යෙදුමෙන් කියවන්න

8. 11

8. 11.

8. 11.

අථ ත්‍වං පවිතක‍්කමාගමො මනසා දිට‍්ඨිගතානි චින‍්තයන‍්තො, ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක‍්ඛසි සම‍්පයාතවෙ.

තවද තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට ජය වේ දෝ හෝයි ආදිය) විතර්‍ක කෙරෙමින් ආයෙහි. ධුතක්ලෙශ වූ බුදුන් සමග යුගග්‍රාහයට ආයෙහි. එතෙකුදුවත් තෝ සමීපයට පැමිණෙන්නට නො හැකි වන්නෙහි.

අථ ත්‍වං පවිතක‍්කමාගමොති - ‘අථා’ති පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරී අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතා නාමෙතං ‘අථා’ති. පවිතක‍්කමාගමොති - තක‍්කෙන‍්තො විතක‍්කෙන‍්තො සංකප‍්පෙන‍්තො ‘ජයො නු ඛො මෙ භවිස‍්සති පරාජයො නු ඛො මෙ භවිස‍්සති, කථං නිග‍්ගහං කරිස‍්සාමි? කථං පටිකම‍්මං කරිස‍්සාමි? කථං විසෙසං කරිස‍්සාමි? කථං පටිවිසෙසං කරිස‍්සාමි? කථං ආවෙඨියං කරිස‍්සාමි? කථං නිබ‍්බෙඨියං කරිස‍්සාමි? කථං ඡෙදං කරිස‍්සාමි? කථං මණ‍්ඩලං කරිස‍්සාමී’ති එවං තක‍්කෙන‍්තො විතක‍්කෙන‍්තො සංකප‍්පෙන‍්තො ආගතොසි උපාගතොසි සම‍්පත‍්තොසි මයා සද‍්ධිං සමාගතොසීති ‘අථ ත්‍වං පවිතක‍්කමාගමො.’

අථ ත්‍වං පවිතක්කමාගමො - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. පවිතක්කමාගමො - තර්‍ක කෙරෙමින් සලකමින් ‘මට ජය වන්නේ දෝ හෝ මට පරාජය වන්නේ දෝ හෝ කෙසේ නිග්‍රහ කෙරෙම් ද, කෙසේ පිළියම් (-ලබ්ධිශුද්ධිය) කෙරෙම් ද, කෙසේ විශේෂ කෙරෙම් ද, කෙසේ ප්‍රතිවිශෙෂ කෙරෙම් ද, කෙසේ ආවෙෂ්ටන කෙරෙම් ද, කෙසේ නිර්‍වෙෂ්ටන කෙරෙම් ද, කෙසේ වාදච්ඡෙද කෙරෙම් ද, කෙසේ වාදමණ්ඩල කෙරෙම් දැ’යි මෙසේ තර්‍කණ විතර්‍කණ සංකල්පන කෙරෙමින් ආයෙහි පැමිණියෙහි සපැමිණියෙහි මා සමග එක්වූයෙහි නුයි ‘අථ ත්‍වං පවිතක්කමාගමො’ යනු වේ.

මනසා දිට‍්ඨිගතානි චින‍්තයන‍්තොති - ‘මනො’ති යං චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතුa, චිත‍්තෙන දිට‍්ඨිං චින‍්තෙන‍්තො විචින‍්තෙන‍්තො ‘සස‍්සතො ලොකො’ති වා, ‘අසස‍්සතො ලොකො’ති වා, -පෙ- නෙව හොති, න න හොති තථාගතො පරම‍්මරණා’ති වා’ති ‘මනසා දිට‍්ඨිගතානි චින‍්තයන‍්තො.’

මනසා දිට්ඨිගතානි චින්තයන්තො - ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩර (-භවාඞ්ග) සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්න්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, ඒ සිතින් ‘ලෝකය ශාශ්වතැ’යි, හෝ ලෝකය අශාශ්වතැ’යි හෝ ... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි හෝ’යි දෘෂ්ටිය සිතනුයේ වෙසෙසින් සිතනුයේ නුයි ‘මනසා දිට්ඨිගතානි චින්තයන්තො’ යනු වේ.

ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක‍්ඛසි සම‍්පයාතවෙති ධොනා වුච‍්චති පඤ‍්ඤා, යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි කිං කාරණා ධොනා වුච‍්චති පඤ‍්ඤා? තාය පඤ‍්ඤාය කායදුච‍්චරිතං ධුතඤ‍්ච ධොතඤ‍්ච සන්‍ධොතඤ‍්ච නිද‍්ධොතඤ‍්ච, වචීදුච‍්චරිතං -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා ධුතා න ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. අථවා සම‍්මාදිට‍්ඨියා මිච‍්ඡාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පෙන මිච‍්ඡාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවිමුත‍්තියා මිච‍්ඡාවිමුත‍්ති ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. අථවා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සබ‍්බෙ කිලෙසා සබ‍්බෙ දුච‍්චරිතා සබ‍්බෙ දරථා සබ‍්බෙ පරිළාහා සබ‍්බෙ සන‍්තාපා සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරා ධුතා ච ධොතා ච සන්‍ධොතා ච නිද‍්ධොතා ච. භගවා ඉමෙහි ධොනෙය්‍යෙහි ධම‍්මෙහි උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතො, තස‍්මා භගවා ධොනො. සො ධුතරාගො ධුතපාපො ධුතකිලෙසො ධුතපරිළාහොති - ධොනො.

ධොනෙන යුගං සමාගමො නහි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ - ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් දැනීමෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ප්‍රඥාව ‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද ද දොවුණා ලද ද මැනවින් දොවුණා ලද ද වෙසෙසින් දොවුණා ලද ද වෙයි, වාග්දුශ්චරිතය... සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත ද වෙත්; නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය, සම්‍යක් සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙයි, නොහොත් අර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙත්. බුදුහු මේ ධෞනෙයධර්‍මයන්ගෙන් උපෙතයහ සමුපෙතයහ සමුපාගතයහ අවියුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍විතයහ, එහෙයින් බුදුහු ධොනයෝ යැ; ඒ භාග්‍යවත්හු ධුතරාගයහ ධුතපාපයහ ධුතක්ලෙශයහ ධුතපරිදාහයෝ නුයි ‘ධොන’ නම් වෙත්.

ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක‍්ඛසි සම‍්පයාතවෙති - පසූරො පරිබ‍්බාජකො නප‍්පටිබලො ධොනෙන බුද‍්ධෙන භගවතා සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිත්‍වා සාකච‍්ඡෙතුං සල‍්ලපිතුං සාකච‍්ඡං සමාපජ‍්ජිතුං. තං කිස‍්ස හෙතු? පසූරො පරිබ‍්බාජකො හීනො නිහීනො ඔමකො ලාමකො ඡත‍්තකො පරිත‍්තො. සො හි භගවා අග‍්ගො ච සෙට‍්ඨො ච විසිට‍්ඨො ච පාමොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. යථා සසො න පටිබලො මත‍්තෙන මාතඞ‍්ගෙන සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිතුං, යථා කොත්‍ථුකො න පටිබලො සීහෙන මිගරඤ‍්ඤා සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිතුං, යථා වච‍්ඡකො තරුණකො ධෙනූපකො න පටිබලො උසභෙන චලක‍්කුනා සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිතුං, යථා ධඞ‍්කො න පටිබලො ගරුළෙන වෙනතෙය්‍යෙන සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිතුං, යථා චණ‍්ඩාලො න පටිබලො රඤ‍්ඤා චක‍්කවත‍්තිනා සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිතුං, යථා පංසුපිසාචකො න පටිබලො ඉන්‍දෙන දෙවරඤ‍්ඤා සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිතුං, එවමෙවං පසූරො පරිබ‍්බාජකො න පටිබලො ධොනෙන බුද‍්ධෙන භගවතා සද‍්ධිං යුගසමාගමං සමාගන‍්ත්‍වා යුගග‍්ගාහං ගණ‍්හිත්‍වා සාකච‍්ඡෙතුං සල‍්ලපිතුං සාකච‍්ඡං සමාපජ‍්ජිතුං. තං කිස‍්ස හෙතු? පසූරො පරිබ‍්බාජකො හීනපඤ‍්ඤො නිහීනපඤ‍්ඤො ඔමකපඤ‍්ඤො ලාමකපඤ‍්ඤො. ඡත‍්තකපඤ‍්ඤො පරිත‍්තපඤ‍්ඤො. සො හි භගවා මහාපඤ‍්ඤො පුථුපඤ‍්ඤො හාසුපඤ‍්ඤො ජවනපඤ‍්ඤො තික‍්ඛපඤ‍්ඤො නිබ‍්බෙධිකපඤ‍්ඤො පඤ‍්ඤාපභෙදකුසලො පභින‍්නඤාණො අධිගතපටිසම‍්භිදො චතුවෙසාරජ‍්ජප‍්පත‍්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ‍්ඤො පුරිසධොරය‍්හො අනන‍්තඤාණො අනන‍්තතෙජො අනන‍්තයසො අඩ‍්ඪො මහද‍්ධනො ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ‍්ඤපෙතා නිජ‍්ඣාපෙතා පෙක‍්ඛෙතා පසාදෙතා.

ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ - පසූර පරිව්‍රාජක තෙම ධොන වූ භාග්‍යවත් බුදුන් සමග එක්විට සමාගමයට පැමිණ යුගග්‍රාහය ගෙන සාකච්ඡා කරන්නට සල්ලාප කරන්නට සාකච්ඡාවට පැමිණෙන්නට සමර්‍ත්‍ථ නො වෙයි, ඒ කවර හෙයින යත්? පසූරපරිව්‍රාජක හීන යැ නිහීන යැ අධම යැ ලාමක යැ අහේතුක යැ අල්ප යි. ඒ බුදුහු වූ කලි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද විශිෂ්ට ද උත්තම ද ප්‍රවර ද වෙත්. යම් සේ සාවෙක් මතැතක්හු සමග එක් පැහැර පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ සිවලෙක් සිංහමෘගරාජයකු සමග යුග සමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ කිරි බොන වසුපැටෙක් සැලෙන මොල්ලිය ඇති වෘෂභයකු සමග යුගසමාගමයට (කරට කර) පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ කවුඩෙක් ගුරුළුරජකු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ සැඩොලෙක් සක්විතිරජක්හු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ පාංශුපිශාචයෙක් (කසළපිස්සෙක්) සක්දෙව්රජහු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, එසෙයින් මැ පසූර පිරිවැජි තෙම කෙලෙස් දෙවු භගවත් බුදුන් සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහය ගෙන කථා කරන්නට සල්ලාප කරන්නට සාකච්ඡාවට පැමිණෙන්නට අසමර්ත්‍ථ වෙයි. ඊට හේතු කිම? යත්: පසූර පිරිවැජි තෙම හීනප්‍රඥා ඇත්තේ යැ නිහීනප්‍රඥා ඇත්තේ යැ අධමප්‍රඥා ඇත්තේ යැ ලාමකප්‍රඥා ඇත්තේ යැ අහෙතුකප්‍රඥා ඇත්තේ යැ අල්පප්‍රඥා ඇත්තේ යි. ඒ බුදුහු වූ කලි මහාප්‍රඥා ඇතියහ ශීඝ්‍රප්‍රඥා ඇතියහ දිවෙන ප්‍රඥා ඇතියහ තියුණු ප්‍රඥා ඇතියහ නිර්වේධික ප්‍රඥා ඇතියහ. ප්‍රඥාප්‍රභෙදයෙහි නිපුණයහ ප්‍රභේදගත ඥාන ඇත්තාහ අධිගම කළ ප්‍රතිසංවිද් ඇත්තාහ. චතුර්වෛශාරද්‍යයට පැමිණියහ දශබලධාරීහ පුරුෂශ්‍රේෂ්ඨයහ පුරුෂසිංහයහ පුරුෂනාගයහ පුරුෂාජානෙයහ පුරුෂධෞරෙයහ අනන්තඥානයහ අනන්තතේජස් ඇත්තාහ අනන්තයශස් ඇත්තාහ (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ මහාධන ඇත්තාහ ධනවත්හ. (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනෙතෘ වූහ (සැක සිඳ අර්‍ත්‍ථය) පනවනුවහ නිශ්චය කරවනුවහ (පිළිවෙත්) දක්වනුවහ (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ.

