8. 8
8. 8.
8. 8.
සූරො යථා රාජඛාදාය ඵුට‍්ඨො අභිගජ‍්ජමෙති පටිසූරමිච‍්ඡං, යෙනෙව සො තෙන පලෙහි සූර පුබ‍්බෙව නත්‍ථි යදිදං යුධාය.
යම්සේ රාජභෝජනයෙන් වැඩුණු ශූරයෙක් ප්‍රතිමල්ලයා පතනුයේ ගර්‍ජනා කෙරෙමින් ඒ ද, ශූරය, ඒ (තාගේ) ප්‍රතිශූර තෙමේ යම් තැනෙක්හි ද (තෝ) එහි මැ පලායව. කලහ සඳහා යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු පළමු මැ (බෝමුල්හි දී නැසූ හෙයින් මට) නැත.
සූරො යථා රාජඛාදාය ඵුට‍්ඨොති - ‘සූරො’ති සූරො වීරො වික‍්කන‍්තො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසි අපලායී; රාජඛාදාය ඵුට‍්ඨොති රාජඛාදනීයෙන රාජභොජනීයෙන ඵුට‍්ඨො පොසිතො ආපාදිතො වඩ‍්ඪිතොති ‘සූරො යථා රාජඛාදාය ඵුට්ඨො. ‘
සූරො යථා රාජඛාදාය ඵුට්ඨො - ‘සූරො’ යනු සුරු වූයේ විරු වූයේ විකුම් ඇතියේ බියසුලු නො වූයේ නො තැතිගන්නේ උත්‍රාස රහිත වූයේ නො පැනයන සුලු වූයේ; රාජඛාදාය ඵුට්ඨො - රාජඛාද්‍යයෙන් රාජභොජ්‍යයෙන් පුෂ්ට පොෂණය කළ පාලනය කළ වඩන ලදුයේ නුයි ‘සූරො යථා රාජඛාදාය ඵුට්ඨො’ යනු වේ.
අභිගජ‍්ජමෙති පටිසූරමිච‍්ඡන‍්ති - සො ගජ‍්ජන‍්තො උග‍්ගජ‍්ජන‍්තො අභිගජ‍්ජන‍්තො එති උපෙති උපගච‍්ඡති පටිසූරං පටිපුරිසං පටිසත‍්තුං පටිමල‍්ලං ඉච‍්ඡන‍්තො සාදියන‍්තො පත්‍ථයන‍්තෙ පිහයන‍්තො අභිගජ‍්ජන‍්තොති ‘අභිගජ‍්ජමෙති පටිසූරමිච‍්ඡං.’
අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං - හෙතෙම ගර්‍ජන කෙරෙමින් උත්කට ගර්‍ජන කෙරෙමින් සිංහනාද කෙරෙමින් එයි පැමිණෙයි එළැඹෙයි, ප්‍රතිශූරයකු විරුද්ධ පුරුෂයකු විරුද්ධ ව සිටි සතුරකු ප්‍රතිමල්ලයකු ඉස්නේ ඉවසනුයේ පතනුයේ කැමැතිවනුයේ අභිගර්‍ජන කරනුයේ නුයි ‘අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං’ යනු වේ.
යෙනෙව සො තෙන පලෙහි සූරාති - යෙනෙව සො දිට‍්ඨිගතිකො තෙන පලෙහි, තෙන වජ, තෙන ගච‍්ඡ, තෙන අභික‍්කම. සො තුය‍්හං පටිසූරො පටිපුරිසො පටිසත‍්තු පටිමල‍්ලොති ‘යෙනෙව සො තෙන පලෙහි සූර. ‘
යෙනෙව සො තෙන පලෙහි සූර - ඒ දෘෂ්ටිගතික තෙමේ යම් තැනෙක්හි මැ වේ ද, එහි පලායව, එහි වදුව, එහි යව, එහි නික්මෙව, හේ තට ප්‍රතිශූර යැ ප්‍රතිපුරුෂ යැ ප්‍රතිශත්‍රැ යැ ප්‍රතිමල්ල වූයේ නුයි ‘යෙනෙව සො තෙන පලෙහි සූර’ යනු වේ.
පුබ‍්බෙව නත්‍ථි යදිදං යුධායාති - ‘පුබ‍්බෙව බොධියා මූලෙ යෙ පටිසෙනිකරා කිලෙසා පටිලොමකරා පටිකණ‍්ටකරා පටිපක‍්ඛකරා, තෙ නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති, පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා; යදිදං යුධායාති යදිදං යුද‍්ධත්‍ථාය කලහත්‍ථාය භණ‍්ඩනත්‍ථාය විග‍්ගහත්‍ථාය විවාදත්‍ථාය මෙධගත්‍ථායාති ‘පුබ‍්බෙව නත්‍ථි යදිදං යුධාය.’
පුබ්බේව නත්‍ථි යදිදං යුධාය - පෙර මැ බෝමුල්හි දී ප්‍රතිපක්‍ෂකර වූ හානිකර වූ ප්‍රතිකණ්ටකර වූ ප්‍රතිවිරුද්ධකර වූ යම් ක්ලේශ කෙනෙක් වෙත් ද ඔවුහු නැත නො වෙති විද්‍යමාන නො වෙති නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු මුලුසුන් වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දැවුණාහුය; යදිදං යුධාය - යුද්ධ සඳහා කලහ සඳහා ඩබර සඳහා විග්‍රහ සඳහා විවාද සඳහා මෙධග සඳහා නුයි ‘පුබ්බේව නත්‍ථි යදිදං යුධාය’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සූරො යථා රාජඛාදාය ඵුට‍්ඨො අභිගජ‍්ජමෙති පටිසූරමිච‍්ඡං, යෙනෙව සො තෙන පලෙහි සූර පුබ‍්බෙව නත්‍ථි යදිදං යුධායා”ති.
“සූරො යථා -පෙ- යදිදං යුධාය” යී.