යෙදුමෙන් කියවන්න

6. උපසීවමාණව පුච‍්ඡා

6. උපසීවමාණව පුච‍්ඡා

6. උපසීව මාණව පෘච්ඡා

6-1 එකො අහං සක‍්ක, මහන‍්ත මොඝං (ඉච‍්චායස‍්මා උපසීවො) අනිස‍්සිතො නො විසහාමි තරිතුං ආරම‍්මණං බ්‍රූහි සමන‍්තචක‍්ඛු යං නිස‍්සිතො ඔඝමිමං තරෙය්‍යං.

6-1. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, (යම් පුඟුලකු හෝ දහමක් ඇසුරු කෙළෙම්) මේ කෙලෙස් වතුරු තරණය කෙරෙම් නම් ඒ නිශ්‍රය වදාළ මැනැවි.

6-2 ආකිඤ‍්චඤ‍්ඤං පෙක‍්ඛමානො සතීමා (උපසීවා’ති භගවා) නත්‍ථීති නිස‍්සාය තරස‍්සු ඔඝං කාමෙ පහාය විරතො කථාහි තණ‍්හක‍්ඛයං නත‍්තමහාභිපස‍්ස.

6-2. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චී’යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර. වස්තුකාම ක්ලේශකාම හැරපියා කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වැළැකුණෙහි රෑදාවල්හි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.

6-3 සබ‍්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච‍්චා යස‍්මා උපසීවො) ආකිඤ‍්චඤ‍්ඤං නිස‍්සිතො හිත්‍ව අඤ‍්ඤං සඤ‍්ඤා විමොක‍්ඛෙ පරමෙ’ධිමුත‍්තො තිට‍්ඨෙ නු සො තත්‍ථ අනානුයායී

6-3. (ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි:) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යන සුලු වැ සිටිනේ ද?

6-4 සබ‍්බෙසු කාමෙසු යො වීතරාගො (උපසීවාති භගවා) ආකිඤ‍්චඤ‍්ඤං නිස‍්සිතො හිත්‍වමඤ‍්ඤං සඤ‍්ඤාවිමොක‍්ඛෙ පරමෙ’ධිමුත‍්තො තිට‍්ඨෙය්‍ය සො තත්‍ථ අනානුයායී.

6-4. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥා විමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප්සැටදහසක්) සිටිනේ යි.

6-5 තිට‍්ඨෙ චෙ සො තත්‍ථ අනානුයායී (ඉච‍්චායස‍්මා උපසීවො) යුගම‍්පි වස‍්සානං සමන‍්තචක‍්ඛු තත්‍ථෙව සො සීතී සියා විමුත‍්තො චවෙථ විඤ‍්ඤාණං තථාවිධස‍්ස.

6-5. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙන සුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද එබඳු වූවහු ගේ විඥානය එහි මැ පිරිනිවේ ද?

6-6 අච‍්චි යථා වාතවෙගෙන ඛිත‍්තා (උපසීවා’ති භගවා) අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං එවං මුනී නාමකායා විමුත‍්තො අත්‍ථං පලෙති න උපෙති සඞ‍්ඛං.

6-6. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද, (නිවේ ද,) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නොයේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි. ක්‍ෂත්‍රියා දි ව්‍යවහාරයට නො යෙයි.

6-7 අත්‍ථං ගතො සො උද‍්වා සො නත්‍ථි (ඉච‍්චායස‍්මා උපසීවො) උදාහු වෙ සස‍්සතියා අරොගො තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො.

6-7. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද? නොහොත් ඒකාන්තයෙන් ශාශ්වතභාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාව, ඇත්තේ) සිටිනේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.

6-8 අත්‍ථං ගතස‍්ස න පමාණමත්‍ථි (උපසීවාති භගවා) යෙන නං වජ‍්ජු තං තස‍්ස නත්‍ථි සබ‍්බෙසු ධම‍්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ‍්බෙ’ති.

6-8. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසන ලදහ’යි.

උපසීවමාණව පුච‍්ඡා නිට‍්ඨිතා.

උපසීව මාණවක පෘච්ඡා නිමි.