13
13.
13.
එකො තමොනුදාසීනො ජුතිමා සො පභඞ්කරො ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො.
අවිදු අඳුරු දුරු කළා වූ ද්‍යුතිමත් වූ ප්‍රභාකර වූ මහත් වූ ඥාන ධ්වජ ඇති ඒ ගෞතමයන් වහන්සේ විපුල ප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ (පහණසෑ වෙහෙරෙහි) එකලා වැ වැඩහුන් සේක.
එකො තමොනුදොසිනොති-‘එකො’ති භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගගතොති එකො, එකං අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
ඒකෝ තමොනුදාසිනො - ‘ඒකෝ’ යනු: බුදුහු ප්‍රව්‍රජා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යහ, අද්විතීයාර්ථයෙන් අතුල්‍යහ, තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් අසහායහ, එකාන්තවීතරාග නුයි අසහායහ, එකාන්තවීත්‍යාදොස නුයි අසහායහ, එකාන්තවීතමොහ නුයි අසහායහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, එකායනමාර්ගයට ගියාහු නුයි අසහායහ, අතුල්‍ය වූ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
කථං භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො: භගවා දහරොව සමානො සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං විලපන්තානං ඤාතිසඞ්ඝං පහාය සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘එවං භගවා පබ්බජ්ජා සඞ්ඛාතෙන එකො.’
කිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාත අර්ත්ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙහෙ ඇත්තාහු භද්‍රයෞවනයෙන් යුත් ප්‍රථම වයසින්සමන්වාගත වූවාහු නො කැමැති වැ (එහෙයින් මැ) කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන වැලැපෙන මව්පියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා හැම ගෘහාවාස පරිරොධයන් සිඳපියා අඹුදරු පලිබොධ සිඳපියා ඥාතිපරිරොධ සිඳපියා සග යහළු පලිබොධ සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පිවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාතයෙන් ‘එක’ යහ.
කථං භගවා අදුතියට්ඨෙන එකො: එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො චරති එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති එවං භගවා අදුතියට්ඨෙන එකො.
කිසෙයින් බුදුහු අද්විතීයාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ, අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ, වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියව් පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ‘අද්විතීයාර්ථයෙන් එකයහ.
කථං භගවා තණ්හාය පහානට්ඨෙන එකො: සො එවං එකො අදුතියො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ මහාපධානං පදහන්තො මාරං සසෙනං කණ්හං නමුචිං පමත්තබන්ධුං විධමෙත්වා තණ්හාජාලිනිං විසටං විසත්තිකං පජහි විනොදෙසි බ්යන්තී අකාසි, අනභාවං ගමෙසි.
කිසෙයින් බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙය වූ සිත් ඇති වැ වසන්නාහු නෙරඤජරා නදීතීරයෙහි බෝරුක් මුල මහාප්‍රධන්වීර්‍ය්‍ය කරනසේක් කෘෂ්ණකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුච් නම් වූ ප්‍රමත්තයනට බන්ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
1. “තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති,
1. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙම දිගු කලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව, අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
2. එතමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති.
2. මෙසේ (අතීතාදි ස්කන්ධයන්හි) ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්ෂීණාස්රව මහණ හැසිරෙන්නේ යැ’යි.
එවං භගවා තණ්හාය පහානට්ඨෙන එකො.
මෙසෙයින් බුදුහු තෘෂ්ණාප්රහීණාර්ථයෙන් ‘එක’ යහ.
කථං භගවා ‘එකන්තවීතරාගො’ති එකො: රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො. දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො.
කිසෙයින් බුදුහු ‘එකාන්තවීතරාග’ නුයි එක වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ‘එකාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ‘එ්කාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
කථං භගවා එකායනමග්ගං ගතොති එකො: එකායනමග්ගො වුච්චති චත්තාරො සතිපට්ඨානා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
කිසෙයින් බුදුහු ඒකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගය ‘එකායන මාර්ගය’යි කියනු ලැබේ.
3. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති.
3. ජාතික්ෂය සඞ්ඛ්‍යාත නිර්වාණය දක්නාසුලුවූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු එ්කායනමාර්ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්ගයෙන් තරණය කළාහු යැ. තවද යම් කෙනෙක් මතු තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මඟින් තරණය කෙරෙත්.
එවං භගවා එකායනමග්ගං ගතොති එකො.
