යෙදුමෙන් කියවන්න

8

8.

8.

පාරායනමනුගායිස‍්සං (ඉච‍්චායස‍්මා පිඞ‍්ගියො) (යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසි) විමලො භූරි මෙධසො නික‍්කාමො නිබ‍්බනො නාගො කිස‍්ස හෙතු මුසා භණෙ.

ආයුෂ්මත් පිඞ්ගිය (බාවරීහට) මෙසේ පැවැසී: පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වු විපුල ප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?

පාරායනමනුගායිස‍්සන‍්ති: ගීතමනුගායිස‍්සං කථිතමනුකථයිස‍්සං, භණිතමනුභණිස‍්සං, ලපිතමනුලපිස‍්සං, භාසිතමනුභාසිස‍්සන‍්ති ‘පාරායනමනුගායිස‍්සං’.

පාරායනමනුගායිස්සං යනු: ගීතය අනුව ගයනෙම් කථිතය අනුව කියනෙම් භණිතය අනුව බණනෙම් ලපිතය අනුව තෙපලනෙම් භාෂිතය අනුව භාෂණය කරනෙම් නුයි ‘පාරායනමනුගායිස්සං’ යනු වේ.

ඉච‍්චායස‍්මා පිඞ‍්ගියොති ‘ඉච‍්චා’ ති පදසන්‍ධි -පෙ- පදානුපුබ‍්බතාපෙතං ‘ඉච‍්චාති’. ආයස‍්මාති: පියවචනං ගරුවචනං සගාරවසප‍්පතිස‍්සාධිවචනමෙතං ‘ආයස‍්මා’ති. පිඞ‍්ගියොති: තස‍්ස ථෙරස‍්ස නාමං සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො නාමං නාමකම‍්මං නාමධෙය්‍යං නිරුත‍්ති බ්‍යඤ‍්ජනං අභිලාපොති ‘ඉච‍්චායස‍්මා පිඞ‍්ගියො’.

ඉච්චායස්මා පිඞ්ගියො - ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ ... තෙල ‘ඉච්චා’ යනු: පදානුපූර්‍වතා ද වෙයි. ආයස්මා යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රය නමෙකි. පිඞ්ගියො යනු: ඒ තෙරුන්ගේ නාම යැ සඞ්ඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නුයි ‘ඉච්චායස්මා පිඞ්ගියො’ යනු වේ.

යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසීති: යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසි, ආචික‍්ඛි දෙසෙසි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානීඅකාසි පකාසෙසි. ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසි ආචික‍්ඛි දෙසෙසි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානී අකාසි පකාසෙසි. ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසි, ආචික‍්ඛි දෙසෙසි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානීඅකාසි පකාසෙසීති ‘යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසි’.

යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු: දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්හ’යි ... ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇත් නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු වේ.

විමලො භූරි මෙධසොති: ‘විමලො’ති රාගො මලං, දොසො මලං, මොහො මලං, කොධො-උපනාහො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා මලා, තෙ මලා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා බුද‍්ධො අචලො. විමලො, නිම‍්මලො, මලාපගතො, මලවිප‍්පහීනො මලවිප‍්පමුත‍්තො. සබ‍්බමලවීතිවත‍්තො. ‘භූරි’ වුච‍්චති පඨවී. භගවා තාය. පඨවිසමාය පඤ‍්ඤාය විපුලාය විත්‍ථතාය සමන‍්නාගතො. ‘මෙධා’ වුච‍්චති පඤ‍්ඤා, “යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි.” භගවා ඉමාය මෙධාය පඤ‍්ඤාය උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උප‍්පන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො තස‍්මා බුද‍්ධො සුමෙධසොති ‘විමලො භූරි මෙධසො.’

විමලො භූරි මෙධසො - ‘විමලො’ යනු: රාගය මලයෙක ද්වේෂය මලයෙක මෝහය මලයෙක ක්‍රෝධය - උපනාහය ... හැම අකුශලාභිසංස්කාරයෝ මලයෝ යි. ඒ මලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ මුලසුන් කරනලදහ මුල්උදුළ තල්වත්තක් සෙයින් කරන ලදහ අනුඅභාවය කරන ලදහ (එහෙයින්) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අමලයහ, විමලයහ, නිර්‍මලයහ, කස වූ මල ඇතියහ, වෙසෙසින් ප්‍රහීණ වූ මල ඇතියහ, මලයෙන් විප්‍රමුක්තයහ, හැම ක්ලේශ මලයන් ඉක්ම වූහ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි, බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මේධා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘විමලො භූරි මෙධසො’ යනු වේ.

