යෙදුමෙන් කියවන්න

8. 10

8. 10.

8. 10.

විසෙනි කත්‍වා පන යෙ චරන‍්ති දිට‍්ඨීහි දිට‍්ඨිං අවිරුජ‍්ඣමානා, තෙසු ත්‍වං කිං ලභෙථො පසූ යෙසී’ධ නත්‍ථි පරමුග‍්ගහීතං.

තවද යම් කෙනෙක් (කෙලෙස්මාරසෙනඟ) වනසා දෙසැට දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වෙමින් වෙසෙත් ද, මේ සස්නෙහි යම් කෙනකුන්ට මේ පරම යයි දැඩිව ගන්නා ලද්දක් නැත්තේ ද, පසූරය, තෝ ඒ රහතුන් කෙරෙහි කවර ප්‍රතිමල්ලයකු ලබන්නෙහි ද?

විසෙනි කත්‍වා පන යෙ චරන‍්තීති - ‘සෙනා වුච‍්චති මාරසෙනා: කායදුච‍්චරිතං මාරසෙනා, වචීදුච‍්චරිතං මාරසෙනා, මනොදුච‍්චරිතං මාරසෙනා, ලොභො මාරසෙනා, දොසො මාරසෙනා, මොහො මාරසෙනා, කොධො මාරසෙනා, උපනාහො මාරසෙනා, මක‍්ඛො පළාසො ඉස‍්සා මච‍්ඡරියං මායා සාඨෙය්‍යං ථම‍්භො සාරම‍්භො මානො අතිමානො මදො පමාදො, සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා මාරසෙනා. වුත‍්තං හෙතං භගවතා:

විසේනි කත්‍වා පන යෙ චරන්ති - මරසෙනඟ ‘සේනා’ යයි කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය මාරසෙනා යැ, මනෝදුශ්චරිතය මාරසෙනා යැ, ලෝභය මාරසෙනා යැ, ද්වේෂය මාරසෙනා යැ, මෝහය මාරසෙනා යැ, ක්‍රෝධය මාරසෙනා යැ, උපනාහය මාරසෙනා යැ, මකුබව මාරසෙනා යැ, යුගග්‍රාහය මාරසෙනා යැ, ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මේ වදාරන ලද මැය භාග්‍යවත්හු විසින්:

1. “කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච‍්චති -පෙ- ජෙත්‍වා ච ලභතෙ සුඛන‍්ති.”

1. “කාමයෝ තාගේ පළමුවැනි සේනාව ය, දෙවැන්නී අරතිය යි කියනු ලැබෙයි” (4. 6. සූත්‍රනිර්දේශය)

යතො චතුහි අරියමග‍්ගෙහි සබ‍්බා ච මාරසෙනා සබ‍්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරිජිතා භග‍්ගා විප‍්පලුග‍්ගා පරම‍්මුඛා තෙන වුච‍්චති “විසෙනි කත්‍වා”ති. යෙති - අරහන‍්තො ඛීණාසවා; චරන‍්තීති චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්තීති ‘විසෙනිකත්‍වා පන යෙ චරන‍්ති. ‘

යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු මාරසෙනාවෝ ද සියලු ප්‍රතිපක්‍ෂකර ක්ලේශයෝ ද ජයගන්නා ලද්දාහු පරදවන ලද්දාහු බිඳින ලද්දාහු නසන ලද්දාහු පරාඞ්මුඛ කරන ලද්දාහු වෙත් ද, එහෙයින් ‘විසේනි කත්‍වා’ යී කියනු ලැබේ. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ යැ; චරන්ති - හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘විසේනි කත්‍වා පන යෙ චරන්ති’ යනු වේ.

දිට‍්ඨීහි දිට‍්ඨිං අවිරුජ‍්ඣමානාති - යෙසං ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, තෙ දිට‍්ඨීහි දිට‍්ඨිං අවිරුජ‍්ඣමානා අප‍්පටිවිරුජ‍්ඣමානා අඝට‍්ටියමානා අප‍්පටිහඤ‍්ඤමානා අප‍්පටිහනමානාති ‘දිට‍්ඨීහි දිට‍්ඨිං අවිරුජ‍්ඣමානා.’

දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා - යම් කෙනකුන් විසින් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට අභව්‍ය කරන ලද්දාහු ඥානාග්නියෙන් දවන ලද්දාහු ද ඔහු (දෙසැට) දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වන්නාහු දැඩිව නො ගන්නාහු නො ගැටෙන්නාහු අප්‍රතිහත වන්නාහු නුයි ‘දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා’ යනු වේ.

තෙසු ත්‍වං කිං ලභෙථො පසූරාති - තෙසු අරහන‍්තෙසු ඛීණාසවෙසු කිං ලභෙථො පටිසූරං පටිපුරිසං පටිසත‍්තුං පටිමල‍්ලන‍්ති ‘තෙසු ත්‍වං කිං ලභෙථො පසූර.’

තෙසු ත්‍වං කිං ලභෙථො පසූර - ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයන් කෙරෙහි ප්‍රතිශූරයකු ප්‍රතිපුරුෂයකු විරුද්ධ සතුරකු ප්‍රතිමල්ලයකු කිම ලබන්නෙහි දැ යි ‘තෙසු ත්‍වං කිං ලභෙථො පසූර’ යනු වේ.

යෙසී’ධ නත්‍ථි පරමුග‍්ගහීතන‍්ති - යෙසං අරහන‍්තානං ඛීණාසවානං ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසිට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති, පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති - ‘යෙසී’ධ නත්‍ථි පරමුග‍්ගහීතං.’

යෙසී’ධ නත්‍ථි පරමුග්ගහීතං - යම් අර්‍හත් ක්‍ෂීණාස්‍රව කෙනකුන්ට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ අධ්‍යවසිත අධිමුක්ත වූවක් නැත් ද නො වෙත් ද අවිද්‍යමාන වෙත් ද නො ලැබෙත් ද ප්‍රහීණ කරන ලද සමුච්ඡින්න කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද ඥානාග්නීන් දවන ලද නුයි ‘යෙසීධ නත්‍ථි පරමුග්ගහීතං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“විසෙනි කත්‍වා පන යෙ චරන‍්ති දිට‍්ඨීහි දිට‍්ඨිං අවිරුජ‍්ඣමානා, තෙසු ත්‍වං කිං ලභෙථො පසූර යෙසී’ධ නත්‍ථි පරමුග‍්ගහීත”න‍්ති.

“විසේනි කත්‍වා පන -පෙ- පරමුග්ගහීතං” යී.