10
10.
10.
තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො, අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චභයො බ්රහ්මෙ උපාසිතො මෙ.
බමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැමභවයන් ඉක්ම වූ ආශ්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්රීතයහ.
තමොනුදො බුද්ධො සමන්තචක්ඛූති-‘තමොනුදො’ති: රාගතමං දොසතමං මොහතමං මානතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං නුදි පනුදි පජහි විනොදෙසි බ්යන්තිඅකාසි අනභාවං ගමෙසි. බුද්ධොති “යො සො භගවා -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධොති. ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං -පෙ- තථාගතො තෙන සමන්තචක්ඛූති. ’තමොනුදො බුද්ධො සමන්තචක්ඛු.’
තමොනුදො බුද්ධෝ සමන්තචක්ඛු - ‘තමොනුදො’ යනු: ප්‍රඥා ලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාපක්ෂයෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ සියලු රාගාන්ධකාරය ද්වේෂාන්ධකාරය මෝහාන්ධකාරය මානාන්ධකාරය දෘෂ්ට්යන්ධකාරය, ක්ලේශාන්ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ, වෙසෙසින් දුරු කළහ, පරිත්‍යාග කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනුඅභාවයට පැමිණවූහ. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්ෂාත් ප්‍රඥප්තියකි. ‘සමන්තචක්ඛු’ යි සර්වඥතාඥානය කියනු ලැබෙයි. ... එයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ නම් වෙත් නුයි ‘තමොනුදො බුද්ධෝ සමන්තචක්ඛු’ යනු වේ.
ලොකන්තගූ සබ්බභවාතිවත්තොති-‘ලොකො’ති: එකොලොකො: භවලොකො.
ලොකන්තගූ සබ්බභවාතිවත්තො - ‘ලෝකෝ’ යනු: එක් ලොකයෙක් වෙයි: භවලොකය යි.
ද්වෙ ලොකා: භවලොකො ච සම්භවලොකො ච, සම්පත්තිභවලොකො ච සම්පත්තිසම්භවලොකො ච, විපත්තිභවලොකො ච විපත්තිසම්භවලොකො ච.
ලෝකයෝ දෙදෙනෙක් වෙති: භවලොකය ද සම්භවලොකය දැයි, සම්පත්තිභවලොකය ද සම්පත්තිසම්භවලොකය දැ යි, විපත්තිභවලොකය ද විපත්තිසම්භව ලෝකය දැ යි.
තයො ලොකා: තිස්සො වෙදනා. චත්තාරො ලොකා: චත්තාරො ආහාරා. පඤ්චලොකා: පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ලොකා: ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා: සත්ත විඤ්ඤාණට්ඨිතියො. අට්ඨ ලොකා: අට්ඨ ලොකධම්මා. නවලොකා: නව සත්තාවාසා. දසලොකා: දස ආයතනානි. ද්වාදසලොකා: ද්වාදසායතනානි. අට්ඨාරස ලොකා: අට්ඨාරස ධාතුයො.
ලෝකයෝ තිදෙනෙක් වෙති: තුන් වේදනා යැ. ලෝකයෝ සතර දෙනෙක් වෙති: සතර ආහාරයෝ යැ. ලෝකයෝ පස් දෙනෙක් වෙති: පඤ්ච උපාදානස්කන්ධයෝ යැ. ලෝකයෝ ස දෙනෙක් වෙති: අධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ. සප්තලොකයෝ: සප්තවිඥානස්ථිතිහු යැ. අෂ්ටලොකයෝ: අෂ්ටලොකධර්මයෝ යැ. නවලොකයෝ: නව සත්තාවාසයෝ යැ. දශලොකයෝ: දශ ආයතනයෝ යැ. ද්වාදශලොකයෝ: දොළොස් ආයතනයෝ යැ. අටළොස් ලෝකයෝ: අටළොස් ධාතුහු යි.
ලොකන්තගූති: භගවා ලොකස්ස අන්තගතො, අන්තප්පත්තො, කොටිගතො කොටිප්පත්තො, නිබ්බානගතො, නිබ්බානප්පත්තො, සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති ලොකන්තගූ. සබ්බභවාතිවත්තොති ‘භවා’ති ද්වෙ භවා: කම්මභවො ච පටිසන්ධිකො ච පුනබ්භවො. කතමො කම්මභවො: පුඤ්ඤාභිසංඛාරො අපුඤ්ඤාභිසංඛාරො ආනෙඤ්ජාභිසංඛාරො, අයං කම්මභවො. කතමො පටිසන්ධිකො පුනබ්භවො: පටිසන්ධිකා රූපං වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං පටිසන්ධිකො පුනබ්භවො. භගවා කම්මභවං ච පටිසන්ධිකං ච පුනබ්භවං අතිවත්තො අතික්කන්තො වීතිවත්තොති ලොකන්තගූ සබ්බභවාති වත්තො.’
