යෙදුමෙන් කියවන්න

14

14.

14.

යො මෙ ධම‍්මමදෙසෙසි සන්‍දිට‍්ඨිකමකාලිකං, තණ‍්හක‍්ඛයමනීතිකං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි.

යම් භාග්‍යවත් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති, නො ද කාලාන්තරයෙහි වින්ද යුතු ඵල ඇති, තෘෂ්ණාක්‍ෂය වූ, උවදුරු නැති, දහම් දෙසූසේක් ද ඒ භාග්‍යවතුන් වහන්සේ යි.

යො මෙ ධම‍්මමදෙසෙසීති-‘යො’ති “යො සො භගවා සයම‍්භූ අනාචරියකො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අභිසම‍්බුජ‍්ඣි, තත්‍ථ ච සබ‍්බඤ‍්ඤුතං පත‍්තො බලෙසු ච වසීභාවං. ධම‍්මදෙසෙසීති ‘ධම‍්ම’න‍්ති ආදිකල්‍යාණං -පෙ- සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චත‍්තාරො සතිපට‍්ඨානෙ -පෙ- අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං ආචික‍්ඛ, දෙසෙහි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානීඅකාසි පකාසෙසීති ‘යො මෙ ධම‍්ම මදෙසෙසි.’

යො මෙ ධම්මමදේසෙසි - ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් (පරෝපදේශ රහිත වැ) තමන් වහන්සේ මැ (සත්‍යයන්) අවබෝධ කළ සේක් ද ආචාර්‍ය්‍යයන් නැත්තාහු ද පෙර නො ඇසූවිරූ දහම්හි සත්‍යයන් තුමූ මැ අවබෝධ කළාහු ද එහි දූ සර්‍වඥභාවයට පැමිණියාහු ද බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි - ‘ධම්මං’ යනු: ආදිකල්‍යාණ වූ ... අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව සතර සතිපට්ඨානය ... ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නිවන හා නිවනට යන සුලු පිළිවෙත හා වදාළහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහුනුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.

සන්‍දිට‍්ඨිකමකාලිකන‍්ති: සන්‍දිට‍්ඨිකං අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති. එවම‍්පි සන්‍දිට‍්ඨිකං. අථවා යො දිට‍්ඨෙව ධම‍්මෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, තස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරා සමනන‍්තරා අධිගච‍්ඡතෙව ඵලං වින්‍දති පටිලභතීති එවම‍්පි සන්‍දිට‍්ඨිකමකාලිකං, යථා මනුස‍්සා කාලිකං ධනං දත්‍වා අනන‍්තරා න ලභන‍්ති කාලං ආගමෙන‍්ති, නෙවායං ධම‍්මො. යො දිට‍්ඨෙව ධම‍්මෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, තස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරා සමනන‍්තරා අධිගච‍්ඡතෙව ඵලං වින්‍දති පටිලභති න පරත්‍ථ න පරලොකෙ එවං අකාලිකන‍්ති ‘සන්‍දිට‍්ඨිකමකාලිකං’.

සන්‍දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති කල් නො යවා වින්ද යුතු ඵල ඇති ‘එව බලව’යි කීමට නිසි උපනයනයට (එළඹීමට) නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි විඳියි ප්‍රතිලාභ කෙරේ නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික මකාලිකං’ යනු වේ. යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබත් ද කල් බලත් ද මේ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි විඳියි ලබයි. පරාත්මභාවයෙහි පරලෝකයෙහි නො වෙයි මෙසේ අකාලික වේ නුයි ‘සන්‍දිට්ඨිකමකාලිකං’ යනු වේ.

තණ‍්හක‍්ඛයමනීතිකන‍්ති: ‘තණ‍්හා’ති ‘රූපතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා’ තණ‍්හක‍්ඛයන‍්ති: තණ‍්හක‍්ඛයං රාගක‍්ඛයං දොසක‍්ඛයං මොහක‍්ඛයං ගතික‍්ඛයං උපපත‍්තික‍්ඛයං පටිසන්‍ධික‍්ඛයං භවක‍්ඛයං සංසාරක‍්ඛයං වට‍්ටක‍්ඛයං. අනීතිකන‍්ති ‘ඊති’ වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච, ඊතිප‍්පහානං ඊතිවූපසමං ඊතිපටිනිස‍්සග‍්ගං ඊතිපටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති ‘තණ‍්හක‍්ඛයමනීතිකං’.

තණ්හක්‍ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්‍ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්‍ෂය යැ ගතක්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යැ. අනීතිකං යනු: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යි කියනු ලැබෙති. ඊතිප්‍රහාණ යැ ඊතිව්‍යුපශම යැ ඊති දුරැලීම යැ ඊති සන්හිඳුවීම යැ අමාමහනිවන නුයි ‘තණ්හක්‍ඛයමනීතිකං’ යනු වේ.

යස‍්ස නත්‍ථි උපමා ක්‍වචීති: ‘යස‍්සා’ති නිබ‍්බානස‍්ස නත්‍ථි උපමාති, උපමා නත්‍ථි උපනිධා නත්‍ථි, සදිසං නත්‍ථි පටිභාගො නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භති, ක්‍වචීති: ක්‍වචි කිම‍්හිචි කත්‍ථචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා අජ‍්ඣත‍්තබහිද‍්ධා වා’ති ‘යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි.’

යස්ස නත්‍ථි උපමා කච්චි - ‘යස්ස’ යනු: නිර්‍වාණයට යැ. ‘නත්‍ථි උපමා’ යනු: උපමා නැත් ද, කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි කිසි තැනෙකැ කිසිවකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“යො මෙ ධම‍්මමදෙසෙසි සන්‍දිට‍්ඨිකමකාලිකං, තණ‍්හක‍්ඛයමනීතිකං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචීති.

‘යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචී” යි.