යෙදුමෙන් කියවන්න

9

9.

9.

පහීනමලමොහස‍්ස මානමක‍්ඛප‍්පහායිනො හන්‍දාහං කිත‍්තයිස‍්සාමි ගිරං වණ‍්ණුපසංහිතං.

ප්‍රහීණ වූ මල හා මොහොය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේගේ ගුණෝපසංහිත වූ වචනය මම් එකත්නෙන් කිර්තනය කරනෙම්.

පහීනමලමොහස‍්සාති ‘මල’න‍්ති: රාගො මලං, දොසො මලං, මොහො මලං, මානො මලං, දිට‍්ඨි මලං, කිලෙසො මලං, සබ‍්බදුච‍්චරිතං මලං, සබ‍්බභවගාමීකම‍්මං මලං, මොහොති, “යං දුක‍්ඛෙ අඤ‍්ඤාණං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති මොහො. මලඤ‍්ච මොහො ච බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා බුද‍්ධො පහීනමලමොහොති ‘පහීනමල මොහස‍්ස’.

පහීනමලමොහස්ස - ‘මලං’ යනු: රාගය මල යැ, ද්වේෂය මල යැ, මෝහය මල යැ, මානය මල යැ, දෘෂ්ටිය මල යැ, ක්ලේශය මල යැ, හැම දුශ්චරිතය මල යැ, හැම භවගාමී කර්‍මය මල යි. මොහො යනු: යම් දුකෙහි නො දැන්මෙක් ... අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් වේ ද මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මලය ද මෝහය ද භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනු අභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු ප්‍රහීණ මලමොහ ඇත්තාහු නුයි ‘පහීනමලමොහස්ස’ යනු වේ.

මානමක‍්ඛප‍්පහායිනොති ‘මානො’ති එකවිධෙන මානො: යා චිත‍්තස‍්ස උන‍්නති.

මානමක්ඛප්පහායිනො - ‘මානො’ යනු: එක් අයුරෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියෙක් වේ ද එය යි.

දුවිධෙන මානො: අත‍්තුක‍්කංසනමානො පරවම‍්භනමානො.

දෙ අයුරෙකින් මානය වෙයි: ආත්මොත්කර්ෂණමාන යැ, පරවම්භන මාන යයි.

තිවිධෙන මානො: ‘සෙය්‍යොහමස‍්මී’ති මානො, සදිසො හමස‍්මී’ති මානො, ‘හීනො හමස‍්මී’ති මානො.

තුන් අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයෙමී’ මාන යයි.

චතුබ‍්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති.

සතර අයුරෙකින් මානය වෙයි: ලාභ හෙයින් මානය උපදවයි, යශස් හෙයින් මානය උපදවයි, ප්‍රශංසා හෙයින් මානය උපදවයි, සුඛ හෙයින් මානය උපදවයි.

පඤ‍්චවිධෙන මානො: ලාභීම‍්හි මනාපිකානං රූපානන‍්ති මානං ජනෙති, ලාභීම‍්හි මනාපිකානං සද‍්දානං-ගන්‍ධානං-රසානං-ඵොට‍්ඨබ‍්බානන‍්ති. මානං ජනෙති.

පස් අයුරෙකින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි. ‘මනවඩන ශබ්දයන්-ගන්‍ධයන්-රසයන්_ ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි.

ඡබ‍්බිධෙන මානො: චක‍්ඛුසම‍්පදාය මානං ජනෙති, සොතසම‍්පදාය-ඝානසම‍්පදාය -ජිව‍්හාසම‍්පදාය-කායසම‍්පදාය-මනොසම‍්පදාය මානං ජනෙති.

ස අයුරෙකින් මානය වෙයි: චක්ෂූස්සම්පත් හෙයින් මානය උපදවයි, ශ්‍රෝත සම්පත් හෙයින් - ඝ්‍රාණ සම්පත් හෙයින් - ජිහ්වාසම්පත් හෙයින් - කායසම්පත් හෙයින් - මනස්සම්පත් හෙයින් මානය උපදවයි.

සත‍්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස‍්මිමානො මිච‍්ඡාමානො.

සත් අයුරෙකින් මානය වෙයි: මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ අධිමාන යැ අස්මිමාන යැ මිථ්‍යාමාන යැ යි.

අට‍්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්‍දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක‍්ඛෙන ඔමානං ජනෙති.

අට අයුරෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය (හීනමානය) උපදවයි, යසසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්‍දායෙන් අවමානය උපදවයි, සුඛයෙන් මානය උපදවයි, දුඃඛයෙන් අවමානය උපදවයි.

