12
12.
12.
යෙ මෙ පුබ්බෙ වියාකංසු හුරං ගොතමසාසනා ඉච්චාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනං.
පෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු නම් එ හැම ‘මෙසේ මෙසේ යැයි උපන් කථායෙක, එහැම (කාමවිතර්කාදි) තර්ක වඩනා සුලු යැ.
යෙ මෙ පුබ්බෙ වියාකංසූති ‘යෙ’ති යො ච බාවරී බ්රාහ්මණො යෙ චඤ්ඤෙ තස්ස ආචරියා, තෙ සකං දිට්ඨිං සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං සකං අජ්ඣාසයං සකං අධිප්පායං වියාකංසු ආචික්ඛිංසු දෙසයිංසු පඤ්ඤපිංසු පට්ඨපිංසු විවරිංසු විභජිංසු උත්තානීඅකංසු පකාසෙසුන්ති ‘යෙ මෙ පුබ්බෙ වියාකංසු.’
යෙ මෙ පුබ්බේ වියාකංසු - ‘යෙ’ යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද යම් අන්‍ය වූ ඔවුන්ගේ ආචාර්ය්ය කෙනෙකුත් වෙත් ද ඔහු ස්වකීය දෘෂ්ටිය සිය කැමැත්ත ස්වරුචිය ස්වලබ්ධිය සිය අදහස ස්වකීය අභිප්‍රාය විවරණ කළහ කීහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ.
හුරං ගොතමසාසනාති: හුරං ගොතමසාසනා පරං ගොතම සාසනා පුරෙ ගොතමසාසනා පඨමතරං ගොතමසාසනා බුද්ධසාසනා ජිනසාසනා තථාගතසාසනා දෙවාතිදෙවසාසනා අරහන්තසාසනාති ‘හුරං ගොතමසාසනා, ‘
හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පළමු ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි ගෞතම ශාසනයෙන් පෙර ගෞතම ශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවාතිදේව ශාසනයෙන් අර්හත් ශාසනයෙන් ඉතා පළමු නුයි ‘හුරං ගොතමසාසනා’ යනු වේ.
ඉච්චාසි ඉති භවිස්සතීති එවං කිර ආසි, එවං කිර භවිස්සතීති ‘ඉච්චාසි ඉති භවිස්සති,’
ඉච්චාසි ඉති භවිස්සති යනු: මෙසේ වී ල මෙසේ වන්නේ ලැ’යි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
සබ්බං තං ඉතිහීතිහන්ති: සබ්බං තං ඉතිහීතිහං ඉතිකිරාය පරම්පරාය පිටකසම්පදාය තක්කහෙතු නයහෙතු ආකාරපරිවිතක්කෙන දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා න සාමං සයං අභිඤ්ඤාතං න අත්තපච්චක්ඛං ධම්මං කථයිංසූති ‘සබ්බං තං ඉතිහීතිහං’:
සබ්බං තං ඉතිහීතිහං යනු: එ හැම මෙසේ මෙසේ යැයි උපන් කථා යැ මෙසේ ලැ යි උපන් කථා යැ ඇදුරොල්හි ආ කථා යැ අපගේ පිටකයෙහි මෙසේ යැයි උපන් කථා යැ තර්ක හෙයින් න්‍යාය හෙයින් ආකාර පරිවිතර්කයෙන් තමා සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳේ යයි කියන කථා යැ තුමූ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දන්නා ලද්දක්, තමහට ප්රත්යක්ෂ වූ ධර්මයක් නො කීවාහු නුයි ‘සබ්බං තං ඉතිහීතිහං’ යනු වේ.
සබ්බං තං තක්කවඩ්ඪනන්ති: සබ්බං තං තක්කවඩ්ඪනං විතක්කවඩ්ඪනං සංකප්පවඩ්ඪනං කාමවිතක්කවඩ්ඪනං ව්යාපාදවිතක්කවඩ්ඪනං විහංසාවිතක්කවඩ්ඪනං ඤාතිවිතක්කවඩ්ඪනං ජනපදවිතක්කවඩ්ඪනං අමරාවිතක්කවඩ්ඪනං පරානුද්දයතාපටිසංයුත්තවිතක්කවඩ්ඪනං ලාභසක්කාරසිලොකපටිසංයුත්තවිතක්කවඩ්ඪනං අනවඤ්ඤත්තිපටිසංයුත්තවිතක්කවඩ්ඪනන්ති ‘සබ්බං තං තක්කවඩ්ඪනං’
සබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්ක වඩනාසුලු යැ විතර්ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්ක වඩනාසුලු යැ විහිංසා විතර්ක වඩනාසුලු යැ ඥාති විතර්ක වඩනාසුලු යැ ජනපද විතර්ක වඩනාසුලු යැ අමරා විතර්ක වඩනාසුලු යැ පරානුකම්පා ප්‍රතිසංයුක්ත විතර්ක වඩනාසුලු යැ ලාභසත්කාර කීර්තිශබ්ද ප්‍රතිසංයුක්ත විතර්ක වඩනාසුලු යැ අනවඥා ප්‍රතිසංයුක්ත විතර්ක වඩනාසුලු යැ’යි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’ යනු වේ.
තෙනාහ ථෙරො පිඞ්ගියො:
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
යෙ මෙ පුබ්බෙ වියාකංසු හුරං ගොතමසාසනා, ඉච්චාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනන්ති.
“යෙ මෙ පුබ්බේ වියාකංසු -පෙ- සබ්බං තං තක්කවඩ්ඪනං” යී.