15
15.
15.
කින්නු තම්හා විප්පවසසි මුහුත්තම්පි පිඞ්ගිය, ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
පිඞ්ගිය කිම තෙපි ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතක් පවා වෙන් වැ වසවු ද?
කින්නු තම්හා විප්පවසසීති: කින්නු බුද්ධම්හා විප්පවසසි අපෙසි අපගච්ඡසි විනා හොසීති ‘කින්නු තම්හා විප්පවසසි. ‘
කින්නු තම්හා විප්පවස්සි යනු: කිම බුදුන් කෙරෙන් වෙන් වැ වසවු ද? පහවවු ද? බැහැර වවු ද? වෙන් වවු දැ?යි ‘කින්නු තම්හා විප්පවසසී’ යනු වේ.
මුහුත්තමපි පිඞ්ගියාති: මුහුත්තමපි ඛණමපි ලයමපි වයමපී අද්ධම්පීති මුහුත්තමපි’ පිඞ්ගියාති බාවරී තං ජාමාතරං නාමෙන ආලපති.
මුහුත්තම්පි පිඞ්ගිය යනු: මොහොතෙක්හි දු, ඇසිල්ලෙක්හි දු,ලයෙක් හි දු වියෙක්හි දු ජීවිත කාලයෙක්හි දු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. පිඞ්ගිය යනු: බාවරී බමුණු ඒ බෑනණුවන් නමින් අමතයි.
ගොතමා භූරිපඤ්ඤාණාති: ගොතමා භූරිපඤ්ඤාණා ඤාණපඤ්ඤාණා පඤ්ඤාධජා පඤ්ඤාකෙතුම්හා පඤ්ඤාධිපතෙය්යම්හා විචයබහුලා පවිචයබහුලා පෙක්ඛායනබහුලා සමෙක්ඛායනබහුලා විභූතවිහාරිම්හා තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොනා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යම්හාති ‘ගොතමා භූරිපඤ්ඤාණා.’
ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙක් ප්‍රකට වූ, ප්‍රඥාධ්වජ ඇති, ප්රඥාකෙතු ඇති, ප්රඥාධිපති වූ විචය බහුල වූ ප්‍රවිචය බහුල වූ ප්රෙක්ෂණබහුල වූ සමීක්ෂණ බහුල වූ ප්‍රකට විහරණ ඇති ඒ ප්‍රඥාවට බැස සරන එය බහුල කොට ඇති එය ගරු කොට ඇති එයට නැමුණු එයට මැනැවින් නැමුණු එයට බර වූ එහි අධිමුක්ත වූ එය අධිපති කොට ඇති ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
ගොතමා භූරි මෙධසාති ‘භූරි’ වුච්චති පඨවී, භගවා තාය පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතො. ‘මෙධා’ වුච්චති පඤ්ඤා “යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි” භගවා ඉමාය මෙධාය පඤ්ඤාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො. තස්මා බුද්ධො සුමෙධසොති. ‘ගොතම භූරිමෙධසා’.
ගොතමා භූරිමෙධසා - ‘භූරි’යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්වාගතයහ. ‘මේධා’යි ප්‍රඥාව කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් ප්‍රඥායෙන් උපෙතයහ සමුපෙතයහ උපගතයහ සමුපගතයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමන්වාගතයහ එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“කින්නුතම්භා විප්පවසසි මුහුත්තමපි පිඞ්ගිය ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධෙසා”ති
“කින්නුතම්හා විප්පවස්සි -පො- ගොතම භූරිමෙධසා” යි.