මෙසෙයින් බුදුහු ඒකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ යහ.
කථං භගවා එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො: ‘බොධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං’ පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි. භගවා තෙන බොධිඤාණෙන ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති බුජ්ඣි, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති බුජ්ඣි, ‘සබ්බෙ ධම්මා අනත්තා’ති බුජ්ඣි. -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති බුජ්ඣි.
කිසෙයින් බුදුහු එකලා වැ අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්ගඥානය ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ... ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’ යි දත්හ. ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි දත්හ. ‘සියලු ධර්මයෝ අනාත්ම හ’යි දත්හ. ...යම් කිසිවක් සමුදයධර්‍ම නම් එ හැම නැසෙන පියවි ඇතැ’යි දත්හ.
අථවා යං බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං සබ්බං තං තෙන බොධි ඤාණෙන බුජ්ඣි අනුබුජ්ඣි පටිබුජ්ඣි සම්බුජ්ඣි අධිගච්ඡි ඵස්සි සච්ඡාකාසි. එවං භගවා ‘එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති එකො.
නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්ශ කළයුතු නම්, ප්රත්යක්ෂ කළයුතු නම් ඒ සියල්ල ඒ බෝධි ඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්රතිබෝධ කළහ. වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්ශ කළහ, ප්රත්යක්ෂ කළහ, මෙසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.
තමොනුදොති: භගවා රාගතමං දොසතමං මොහතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං පනුදි නුදි පජහි විනොදෙසි බ්යන්තීකාසි අනභාවං ගමෙසි. ආසීනොති: නිසින්නො භගවා පාසාණකෙ චෙතියෙති ‘ආසීනො.’
තමොනුදො යනු: බුදුහු ප්රඥාලෝකය අඳුරු කරන, නුවණැස නූපදවන නොදැනීම ඇතිකරන පැනැස නසන පීඩා කොටසෙහි වූ නිවන පිණිස නො පවත්නා වූ රාගාන්ධකාරය ද්වෙෂාන්ධකාරය මෝහාන්ධකාරය දෘෂ්ට්යන්ධකාරය ක්ලෙශන්ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ වෙසෙසින් දුරු කළහ හැරපීහ බැහැර කළහ විගතාන්ත කළහ අනුඅභාවයට පැමිණවූහු. ආසිනො යනු: බුදුහු පහණසෑහි වැඩ හුන්හ නුයි ‘ආසීනො’ යනු වේ.
4. නගස්ස පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං සාවකා පයුරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො”ති
4. “තිවිද්‍යා ඇති මරහු බැහැර කළ ශ්‍රාවකයෝ පර්වතපාර්ශ්වයෙහි වැඩහුන්, සංසාර දුඃඛයාගේ පාරයට ගිය මුනිහු පර්ය්යුපාසනය කෙරෙති”යි.
එවම්පි භගවා ආසීනො. අථවා භගවා අප්පොස්සුක්කපටිප්පස්සද්ධත්තා ආසීනො, සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති එවම්පි භගවා ආසීනොති ‘එකො තමොනුදාසීනො. ‘
මෙසේත් බුදුහු “ආසීන” වෙති. නොහොත් බුදුහු අල්පොත්සුක බව සංහිඳුවන ලද වන බැවින් ආසීනයහ උන්වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ පුරුදු කළ චරණධර්ම ඇතියහ ... ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්භවය උන්වහන්සේට නැතැ’යි මෙසේත් බුදුහු ‘ආසීනයහ’යි ‘ඒකෝ තමොනුදාසීනො’ යනු වේ.
ජුතිමා සො පභඞ්කරොති-‘ජුතිමා’ති ජුතිමා මතිමා පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. පභඞ්කරොති: පභඞ්කරො ආලොකකරො ඔභාසකරො දීපඞ්කරො පදීපඞ්කරො උජ්ජොතකරො පජ්ජොතකරොති ‘ජුතිමා සො පභඞ්කරො’.
ජුතිමා සො පභඞ්කරො ‘ජුතිමා’ යනු ද්‍යුතිමත්හ ස්මෘතිමත්හ පණ්ඩිතයහ ප්‍රඥා ඇතියහ බුද්ධිමත්හ නුවණ ඇතියහ විභාවනප්රඥා ඇතියහ තුලන ප්‍රඥා ඇතියහ. පභඞ්කරො යනු: තේජස් කරනුවහ ආලෝක කරනුවහ අවහාස කරනුවහ පහන් කරනුවහ ප්‍රදීපයක් සෙයින් ආලෝක කරනුවහ උද්යොතකරයහ ප්රද්යොතකරනුයහ’යි ‘ජුතිමා සො පභඞ්කරො’ යනු වේ.
