15. 5
15. 5.
15. 5.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති, තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදති.
යම් රාගාදී ශල්‍යයෙකින් අවතීර්ණ වූ (-විදුනා ලද) සත්ත්ව තෙමේ සියලු දිගට දිවෙන්නේ ද, (එහෙයින්) ඒ ශල්‍යය මැ උදුරාපියා (සියලු දිගට සියලු ගති ආදියෙහි) නො දිවෙයි. (චතුරෝඝයෙහි) නො ගැලේ.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවතීති - ‘සල්ල’න්ති සත්ත සල්ලානි: රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං කථඞ්කථාසල්ලං.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - ‘සලල’ නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යි.
කතමා රාගසල්ලං? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දිරාගො චිත්තස්ස සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. ඉදං රාගසල්ලං.
රාගශල්යය කවරැ යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් නැවත නැවත පැමිණැවීමෙක් කැමැති වීමෙක් නන්දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයා ගේ බලවද්රාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ රාගශල්‍ය යි.
කතමං දොසසල්ලං? අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතී’ති ආඝාතො ජායති -පෙ- චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉදං දොසසල්ලං.
ද්වෙෂශල්‍යය කවරැ යත්: ‘මට අනර්‍තථ කළැ’ යි ආඝාත උපදී, ‘මට අනර්‍තථ කෙරෙයි’ ආඝාත උපදී, ‘මට අනර්‍තථ කරන්නේ වනැ’ යි ආඝාත උපදී … සැඩබවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ද්වෙෂශල්‍ය යි.
කතමං මොහසල්ලං? දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ -පෙ- අපරන්තෙ - පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං මොහසල්ලං.
මෝහශල්යය කවරැ යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම … දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යයෙහි නො දැනීම, පූර්වාන්තයෙහි … අපරාන්තයෙහි … පූර්වාපරාන්තයෙහි නො දැනීම, ඉදම්ප්‍රත්‍යතා සඞ්ඛ්‍යාත ප්රතීත්යසමුත්පන්නධර්මයන්හි නො දැනීම (යන) මෙ බඳු වූ යම් නො දැක්මෙක් (දහම්) නො දැනීමෙක් (අනුරූප වශයෙන්) නො දැනීමෙක් අවබෝධ නො කිරීමෙක් ප්‍රතිවේධ නො කිරීමෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) නො ගැනීමෙක් හාත්පසින් බැස නො ගැනීමෙක් සමව නො බැලීමෙක් ප්රත්යවේක්ෂා නො කිරීමෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාලබවෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්යාපරියුට්ඨානයෙ (සිත මැඩගැනීමෙ) ක් අවිද්‍යා නමැති කනයමක් මෝහ අකුශලමූලයෙක් වේ ද, මේ මොහශල්‍ය යි.
කතමං මානසල්ලං? සෙය්යොහමස්මීති මානො, සදිසොහමස්මීති මානො, හීනොහමස්මීති මානො; යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, ඉදං මානසල්ලං
මානශල්යය කවරැ යත්: ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ මානය වෙයි, ‘මම් සදෘශ වෙමි’ මානය වෙයි,‘මම් හීන වෙමි’ මානය වෙයි. මෙබඳු වූ යම් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්යතාවක් වේ ද, මේ මානශල්‍ය යි.
කතමං දිට්ඨිසල්ලං? වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි; යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං යාථාවතන්ති ගාහො යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි, ඉදං දිට්ඨිසල්ලං.
දෘෂ්ටිශල්‍යය කවරැ යත්: විංශතිවස්තුක සත්කායදෘෂ්ටිය දශවස්තුකමිත්ථ්යාදෘෂ්ටිය දශවස්තුක අන්තග්රාහිකා දෘෂ්ටිය (යන) මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් (සම්යග්දෂ්ටිය විනිවිදින හෙයින්) දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්ථ්යාපථයෙක් මිත්ථ්යාස්වභාවයෙක් තීර්තථායතනයෙක් විපර්‍ය්‍යාසයෙන් ගැනීමෙක් විපරීත ව ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) පරිවර්තන කොට ගැනීමෙක් මිත්ථ්යාග්රාහයෙක් අස්වාභාවයෙහි ස්වභාව යයි ගැනීමෙක් වේ ද, යම් පමණ ද්වාෂෂ්ටි දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ දෘෂ්ටිශල්‍ය යි.
