුනො, අක‍්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි.
(නිවනට හික්මෙන) මුනි තෙම සත්‍යයෙන් යුක්ත වූයේ වන්නේ යැ ප්‍රාගල්භ්‍ය රහිත වන්නේ ය, මායාවෙන් වෙන් වූයේ වන්නේ යැ, ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ යැ, ක්‍රෝධ නො කරනුයේ ලොභපාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
සච‍්චො සියා අප‍්පගබ‍්භොති - ‘සච‍්චො සියා’ති සච‍්චවාචාය සමන‍්නාගතො සියා, සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො සියා, අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සමන‍්නාගතො සියාති සච‍්චො සියා; අප‍්පගබ‍්භොති තීණි පාගබ‍්භියානි: කායිකං පාගබ‍්භියං වාචසිකං පාගබ‍්භියං චෙතසිකං පාගබ‍්භියං -පෙ- ඉදං චෙතසිකං පාගබ‍්භියං. යස‍්සිමානි තීණි පාගබ‍්භියානි පහීනානි සමුච‍්ඡින‍්නානි වුපසන‍්තානි. පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, සො වුච‍්චති අප‍්පගබ‍්භොති - සච‍්චො සියා අප්පගබ්භො.
සච්චො සියා අප්පගබ්භො - ‘සච්චො සියා’ යනු: සත්‍යවචනයෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍විත වූයේ වන්නේ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි, ‘සච්චො සියා’ යනු වේ. අප්පගබ්භො යනු: ප්‍රාගල්භ්‍ය තුනෙකි: කායිකප්‍රාගල්භ්‍ය යැ වාචසිකප්‍රාගල්භ්‍ය යැ චෛතසිකප්‍රාගල්භ්‍ය යැයි … මේ චෛතසිකප්‍රාගල්භ්‍ය යයි. යමක්හු විසින් මේ තුන් ප්‍රාගල්භ්‍යයෝ ප්‍රහීණ කරන ලද්දාහු මුලසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු ද, හේ ‘අප්පගබ්භ’ යී කියනු ලැබේ නුයි ‘සච්චො සියා අප්පගබ්භො’ යනු වේ.
අමායො රිත‍්තපෙසුනොති - මායා වුච‍්චති වඤ‍්චනිකා චරියා. ඉධෙකච‍්චො කායෙන දුච‍්චරිතං චරිත්‍වා වාචාය දුච‍්චරිතං චරිත්‍වා මනසා දුච‍්චරිතං චරිත්‍වා තස‍්ස පටිච‍්ඡාදනහෙතු පාපිකං ඉච‍්ඡං පණිදහති: මා මං ජඤ‍්ඤා: ති ඉච‍්ඡති, ‘මා මං ජඤ‍්ඤා’ති සඞ‍්කප‍්පෙති, ‘මා මං කඤ‍්ඤා’ති වාචං භාසති, ‘මා මං ජඤ‍්ඤා’ති කායෙන පරක‍්කමති. යා එවරූපා මායා මායාවිතා අච‍්චසරා වඤ‍්චනා නිකති නිකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පටිච‍්ඡාදනා අනුත‍්තානීකම‍්මං අනාවීකම‍්මං වොච‍්ඡාදනා පාපකිරියා. අයං වුච‍්චති මායා. යස‍්සෙසා මායා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා. සො වුච‍්චති අමායො. රිත‍්තපෙසුනොති ‘පෙසුඤ‍්ඤ’න‍්ති: ඉධෙකච‍්චො පිසුනවාචො හොති -පෙ- එවං භෙදාධිප‍්පායො පෙසුඤ‍්ඤං උපසංහරති; යස‍්සෙතං පෙසුඤ‍්ඤං පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪං, සො වුච‍්චති රිත‍්තපෙසුනො විවිත‍්තපෙසුනො පවිවිත‍්තපෙසුනොති - අමායො රිත‍්තපෙසුනො.