නික‍්කාමො නිබ‍්බනො නාගොති: ‘කාමා’ති: උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා. -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. බුද‍්ධස‍්ස භගවතො වත්‍ථුකාමා පරිඤ‍්ඤාතා කිලෙසකාමා පහීනා, වත්‍ථුකාමානං පරිඤ‍්ඤාතත‍්තා කිලෙසකාමානං පහීනත‍්තා භගවා න කාමෙ කාමෙති න කාමෙ ඉච‍්ඡති න කාමෙ පත්‍ථෙති න කාමෙ පිහෙති න කාමෙ අභිජප‍්පෙති. යෙ කාමෙ කාමෙන‍්ති, කාමෙ ඉච‍්ඡන‍්ති, කාමෙ පත්‍ථෙන‍්ති, කාමෙ පිහෙන‍්ති, කාමෙ අභිජප‍්පෙන‍්ති, තෙ කාමකාමිනො රාගරාගිනො සඤ‍්ඤසඤ‍්ඤිනො. භගවා න කාමෙ කාමෙති න කාමෙ ඉච‍්ඡති, න කාමෙ පත්‍ථෙති, න කාමෙ පිහෙති, න කාමෙ අභිජප‍්පෙති, තස‍්මා බුද‍්ධො අකාමො නික‍්කාමො චත‍්තකාමො වන‍්තකාමො මුත‍්තකාමො පහීනකාමො පටිනිස‍්සට‍්ඨකාමො, වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො, නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතීති ‘නික‍්කාමො’. නිබ‍්බනොති: රාගො වනං, දොසො වනං, මොහො වනං, කොධො වනං, උපනාහො වනං -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා වනා, තෙ වනා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා බුද‍්ධො අවනො විවනො නිබ‍්බනො වනාපගතො වනවිප‍්පහීනො වනවිප‍්පමුත‍්තො සබ‍්බවනවීතිවත‍්තොති ‘නිබ‍්බනො’. නාගොති: නාගො භගවා, ආගුං නකරොතීති නාගො, න ගච‍්ඡතීති නාගො, න ආගච‍්ඡතීති නාගො -පෙ- එවං භගවා න ආගච‍්ඡතීති නාගොති’ නික‍්කාමො නිබ‍්බනො නාගො.

නික්කාමො නිබ්බනො නාගො - ‘කාමා’ යනු: විස්තර විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාම දෙකෙකි. ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති. ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භාග්‍යවත් බුදුන් විසින් වස්තුකාමයෝ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දන්නා ලදහ ක්ලේශකාමයෝ ප්‍රහාණය කරන ලදහ වස්තුකාමයන් පරිඥාත වන බැවින් ක්ලේශකාමයන් ප්‍රහීණ වන බැවින් බුදුහු කාමයන් නො කැමැති වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, කාමයන් පිහායන (මැනැවින් පැතීම) නො කෙරෙති, කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. යම් කෙනෙක් කාමයන් කැමැති වෙත් ද කාමයන් ඊප්සාකෙරෙත් ද කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කාමයන් පිහායන කෙරෙත් ද කාමයන් උදෙසා වාග්භේද කෙරෙත් ද, ඔහු කාමකාමීහු රාගරාගීහු සංඥාසංඥීහු වෙති. බුදුහු කාමයන් කැමැති නො වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන්ප්‍රාර්‍ථනා නොකෙරෙති කාමයන් පිහායන නො කෙරෙති කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. එයින් බුදුහු අකාමයහ, නිෂ්කාමයහ, ත්‍යක්තකාමයහ, වාන්තකාමයහ, මුක්තකාමයහ, ප්‍රහීණකාමයහ, ප්‍රතිනිඍෂ්ටකාම (බැහැර කළ කාම ඇති) යහ, වීතරාගයහ, විගතරාගයහ, ත්‍යක්තරාගයහ, වාන්තරාගයහ, මුක්තරාගයහ, ප්‍රහීණරාගයහ ප්‍රතිනිඍෂ්ටරාගයහ, තෘෂ්ණා රහිතයහ, නිවියාහ, සිහිල් වූහ, කායික චෛතසික සුව විඳින්නාහු උතුම් පියවි ඇති සිතින් යුතු වැ වාසය කෙරෙත් නුයි ‘නික්කාමො’ යනු වේ. නිබ්බනො යනු: රාගය (වන සදෘශ වන බැවින) වන යැ, ද්වේෂය වන යැ, මෝහය වන යැ, ක්‍රෝධය වන යැ, බද්ධවෛරය වන යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ වනයෝ යි. ඒ වනයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු වන රහිතයහ පහවූ වන ඇතියහ නිර්වණයහ වනයෙන් පහවූහ වන විප්‍රහීණයහ වන විප්‍රමුක්තයහ හැම වනයන් ඉක්මවූහ නුයි නිබ්බනො යනු වේ. නාගො යනු: බුදුහු නාගයහ පව් නො කෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො එත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු නොඑත් නුයි නාගයහ’යි ‘නික්කාමො නිබ්බනො නාගො’ යනු වේ.