කතමං සොකසල්ලං? ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො අන්තොදාහො අන්තොපරිදාහො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං, ඉදං සොකසල්ලං.
ශෝකශල්‍යය කවරැ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ භොගව්යසනෙයෙන් හෝ මඩනා ලදහුගේ රොගව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලදහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්මයෙකින් මඩනා ලදහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අන්තර්ශොකයෙක් ඇතුළත හාත්පසින් ශෝක කිරීමෙක් අන්තර්දාහයෙක් ඇතුළත හාත්පසින් දැවීමෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් වේ ද, මේ ශෝකශල්‍ය යි.
කතමං කථඞ්කථාසල්ලං? දුක්ඛෙ කඞ්ඛා දුක්ඛසමුදයෙ කඞ්ඛා දුක්ඛනිරොධෙ කඞ්ඛා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය කඞ්ඛා පුබ්බන්තෙ කඞ්ඛා අපරන්තෙ කඞ්ඛා පුබ්බන්තාපරන්තෙ කඞ්ඛා ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා, යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො; ඉදං කථඞ්කථාසල්ලං.
කථඞ්කථාශල්‍ය කවරැ යත්: දුඃඛයෙහි සැකය දුඃඛසමුදයෙහි සැකය දුඃඛනිරෝධයෙහි සැකය දුඃඛනිරෝධගාමිනී ප්රතිපත්තියෙහි සැකය පූර්වාන්තයෙහි සැකය අපරාන්තයෙහි සැකය පූර්වාපරාන්තයෙහි සැකය ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුත්පන්නධර්මයන්හි සැකය (යන) මෙබඳු වූ යම් සැකයෙක් සැක අයුරෙක් සැකයට පැමිණැවූ බවෙක් විමතියෙක් විචිකිත්සාවක් දෙපරිද්දෙන් පැවැත්මෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (අරමුණෙන්) බැහැර යෑමෙක් හාත්පසින් බැහැර යෑමෙක් (අරමුණට) නො බැසගැනීමෙක් සිතෙහි තදබවෙක් චිත්තවිලෙඛයෙක් වේ ද, මේ කථඞ්කථාශල්‍ය යි.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවතීති - රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති. එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, එවම්පි රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සංධාවති සංසරති, අථවා රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො පුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො භොගෙ පරියෙසන්තො නාවාය මහාසමුද්දං පක්ඛන්දති: සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො ඛුප්පිපාසාහි මීයමානො නිගුම්බං ගච්ඡති, තක්කොලං ගච්ඡති, තක්කසිලං ගච්ඡති, කාලමුඛං ගච්ඡති, පරම්මුඛං ගච්ඡති, වෙසුඞ්ගං ගච්ඡති, වෙරාපථං ගච්ඡති ජවං ගච්ඡති, තාමලිං ගච්ඡති, වඞ්ගං ගච්ඡති, එළවද්ධනං ගච්ඡති, සුවණ්ණකූටං ගච්ඡති, සුවණ්ණභූමිං ගච්ඡති, තම්බපණ්ණිං ගච්ඡති, සුප්පාරකං ගච්ඡති, භරුකච්ඡං ගච්ඡති, සුරට්ඨං ගච්ඡති, අඞ්ගලොකං ගච්ඡති, ගඞ්ගණං ගච්ඡං, පරමගඞ්ගණං ගච්ඡති, යොනං ගච්ඡති, පරමයොනං ගච්ඡති, නවකං ගච්ඡති, මූලපදං ගච්ඡති, මරුකන්තාරං ගච්ඡති, ජණ්ණුපථං ගච්ඡති, අජපථං ගච්ඡති, මෙණ්ඩපථං ගච්ඡති, සඞ්කුපථං ගච්ඡති, ඡත්තපථං ගච්ඡති, වංසපථං ගච්ඡති, සකුණපථං ගච්ඡති, මූසිකපථං ගච්ඡති, දරීපථං ගච්ඡති, වෙත්තාධාරං ගච්ඡති. පරියෙසන්තො න ලභති. අලාහමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පරියෙසන්තො ලභති. ලද්ධා ආරක්ඛමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි දහෙය්ය, න උදකං වහෙය්ය, න අප්පියා දායාදා හරෙය්යුන්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගා විප්පලුජ්ජන්ති. සො විප්පයොගමූලකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි රාගසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සංධාවති සංසරති.
යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති - රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නො දුන් දැය ද හැරැගනී, ගෘහසන්ධි දු සිඳී, ගම් පැහැරීම ද ගෙවල් පැහැරීම ද මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, මෘෂා ද බෙණෙයි. මෙසේත් රාගශල්‍යයෙන් මඩනා ලදුයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ බැසගන්නා ලදුයේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරෙයි. නොහොත් රාගශල්‍යයෙන් අවතීර්ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්වාගත වූයේ ධනය සොයමින් සීත පෙරටු කොට, උෂ්ණ පෙරටු කොට, මැසි මදුරු වා අව් දික්දෑපහසින් වෙහෙසෙමින් සාපවසින් මැරෙමින් නැවින් මහමුහුදට පිවිසෙයි: ත්‍රිගුල්ම ජනපදයට යෙයි. තක්කොලයට යෙයි, තක්ෂශිලාවට යෙයි, කාලමුඛයට යෙයි, පරාඞ්මුඛයට යෙයි, වෙසුඞ්ගයට යෙයි, වෙරාපථයට යෙයි, ජාවරටට යෙයි, තාමලීජනපදයට යෙයි, වගුරටට යෙයි, එඩවර්ධනයට යෙයි, ස්වර්‍ණකූටයට යෙයි, ස්වර්ණභූමියට යෙයි, තාම්රපර්ණ්ණියට යෙයි, සුප්පාරකජනපදයට යෙයි, භරුකච්ඡජනපදයට යෙයි, සෞරාෂ්ට්‍රයට යෙයි, අඞ්ගලොකයට යෙයි, ගඞ්ගණයට යෙයි, පරමගඞ්ගණයට යෙයි, යවනරටට යෙයි, පරමයවනයට යෙයි, නවකරටට යෙයි, මූලපදරටට යෙයි, මරුකාන්තාරයට යෙයි, ජණ්ණුපථයට යෙයි, අජපථයට යෙයි, මෙණ්ඩපථයට යෙයි, ශඞ්කුපථයට යෙයි, ඡත්‍රපථයට යෙයි, වංශපථයට යෙයි, සකුණපථයට යෙයි, මූෂිකපථයට යෙයි, දරීපථයට යෙයි, වෙත්‍රාධාරයට යෙයි. සොයනුයේ (භෝගයන්) නො ලැබෙයි එකල්හි නො ලැබීම හේතු කොට ද දුක් දොම්නස් විඳී. සොයනුයේ ලැබේ නම්, ලැබ ආරක්ෂාමූලක වූ ද දුක් දොම්නස් විඳී: ‘කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නො මැ හැරගන්නාහු ද සොරු නො පැහැරගන්නාහු ද ගිනි නො දවා ද වතුරු නො ගළා ද අප්‍රියදායාදයෝ නො හරනාහු දැ’ යි. මෙසේ රක්නා වූ පාලනය කරන්නා වූ ඔහුගේ ඒ භෝගයෝ වැනැසෙති, හෙතෙම විප්රයොගමූලක වූ ද දුක් දොම්නස් විඳී. මෙසේත් රාගශල්‍යයෙන් අවතීර්ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්විත වූයේ දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ.
දොසසල්ලෙන - මොහසල්ලෙන - මානසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, පාණම්පි හන්ති, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. එවං මානසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
ද්වෙෂශල්යයෙන් - මොහශල්යයෙන් - මානශල්යයෙන් අවතීර්ණ විද්ධ ස්පාෂ්ට පරෙත සමවහිත සමන්වාගත වූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි, බසින් දුසිරිතෙහි හැසිරෙයි, සිතින් දුසිරිතෙහි හැසිරෙයි, ප්‍රාණවධ දු කෙරෙයි, නුදුන් දැය ද ගනී, ගෘහසන්ධි දු සිඳී, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මං පැහැරීම ද කෙරෙයි, පරඹුන් වෙත ද යෙයි, මුසවා ද බෙණෙයි, මෙසෙයින් මානශල්යයෙන් අවතීර්ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්විත වූයේ ඉදිරියෙහි දිවෙයි, වෙසෙසින් දිවෙයි, වේගයෙන් දිවෙයි, ඔබිනොබැ හැසිරේ.
දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො අචෙලකො හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො, න එහිභදන්තිකො, න තිට්ඨභදන්තිකො, නාභිහටං න උද්දිස්ස කතං න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති. න කළොපිමුඛා පතිගණ්හාති න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී. න මච්ඡං, න මංසං, න සුරං, මෙරයං, න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති. එකාලොපිකො ව. ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො -පෙ- සත්තාගාරිකො වා හොති. සත්තාලොපිකො. එකිස්සාපි දත්තියා යාපෙති. ද්වීහිපි දත්තීහි යාපෙති -පෙ- සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති. ද්වාහිකම්පි ආහාරං ආහාරෙති -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අඩ්ඪමාකිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. එවම්පි දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
දෘෂ්ටිශල්යයෙන් අවතීර්ණ වූයේ විද්ධ වූයේ ස්පෘෂ්ට වූයේ පීඩිත වූයේ ප්‍රවිෂ්ට වූයේ සමන්විත වූයේ අචේලක (- නග්නශ්රමණ) වෙයි, හරන ලද ආචාර ඇතියේ වෙයි, අත ලෝනේ වෙයි, (භික්ෂා ගැනීම සඳහා) ‘එව වහන්සැ’ යි කියන ලදුයේ නො එයි, ‘සිට වහන්සැ’ යි කියන ලදුයේ නො සිටී, පළමු එළවූ භික්ෂාව නො ගනී, උදෙසා කළ භික්ෂාව නො ගනී, නිමන්ත්‍රණය නො ඉවසයි. හෙතෙම කළමුවින් නගා දුන් භික්ෂාව නො ගනී, සැළමුවින් නගා දෙන ලද්ද නො පිළිගනී, එළිපත අතර කොට දුන් භික්ෂාව නො ගනී, දඬු අතර කොට දුන් භික්ෂාව - මොහොල් අතර කොට දුන් භික්ෂාව නො පිළිගනී, වළඳන දෙදෙනකු ගෙන් එකකු නැගීසිට දුන් භික්ෂාව නො පිළිගනී, ගැබිනියක දුන් භික්ෂාව - කිරිපොවන තෙනැත්තියක දුන් භික්ෂාව - පුරුෂයන් අතරට ගිය තෙනැත්තිය දුන් භික්ෂාව - සංකීර්ර්තතනය කොට දුන් කල්හි නො ගනී. ශුනකයකු එළඹසිටි තැන භික්ෂාව - මැස්සන් මුළුමුළු වැ හුන් තැන දුන් භික්ෂාව නො පිළිගනී. මත්ස්‍යමාංස රහමෙර නො පිළිගනී, තුසදිය (- සෞවීරකරසය) පානය නො කෙරෙයි. හෙතෙම පිඬුසිඟන එක ගෙයක් ඇත්තේ හෝ එක ආලොපයකින් යැපෙන්නේ හෝ වෙයි, දෙ ගෙයක් ඇත්තේ හෝ දෙ ආලොපයකින් යැපෙන්නේ හෝ වෙයි … සප්තාගාරික හෝ සප්තාලොපික වූයේ වෙයි, එක් දත්තිය (කුඩා බත් තලිය) කින් ද යැපෙන්නේ වෙයි, බත්තලි දෙකකින් ද … බත්තලි සතකින් ද යැපෙන්නේ වෙයි; එකාභික (-එක දවසක් අතුරු කළ) ආහාරය ද වළඳයි, දෙ දවසක් අතුරු කළ ආහාරය ද වළඳයි … සප්තාහික ආහාරය ද වළඳයි. මෙසේ මෙබඳු අර්ධමාසික වූ ද වාරබත වැළඳීමෙහි යෙදී වෙසෙයි. මෙසේත් දෘෂ්ටිශල්යයෙන් අවතීර්ණ වූයේ විද්ධ වූයේ ස්පෘෂ්ට වූයේ පීඩිත වූයේ ප්‍රවිෂ්ට වූයේ සමන්වාගත වූයේ ධාවන - විධාවන - සන්ධාවන කෙරෙයි, සංසරණය කෙරේ.