සො හි භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදො. මග‍්ගානුගා ච පනස‍්ස එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡාසමන‍්නාගතා.

තවද ඒ බුදුහු නූපන් මාර්‍ගය ස්වසන්තානයෙහි උපදවනුවහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ වශයෙන්) ප්‍රකාශ කරනුවහ, (ප්‍රත්‍යවෙක්‍ෂාවශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ගය හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයේ (ශීලාදිගුණයෙන්) පසුපස යමින් වෙසෙත්.

සො හි භගවා ජානං ජානාති. පස‍්සං පස‍්සති. චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො, වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමි තථාගතො. නත්‍ථි තස‍්ස භගවතො අනඤ‍්ඤාතං අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අථස‍්සිතං පඤ‍්ඤාය. අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං උපාදාය සබ‍්බෙ ධම‍්මා සබ‍්බාකාරෙන බුද‍්ධස‍්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච‍්ඡන‍්ති. යං කිඤ‍්චි ඤෙය්‍යං නාම අත්‍ථි ධම‍්මං ජානිතබ‍්බං, අත‍්තත්‍ථො වා පරත්‍ථො වා උභයත්‍ථො වා දිට‍්ඨධම‍්මිකො වා අත්‍ථො සම‍්පරායිකො වා අත්‍ථො ගම‍්භීරො වා අත්‍ථො ගූළ‍්හො වා අත්‍ථො පටිච‍්ඡන‍්නො වා අත්‍ථො නෙය්‍යො වා අත්‍ථො නීතො වා අත්‍ථො අනවජ‍්ජො වා අත්‍ථො නික‍්කිලෙසො වා අත්‍ථො වොදානො වා අත්‍ථො පරමත්‍ථො වා අත්‍ථො සබ‍්බං තං අන‍්තො බුද‍්ධඤාණෙ පරිවත‍්තති. සබ‍්බං කායකම‍්මං බුද‍්ධස‍්ස භගවතො ඤාණානුපරිවත‍්ති. සබ‍්බං වචීකම‍්මං ඤාණානුපරිවත‍්ති. සබ‍්බං මනොකම‍්මං ඤාණානුපරිවත‍්ති.

තවද ඒ බුදුහු දතයුතු (ඥේයධර්‍මය) දනිති, දැක්ක යුත්ත (නුවණැසින්) දකිති; ඇසක් මෙන් වූවහ, ඥානමය වූවහ, ධර්‍මමය වූවහ, වකතෘයහ, ප්‍රවෘකතෘයහ, නිනෙත්තෘයහ, ශ්‍රේෂ්ඨ වූවහ; (දහම් දෙසන හෙයින්) වක්තෘයහ (ඥේය දක්වනුයෙන්) නින්නෙතෘයහ, අමෘතය දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගතයහ. ඒ බුදුන් විසින් (මගනැණින්) නො දන්නා ලද්දෙක් (සව්නේ දත් නැණින්) නො දක්නා ලද්දෙක් අවිදිත වූයෙක් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දෙක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දෙක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්ත්‍ථය ද සාම්පරායිකාර්ත්‍ථය ද උත්තානාර්ත්‍ථය ද ගම්භීරාර්ත්‍ථය ද ගූඪාර්ත්‍ථය ද ප්‍රතිච්ඡන්නාර්ත්‍ථය ද නීතාර්ත්‍ථය ද අනවද්‍යාර්ත්‍ථය ද නික්ලෙශාර්ත්‍ථය ද පරිශුද්ධාර්ත්‍ථය ද පරමාර්ත්‍ථාර්ත්‍ථය (-නිර්‍වාණය) ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පවතී, භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.