ලොකන්තගූ බුදුහු ලෝකයෙහි අන්තයට ගියහ. අන්තයට පැමිණියහ. කෙළවරට ගියහ කෙළවරට පැමිණියහ. නිවනට ගියහ නිවනට පැමිණියහ. උන් වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ (ශීලයෙහි හා සමාධියෙහි) චීර්ණවශීහ ... ජාතිමරණසංසාරය පුනර්භවය උන්වහන්සේට නැත් නුයි ‘ලොකන්තගූ’ යනු වේ. සබ්බභවාතිවත්තො- ‘භවා’ යනු: භවයෝ දෙදෙනෙක් වෙති: කර්මභවය ද ප්රතිසන්ධි ඇති පුනර්භවය දැයි. කර්මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ අනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්මභවය යි. ප්‍රතිසන්ධික පුනර්භවය කවරැ යත්: පිළිසඳ ඇති රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ විඥාන යැ යි. මේ ප්‍රතිසන්ධික පුනර්භවය යි. බුදුහු කර්මභවය ද ප්රතිසන්ධිකපුනර්භවය ද ඉක්මවූහ, අතික්‍රමණය කළහ, වෙසෙසින් ඉක්මවූවාහු නුයි ‘ලොකන්තගූ සබ්බභවාතිවත්තො’ යනු වේ.
අනාසවො සබ්බදුක්ඛප්පහීනොති ‘අනාසවො’ති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. තෙ ආසවා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අනාසවො. සබ්බදුක්ඛප්පහීනොති: සබ්බං තස්ස පටිසන්ධිකං ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං -පෙ- දිට්ඨිබ්යසනං දුක්ඛං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, තස්මා බුද්ධො සබ්බදුක්ඛප්පහීනොති ‘අනාසවො සබ්බදුක්ඛප්පහීනො.’
අනාසවො සබ්බදුක්‍ඛප්පහායිනො - ‘අනාසවො’ යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල් රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ. (එහෙයින් මැ) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අනාස්‍රවයහ. සබ්බදුක්‍ඛප්පහායිනො යනු: උන් වහන්සේ විසින් පිළිසඳ ඇති හැම ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්ය උපායාස දුක ... දෘෂ්ටිව්‍යසනයෙන් වන දුක ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ යළි උපදනට නොනිසි යැ නුවණ ගින්නෙන් දවන ලදි. එයින් බුදුහු ‘සබ්බදුක්ඛප්පහායී’ වෙත් නුයි ‘අනාසවො සබ්බදුක්ඛප්පහායි’ යනු වේ.
සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙති-‘සච්චව්හයො’ති: සච්චව්හයො සදිසනාමො සදිසව්හයො සච්චසදිසව්හයො, විපස්සී භගවා සිඛී භගවා වෙස්සගූ භගවා කකුසන්ධො භගවා කොණාගමනො භගවා කස්සපො භගවා, තෙ බුද්ධො භගවන්තො සදිසනාමා, සදිසව්හයා, භගවාපි සක්‍යමුනි තෙසං බුද්ධානං භගවන්තානං සදිසනාමො සදිසව්හයො. තස්මා බුද්ධො සච්චව්හයො. බ්රහ්මෙ උපාසිතො මෙති: සො මයා භගවා ආසිතො උපාසිතො පයුරුපාසිතො පරිපුච්ඡිතො පරිපඤ්හිතොති ‘සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ’.
සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ - ‘සච්චව්හයො’ යනු: සත්‍ය අභිධාන ඇත්තාහු සුදුසු නම් ඇත්තාහු සුදුසු අභිධාන ඇත්තාහු සත්‍ය සදෘශ අභිධාන ඇත්තාහු, විපස්සී නම් බුදුහු සිඛී නම් බුදුහු වෙස්සභූ නම් බුදුහු කකුසඳ නම් බුදුහු කෝණාගමන නම් බුදුහු කාශ්‍යප නම් බුදුහු යන ඒ භාග්‍යවත් බුදුවරු සදෘශ නම් ඇත්තාහු සදෘශ අභිධාන ඇත්තාහු වෙති. භාග්‍යවත් ශාක්යමුනිහු ද ඒ භාග්‍යවත් බුදුවරයනට සුදුසු නම් ඇතියහ, සදෘශ අභිධාන ඇතියහ, එයින් බුදුහු ‘සච්චව්හය’ වෙත්. බ්රහ්මෙ උපාසිතො මෙ යනු: මා විසින් ඒ බුදුහු ඇසුරු කරන ලදහ උපසාන කරන ලදහ පර්ය්යුපසාන කරන ලදහ ගැටපදයෙන් පුළුවුස්නා ලදහ තුලනය කරන ලදහ’යි ‘සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ’ යනු වේ.
තෙනාහ ථෙරො පිඞ්ගියො:
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො, අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ”ති.
“තමොනුදො බුද්ධෝ -පෙ- සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ” යී.