කිස‍්ස හෙතු මුසා භණෙති: ‘කිස‍්සහෙතූ’ති කිස‍්ස හෙතු, කිංහෙතු, කිංකාරණා කිංනිදානා, කිංපච‍්චයාති ‘කිස‍්ස හෙතු. මුසාභණෙති මුසා භණෙය්‍ය, කථෙය්‍ය දීපෙය්‍ය වොහරෙය්‍ය. මුසා භණෙති: මොසවජ‍්ජං භණෙය්‍ය මුසාවාදං භණෙය්‍ය, අනරියවාදං භණෙය්‍ය, ඉධෙකච‍්චො සභග‍්ගතොවා පරිසගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො එහමෙහා පුරිස, යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමීති, අපස‍්සං වා ආහ ‘පස‍්සාමී’ති, පස‍්සං වා ආහ ‘න පස‍්සාමී’ති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානමුසා භාසති, ඉදං වුච‍්චති මොසවජ‍්ජං,

කිස්ස හේතු මුසා භණෙ - ‘කිස්ස හේතු’ යනු: කවර හෙයින් කුමක් හෙයින් කවර කරුණින් කුමක් නිදානකොට කුමක් ප්‍රත්‍යය කොට නුයි ‘කිස්ස හේතු’ යනු වේ. මුසා භණෙ යනු: මුසවා බෙණෙන්නේ ද කියන්නේ ද පවසන්නේ ද වහරන්නේ ද, මුසා භණෙ යනු: මුසාබස් බෙණෙන්නේ ද මුසවා බෙණෙන්නේ ද අනාර්‍ය්‍යවචන බෙණෙන්නේ ද “මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම්සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ සාක්ෂියට කැඳවන ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි සාක්‍ෂි අසන ලදුයේ හෝ නො දන්නේ මැ ‘දනිමී’ කියයි, දන්නේ මැ ‘නො දනිමී’ කියයි, නො දක්නේ මැ ‘දක්මී කියයි, දක්නේ මැ ‘නො දක්මී’ කියයි. මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳවූ අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබෙයි.

අපිච තීහාකාරෙහි මුසාවාදො හොති: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති භණන‍්තස‍්ස හොති ‘මුසාභණාමීති භණිතස‍්ස හොති ‘මුසා මයා භණිත’න‍්ති: ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපිච චතූහාකාරෙහි මුසාවාදො හොති: පුබ‍්බෙවස‍්ස හොති ‘මුසාභණිස‍්ස’න‍්ති භණන‍්තස‍්ස හොති ‘මුසා භණාමී’ති භණිතස‍්ස හොති ‘මුසා මයා භණිත’න‍්ති විනිධාය දිට‍්ඨිං. ඉමෙහි චතූහාකාරෙහි මුසාවාදො හොති.

තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට බොරුවක් කියන්නෙමී සිත වෙයි, කියන්නාහට මුසවා බෙණෙමී සිත වෙයි, කීවහුට මුසවා මා විසින් කියනලදැ’යි සිත වෙයි. මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට මුසවා බණන්නෙමී සිත වෙයි, කියන්නාහට මුසවා බෙණෙමී සිත වෙයි, කීවහුට මුසවා මා විසින් කියන ලදැ’යි සිත වෙයි, ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ.

අපිච පඤ‍්චහාකාරෙහි-ඡහාකාරෙහි-සත‍්තහාකාරෙහි-අට‍්ඨහාකාරෙහි මුසාවාදො හොති: පුබ‍්බෙවස‍්ස හොති ‘මුසා භණිස‍්සන‍්ති භණන‍්තස‍්ස හොති: ‘මුසා භණාමී’ති භණිතස‍්ස හොති ‘මුසා මයා භණිත’න‍්ති, විනිධාය දිට‍්ඨිං විනිධාය ඛන‍්තිං විනිධාය රුචිං විනිධාය සඤ‍්ඤං විනිධාය භාවං. ඉමෙහි අට‍්ඨහාකාරෙහි මුසාවාදො හොති කිස‍්ස හෙතු මුසා භණෙති කිස‍්ස හෙතු මුසා භණෙය්‍ය කථෙය්‍ය දීපෙය්‍ය වොහරෙය්‍යාති ‘කිස‍්ස හෙතු මුසා භණෙ’:

තවද පස් අයුරෙකින් - සය - අයුරෙකින් - සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට මුසවා බණන්නෙමී සිත වෙයි, බණන්නහුට මුසවා බෙණෙමී සිත වෙයි, බිණුවහුට මුසවා මා විසින් බණන ලදැ’යි සිත වෙයි, ලබ්ධිය සඟවා කියයි, කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. කිස්ස හේතු මුසා භණෙ යනු: කුමක් හෙයින් මුසවා බණන්නේ ද කියන්නේ ද දක්වන්නේ ද වහරන්නේ ද’ යී ‘කිස්ස හේතු මුසා භණෙ’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

පාරායනමනුගායිස‍්සං (ඉච‍්චායස‍්මා පිඞ‍්ගියො) (යථා අද‍්දක‍්ඛි තථා අක‍්ඛාසි) විමලො භූරි මෙධසො නික‍්කාමො නිබ‍්බනො නාගො කිස‍්ස හෙතු මුසා භණෙ”ති.

“පාරායනමනුගායිස්සං -පෙ- කිස්ස හේතු මුසා භණෙ” යී.