අථවා දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සො සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා හොති, පිඤ්ඤාකභක්ඛො වා හොති, තිලභක්ඛො වා හොති, තිණභක්ඛො වා හොති, ගොමයභක්ඛො වා හොති, වනමූලඵලාහාරො වා යාපෙති පවත්තඵලභොජනො. සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති,
නොහොත් දෘෂ්ටිශල්යයෙන් අවතීර්ණ වූයේ විදුනා - පහස්නා - මඩනා ලදුයේ පිවිසියේ සමන්විත වූයේ හෙතෙම අමුපලා කන්නේ හෝ වෙයි, බොඩහමුසහල් බුදින්නේ හෝ වෙයි, ස්වයංජාත වී (හූරුහැල්) බුදින්නේ හෝ වෙයි, සම්කැබැලි බුදින්නේ හෝ වෙයි, රුක්ලාටු බුදින්නේ හෝ වෙයි. කුඩු බුදින්නේ හෝ වෙයි, දමුබත් බුදින්නේ හෝ වෙයි, මුරුවට බුදින්නේ හෝ වෙයි, තල බුදින්නේ හෝ වෙයි, තණකොළ බුදින්නේ හෝ වෙයි, ගොම බුදින්නේ හෝ වෙයි, වනමුල්ඵල ආහාර කොට ඇත්තේ හෝ වැටුණු ගෙඩි බුදිනුයේ යැපෙයි. හේ සණවැහැරි ද දරයි, මිශ්රකවස්ත්ර ද දරයි, මළසිරුරින් බැහැර කළ වස්ත්‍ර ද දරයි, පාංශුකූල ද දරයි
තිරීටානිපි ධාරෙති - අජිනානිපි ධාරෙති - අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාලකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති, කෙසමස්සුලොචකොපි හොති, කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො විහරති. උබ්භට්ඨකොපි හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානමනුයුත්තො. කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති, ඵලකසෙය්යම්පි කප්පෙති, ථණ්ඩිලසෙය්යම්පි කප්පෙති, එකාපස්සයිකො හොති රජොජල්ලධරො, අබ්භොකාසිකො හොති යථාසන්ථතිකො, වෙකටිකොපි හොති විකටභොජනානුයොගමනුයුත්තො, අපානකොපි හොති අපානභත්තමනුයුත්තො, සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. එවම්පි දිට්ඨිසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
රුක්සුඹුළු වස්ත්‍ර ද දරයි, අඳුන්මුවසමු දු දරයි, මැදින් පැළු අඳුන්මුවසමු දු දරයි, කුසවැහැරි දු දරයි, සුඹුලු වැහැරි දු දරයි, පුවරුවැහැරිදු දරයි, මිනිස් කෙයින් කළ කම්බිලි දු දරයි, අස්වලින් කළ කම්බිලි දරයි, බකමුහුණුපියාපතින් කළ වස්ත්‍ර දරයි. කෙස් රවුළු උදුරන්නේ ද වෙයි, කෙස් රවුළු ඉදිරීමෙහි යෙදී වාසය කෙරෙයි. ආසන ප්‍රතික්ෂේප කෙළේ උඩුකුරුව සිටිනේ ද වෙයි, උක්කුටික වීර්‍ය්‍යයෙහි යෙදුණේ උක්කුටික වූයේ ද වෙයි, කටුඇතිරියෙහි නියුක්ත වූයේ ද වෙයි, කටුඇතිරියෙහි ශයනය කෙරෙයි. පුවරුයෙහි ශයනය ද කෙරෙයි, උස්බිමැ ශයනය ද කෙරෙයි, රජස් දැලි දරනුයේ එක් ඇලයකින් හෝනේ වෙයි, අතුළ සේ හිඳිනා සුලු වූයේ අභ්‍යවකාශයෙහි යෙදුණේ වෙයි. විකෘත (ගූථ) භෝජනයෙහි යෙදුණේ විකෘතය බුදිනසුලු වූයේ ද වෙයි, දිය නුමුසු බත් බිදීමෙහි යෙදුණේ ප්‍රතික්ෂේප කළ සිහිල් දිය ඇත්තේ ද වෙයි. සවස තුන්වැනි කොට උදකාවරෝහණයෙහි යෙදුණේ වාසය කෙරෙයි. මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය තවන හාත්පසින් තවන යෝගයෙහි යෙදුණේ වාසය කෙරෙයි. මෙසේත් දෘෂ්ටිශල්යයෙන් අවතීර්ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ මඩනා ලදුයේ ඇතුළත පිවිසියේ සමන්විත වූයේ ධාවනය විධාවනය සන්ධාවනය කෙරෙයි, සංසරණය කෙරේ.
සොකසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. වුත්තං හෙතං භගවතා: “භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ? අපි මෙ මාතරං අද්දසථා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරිස්සා ඉත්ථියා පිතා කාලමකාසි - භාතා කාලමකාසි - භගිනී කාලමකාසි පුත්තො කාලමකාසි - ධීතා කාලමකාසි - සාමිකො කාලමකාසි. සා තස්ස කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ සාමිකං අද්දසථ? අපි මෙ සාමිකං අද්දසථා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ? අපි මෙ මාතරං අද්දසථා: ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි - භාතා කාලමකාසි - භගිනී කාලමකාසි - පුත්තො කාලමකාසි - ධීතා කාලමකාසි - පජාපති කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ පජාපතිං අද්දසථ? අපි මෙ පජාපතිං අද්දසථා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථි ඤාතිකුලං අගමාසි. තස්සා තෙ ඤාතකා සාමිකං අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා. සා ච නං න ඉච්ඡති. අථ ඛො සා ඉත්ථි සාමිකං එතදවොච: ‘ඉමෙ මං අය්යපුත්ත, ඤාතකා තව අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා. උභො මයං මරිස්සාමා’ති. අථ ඛො සො පුරිසො තං ඉත්ථිං ද්විධා ඡෙත්වා අත්තානං ඔපාතෙසි උභො පෙච්ච භවිස්සාමා’ති. එවං සොකසල්ලෙන ඔතිණ්ණො විද්ධො පුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති.
ශෝකශල්‍යයෙන් අවතීර්ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත - සමන්වාගත වූයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, විලාප කියයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණේ. මේ වදාරණ ලද මැ ය, භාග්‍යවතුන් විසින්: “බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැත්නුවර මැ එක්තරා ගැහැනියකගේ මව මළා යැ. ඕ තොමෝ ඇගේ මරණයෙන් උමතු වූවා නට සිත් ඇත්තී වීදියෙන් වීදියට සන්ධියෙන් සන්ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ මව දුටුවහු ද? මාගේ මව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැතෙහි එක්තරා ගැහැනියකගේ පියා මළේ ය - බෑයා මළේ ය - බූන මළා යැ - පුත් මළේ ය - දුව මළා යැ - සැමියා මළේ ය. ඕ තොමෝ ඔහුගේ මරණයෙන් උමතු වූවා නට සිත් ඇත්තී වීදියෙන් වීදියට සන්ධියෙන් සන්ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ සැමියා දුටුවහු ද? මාගේ සැමියා දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවක් කියමි: මේ සැවැතෙහි එක්තරා මිනිසකුගේ මව මළා ය. හෙතෙම ඇගේ මරණයෙන් උමතු වූයේ නට සිත් ඇත්තේ වීදියෙන් වීදියට සන්ධියෙන් සන්ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ මව දුටුවහු ද? මාගේ මව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවකි: මේ සැවැතෙහි මැ එක්තරා මිනිසකුගේ පියා මළේ ය - බෑයා මළේ ය - භගිනිය මළා යැ - පුතා මළේ ය - දුව මළා ය - භාර්‍ය්‍යාව මළා ය. හෙතෙම ඈගේ මරණයෙන් උමතු වූයේ නට සිත් ඇතියේ වීදියෙන් වීදියට සන්ධියෙන් සන්ධියට පැමිණ මෙසේ කියයි: ‘මාගේ භාර්‍ය්‍යාව දුටුවහු ද? මාගේ භාර්‍ය්‍යාව දුටුවහු දැ’ යි. බමුණ, පෙර වූවකි: මේ සැවැතෙහි මැ එක්තරා ගැහැනියක් ඥාතිකුලයට ගියා යැ. ඇගේ ඒ නෑයෝ සැමියාගෙන් අසිඳගෙන අන් මිනිසකුට දෙනු කැමැති වූහ. එහෙත් ඕ ඒ මිනිසා නො කැමැති වෙයි. ඉක්බිති ඕ ස්ත්‍රිය සැමියාට කිව: ‘සාමිදරුවාණෙනි, මේ නෑයෝ මා තොපගෙන් අසිඳගෙන අනෙකක් හට දෙනු කැමැත්තාහ. ඇපි දෙදෙන මැරෙම්හ’ යි. එකල ඒ මිනිසා ඒ ගැහැනිය දෙකඩ කොට සිඳ තමා නැසීය. “දෙදෙන පරලොව ගොස් එක්වම්හ” යි. මෙසේ ශෝකශල්‍යයෙන් අවතීර්ණ වූයේ විද්ධ - ස්පෘෂ්ට - පරෙත - සමවහිත සමන්වාගත වූයේ ධාවන - විධාවන - සන්ධාවන කෙරෙයි, සංසරණය කෙරේ.
