යෙදුමෙන් කියවන්න

15. 4

15. 4.

15. 4.

ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද‍්ධෙ දිස‍්වා මෙ අරතී අහු, අථෙත්‍ථ සල‍්ලමද‍්දක‍්ඛිං දුද‍්දසං හදයස‍්සිතං.

යළි (යෞවනාදීන්ගේ) අවසානයෙහි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අනභිරතිය උපන. අනතුරුව තෙල සත්ත්‍වයන් විෂයෙහි වූ නො දැක්ක හැකි සිත ඇසුරු කළ රාගාදි (සප්ත විධ) ශල්‍යය දිටිමි.

ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද‍්ධෙති - ‘ඔසානෙත්‍වෙවා’ති සබ‍්බං යොබ‍්බඤ‍්ඤං ජරා ඔසාපෙති; සබ‍්බං ආරොග්‍යං බ්‍යාධි ඔසාපෙති; සබ‍්බං ජීවිතං මරණං ඔසාපෙති; සබ‍්බං ලාභං අලාභො ඔසාපෙති; සබ‍්බං යසං අයසො ඔසාපෙති; සබ‍්බං පසංසං නින්‍දා ඔසාපෙති; සබ‍්බං සුඛං දුක‍්ඛං ඔසාපෙතීති ‘ඔසානෙත්‍වෙව;’ බ්‍යාරුද‍්ධෙති යොබ‍්බඤ‍්ඤකාමා සත‍්තා ජරාය පටිවිරුද‍්ධා; ආරොග්‍යකාමා සත‍්තා බ්‍යාධිනා පටිවිරුද‍්ධා; ජීවිතුකාමා සත‍්තා මරණෙන පටිවිරුද‍්ධා; ලාභකාමා සත‍්තා අලාභෙන පටිවිරුද‍්ධා; යසකාමා සත‍්තා අයසෙන පටිවිරුද‍්ධා; පසංසාකාමා සත‍්තා නින්‍දාය පටිවිරුද‍්ධා; සුඛකාමා සත‍්තා දුක‍්ඛෙන පටිවිරුද‍්ධා ආහතා පච‍්චාහතා ආඝාතිතා පච‍්චාඝාතිතාති ‘ඔසානෙත්‍වෙව බ්‍යාරුද‍්ධෙ.’

ඔසානෙ ත්‍ථෙව බ්‍යාරුද්ධෙ - ‘ඔසානෙ ත්‍වෙව’ යනු: ජරාව සියලු යොවුන් බව අවසාන කෙරෙයි, ව්‍යාධිය සියලු අරෝග බව අවසාන කෙරෙයි, මරණය සියලු ජීවිතය අවසාන කෙරෙයි, සියලු ලාභය අලාභය තෙමේ අවසාන කෙරෙයි, සියලු යශස් අපකීර්ත්තිය අවසාන කෙරෙයි, නින්‍දාව සියලු පැසැසුම් අවසාන කෙරෙයි, දුක සියලු සුවය අවසාන කෙරේ නුයි ‘ඔසානෙ ත්‍වෙව’ යනු වේ. බ්‍යාරුද්ධෙ - යොවුන් බව කැමැති සත්ත්‍වයෝ ජරාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ආරෝග්‍යය කැමැති සත්ත්‍වයෝ ව්‍යාධිය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ජීවත්වනු කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, කැමැති සත්ත්‍වයෝ මරණය සමග ප්‍රතිවිරුද්ධ වූවාහුය, ලාභ කැමැති සත්ත්‍වයෝ අලාභය හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, ප්‍රශංසා කැමැති සත්ත්‍වයෝ නින්‍දාව හා ප්‍රතිවිරුද්ධ වූවාහුය, සුව කැමැති සත්ත්‍වයෝ දුක හා ප්‍රතිවිරුද්ධ වූවාහුය (කෝපයෙන්) පහළාහු පිළිමල් වැ පහළාහු ගැටුණාහු වෙසෙසින් ගැටුණාහු නුයි ‘ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද්ධෙ’ යනු වේ.

දිස‍්වා මෙ අරති අහූති - ‘දිස‍්වා’ති දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති දිස‍්වා; මෙ අරතීති යා අරති යා අනභිරති යා අනභිරමණා යා උක‍්කණ‍්ඨිතතා යා පරිතසිතා අහූති දිස‍්වා මෙ අරති අහු.

