යෙදුමෙන් කියවන්න

15. 6

15. 6.

15. 6.

තත්‍ථ සික‍්ඛානුගීයන‍්ති යානි ලොකෙ ගථිතානි. න තෙසු පසුතො සියා නිබ‍්බිජ‍්ඣ සබ‍්බසො කාමෙ, සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො.

සත්ත්‍වලෝකයෙහි යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් නම්, ඒ නිමිති කොට (හස්තිශික්‍ෂාදි) අනෙක ශික්‍ෂා උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්‍ර තෙමේ) ඒ පස්කම්ගුණයන්හි හෝ හස්තිශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත වූයේ නො වන්නේ ය. (එහෙයින්) වස්තුකාමක්ලෙශකාමයන් සර්‍වාකාරයෙන් (අනිත්‍යාදි දර්‍ශනයෙන්) ප්‍රතිවේධ කොට තමාගේ (රාගාදිය) නිවීමට හික්මෙන්නේ යි.

තත්‍ථ සික‍්ඛානුගීයන‍්ති යානි ලොකො ගථිතානීති - ‘සික‍්ඛා’ති හත්‍ථිසික‍්ඛා අස‍්සසික‍්ඛා රථසික‍්ඛා සාලාකියං සල‍්ලකත‍්තියං කායතිකිච‍්ඡං භූතියං කොමාරභච‍්චං. ගීයන‍්තීති නිග‍්ගීයන‍්ති කථියන‍්ති භණීයන‍්ති දීපීයන‍්ති වොහරීයන‍්ති. අථවා ගීයන‍්ති - ගණ‍්හීයන‍්ති උග‍්ගණ‍්හීයන‍්ති ධාරීයන‍්ති උපධාරීයන‍්ති උපලක‍්ඛියන‍්ති ගථිතපටිලාභාය. ගථිතා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. කිං කාරණා ගථිතා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා? යෙභුය්‍යෙන දෙවමනුස‍්සා පඤ‍්ච කාමගුණෙ ඉච‍්ඡන‍්ති සාදියන‍්ති පත්‍ථයන‍්ති පිහයන‍්ති අභිජප‍්පන‍්ති; තඞ‍්කාරණා ගථිතා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා. ලොකෙති මනුස‍්ස -පෙ- ලොකෙති - තත්‍ථ සික‍්ඛානුගීයන‍්ති යානි ලොකෙ ගථිතානි.

තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි - ‘සික්ඛා’ යනු: හස්තිශික්‍ෂා යැ අශ්වශික්‍ෂා යැ රථශික්‍ෂා යැ ධනුශ්ශික්‍ෂා යැ ශාලාක්‍යතන්ත්‍ර යැ ශල්‍යකර්‍ම යැ කායචිකිත්සා යැ භෞතිකවිද්‍යා යැ කෞමාරභෘත්‍ය යි. ගීයන්ති යනු: ගයනු ලැබෙති, කියනු ලැබෙති, බණනු ලැබෙති, දක්වනු ලැබෙති, ව්‍යවහාර කරනු ලැබෙත්. නොහොත් ගීයන්ති - පස්කම්ගුණ ප්‍රතිලාභය සඳහා ගන්නා ලැබෙති, උගන්නා ලැබෙති, දරනු ලැබෙති, විමසනු ලැබෙති, සලකනු ලැබෙත්. ‘ගථිත’ යී පස්කම්ගුණයෝ කියනු ලැබෙත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමාස්වාදයෙන් යුත් ඇලුම් කටයුතු වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යි. කවර කරුණෙකින් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙති යත්: බොහෝසෙයින් දිව්‍යමනුෂ්‍යයෝ පස්කම්ගුණයන් කැමැති වෙති, ඉවසති, පතති, රුචි කෙරෙති, අභිජල්පනය කෙරෙත්; එකරුණෙන් පස්කම්ගුණයෝ ‘ගථිත’ යි කියනු ලැබෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ … ආයතනලෝකයෙහි නුයි ‘තත්‍ථ සික්ඛානුගීයන්ති යානි ලෝකේ ගථිතානි’ යනු වේ.

