යෙදුමෙන් කියවන්න

17

17.

17.

නාහං තම‍්හා විප‍්පවසාමි මුහුත‍්තම‍්පි බ්‍රාහ‍්මණ, ගොතමා භූරිපඤ‍්ඤාණා ගොතමා භූරිමෙධසා.

බ්‍රාහ්මණයෙනි, මම් ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු වැ නො වෙසෙමි.

නාහං තම‍්හා විප‍්පවසාමීති: නාහං බුද‍්ධම‍්හා විප‍්පවසාමි, අපෙමි අපගච‍්ඡාමි විනා හොමීති ‘නාහං තම‍්හා විප‍්පවසාමි’.

නාහං තම්හා විප්පවසාමි යනු: මම් බුදුන් කෙරෙන් වෙන් වැ නො වෙසෙමි, නො පහවෙමි, නො බැහැර වෙමි වෙන් නො වෙම් නුයි ‘නාහං තම්හා විප්පවසාමි’ යනු වේ.

මුහුත‍්තම‍්පි බ්‍රාහ‍්මණාති: මුහුත‍්තම‍්පි ඛණම‍්පි ලයම‍්පි වයම‍්පි අද‍්ධම‍්පීති ‘මුහුත‍්තම‍්පි’. බ්‍රාහ‍්මණාති ගාරවෙන මාතුලං ආලපති.

මුහුත්තම්පි බ්‍රාහ්මණ යනු: මොහොතෙක්හිදු ඇසිල්ලෙක්හිදු ලයෙක් හිදු වියෙක්හි දු ආයුකාලයෙක්හිදු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. බ්‍රාහ්මණ යනු: ගෞරවයෙන් මයිලණුවන් අමතයි.

ගොතමා භූරිපඤ‍්ඤාණාති: ගොතමා භූරිපඤ‍්ඤාණා ඤාණපඤ‍්ඤාණා පඤ‍්ඤාධජා පඤ‍්ඤාකෙතුම‍්හා පඤ‍්ඤාධිපතෙය්‍යම‍්හා විචයබහුලා පවිචයබහුලා පෙක‍්ඛායනබහුලා සමෙක‍්ඛායනබහුලා විභුතවිහාරිම‍්හා තච‍්චරිතා තබ‍්බහුලා තග‍්ගරුකා තන‍්නින‍්නා තප‍්පොනා තප‍්පබ‍්භාරා තදධිමුත‍්තා තදධි පතෙය්‍යම‍්හාති ගොතමා භූරිපඤ‍්ඤාණා.

ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙන් ප්‍රකට වූ ප්‍රඥාධ්වජ ඇති ප්‍රඥාකෙතු ඇති ප්‍රඥාධිපති වූ විචයබහුල වූ ප්‍රවිචය බහුල වූ ප්‍රෙක්ෂණ බහුල වූ සමීක්ෂණබහුල වූ ප්‍රකටවිහරණ ඇති තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තද්ධිමුක්ත තද්ධිපති වූ ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.

ගොතමා භූරිමෙධසාති: භූරි වුච‍්චති පඨවී. භගවා තාය පඨවිසමාය පඤ‍්ඤාය විපුලාය විත්‍ථතාය සමන‍්නාගතො. ‘මෙධා’ වුච‍්චති පඤ‍්ඤා, යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි. භගවා ඉමාය මෙධාය පඤ‍්ඤාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො, තස‍්මා බුද‍්ධො සුමෙධසොති ‘ගොතමො භූරිමෙධසා’

ගොතමා භූරිමෙධසා- ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිසම විපුල වූ පතළ වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු මේ මෙධායෙන් ප්‍රඥායෙන් උපේතයහ සමුපේතයහ එළඹ සිටියහ මැනැවින් එළඹ සිටියහ යුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“නාහං තම‍්හා විප‍්පවසාමි මුහුත‍්තම‍්පි බ්‍රාහ‍්මණ, ගොතමා භූරිපඤ‍්ඤාණා ගොතමා භූරිමෙධසා”ති.

“නාහං තම්හා විප්පවසාමි -පෙ- ගොතමා භූරිමෙධසා” යි.