අමායො රිත්තපෙසුනො - ‘මායා’ යී වාඤ්චනික හැසිරීම කියනු ලැබෙයි. මෙහි කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිර, බසින් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, එය වසනු නිසා ලාමක ආශාව පිහිටුවයි; ‘නහමක් මා දනීව’ යි කැමැති වෙයි; ‘නහමක් මා දනීව’ යි සලකයි; ‘නහමක් මා දනීව’ යි වචන කියයි; ‘නහමක් මා දනීව’ යි කයින් වෑයම් කෙරෙයි; මෙබඳු වූ යම් මායාවක් මායා ඇතිබවක් ඉක්මැයෑමක් වඤ්චාවක් (ප්‍රතිරූපයෙන් රවටන) නිකෘතියක් (පාපය) යටපත් කිරීමක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් ප්‍රකාශ නො කිරීමක් ප්‍රකට නො කිරීමක් මොනොවට වැසීමක් පාපක්‍රියාවක් වේ ද, මෝ මායා යී කියනු ලබයි. යමක්හු විසින් තෙල මායාව ප්‍රහීණ කරන ලද්දී මුලුසුන් කරන ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී අභව්‍යොත්පත්තිකක වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, හෙතෙම ‘අමාය’ යී කියනු ලැබෙයි. රිත්තපෙසුනො ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි කිසිවෙක් පිසුනුබස් කියන්නේ වෙයි … මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියයි. යමකු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘රිත්තපෙසුන’ යැ විවිත්තපෙසුන යැ පවිවිත්තපෙසුන යැයි කියනු ලැබේනුයි - ‘අමායො රිත්තපෙසුනො’ යනු වේ.
අක‍්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනීති - අක‍්කොධනොති හි වුත‍්තං. අපි ච කොධො තාව වත‍්තබ‍්බො. දසහාකාරෙහි කොධො ජායති: අනත්‍ථං මෙ අචරීති කොධො ජායති -පෙ- යස‍්සෙසෙ කොධො පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිප‍්පස‍්සද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪො, සො වුච‍්චති අක‍්කොධනො. කොධස‍්ස පහීනත‍්තා අක‍්කොධනො, කොධවත්‍ථුස‍්ස පරිඤ‍්ඤාතත‍්තා අක‍්කොධනො, කොධහෙතුස‍්ස උපච‍්ඡින‍්නත‍්තා අක‍්කොධනො. ලොභොති යො ලොභො ලුබ‍්භනා ලුබ‍්භිතත‍්තං -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; වෙවිච‍්ඡං වුච‍්චති පඤ‍්ච මච‍්ඡරියානි ආවාසමච‍්ඡරියං -පෙ- ගාහො වුච‍්චති මච‍්ඡරියං. මුනීති මොනං වුච‍්චති ඤාණං -පෙ- “සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී”. අක‍්කොධනො. ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනීති - මුනි ලොභපාපඤ‍්ච වෙවිච‍්ඡඤ‍්ච අතරි උත‍්තරි පතරි සමතික‍්කමි වීතික‍්කමි වීතිවත‍්තයීති - අක‍්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි.
අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනී - ‘අක්කොධනො’ යී මැ වදාරන ලද. තවද ක්‍රෝධය පළමු කොට කියයුත්තේ යැ; දස අයුරකින් ක්‍රෝධය උපදී: ‘මඩ අවැඩ කළැ’ යි ක්‍රෝධය උපදී … යමක් විසින් තෙල ක්‍රෝධය ප්‍රහීණ කරන ලද ද මුල් සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්‍රොධවස්තුව පරිඥානය කළ බැවින් ‘අක්කෝධන’ යැ. ක්‍රොධහෙතුව සිඳින ලද බැවින් ‘අක්කෝධන’ යී. ලෝභ නම්: යම් ලොභයෙක් ලෝභාකාරයෙක් ලෝභ කළ බවක් … දැඩි ලොභයෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එයයි: වෙවිච්ඡ යී පඤ්ච මාත්සර්‍ය්‍යයෝ කියනු ලැබෙත්. ආවාසමාත්සර්‍ය්‍යයැ … ග්‍රාහනය ( - දැඩිව ගැනීම) ‘මාත්සර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මුනි යනු: ’මොන’ යී ඥානය කියනු ලැබෙයි … ‘සඞ්ගජාලමතිච්ච සො මුනි’. අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි - මුනි තෙම ලෝභ සඞ්ඛ්‍යාත පාපය ද මාත්සර්‍ය්‍යය ද තරණය කෙළේ ය, උත්තරණය කෙළේ ය, ප්‍රතරණය කෙළේ ය, ඉක්ම වූයේ ය, වෙසෙසින් ඉක්මවූයේ ය, ව්‍යතික්‍රමණය කෙළේ නුයි ‘අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සච‍්චො සියා අප‍්පගබ‍්භො අමායො රිත‍්තපෙසුනො, අක‍්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනී”ති.
“සච්චො සියා අප්පගබ්භො -පෙ- වෙවිච්ඡං විතරෙ මුනි” යී.