න තෙසු පසුතො සියාති - තාසු වා සික‍්ඛාසු තෙසු වා පඤ‍්චසු කාමගුණෙසු න පසුතො සියා, න තන‍්නින‍්නො අස‍්ස, න තප‍්පොණො න තප‍්පබ‍්භාරො න තදධිමුත‍්තො න තදධිපතෙය්‍යොති - න තෙසු පසුතො සියා.

න තෙසු පසුතො සියා - ඒ ශික්‍ෂාවන්හි හෝ ඒ පස්කම්ගුණයන්හි හෝ නො ඇලුණේ වන්නේ යැ, ඊට නැමුණේ නො වන්නේ යැ, ඊට නැබුරු වූයේ නො වන්නේ යැ, ඊට බර වූයේ නො වන්නේ යැ, එහි මුසපත් වූයේ නො වන්නේ යැ, එය අධිපති කොට ඇත්තේ නො වන්නේ නුයි ‘න තෙසු පසුතො සියා’ යනු වේ.

නිබ‍්බිජ‍්ඣ සබ‍්බසො කාමෙති - ‘නිබ‍්බිජ‍්ඣා’ති පටිවිජ‍්ඣිත්‍වා; සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති පටිවිජ‍්ඣිත්‍වා සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති පටිවිජ‍්ඣිත්‍වා -පෙ- ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති පටිවිජ‍්ඣිත්‍වා; සබ‍්බසොති සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං පරියාදියනවචනමෙතං සබ‍්බසොති; කාමාති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. නිබ‍්බිජ‍්ඣ සබ‍්බසො කාමෙ.

නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ - ‘නිබ්බිජ්ඣ’ යනු: ප්‍රතිවේධ කොට ’සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ප්‍රතිවේධ කොට ‘සියලු සංස්කාරයෝ දුක්හ’ යි ප්‍රතිවේධ කොට … ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාව ඇතැ’ යි ප්‍රතිවේධ කොට; සබ්බසො යනු: සියල්ලෙන් සියල්ල සියලු ලෙසින් සියල්ල අශේෂ කොට නිශෙශෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි මේ ‘සබ්බසො’ යනු. කාමා යනු: විස්තර හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි … මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත් නුයි ‘නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ’ යනු වේ.

සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනොති - ‘සික‍්ඛා’ති තිස‍්සො සික‍්ඛා: අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛා -පෙ- අයං අධිපඤ‍්ඤාසික‍්ඛා. නිබ‍්බානමත‍්තනොති අත‍්තනො රාගස‍්ස නිබ‍්බාපනාය දොසස‍්ස නිබ‍්බාපනාය මොහස‍්ස නිබ‍්බාපනාය -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ‍්බාපනාය පටිනිස‍්සග‍්ගාය පටිප‍්පස‍්සද‍්ධියා අධිසීලම‍්පි සික‍්ඛෙය්‍ය, අධිචිත‍්තම‍්පි සික‍්ඛෙය්‍ය, අධිපඤ‍්ඤම‍්පි සික‍්ඛෙය්‍ය.

සික්ඛෙ නිබ්බානමත්තනො - ‘සික්ඛා’ නම්: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යැයි … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු තමාගේ රාගය නිවීමට ද්වේෂය නිවීමට මෝහය නිවීමට … සියලු අකුශලාභිසංස්කාරයන් ශමනයට මතු මත්තෙහි ශමනයට සන්හිඳුවීමට නිර්‍වාපණයට (මාර්‍ගයෙන්) දුරලීමට (ඵලයෙන්) අපුනරුත්පත්තියට අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය.

ඉමා තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛෙය්‍ය ජානන‍්තො සික‍්ඛෙය්‍ය -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛෙය්‍ය ආචරෙය්‍ය සමාචරෙය්‍ය, සමාදාය වත‍්තෙය්‍යා’ති ‘සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො.’

මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කටයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තත්‍ථ සික‍්ඛානුගීයන‍්ති යානි ලොකෙ ගථිතානි, න තෙසු පසුතො සියා නිබ‍්බිජ‍්ඣ සබ‍්බසො කාමෙ, සික‍්ඛෙ නිබ‍්බානමත‍්තනො”ති.

“තත්‍ථ සික්ඛානුගීයන්ති -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.