8. 9
8. 9.
8. 9.
යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති ඉදමෙව සච්චන්ති ච වාදයන්ති, තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා.
යම් කෙනෙක් (දෙසැට දිටු අතුරෙන්) එක්තරා දෘෂ්ටියක් දැඩිව ගෙන විවාද කෙරෙත් ද, යළි මෙය මැ සැබවැයි කියත් ද, තෝ ඔවුනට කිය, වාදයක් උපන් කල්හි විරුද්ධකාරක වූ ඔහු මේ සස්නෙහි නැති හෙයිනි.
යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්තීති - යෙ ද්වාසට්ඨිදිට්ඨිගතානං අඤ්ඤතරඤ්ඤතරං දිට්ඨිගතං ගහෙත්වා ගණ්හිත්වා උග්ගණ්හිත්වා පරාමසිත්වා අභිනිවිසිත්වා විවාදයන්ති, කලහං කරොන්ති, භණ්ඩනං කරොන්ති, විග්ගහං කරොන්ති, විවාදං කරොන්ති, මෙධගං කරොන්ති: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ. අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං තෙ විපාරවන්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතොසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති ‘යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති.’
යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති - යම් කෙනෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන ග්‍රහණය කොට දැඩිව ගෙන පරාමර්ෂණය කොට අභිනිවේශය කොට විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, මෙධග කෙරෙති: ‘තෝ මේ ධර්මවිනය නො දන්නෙහි ය, මම් මේ ධර්මවිනය දනිමි, කිමැ තෝ මේ ධර්මවිනය දනී ද? තෝ වරදවා පිළිපන්නෙහි ය, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්ත්ථසහිත ය, තාගේ වචනය අනර්ත්‍ථසංහිතය, පළමු කියැයුත්ත පසුව කිවුය, පසුව කියැයුත්ත පළමු කිවුය. තා විසින් ආචීර්ණ වූ දෙය (මාගේ වාදයට පැමිණ) නැවැතිණ, තට (මා විසින්) දෝෂාරෝපණය කරන ලද. නිග්‍රහ කරන ලදුයෙහි දොසින් මිදෙනු සඳහා පිළිතුරු සොයා යව. පොහොසත්හි නම් (මා නැගූ දොසින්) මිදෙව’යි ‘යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති’ යනු වේ.
ඉදමෙව සච්චන්ති ච වාදයන්තීති - ‘සස්සතො ලොකො, ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති වාදයන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති; ‘අසස්සතො ලොකො -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා ඉදමෙව සච්චං, මොඝඤ්ඤ’න්ති වාදයන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘ඉදමෙව සච්චන්ති ච වාදයන්ති.’
ඉදමෙව සච්චන්ති ච වාදයන්ති - ‘ලෝකය ශාශ්වත යැ මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්; ‘ලෝකය අශාශ්වත යැ... සත්ත්වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චන්ති ච වාදයන්ති’ යනු වේ.
තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තාති - තෙ ත්වං දිට්ඨිගතිකෙ වදස්සු වා වාදෙන වාදං විග්ගහෙන විග්ගහං පටිකම්මෙන පටිකම්මං විසෙසෙන විසෙසං පටිවිසෙසෙන පටිවිසෙසං ආවෙඨියාය ආවෙඨියං නිබ්බෙඨියාය නිබ්බෙඨියං ඡෙදෙන ඡෙදං මණ්ඩලෙන මණ්ඩලං. තෙ තුය්හං පටිසූර පටිපුරිස පටිසත්තු පටිමල්ලාති තෙ ත්වං වදස්සු; න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තාති - වාදෙ ජාතෙ සඤ්ජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙයෙව පටිසෙනිකත්තා පටිලොමකත්තා පටිකණ්ටකත්තා පටිපක්ඛකත්තා කලහං කරෙය්ය, භණ්ඩනං කරෙය්ය, විග්ගහං කරෙය්ය, විවාදං කරෙය්ය, මෙධගං කරෙය්ය. තෙ නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා.
තෙ ත්වං වදස්සු න හි තෙධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - තෙපි ඒ දෘෂ්ටිගතිකයන්ට වාදයෙන් විවාද විග්‍රහයෙන් විග්‍රහය ප්‍රතිකර්මයෙන් ප්රතිකර්මය විශේෂයෙන් විශේෂය ප්‍රතිවිශෙෂයෙන් ප්‍රතිවිශෙෂය වෙළුමෙන් වෙළුම මිදුමෙන් මිදුම සිඳුමෙන් සිඳුම මණ්ඩලයෙන් මණ්ඩලය කියවු, ඔවුහු තට ප්‍රතිශූර ප්‍රතිපුරුෂ ප්‍රතිශත්‍රැ ප්රතිමල්ලයෝ වෙත් නුයි ‘තෙ ත්වං වදස්සු’ යනු වේ. න හි තෙධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - වාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළවූ කල්හි මැ විරුද්ධ කාරක තෙම ප්‍රතිලොමකර්‍තෘ තෙම ප්‍රතිභණ්ඩකාරක තෙම ප්රතිපක්ෂ කාරක තෙම කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, මෙධග කරන්නේ යි; ඒ (ප්රතිපක්ෂකර) ක්ලේශයෝ නැත, නො වෙති අවිද්‍යමාන වෙති නො ලැබෙත්; (ඔහු) ප්‍රහීණයෝ යැ සමුච්ඡින්නයෝ යැ සන්හිඳුණාහුය, දුරලන ලද්දාහු යැ උපතට නුසුදුසු වූවාහු යැ නුවණගින්නෙන් දැවුණාහු නුයි - ‘තෙ ත්වං වදස්සු න හි තෙධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යෙ දිට්ඨිමුග්ගය්හ විවාදයන්ති ඉදමෙව සච්චන්ති ච වාදයන්ති, තෙ ත්වං වදස්සු න හි තෙ’ධ අත්ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා”ති.
“යෙ දිට්ඨිමුග්ගයහ -පෙ- පටිසෙනිකත්තා” යී.