අතීතෙ බුද‍්ධස‍්ස භගවතො අප‍්පටිහතං ඤාණං. අනාගතෙ අප‍්පටිහතං ඤාණං. පච‍්චුප‍්පන‍්නෙ අප‍්පටිහතං ඤාණං. යාවතකං ඤෙය්‍යං, තාවතකං ඤාණං. යාවතකං ඤාණං, තාවතකං ඤෙය්‍යං. ඤෙය්‍යපරියන‍්තිකං ඤාණං. ඤාණපරියන‍්තිකං ඤෙය්‍යං. ඤෙය්‍යං අතික‍්කමිත්‍වා ඤාණං නප‍්පවත‍්තති. ඤාණං අතික‍්කමිත්‍වා ඤෙය්‍යපථො නත්‍ථි. අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො තෙ ධම‍්මා. යථා ද‍්වින‍්නං සමුග‍්ගපටලානං සම‍්මා ඵුස‍්සිතානං හෙට‍්ඨිමං සමුග‍්ගපටලං උපරිමං නාතිවත‍්තති, උපරිමං සමුග‍්ගපටලං හෙට‍්ඨිමං නාතිවත‍්තති, අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො, එවමෙවං බුද‍්ධස‍්ස භගවතො ඤෙය්‍යඤ‍්ච ඤාණඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො. යාවතකං ඤෙය්‍යං, තාවතකං ඤාණං. යාවතකං ඤාණං, තාවතකං ඤෙය්‍යං. ඤෙය්‍යපරියන‍්තිකං ඤාණං. ඤාණපරියන‍්තිකං ඤෙය්‍යං. ඤෙය්‍යං අතික‍්කමිත්‍වා ඤාණං නප‍්පවත‍්තති. ඤාණං අතික‍්කමිත්‍වා ඤෙය්‍යපථො නත්‍ථි. අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනො තෙ ධම‍්මා. සබ‍්බධම‍්මෙසු බුද‍්ධස‍්ස භගවතො ඤාණං පවත‍්තති.

අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (-නිරාවරණ) යැ අනාගතයෙහි ඥානය අප්‍රතිහත යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අප්‍රතිහත යැ, දතයුත්ත යම් පමණ ද ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද ඥෙයය එපමණ යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැත, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ; යම් සේ මනාකොට පැහැසු සුමුගුපටල (=තහඩු) දෙකෙකින් යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔහු ඔවුනොවුන් ගේ කෙළවර සිටුනා සුලු වෙත් ද; එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ; යම්තාක් ඥේයය ද ඒතාක් ඥානය යැ, යම්තාක් ඥානය ද ඒතාක් ඥේය යැ ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති; ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.

සබ‍්බෙ ධම‍්මා බුද‍්ධස‍්ස භගවතො ආවජ‍්ජනපටිබද‍්ධා ආකඞ‍්ඛනපටිබද‍්ධා මනසිකාරපටිබද‍්ධා චිත‍්තුප‍්පාදපටිබද‍්ධා. සබ‍්බසත‍්තෙසු බුද‍්ධස‍්ස භගවතො ඤාණං පවත‍්තති. සබ‍්බෙසඤ‍්ච සත‍්තානං භගවා ආසයං ජානාති. අනුසයං ජානාති. චරිතං ජානාති. අධිමුත‍්තිං ජානාති. අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙ තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ ස‍්වාකාරෙ ද‍්වාකාරෙ සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ භබ‍්බාභබ‍්බෙ සත‍්තෙ පජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා අන‍්තො බුද‍්ධඤාණෙ පරිවත‍්තති. යථා යෙ කෙචි මච‍්ඡකච‍්ඡපා අන‍්තමසො තිමිතිමිඞ‍්ගලං උපාදාය අන‍්තො මහාසමුද‍්දෙ පරිවත‍්තන‍්ති, එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා අන‍්තො බුද‍්ධඤාණෙ පරිවත‍්තති.

සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, සියලු දහම්හු භාග්‍යවත් බුදුන් ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාදප්‍රතිබද්ධයහ; සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු සියලු සත්ත්‍වයන්ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, අල්ප වූ කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර ආකාර ඇති ගර්හිතාකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දනිති, මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝ වැසි තෙම මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව බුද්ධඥානය තුළ පවතී, යම්සේ තිමි තිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම් ඔහු මහමුහුද තුළ හැසිරෙත් ද එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව බුද්ධඥානය තුළ පවතී;

යථා යෙ කෙචි පක‍්ඛී අන‍්තමසො ගරුළං වෙනතෙය්‍යං උපාදාය ආකාසස‍්ස පදෙසෙ පරිවත‍්තන‍්ති, එවමෙවං යෙපි තෙ සාරිපුත‍්තසමා පඤ‍්ඤාය, තෙපි බුද‍්ධඤාණස‍්ස පදෙසෙ පරිවත‍්තන‍්ති. බුද‍්ධඤාණං දෙවමනුස‍්සානං පඤ‍්ඤං ඵරිත්‍වා අභිභවිත්‍වා තිට‍්ඨතියෙව. යෙපි තෙ ඛත‍්තියපණ‍්ඩිතා බ්‍රාහ‍්මණපණ‍්ඩිතා ගහපතිපණ‍්ඩිතා සමණපණ‍්ඩිතා නිපුණා කතපරප‍්පවාදා වාලවෙධිරූපා වොභින්‍දන‍්තා මඤ‍්ඤෙ චරන‍්ති පඤ‍්ඤාගතෙන දිට‍්ඨිගතානි, තෙ පඤ‍්හෙ අභිසඞ‍්ඛරිත්‍වා තථාගතං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡන‍්ති ගූළ‍්හානි ච පටිච‍්ඡන‍්නානි ච. කථිතා විස‍්සජ‍්ජිතාව තෙ පඤ‍්හා භගවතා හොන‍්ති නිද‍්දිට‍්ඨකාරණා. අපක‍්ඛිත‍්තකාව තෙ භගවතො සම‍්පජ‍්ජන‍්ති. අථ ඛො භගවාව තත්‍ථ අතිරොචති යදිදං පඤ‍්ඤායාති - ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක‍්ඛසි සම‍්පයාතවෙ.

යම්සේ වෛනතෙය ගුරුළුරජහු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම් ඔහු අහසැ පෙදෙසෙක හැසිරෙත් ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සමවූවාහු නම් ඔවුහු ද බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නාහුය. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී මැය. නිපුණ වූ කළ පරවාද ඇති වල් විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොට ගෙන බුදුන් කරා පැමිණ විචාරති. ඒ ප්‍රශ්නයෝ බුදුන් විසින් සකාරණ ව කියන ලද්දාහු විසඳන ලද්දාහු ද වෙති. තවද ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් බබළත් නුයි ‘ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අථ ත්‍වං පවිතක‍්කමාගමො මනසා දිට‍්ඨිගතානි චින‍්තයන‍්තො, ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක‍්ඛසි සම‍්පයාතවෙ”ති.

“අථ ත්‍වං -පෙ- සක්ඛසි සම්පයාතවෙ” යි.

පසූරසුත‍්තනිද‍්දෙසො අට‍්ඨමො.

අටවැනි ‘පසූර’ සූත්‍ර නිර්‍දෙශය යි.