යෙදුමෙන් කියවන්න

16

16.

16.

යො තෙ ධම‍්මමදෙසෙසි සන්‍දිට‍්ඨිකමකාලිකං, තණ‍්හක‍්ඛයමනීතිකං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි.

පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබියයුතු ඵල ඇති තෘෂ්ණා ක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද,

යො තෙ ධම‍්මමදෙසෙසීති-‘යො’ති “යො සො භගවා -පෙ- තත්‍ථ ච සබ‍්බඤ‍්ඤුතං පත‍්තො, බලෙසු ච වසීභාවං. ධම‍්මදෙසෙසීති ‘ධම‍්ම’න‍්ති-ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං -පෙ- නිබ‍්බානං ච නිබ‍්බානගාමිනිං ච පටිපදං ආචික‍්ඛි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරි විභජි උත‍්තානීඅකාසි පකාසෙසීති ‘යො තෙ ධම‍්මමදෙසෙසි.’

යො තෙ ධම්මදෙසෙසි යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... එහිදු සර්‍වඥ භාවයට පැමිණියාහු බලධර්මයනහිදු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ. ධම්මමදෙසෙසි- ධම්මං යනු: ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ ... නිවන ද නිර්‍වාණගාමී ප්‍රතිපදාව ද වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවෘත කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.

සන්‍දිට‍්ඨිකමකාලිකන‍්ති: සන්‍දිට‍්ඨිකං අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති එවම‍්පි සන්‍දිට‍්ඨිකං. අථවා යො දිට‍්ඨෙව ධම‍්මෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, තස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරා සමනන‍්තරා අධිගච‍්ඡතෙව ඵලං වින්‍දති පටිලභතීති එවම‍්පි සන්‍දිට‍්ඨිකං. අකාලිකන‍්ති: යථා මනුස‍්සා කාලිකං ධනං දත්‍වා අනන‍්තරා න ලබ‍්භන‍්ති කාලං ආගමෙන‍්ති, නෙවායං ධම‍්මො. යො දිට‍්ඨෙව ධම‍්මෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, තස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරා සමනන‍්තරා අධිගච‍්ඡතෙව ඵලං, වින්‍දති පටිලභති න පරත්‍ථ න පරලොකෙ, එවං අකාලිකන‍්ති ‘සන්‍දිට‍්ඨිකමකාලිකං’.

සන්‍දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’ යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් වි න් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්‍දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම් සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබති කල් බලති. මේ දහම එසේ නො මැ වෙයි. යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබයි. පර අත්බැව්හි නො වෙයි පර ලෙව්හි නො වෙයි. මෙසෙයින් අකාලික නුයි ‘සන්‍දිට්ඨික මකාලිකං’ යනු වේ.

තණ‍්හක‍්ඛයමනීතිකන‍්ති. ‘තණ‍්හා’ති රූපතණ‍්හා, සද‍්දතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා. තණ‍්හක‍්ඛයන‍්ති: තණ‍්හක‍්ඛයං රාගක‍්ඛයං දොසක‍්ඛයං මොහක‍්ඛයං ගතික‍්ඛයං උපපත‍්තික‍්ඛයං පටිසන්‍ධික‍්ඛයං භවක‍්ඛයං සංසාරක‍්ඛයං වට‍්ටක‍්ඛයං. අනීතිකන‍්ති: ‘ඊති’ වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච. ඊතිප‍්පහානං ඊතිවූපසමං ඊතිපටිනිස‍්සග‍්ගං ඊතිපටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති ‘තණ‍්හක‍්ඛයමනීතිකං’

තණ්හක්‍ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්‍ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වේෂක්‍ෂය යැ මෝහක්‍ෂය යැ ගතික්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං යනු: කුලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යයි කියනු ලැබෙති. ඊතිප්‍රහාණය ඊතිව්‍යුපශමය ඊති දුරැලීම ඊති සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘තණ්හක්‍ඛය මනීතිකං’ යනු වේ.

යස‍්ස නත්‍ථි උපමා ක්‍වචීති-යස‍්සාති නිබ‍්බානස‍්ස, නත්‍ථි උපමාති උපමා නත්‍ථි, උපනිධා නත්‍ථිං සදිසං නත්‍ථි පටිභාගො නත්‍ථි’ න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති ක්‍වචීති: ක්‍වචි කිම‍්හිචි කත්‍ථචි අජ‍්ඣත‍්තා වා බහිද‍්ධා අජ‍්ඣත‍්තබහිද‍්ධා වාති යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි.’

යස්ස නත්‍ථි උපමා ක්වචි- ‘යස්ස’ යනු: නිවනට. නත්‍ථි උපමා යනු: උපමා නැත, උපනිධි නැත, සදෘශයෙක් නැත, ප්‍රතිභාගයෙක් නැත, විද්‍යමාන නො වෙයි. නො ලැබේ. කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කිසිවෙකැ කිසිවක්හි කිසි තැනෙක්හි නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.

තෙනාහ සො බාවාරි බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බාවරී බමුණු:

“යො තෙ ධම‍්මමදෙසෙසි සන්‍දිට‍්ඨිකමකාලිකං, තණ‍්හක‍්ඛයමනීතිකං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචීති.

“යො තෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචි” යී.