දිස්වා මෙ අරතී අහු - ‘දිස්වා’ යනු: දැක පෙනී තුලනය කොට තීරණය කොට වෙසෙසින් සලකා විභූත කොට නුයි ‘දිස්වා’ යනු වේ. මෙ අරති යනු: යම් නො ඇල්මෙක් යම් නො ඇලුණු බවෙක් යම් නො ඇලුණු අයුරෙක් යම් උකටලිබවෙක් යම් හාත්පසින් බියවන බවෙක් වී නුයි ‘දිස්වා මෙ අරතී අහු’ යනු වේ.

අථෙත්‍ථ සල‍්ලමද‍්දක‍්ඛින‍්ති - ‘අථා’ති පදසන්‍ධි -පෙ- පදානුපුබ‍්බතා මෙතං ‘අථා’ති; එත්‍ථාති සත‍්තෙසු; සල‍්ලන‍්ති සත‍්ත සල‍්ලානි: රාගසල‍්ලං දොසසල‍්ලං මොහසල‍්ලං මානසල‍්ලං දිට‍්ඨිසල‍්ලං සොකසල‍්ලං කථඞ‍්කථාසල‍්ලං; අද‍්දක‍්ඛින‍්ති අද‍්දසං අදක‍්ඛිං අපස‍්සිං පටිවිජ‍්ඣින‍්ති - අථෙත්‍ථ සල‍්ලමද‍්දක‍්ඛිං.

අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං - ‘අථ’ යනු: පදසන්‍ධියැ … පදානුපූර්‍වතා යැ තෙල ‘අථ’ යනු. එත්‍ථ යනු : සත්ත්‍වයන් විෂයෙහි; සල්ල නම්: සත් ශල්‍ය කෙනෙකි: රාගශල්‍ය යැ ද්වෙෂශල්‍ය යැ මොහශල්‍ය යැ මානශල්‍ය යැ දෘෂ්ටිශල්‍ය යැ ශෝකශල්‍ය යැ කථඞ්කථාශල්‍ය යැ’ යි; අද්දක්ඛිං යනු: දිටිමි අවබෝධ කෙළෙම් නුයි ‘අථෙත්‍ථ සල්ලමද්දක්ඛිං’ යනු වේ.

දුද‍්දසං හදයස‍්සිතන‍්ති - ‘දුද‍්දස’න‍්ති දුද‍්දසං දුද‍්දක‍්ඛං දුප‍්පස‍්සං දුබ‍්බුජ‍්ඣං දුරනුබුජ‍්ඣං දුප‍්පටිවිජ‍්ඣන‍්ති දුද‍්දසං; හදයස‍්සිතන‍්ති හදයං වුච‍්චති චිත‍්තං; “යං චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු; හදයස‍්සිතං හදයනිස‍්සිතං චිත‍්තසිතං චිත‍්තනිස‍්සිතං චිත‍්තෙන සහජාතං සහගතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං එකුප‍්පාදං එකනිරොධං එකවත්‍ථුකං එකාරම‍්මණන‍්ති “දුද‍්දසං හදයස‍්සිතං”.

දුද්දසං හදයස්සිතං - ‘දුද්දසං’ යනු: දුදර්‍ශ යැ නො දැක්ක හැකි යැ නො බැලියැ හැකි යැ නො දත හැකි යැ අවබෝධ කළ නො හැකි යැ ප්‍රතිවේධ කළ නො හැක්කැයි ‘දුද්දසං’ යනු වේ. හදයස්සිතං යනු: ‘හදය’ යි සිත කියනු ලැබෙයි; යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් භවාඞ්ගසිතෙක් මනසක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද එය යි. හෘදය (- සිත) ඇසුරු කළ හෘදයනිඃශ්‍රිත වූ සිත ඇසුරු කළ චිත්තනිඃශ්‍රිත වූ සිත හා සහගත (-නො වෙන්) වූ සමග උපන් සංසෘෂ්ට වූ සම්ප්‍රයුක්ත වූ එක් වැ උපදනා එක් වැ නිරුද්ධ වන (හෘදයවස්තු වශයෙන්) ඒකවස්තුක වූ (රූපාදි වශයෙන්) ඒකාලම්බන වූයේ නුයි ‘දුද්දසං හදයස්සිතං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද‍්ධෙ දිස‍්වා මෙ අරතී අහු, අථෙත්‍ථ සල‍්ලමද‍්දක‍්ඛිං දුද‍්දසං හදයස‍්සිත”න‍්ති.

“ඔසානෙ ත්‍වෙව බ්‍යාරුද්ධෙ -පෙ- දුද්දසං හදයස්සිතං” යී.