නවවිධෙන මානො: සෙය්‍යස‍්ස සෙය්‍යො හමස‍්මී’ති මානො, ‘සෙය්‍යස‍්ස සදිසොහමස‍්මී’ති මානො, ‘සෙය්‍යස‍්ස හීනොහමස‍්මීති මානො, ‘සදිසස‍්ස සෙය්‍යොහමස‍්මී’ති මානො, ‘සදිසස‍්ස සදිසොහමස‍්මීති මානො, ‘සදිසස‍්ස හීනොහමස‍්මී’ති මානො, ‘හීනස‍්ස සෙය්‍යොහමස‍්මී’ති මානො, ‘හීනස‍්ස සදිසොහමස‍්මී’ති මානො, ‘හීනස‍්ස හීනොහමස‍්මී’ති මානො.

නව අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට හීනයෙමී’ මාන යැ යි.

දසවිධෙන මානො: ඉධෙකච‍්චො මානං ජනෙති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා.

දස අයුරෙකින් මානය වෙයි: මෙලොවැ කිසිවෙක් ජාතියෙන් වේවයි ගෝත්‍රයෙන් වේවයි කුලපුත්‍රභාවයෙන් වේවයි වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් වේවයි ධනයෙන් වේවයි අධ්‍යයනයෙන් වේවයි කර්‍මායතනයෙකින් වේවයි ශිල්පායතනයෙකින් වේවයි විද්‍යාවකින් වේවයි ශ්‍රැතයෙන් වේවයි ප්‍රතිභානයෙන් වේවයි එක්තරා වස්තුයෙකින් වේවයි මානය උපදවයි.

‘යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස. අයං වුච‍්චති මානො.

මෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනායෙක් මඤ්ඤනා කළ බවෙක් උන්නතියක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත නඟාගැන්මෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම් මේ ‘මාන’යි කියනු ලැබේ.

මක‍්ඛොති: ‘යො මක‍්ඛො මක‍්ඛායනා මක‍්ඛායිතත‍්තං නිට‍්ඨුරියං නිට‍්ඨුරියකම‍්මං අයං වුච‍්චති මක‍්ඛො. බුද‍්ධස‍්ස භගවතො මානො ච මක‍්ඛො ච පහීනා, උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා බුද‍්ධො මානමක‍්ඛප‍්පහායීති ‘මානමක‍්ඛප‍්පහායිනො’.

මක්ඛො යනු: යම් ගුණ මැකීමෙක් ගුණ මකන අයුරෙක් ගුණ මැකූ බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා කර්‍මයෙක් වේ ද මේ ‘මක්ඛ’ යි කියනු ලැබේ. භාග්‍යවත් බුදුන් විසින් මානය ද මක්ඛය ද ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු මානමක්ඛප්පහායී වෙත් නුයි ‘මානමක්ඛප්පහායිනො’ යනු වේ.

හන්‍දාහං කිත‍්තයිස‍්සාමි ගිරං වණ‍්ණුපසංහිතන‍්ති-‘හන්‍දාහ’න‍්ති: පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරි අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතාපෙතං ‘හන්‍දාහ’න‍්ති. කිත‍්තයිස‍්සාමි ගිරං වණ‍්ණුපසංහිතන‍්ති: වණ‍්ණෙන උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උප‍්පන‍්නං සමුප‍්පන‍්නං සමන‍්නාගතං. වාචං ගිරං බ්‍යප‍්පථං උදීරණං කිත‍්තයිස‍්සාමි දෙසිස‍්සාමි පඤ‍්ඤපෙස‍්සාමි පට‍්ඨපෙස‍්සාමි විවරිස‍්සාමි විභජිස‍්සාමි උත‍්තානීකරිස‍්සාමි පකාසිස‍්සාමීති ‘හන්‍දාහං කිත‍්තයිස‍්සාමි ගිරං වණ‍්ණුපසංහිතං.’

හන්‍දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං - ‘හන්‍දාහං’ යනු: පදසන්ධි යැ පදසංසර්‍ග යැ පදපූරණ යැ අක්ෂරසමවාය යැ බ්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල ‘හන්‍දාහං’ යනු පදානුපූර්‍වතා ද වෙයි. කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං යනු: ගුණකථනයෙන් යුක්ත වූ සමුපේත වූ එළඹ සිටි මොනොවට එළඹ සිටි (සංයුක්ත වූ) නො වෙන් වූ පරිපූර්‍ණ වූ සමන්‍වාගත වූ වචනය තෙපුල වාක්‍යපථය ප්‍රකාශය කීර්‍තනය කරනෙම් දෙසනෙම් පනවනෙම් පිහිටුවනෙම් විවෘත කරනෙම් විභාග කරනෙම් පාළ කරනෙම් ප්‍රකාශ කරනෙම් නුයි ‘හන්‍දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“පහීන මලමොහස‍්ස මානමක‍්ඛප‍්පහායිනො හන්‍දාහං කිත‍්තයිස‍්සාමි ගිරං වණ‍්ණුපසංහිත”න‍්ති.

“පහීනමලමොහස්ස -පෙ- ගිරං වණ්ණූපසංහිතං” යී.