ගොතමො භූරිපඤ්ඤාණොති: ගොතමො භූරිපඤ්ඤාණො ඤාණපඤ්ඤාණො පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො විචයබහුලො පවිචයබහුලො පෙක්ඛායනබහුලො සමෙක්ඛායනබහුලො විභූතවිහාරී තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො.
ගොතමො භූරිපඤ්ඤාණො යනු: ගොයුම් ගොත්හු පුළුල් නුවණ ඇතියහ ඥානයෙන් ප්රකටයහ ප්‍රඥාධ්වජ ඇතියහ ඥානකෙතු ඇතියහ ප්රඥාධිපතීහ විමසීම් බහුල කොට ඇතියහ ප්‍රවිචය බහුල කොට ඇතියහ ප්‍රෙක්ෂණ බහුල කොට ඇතියහ එෂණ බහුල කොට ඇතියහ ප්‍රකට කොට දත් විහරණ ඇතියහ එහි (ඥානයෙහි) හැසිරෙනු වහ එය බහුල කොට ඇතියහ එය ගරු කොට ඇතියහ එයට නැඹුරු වූවාහු යැ තත්ප්රචණයහ එයට බර වූවාහු යැ එහි අධිමුක්තයහ එය අධිපති කොට ඇතියහ.
5. “ධජො රථස්ස පඤ්ඤාණං ධූමො පඤ්ඤාණමග්ගිනො රාජා රට්ඨස්ස පඤ්ඤාණං භත්තා පඤ්ඤාණමිත්ථියා”ති.
5. “ධ්වජය රථයට සලකුණ වෙයි, ධූමය ගින්නට සලකුණ වෙයි, රජ රටට සලකුණ වෙයි, ස්වාමි තෙම ස්ත්‍රියට සලකුණ වේ”යි.
එවමෙව ගොතමො භූරිපඤ්ඤාණො ඤාණපඤ්ඤාණො පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො විචයබහුලො පවිචයබහුලො පෙක්ඛායනබහුලො සමෙක්ඛායනබහුලො විභූතවිහාරී තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යොති ‘ගොතමො භූරිපඤ්ඤාණො,.
මෙසෙයින් ගොයුම්ගොත්හු පෘථුලප්‍රඥා ඇතියහ ඥානයෙන් ප්‍රකට වූවාහු යැ ඥානධ්වජ ඇතියහ ඥානකේතු ඇතියහ ප්‍රඥාව අධිපති කොට ඇතියහ විමසීම් බහුල කොට ඇතියහ වෙසෙසින් විමසීම් බහුල කොට ඇතියහ ප්‍රෙක්ෂණ බහුල කොට ඇතියහ එෂණ බහුල කොට ඇතියහ ප්‍රකට විහරණ ඇතියහ ඒ ඥානයෙහි හැසිරෙනුවහ එය බහුල කොට ඇතියහ තද්රුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත තද්ධිපති වූවාහු නුයි ‘ගොතමො භූරිපඤ්ඤාණො’ යනු වේ.
ගොතමො භූරිමෙධසොති-‘භූරි’ වුච්චති පඨවී භගවා තාය පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතො. ‘මෙධා’ වුච්චති පඤ්ඤා. යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි” භගවා ඉමාය මෙධාය උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උප්පන්නො සම්පන්නො සමන්නාගතො. තස්මා බුද්ධො සුමෙධසොති ‘ගොතමො භූරිමෙධසො’.
ගොතමො භූරිමෙධසො - ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිය හා සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් යුක්තයහ සමුපෙතයහ එළඹ සිටියහ සංයුක්තයහ අවියුක්තයහ පරිපූර්‍ණයහ සමන්වාගතයහ, එයින් බුදුහු මනා නුවණ ඇතියාහු නුයි ‘ගොතමො භූරිමෙධසො’ යනු වේ.
තෙනාහ ථෙරො පිඞ්ගියො:
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“එකො තමොනුදාසීනො ජුතිමා සො පභඞ්කරො, ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො”ති.
“ඒකෝ තමොනුදො ... ගොතමො භූරිමෙධසො” යී.