5
5.
5.
තෙ තොසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්චබන්ධුනා බ්රහ්මචරියමචරිංසු වරපඤ්ඤස්ස සන්තිකෙ.
ඔහු පසැස් ඇති සූර්ය්ය බන්ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
තෙ තොසිතා චක්ඛුමතාති: ‘තෙ’ති සොළසපාරායනීයා බ්රාහ්මණා. තොසිතාති තොසිතා විතොසිතා පසාදිතා ආරාධිතා අත්තමනා කතාති ‘තෙ තොසිතා.’ ‘චක්ඛුමතාති: භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා. මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා -පෙ- සමන්තචක්ඛුනාපි චක්ඛුමාති. ‘තො තොසිතා චක්ඛුමතා.’
තෙ තොසිතා චක්ඛුමතා - ‘තෙ’ යනු: පාරායණසමාගමයෙහි වූ සොළොස් බමුණහු යැ. තොසිතා යනු: තුටු කරන ලද්දාහු විවිධාකාරයෙන් තුටු කරන ලද්දාහු පහදවන ලද්දාහු සිද්ධියට පමුණුවන ලද්දාහු (සොම්නස් විසින්) සියමන ඇතියන් කරන ලද්දාහු නුයි ‘තෙ තොසිතා’ යනු වේ. චක්ඛුමතා යනු: බුදුහු පසැසින් චක්ෂුර්මත්හ: මසැසිනුදු චක්ෂුර්මත්හ, දිවැසිනුදු චක්ෂුර්මත්හ ... බුදුහු සමතැසිනුදු චක්ෂුර්මත්හ’යි ‘තෙ තොසිතා චක්‍ඛුමාතා’ යනු වේ.
බුද්ධෙනාදිච්චබන්ධුනාති ‘බුද්ධො’ති යො සො භගවා -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධොති. ආදිච්චබන්ධුනාති: ‘ආදිච්චො’ වුච්චති සුරියො සො ගොතමො ගොත්තෙන භගවාපි ගොතමො ගොත්තෙන, භගවා සුරියස්ස ගොත්තඤාතකො ගොත්තබන්ධු, තස්මා බුද්ධො ආදිච්චබන්ධුති බුද්ධෙනාදිච්චබන්ධුනා.
බුද්ධෙනාදිච්චබන්ධුනා - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්ෂාත් ප්‍රඥප්තියකි. ආදිච්චබන්ධුනා - ‘ආදිච්ච’යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු ද ගෝත්‍රයෙන් ගෞතම යැ බුදුහු සූර්‍ය්‍යහට ගෝත්‍රයෙන් ඥාතීහ ගෝත්‍රයෙන් බන්ධුහ එයින් බුදුහු ‘ආදිත්‍ය බන්ධු නම් වෙතී” ‘බුද්ධෙනා දිච්ච බන්ධුනා’ යනු වේ.
බ්රහ්මචරියමචරිංසූති ‘බ්රහ්මචරියං’ වුච්චති අසද්ධම්මසමාපත්තියා ආරති විරති පටිවිරති වෙරමණී විරමණා අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. අපිච නිප්පරියාය වසෙන බ්රහ්මචරියා වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. බ්රහ්මචරියමචරිංසූති බ්රහ්මචරියං ආචරිංසු සමාදායවත්තිංසූති ‘බ්‍රහ්මචරිය මචරිංසු.’
බ්රහ්මචරියමචරිංසු - ‘බ්‍රහ්මචරිය’ යි අසද්ධර්ම සමාපත්තියෙන් දුරුවීම වෙන්වීම සර්වාකාරයෙන් වෙන්වීම, විරමණභාවය, විරමණය, නො කිරීම, අකරණය, ඊට නො පැමිණීම, මර්‍ය්‍යාදා නො ඉක්මවීම, හේතු නැසීම කියනු ලැබෙයි. තවද නිෂ්පර්‍ය්‍යාය විසින් ‘බ්‍රහ්මචරිය’ යි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කියනු ලැබෙයි. හේ මෙසේයි: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග් වචන යැ සම්‍යක් කර්මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යි. බ්රහ්මචරියමචරිංසු යනු: බ්රහ්මචාර්ය්යායෙහි හැසුරුණහ වෙසෙසින් හැසුරුණහ මොනොවට ගෙන පැවැත්තාහු නුයි ‘බ්රහ්මචරියමචරිංසු’ යනු වේ.
වරපඤ්ඤස්ස සන්තිකෙති: වරපඤ්ඤස්ස අග්ගපඤ්ඤස්ස සෙට්ඨපඤ්ඤස්ස විසෙට්ඨපඤ්ඤස්ස පාමොක්ඛපඤ්ඤස්ස උත්තමපඤ්ඤස්ස පවරපඤ්ඤස්ස. සන්තිකෙති: සන්තිකෙ සාමන්තා ආසන්නෙ අවිදූරෙ උපකට්ඨෙති වරපඤ්ඤස්ස සන්තිකෙ.
වරපඤ්ඤස්ස සන්තිකේ යනු: උතුම් ප්‍රඥා ඇතියහුගේ අග්රප්රඥා ඇතියහු ගේ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇතියහුගේ ජ්යෙෂ්ඨප්රඥා ඇතියහු ගේ අධිකප්රඥා ඇතිය හුගේ උත්තමප්‍රඥා ඇතියහුගේ ප්‍රවර ප්‍රඥා ඇතියහු ගේ. සන්තිකේ යනු: සමීපයෙහි වෙතැ ආසන්නයෙහි නුදුරෙහි ඉතා ළඟැනුයි ‘වරපඤ්ඤස්ස සන්තිකේ’ යනු වේ.
තෙනෙතං වුච්චති:
එයින් තෙල කියනු ලැබෙයි:
“තෙ තොසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්ච බන්ධුනා බ්රහ්මචරියමචරිංසු වරපඤ්ඤස්ස සන්තිකෙ”ති.
“තෙ තොසිතා චක්ඛුමතා -පෙ- වරපඤ්ඤස්ස සන්තිකේ” යී.