9. 1
9. 1.
9. 1.
දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං, කිමෙවිදං මුත්තකරීසපුණ්ණං? පාදාපි නං සම්ඵුසිතුං න ඉච‍්ඡෙ.
තෘෂ්ණා යැ අරති යැ රගා යැ යන (මාරදුහිතෲන්) තිදෙනා දැක මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ නො වී යැ. මලමූයෙන් පිරුණු මේ සිරුර දැක කවර කරුණෙකින් (ඡන්‍දයෙක් වේ ද නො වේ මැයි.) ඒ සිරුර පයිනු දු ස්පර්‍ශ කරන්නට නො රිස්සෙමි.
දිස‍්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මින‍්ති තණ‍්හඤ‍්ච අරතිඤ‍්ච රගඤ‍්ච මාරධීතරො දිස‍්වා පස‍්සිත්‍වා මෙථුනධම‍්මෙ ඡන්‍දො වා රාගො වා පෙමං වා නාහොසීති - දිස‍්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං.
දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං - තෘෂ්ණා ද අරති ද රගා ද යන මාරදුහිතෲන් දැක පවා, මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නො වී නුයි ‘දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං’ යනු වේ.
කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච‍්ඡෙති - කිමෙවිදං සරීරං මුත‍්තපුණ‍්ණං කරීසපුණ‍්ණං සෙම‍්හපුණ‍්ණං රුධිරපුණ‍්ණං අට‍්ඨිසඞ‍්ඝාතං නහාරුසම‍්බන්‍ධං රුධිරමංසාවලෙපනං චම‍්මාවනද‍්ධං ඡවියා පටිච‍්ඡන‍්නං ඡිද‍්දාවඡිද‍්දං උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං කිමිසඞ‍්ඝනිසෙවිතං නානාකලිමලපරිපූරං පාදෙන අක‍්කමිතූං න ඉච‍්ඡෙය්‍යං, කුතො පන සංවාසො වා සමාගමො වාති - කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච‍්ඡෙ.
කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ මූයෙන් පිරුණු මලයෙන් පිරුණු සෙමින් පිරුණු ලෙයින් පිරුණු ඇටසඟුළු වූ නහරවැලින් බැඳුණු, ලේමසින් ආලේප කළ සමින් එතුණු සිවියෙන් වැසුණු නොයෙක් සිදුරු ඇති (ඇස් ආදියෙන්) ඉතිරෙන (අධෝභාගයෙන්) වැගිරෙන පණුකැලන් ගැවැසෙන නොයෙක් අසුචිමලයෙන් හාත්පසින් පිරුණු මේ සිරුර කියනු මැ කිම. (එය) පයින් ඇක්මෙන්නට (පවා) නො රිස්සෙමි. වැලි කවර කරුණෙකින් සංවාසයෙක් හෝ සමාගමයෙක් හෝ වේ දැ’යි ‘කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ, යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“දිස‍්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං, කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච‍්ඡෙ”ති.
“දිස්වාන තණ්හං -පෙ- පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ” යී.