යෙදුමෙන් කියවන්න

7

7.

7.

අපාරා පරං ගච‍්ඡෙය්‍ය භාවෙන‍්තො මග‍්ගමුත‍්තමං මග‍්ගො සො පාරං ගමනාය තස‍්මා පාරායනං ඉති

උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ පාරගමනයට හේ මාර්‍ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.

අපාරා පාරං ගච‍්ඡෙය්‍යාති: ‘අපාරං’ වුච‍්චති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච ‘පාරං’ වුච‍්චති. අමතං නිබ‍්බානං -පෙ- තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අපාරා පාරං ගච‍්ඡෙය්‍යාති: අපාරා පාරං ගච‍්ඡෙය්‍ය, පාරං අධිගච‍්ඡෙය්‍ය, පාරං ඵස‍්සෙය්‍ය, පාරං සච‍්ඡිකරෙය්‍යාති ‘අපාරා පාරං ගච‍්ඡෙය්‍ය.’

අපාරා පාරං ගච්ඡෙය්‍ය - ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අපාරා පාරං ගච්ඡෙය්‍ය යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය පහස්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නුයි ‘අපාරා පාරං ගච්ඡෙය්‍ය’ යනු වේ.

භාවෙන‍්තො මග‍්ගමුත‍්තමන‍්ති: ‘මග‍්ගමුත‍්තමං’ වුච‍්චති අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. මග‍්ගමුත‍්තමන‍්ති: මග‍්ගං අග‍්ගං සෙට‍්ඨං විසෙට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරං. භාවෙන‍්තොති: භාවෙන‍්තො ආසෙවන‍්තො බහුලීකරොන‍්තොති ‘භාවෙන‍්තො මග‍්ගමුත‍්තමං’.

භාවෙන්තොමග්ගමුත්තමං - ‘මග්ගමුත්තමං’ (උත්තමමාර්ග) යි ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය කියනු ලැබෙයි. හෙ මෙසේයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යි. මග්ගමුත්තමං යනු: අග්‍ර මාර්‍ග යැ ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර මාර්‍ගය. භාවෙන්තො යනු: වඩනුයේ සෙවුනේ බහුල කරනුයේ නුයි ‘භාවෙන්තො මග්ගමුත්තමං’ යනු වේ.

මග‍්ගො සො පාරං ගමනායාති.

මග්ගෝ සො පාරං ගමනාය යනු:

1. මග‍්ගො පත්‍ථො පථො පජ‍්ජො අඤ‍්ජසං වටුමායනං නාවා උත‍්තරසෙතු ච කුල‍්ලො ච භිසි සඞ‍්කමො.

1. මග්ග යැ පන්‍ථක යැ පථ යැ පජ්ජ යැ අඤජසය යැ වටුම යැ අයන යැ නාවා යැ උත්තරසෙතු යැ කුල්ල යැ හිසි යැ සඞ්කම යි.

පාරං ගමනායාති: පාරං ගමනාය පාරං සම‍්පාපනාය පාරං සමනුපාපනාය ජරාමරණස‍්ස තරණායාති ‘මග‍්ගො සො පාරං ගමනාය. ‘

පාරං ගමනාය යනු: පරායට යනු පිණිස පරායට පැමිණෙනු පිණිස පරායට මැනැවින් පැමිණෙනු පිණිස ජරාමරණයාගේ තරණය පිණිස නුයි ‘මග්ගෝ සො පාරං ගමනාය’ යනු වේ.

තස‍්මා පාරායනං ඉතීති: ‘තස‍්මා’ති තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තංනිදානා. ‘පාරං’ වුච‍්චති අමතං නිබ‍්බානං -පෙ- නිරොධො නිබ‍්බානං. ‘අයනං’ වුච‍්චති මග‍්ගො, ඉතී ති පදසන්‍ධි -පෙ- පදානුපුබ‍්බතාපෙතං ඉතී’ති. ‘තස‍්මා පාරායනං ‘ඉති’.

තස්මා පාරායනං ඉති - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තත්නිදානයෙන්. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්‍ගය කියනු ලැබෙයි. ඉති යනු: පද සන්‍ධි යැ .. තෙල ‘ඉති’ යනු පදානුපූර්‍වතා නුයි ‘තස්මා පාරායනං ඉති’ යනු වේ.

තෙනෙතං වුච‍්චති:

එයින් තෙල කියනු ලැබෙයි:

“අපාරා පාරං ගච‍්ඡෙය්‍ය භාවෙන‍්තො මග‍්ගමුත‍්තමං මග‍්ගො සො පාරං ගමනාය තස‍්මා පරායනං ඉතීති.

“අපාරා පාරං ගච්ඡෙය්‍ය -පෙ- තස්මා පාරායනං ඉති” යි.