කථඞ්කථාසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො සංසයපක්ඛන්තො හොති විමතිපක්ඛන්තො ද්වෙළ්හකජාතො: ‘අහොසිං නු ඛො අහං අතීතමද්ධානං? න නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං නු ඛො අහොසිං අතීතමද්ධානං? කථං නු ඛො අහොසිං අතීතමද්ධානං? කිං හුත්වා කිං අහොසිං නු ඛො අතීතමද්ධානං? භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං? න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කිං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කථං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං? කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අනාගතමද්ධානං? එතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථඞ්කථී හොති: අහං නු ඛොස්මි? නො නු ඛොස්මි? කිං නු ඛොස්මි? කථං නු ඛොස්මි? අයං නු ඛො සත්තො කුතො ආගතො? සො කුහිං ගාමී භවිස්සතී’ති. එවං කථඞ්කථාසල්ලෙන ඔතිණ්ණො විද්ධො ඵුට්ඨො පරෙතො සමොහිතො සමන්නාගතො ධාවති විධාවති සන්ධාවති සංසරති. තෙ සල්ලෙ අභිසඞ්ඛරොති. තෙ සල්ලෙ අභිසඞ්ඛරොන්තො සල්ලාභිසඞ්ඛාරවසෙන පුරත්ථිමං දිසං ධාවති. පච්ඡිමං දිසං ධාවති. උත්තරං දිසං ධාවති. දක්ඛිණං දිසං ධාවති. තෙ සල්ලාභිසඞ්ඛාරා අප්පහීනා. සල්ලාභිසඞ්ඛාරානං අප්පහීනත්තා ගතියා ධාවති නිරයෙ ධාවති. තිරච්ඡානයොනියා ධාවති. පෙත්තිවිසයෙ ධාවති. මනුස්සලොකෙ ධාවති. දෙවලොකෙ ධාවති. ගතියා ගතිං උප්පත්තියා උපපත්තිං පටිසන්ධියා පටිසන්ධිං භවෙන භවං සංසාරෙන සංසාරං වට්ටෙන වට්ටං ධාවති විධාවති සන්ධාවති සංසරතීති - යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති.
කථඞ්කථාශල්යයෙන් අවතීර්ණ වූයේ විදුනා ලදුයේ පහස්නා ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්විත වූයේ සැකයට පැමිණියේ වෙයි. විමතියට පැමිණියේ දෙසිත් වූයේ වෙයි: ‘මම් අතීතකාලයෙහි වූයෙම් දෝ හෝ අතීතයෙහි නො වූයෙම් දෝ හෝ (ජාත්‍යාදිය නිසා) අතීතයෙහි කුමක් වූයෙම් දෝ හෝ අතීතයෙහි කෙසේ වූයෙම් දෝ හෝ අතීතයෙහි (ජාත්‍යාදිය අතුරෙන්) කුමක් වැ කුමක් වූයෙම් දෝ හෝ, මම් අනාගතකාලයෙහි වන්නෙම් දෝ හෝ අනාගතයෙහි නො වන්නෙම් දෝ හෝ (ජාත්‍යාදිය නිසා) අනාගතයෙහි කුමක් වන්නෙම් දෝ හෝ අනාගතයෙහි කෙසේ වන්නෙමේ දෝ හෝ අනාගතයෙහි (ජාත්‍යාදිය අතුරෙන්) කුමක් වැ කුමක් වන්නෙම් දෝ හෝ, මේ වර්තමානකාලය අරබයා හෝ සැක ඇත්තේ වෙයි: මම් වෙම් දෝ හෝ නො වෙම් දෝ හෝ කුමක් වෙම් දෝ හෝ කෙසේ වෙම් දෝ හෝ මේ සත්ත්වයා කොයින් ආයේ දෝ හෝ කොහි යනසුලු වන්නේ දැ’ යි. මෙසේ කථඞ්කථාශල්යයෙන් අවතීර්ණ වූයේ විදුනා ලද්දේ පහස්නා ලද්දේ මැඩුණේ පිවිසියේ සමන්විත වූයේ ධාවන - විධාවන — සන්ධාවන කෙරෙයි, සංසරණය කෙරේ; ඒ රාගාදි ශල්‍යයන් උපදවයි. ඒ ශල්‍යයන් උපදවනුයේ ශල්‍යයන් ඉපදවීම් වශයෙන් පෙරදිගට දිවෙයි, පැළදෙසට දිවෙයි, උතුරු දෙසට දිවෙයි, දකුණු දෙසට දිවේ. ඒ රාගාදි ශල්යප්රයොගයෝ අප්‍රහීණ වූවාහු ය. ශල්යාභිසංස්කාරයන් අප්‍රහීණ වන බැවින් ගතියෙහි දිවෙයි, නිරයෙහි දිවෙයි, තිරිසන්යොන්හි දිවෙයි, ප්‍රේතවිෂයයෙහි දිවෙයි, මිනිස්ලොවැ දිවෙයි, දෙව්ලොවැ දිවෙයි, ගතියෙන් ගතියට උපතින් උපතට පිළිසඳින් පිළිසඳට භවයෙන් භවයට සසරින් සසරට වටින් වටට ධාවන - විධාවන - සන්ධාවනය කෙරෙයි. සංසරණය කෙරේ නුයි ‘යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති’ යනු වේ.
තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදතීති - තමෙව රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං සොකසල්ලං කථඞ්කථාසල්ලං අබ්බුය්හ අබ්බුහිත්වා උද්ධරිත්වා සමුද්ධරිත්වා උප්පාටයිත්වා සමුප්පාටයිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා නෙව පුරත්ථිමං දිසං ධාවති. න පච්ඡිමං දිසං ධාවති. න උත්තරං දිසං ධාවති. න දක්ඛිණං දිසං ධාවති. තෙ සල්ලාභිසඞ්ඛාරා පහීනා. සල්ලාභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා න ධාවති. නිරයෙ න ධාවති. තිරච්ඡානයොනියා න ධාවති. පෙත්තිවිසයෙ න ධාවති. මනුස්සලොකෙ න ධාවති. දෙවලොකෙ න ධාවති. න ගතියා ගතිං - න උපපත්තියා උපපත්තිං - න පටිසන්ධියා පටිසන්ධිං - න භවෙන භවං - න සංසාරෙන සංසාරං - න වට්ටෙන වට්ටං ධාවති විධාවති සංධාවති සංසරතීති - තමෙව සල්ලමබ්බුය්හ. න ධාවති න සීදතීති කාමොඝෙ න සීදති. භවොඝෙ න සීදති. දිට්ඨොඝෙ න සීදති. අවිජ්ජොඝෙ න සීදති. න සංසීදති න අවසීදති න ගච්ඡති න අවගච්ඡතීති - තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදති.
තමෙව සල්ලමබ්බුයහ න ධාවති න සීදති - එ මැ රාගශල්යය ද්වෙෂශල්‍යය මෝහශල්යය මානශල්යය දෘෂ්ටිශල්‍යය ශෝකශල්‍යය කථඞ්කථාශල්යය බැහැර කොට බැහැර පියා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැර දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා පෙරදිගට නො මැ දිවෙයි, පැළදෙසට නො දිවෙයි, උතුරුදෙසට නො දිවෙයි, දකුණුදෙසට නො දිවෙයි. ඒ රාගාදිශල්යප්රයොගයෝ ප්‍රහීණ වූවාහු ය. ශල්යාභිසංස්කාරයන් ප්‍රහීණවන බැවින් ගතියෙහි නො දිවෙයි, නිරයෙහි නො දිවෙයි, තිරිසන්යොන්හි නො දිවෙයි, ප්‍රේතවිෂයෙහි නො දිවෙයි, මිනිස්ලොවැ නො දිවෙයි, දෙව්ලොවැ නො දිවෙයි, ගතියෙන් ගතියට - උපතින් උපතට - පිළිසඳින් පිළිසඳට - භවයෙන් භවයට - සසරින් සසරට - වටින් වටට නො දිවෙයි, වෙසෙසින් නො දිවෙයි, වේගයෙන් නො දිවෙයි, ඔබිනොබැ නො හැසිරේ නුයි ‘තමෙව සල්ලමබ්බුයහ’ යනු වේ. න ධාවති න සීදති - කාමොඝයෙහි නො ගැලෙයි, භවොඝයෙහි නො ගැලෙයි, දෘෂ්ට්යොඝයෙහි නො ගැලෙයි, අවිද්යොඝයෙහි නො ගැලෙයි, හාත්පසින් නො ගැලෙයි, ඇතුළත නො ගැලෙයි, නො පිවිසෙයි, නො යෙයි, නො බැසගනී නුයි ‘තමෙව සල්ලමබ්බුයහ න ධාවති න සීදති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති. තමෙව සල්ලමබ්බුය්හ න ධාවති න සීදතී”ති
“යෙන සල්ලෙන ඔතිණ්ණො -පෙ- න ධාවති න සීදති” යී.