යෙදුමෙන් කියවන්න

11

11.

11.

ද‍්විජො යථා කුබ‍්බනකං පහාය බහුප‍්ඵලං කානනමා වසෙය්‍ය, එවම‍්පහං අප‍්පදස‍්සෙ පහාය මහොදධිං හංසොරිව අජ‍්ඣපත‍්තො,

යම්සේ පක්‍ෂි මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැර පියා (අනවතප්තාදි) තෙම වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.

ද‍්විජො යථා කුබ‍්බනකං පහාය බහුප‍්ඵලං කානනමාවසෙය්‍යාති-‘ද‍්විජො’ වුච‍්චති පක‍්ඛි. කිං කාරණා ද‍්විජො වුච‍්චති පක‍්ඛි: ද‍්වික‍්ඛත‍්තුං ජායතීති ද‍්විජො මාතුකුච‍්ඡිම‍්හා ච අණ‍්ඩ කොසම‍්හා ච, තංකාරණා ද‍්විජො වුච‍්චති පක‍්ඛීති ද‍්විජො. යථා කුබ‍්බනකං පහායාති: යථා ද‍්විජො කුබ‍්බනකං රිත‍්තවනකං පරිත‍්තකං වනං අප‍්පඵලං අප‍්පභක‍්ඛං අප‍්පොදකං පහාය ජහිත්‍වා අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තෙත්‍වා අඤ‍්ඤං බහුප‍්ඵලං බහුභක‍්ඛං බහුරුක‍්ඛං බහූදකං මහන‍්තං කානනං වනසණ‍්ඩං අධිගච‍්ඡෙය්‍ය වින්‍දෙය්‍ය පටිලභෙය්‍ය, තස‍්මිං ච වනසණ‍්ඩෙ වාසං කප‍්පෙය්‍යාති-දිජො යථා කුබ‍්බනකං පහාය බහුප‍්ඵලං කානනමාවසෙය්‍ය’.

ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්‍යා - ‘ද්විජ’ යි පක්‍ෂියා කියනු ලැබෙයි. කවර කරුණෙකින් පක්‍ෂියා ‘ද්විජ’ යි කියනු ලැබෙයි යත්: මව් කුසින් ද බිජුවටින් දැයි දෙයළක් උපදී නුයි ද්විජ යැ, එ කරුණින් පක්‍ෂි තෙම ‘ද්විජ’ යි කියනු ලැබේ නුයි ද්විජ යැ. යථා කුබ්බනකං පහාය යනු: යම් සේ පක්‍ෂි තෙම මඳ වූ පල වැළ ඇති මඳ වූ ගොදුරු ඇති මඳ වූ දිය ඇති කුඩා වනය මඳ වූ වනය ස්වල්ප වූ වනය හැර හැරපියා ඉක්මවා මැනැවින් ඉක්මවා වෙසෙසින් ඉක්මවා බොහෝ පලවැළ ඇති බොහෝ අහර ඇති බොහෝ රුක් ඇති බොහෝ ජලය ඇති අන්‍ය මහවනයකට වන ලැහැබකට පැමිණෙන්නේ නම් ලබන්නේ නම් පිළිලබන්නේ නම් එ වනලැහැබ්හි වාසය කරන්නේ නුයි ‘ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්‍යා’ යනු වේ.

එවම‍්පහං අප‍්පදස‍්සෙ පහාය මහොදධිං හංසොරිව අජ‍්ඣපත‍්තොති-‘එව’න‍්ති ඔපම‍්මසම‍්පටිපාදනං, අප‍්පදස‍්සෙ පහායාති: යො ච බාවරී බ්‍රාහ‍්මණො යෙ චඤ‍්ඤෙ තස‍්ස ආචරියා බුද‍්ධං භගවන‍්තං උපාදාය අප‍්පදස‍්සා, පරිත‍්තදස‍්සා ථොකදස‍්සා ඔමකදස‍්සා ලාමකදස‍්සා ඡත‍්තකදස‍්සා වා තෙ අප‍්පදස‍්සෙ පරිත‍්තදස‍්සෙ ථොකදස‍්සෙ ඔමකදස‍්සෙ ලාමකදස‍්සෙ ඡත‍්තකදස‍්සෙ පහාය පජහිත්‍වා අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තෙත්‍වා බුද‍්ධං භගවන‍්තං අප‍්පමාණදස‍්සං අග‍්ගදස‍්සං සෙට‍්ඨදස‍්සං විසෙට‍්ඨදස‍්සං පාමොක‍්ඛදස‍්සං උත‍්තමදස‍්සං පවරදස‍්සං අසමං අසමසමං අප‍්පටිසමං අප‍්පටිභාගං අප‍්පටිපුග‍්ගලං දෙවාතිදෙවං නරාසභං පුරිසසීහං පුරිසනාගං පුරිසාජඤ‍්ඤං පුරිසනිසභං පුරිසධොරය‍්හං දසබලධාරිං අධිගච‍්ඡිං වින්‍දිං පටිලභිං යථා වා හංසො මහන‍්තං මානසකං වා සරං අනොතත‍්තං වා දහං මහාසමුද‍්දං වා අක‍්ඛොභං අමිතොදකං ජලරාසිං අධිගච‍්ඡෙය්‍ය වින්‍දෙය්‍ය පටිලභෙය්‍ය, එවමෙවං බුද‍්ධං භගවන‍්තං අක‍්ඛොභං අමිතතෙජං පභින‍්නඤාණං විවටචක‍්ඛුං පඤ‍්ඤාපභෙදකුසලං අධිගතපටිසම‍්භිදං චතුවෙසාරජ‍්ජප‍්පත‍්තං සද‍්ධාධිමුත‍්තං සෙතපච‍්චත‍්තං අද‍්වයභාණිං තාදිං තථාපටිඤ‍්ඤං අපරිත‍්තං මහන‍්තං ගම‍්භීරං අප‍්පමෙය්‍යංදුප‍්පරියොගාහංපහූතරතනංසාගරසමං ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතං අතුලං විපුලං අප‍්පමෙය්‍යං තං තාදිසං පවදතං මග‍්ගවාදිනං මෙරුමිව නාගානං ගරුළමිව ද‍්විජානං සීහමිව මිගානං උදධිමිව අණ‍්ණවානං අධිගච‍්ඡිංතං සත්‍ථාරං ජිනපවරං මහෙසින‍්ති ‘එවම‍්පහං අප‍්පදස‍්සෙ පහාය මහොදධිං හංසොරිව අජ‍්ඣපත‍්තො’.

