6
6.
6.
එකමෙකස‍්සස‍්ස පඤ‍්හස‍්ස යථා බුද්ධෙන දෙසිතං තථා යො පටිපජ‍්ජෙය්‍ය ගච‍්ඡෙ පාරං අපාරතො.
එකෙකි පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙතෙම අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ.
එකමෙකස‍්ස පඤ‍්හස‍්සාති: එකමෙකස‍්ස අජිතපඤ‍්හස‍්ස, එකමෙකස‍්ස තිස‍්සමෙත‍්තෙය්‍ය පඤ‍්හස‍්ස. එකමෙකස‍්ස -පෙ- එකමෙකස‍්ස පිඞ‍්ගියපඤ‍්හස‍්සාති ‘එකමෙකස‍්ස පඤ‍්හස‍්ස’.
එකමෙකස්ස පඤ්හස්ස යනු: එකෙකි අජිත පැනයට එකෙකි තිස්සමෙත්තෙය්‍ය පැනයට ... එකෙකි පිඞ්ගිය පැනයට නුයි ‘එකමෙකස්ස පඤ්හස්ස’ යනු වේ.
යථා බුද‍්ධෙන දෙසිතන‍්ති: බුද‍්ධො’ති යො සො භගවා සයම‍්භූ -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං බුද‍්ධො’ති. යථා බුද‍්ධෙන දෙසිතන‍්ති: යථා බුද‍්ධෙන ආචික‍්ඛිතං දෙසිතං පඤ‍්ඤපිතං පට‍්ඨපිතං විවරිතං විභජිතං උත‍්තානීකතං පකාසිතන‍්ති යථා බුද්ධෙන දෙසිතං.
යථා බුද්ධෙන දෙසිතං - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වෙත් ද ... මේ ‘බුද්ධ’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියකි. යථා බුද්ධෙන දෙසිතං යනු: යම්සේ බුදුන් විසින් වදාරන ලද ද, දෙසන ලද ද, පනවන ලද ද, තබන ලද ද, විවෘති කරන ලද ද, විභාග කරන ලද ද, පාළ කරන ලද ද, ප්‍රකාශ කරන ලද දැයි ‘යථා බුද්ධෙන දෙසිතං’ යනු වේ.
තථා යො පටිපජ‍්ජෙය්‍යාති: සම‍්මාපටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං අන්‍වත්‍ථපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං පටිපජ‍්ජෙය්‍යාති තථා යො පටිපජ‍්ජෙය්‍ය.
තථා යො පටිපජ්ජෙය්‍ය යනු: සම්‍යක් ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අන්‍වර්ථ ප්‍රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව පිළිපදනේ නම් නුයි ‘තථා යො පටිපජ්ජෙය්‍ය’ යනු වේ.
ගච‍්ඡෙ පාරං අපාරතොති: පාරං වුච‍්චති අමතං -පෙ- නිරොධො නිබ‍්බානං. ‘අපාරං’ වුච‍්චති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච. ගච‍්ඡෙ පාරං අපාරතොති: අපාරතො පාරං ගච‍්ඡෙය්‍ය පාරං අධිගච‍්ඡෙය්‍ය පාරං ඵස‍්සෙය්‍ය පාරං සච‍්ඡිකරෙය්‍යාති ‘ගච‍්ඡෙ පාරං අපාරතො.’
ගචෙඡ පාරං අපාරතො - ‘පාර’ යී අමාමහනිවන කියනු ලැබෙයි: ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ගච්ඡෙ පාරං අපාරතො යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්‍ශ කරන්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේනුයි ‘ගච්ඡෙ පාරං අපාරතො’ යනු වේ.
තෙනෙතං වුච‍්චති:
එයින් තෙල කියනු ලැබෙයි:
“එකමෙකස‍්ස පඤ‍්හස‍්ස යථා බුද්ධෙන දෙසිතං යථා යො පටිපජ‍්ජෙය්‍ය ගච‍්ඡෙ පාරං අපාරතො”ති.
“එකමෙකස්ස පඤ්හස්ස -පෙ- ගච්ඡෙ පාරං අපාරතො”යී.