4
4.
4.
තෙසං බුද‍්ධො බ්‍යාකාසි පඤ‍්හෙ පුට්ඨො යථා තථං පඤ‍්හානං වෙය්‍යාකරණෙන තොසෙසි බ්රාහ්මණෙ මුනි.
පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇති සැටියෙන් ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
තෙසං බුද‍්ධො බ්‍යාකාසීති: ‘තෙස’න‍්ති සොළසන‍්නං පාරායනියානං බ්‍රාහ‍්මණානං. බුද‍්ධොති: “යො සො භගවා -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං බුද‍්ධො”ති. බ්‍යාකාසීති තෙසං බුද‍්ධො බ්‍යාකාසි ආචික‍්ඛි දෙසෙසි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානී අකාසි පකාසෙසීති “තෙසං බුද‍්ධො බ්‍යාකාසි”
තෙසං බුද්ධෝ ඛ්‍යාකාසි - ‘තෙසං’ යනු: පාරායන සමාගමයෙහි වූ සොළොස් බමුණනට. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යන නාමය සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. බ්‍යාකාසි යනු: ඔවුනට බුදුහු විවරණ කළහ. වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘තෙසං බුද්ධෝ බ්‍යාකාසි’ යනු වේ.
පඤ‍්හෙ පුට‍්ඨො යථාතථන‍්ති: ‘පඤ‍්හෙ පුට‍්ඨො’ති පඤ‍්හෙ පුට‍්ඨො පුච‍්ඡිතො යාචිතො අජ‍්ඣෙසිතො පසාදිතො. යථාතථන‍්ති: යථා ආචික‍්ඛිතබ‍්බං තථා ආචික‍්ඛි, යථා දෙසිතබ‍්බං තථා දෙසෙසි, යථා පඤ‍්ඤාපෙතබ‍්බං තථා පඤ‍්ඤාපෙසි, යථා පට‍්ඨපෙතබ‍්බං තථා පට‍්ඨපෙසි, යථා විවරිතබ‍්බං තථා විවරි, යථා විභජිතබ‍්බං තථා විභජි, යථා උත‍්තානීකාතබ‍්බං තථා උත‍්තානීඅකාසි, යථා පකාසිතබ‍්බං තථා පකාසෙසීති ‘පඤ‍්හෙ පුට්ඨො යථා තථං.’
පඤ්හෙ පුට්ඨො යථාතථං - ‘පඤ්හෙ පුට්ඨො යනු: ප්‍රශ්නයන් පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු. යථා තථං යනු: යම්සේ වදාළ යුතු නම් එසේ වදාළය, යම්සේ දෙසිය යුතු නම් එසේ දෙසූය, යම්සේ පැනැවිය යුතු නම් එසේ පැනැවූහ, යම්සේ පිහිටුවිය යුතු නම් එසේ පිහිටුවූහ, යම්සේ විවෘති කළ යුතු නම් එසේ විවෘති කළහ, යම්සේ විභාග කළ යුතු නම් එසේ විභාග කළහ, යම්සේ පාළ කළ යුතු නම් එසේ පාළ කළහ, යම්සේ ප්‍රකාශ කළ යුතු නම් එසේ ප්‍රකාශ කළාහු නුයි ‘පඤ්හෙ පුට්ඨො යථා තථං’ යනු වේ.
පඤ‍්හානං වෙය්‍යාකරණෙනාති: පඤ‍්හානං වෙය්‍යාකරණෙන ආචික‍්ඛනෙන දෙසනෙන පඤ‍්ඤාපනෙන පට‍්ඨපනෙන විවරණෙන විභජනෙන උත‍්තානීකම‍්මෙන පකාසනෙනාති පඤ‍්හානං වෙය්‍යාකරණෙන’.
පඤ්හානං වෙය්‍යාකරණෙන යනු: පැන විසඳීමෙන් පැවැසීමෙන් දෙසීමෙන් පැනැවීමෙන් පිහිටුවීමෙන් විවෘති කිරීමෙන් විභාග කිරීමෙන් පාළ කිරීමෙන් ප්‍රකාශ කිරීමෙනැ’යි ‘පඤ්හානං වෙය්‍යාකරණෙන’ යනු වේ.
තොසෙසි බ්‍රාහ‍්මණෙ මුනීති ‘තොසෙසී’ති තොසෙසි විතොසෙසි පසාදෙසි ආරාධෙසි අත‍්තමනෙ අකාසි. බ්‍රාහ‍්මණෙති: සොළස පාරායනියෙ බ්‍රාහ‍්මණෙ. මුනීති ‘මොනං’ වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනීති ‘තොසෙසි බ්රාහ්මණෙ මුනි’.
තොසෙසි බ්රාහ්මණෙ මුනි - ‘තොසෙසි’ යනු: තුටු කළහ, විවිධාකාරයෙන් තුටු කළහ, පැහැද වූහ, සිද්ධියට පැමිණවූහ, සියමන ඇතියන් කළහ. බ්‍රාහ්මණෙ යනු: පාරායන සමාගමයෙහි වූ බ්‍රාහ්මණයන්. මුනි - ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි. ... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටි ජාලය ඉක්ම සිටි හේ ‘මුනි’ නම් වේ නුයි ‘තොසෙසි බ්රාහ්මණෙ මුනි’ යනු වේ.
තෙනෙතං වුච‍්චති:
එයින් තෙල කියනු ලැබෙයි:
“තෙසං බුද‍්ධො බ්‍යාකාසි පඤ‍්හෙ පුට්ඨො යථා තථං පඤ‍්හානං වෙය්‍යාකරණෙන තොසෙසි බ්‍රාහ‍්මණෙ මුනී”ති,
“තෙසං බුද්ධෝ බ්‍යාකාසි -පෙ- තොසෙසි බ්රාහ්මණෙ මුනි” යි.