එවම්පහං අප්පදස්සෙ පහාය මහොද්ධිං හංසොරිව අජ්ඣපත්තො - ‘එවං’ යනු: උපමා සම්ප්‍රතිපාදන යැ. අප්පදස්සෙ පහාය යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද, අන්‍ය වූ ඔවුන්ගේ යම් ආචාර්‍ය්‍ය කෙනෙකුත් වෙත් ද ඔහු තුමූ භාග්‍යවත් බුදුන් පිණිස, අල්පදර්ශන ඇතියහ අත්‍යල්ප දර්‍ශන ඇතියහ මඳ වූ දර්‍ශන ඇතියහ පහත් දර්‍ශන ඇතියහ ලාමක දර්‍ශන ඇතියහ නො අගනා දර්‍ශන ඇතියාහු හෝ වෙති. අල්ප දර්ශීන් අත්‍යල්ප දර්ශීන් මන්දදර්ශීන් පහත්දර්ශීන් ලාමකදර්ශීන් අධමදර්ශීන් හැර හැරපියා ඉක්ම මොනොවට ඉක්ම වෙසෙසින් ඉක්ම අප්‍රමාණදර්ශන ඇති අග්‍රදර්ශන ඇති ශ්‍රෙෂ්ඨදර්ශන ඇති විශිෂ්ට දර්‍ශන ඇති ප්‍රමුඛදර්ශන ඇති උත්තමදර්ශන ඇති ප්‍රවරදර්ශන ඇති අසම වූ අසමසම වූ අප්‍රතිසම වූ අප්‍රතිභාග වූ අප්‍රතිපුද්ගල වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ පුරුෂසිංහ වූ පුරුෂ නාග වූ පුරුෂාජානේය වූ පුරුෂනිසභ වූ පුරුෂධෞරය වූ දශබලධාරී වූ භාග්‍යවත් බුදුන් ලදිමි ලැබුයෙමි ප්‍රතිලාභ කෙළෙමි. යම්සේ හංස තෙම නො කැලඹුණු අප්‍රමාණ වූ ජලය ඇති උදකරාශී ඇති මහත් වූ මදොල්විල් හෝ නුතත් දහතළා හෝ මහමුහුද හෝ ලබා නම් විඳී නම් ප්‍රතිලාභ කෙරේ නම් එ පරිද්දෙන් මැ නො කැලඹුණු අප්‍රමාණ ඥානතෙජස් ඇති ප්‍රභේදගත (දශබලඥානාදි) ඥාන ඇති සමතැස් ඇති ප්‍රඥාප්‍රභෙදයෙහි දක්‍ෂ වූ ලබන ලද සිව්පිළිසිඹියා ඇති චතුර්වෛශාරද්‍යප්‍රාප්ත වූ ඵලසමවත්හි අධිමුක්ත වූ පිරිසුදු වූ ආවේණික ආත්මභාව ඇති අද්වය භාණී වූ (ඉෂ්ටානිෂ්ටයෙහි නො සැලෙන බැවින් තාදී වූ ප්‍රතිඥා නො ඉක්මෙන අල්ප නො වූ මහත් වූ ගම්භීර වූ ප්‍රමාණාර්භ නො වූ බැසගත නො හෙන (ශ්‍රද්ධා දි) බොහෝ වූ රත්න ඇති සාගරසම වූ ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් සමන්‍වාගත වූ (තුලනය කළ නො හැකි බැවින්) අතුල වූ විපුල වූ අප්‍රමේය වූ ඒ තාදීගුණ සම්පන්න වූ කථිකයන් අතුරෙහි මඟ කියන සුලු වූ, පර්‍වතයන් අතුරෙහි මේරුපර්‍වතය බඳු වූ පක්‍ෂීන් අතුරෙහි ගුරුළුරජහු බඳු වූ මෘගයන් අතුරෙහි සීරජක්හු බඳු වූ අර්ණවයන් අතුරෙහි සමුද්‍රය බඳු වූ ඒ ශාස්තෘ වූ ජිනප්‍රවර වූ මහර්ෂී වූ භාග්‍යවත් බුදුන් ලදිම් නුයි ‘එවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො’ යනු වේ.

තෙනාහ ථෙරො පිංගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

ද‍්විජො යථා කුබ‍්බනකං පහාය බහුප‍්ඵලං කානනං ආවසෙය්‍ය, එවම‍්පහං අප‍්පදස‍්සෙ පහාය මහොදධිං හංසොරිව අජ‍්ඣපත‍්තො’ති.

“ද්විජො යථා -පෙ- මහොදධිං හංසොරිව අජ්ඣපත්තො” යි.