යෙදුමෙන් කියවන්න

18

18.

18.

යො මෙ ධම‍්මමදෙසෙසි සන්‍දිට‍්ඨිකමකාලිකං, තණ‍්හක‍්ඛයමනීතිකං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි.

යම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක් ද, යම් කෙනෙකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද උන් වහන්සේ යි.

යො මෙ ධම‍්මමදෙසෙසීති-යො සො භගවා සයම‍්භූ අනාචරියකො පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු සාමං සච‍්චානි අභිසම‍්බුජ‍්ඣි, තත්‍ථ ච සබ‍්බඤ‍්ඤුතං පත‍්තො බලෙසු ච වසීභාවං. ධම‍්මදෙසෙසීති ‘ධම‍්ම’න‍්ති-ආදිකල්‍යාණං -පෙ- පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චත‍්තාරො සතිපට‍්ඨානෙ චත‍්තාරො සම‍්මප‍්පධානෙ චත‍්තාරො ඉද‍්ධිපාදෙ පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානං ච නිබ‍්බානගාමිනිං ච පටිපදං ආචික‍්ඛ, දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙසි විවරි විභජි උත‍්තානීඅකාසි පකාසෙසීති ‘යො මෙ ධම‍්මමදෙසෙසි.’

යො මෙ ධම්මමදෙසෙසි යනු: යම් භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු රහිත වැ පෙර නො ඇසූ විරූ දහම් විෂයෙහි තුමූ මැ සිව්සස් අවබෝධ කළාහු ද ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද බලයන්හි දු වශී බවට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි- ‘ධම්මං’ යනු: ආදි කල්‍යාණ වූ... පර්‍ය්‍යාවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල පිරිපුන් පිරිසිදු සසුන් බඹසර, සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රධානය, සතර ඍද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය නිවන හා නිර්‍වාණ ගාමිනී ප්‍රතිපදාව හා වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.

සන්‍දිට‍්ඨික මකාලිකන‍්ති: සන්‍දිට‍්ඨිකං අකාලිකං එහිපස‍්සිකං ඔපනයිකං පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහීති. එවම‍්පි සන්‍දිට‍්ඨිකං, අථවා යො දිට‍්ඨෙව ධම‍්මෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, තස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරා සමනන‍්තරා අධිගච‍්ඡතෙව ඵලං වින්‍දති පටිලභතීති එවම‍්පි සන්‍දිට‍්ඨිකං. අකාලිකන‍්ති: යථා මනුස‍්සා කාලිකං ධනං දත්‍වා අනන‍්තරා න ලභන‍්ති, කාලං ආගමෙන‍්ති, නෙවායං ධම‍්මො යො දිට‍්ඨෙව ධම‍්මෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති. තස‍්ස මග‍්ගස‍්ස අනන‍්තරා සමනන‍්තරා අධිගච‍්ඡතෙව ඵලං වින්‍දති පටිලභති න පරත්‍ථ න පරලොකෙති ‘එවං අකාලිකන‍්ති ‘සන්‍දිට‍්ඨික මකාලිකං’.

සන්‍දිට්ඨික මකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. නොහොත් යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය වඩා ද, ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ ලබත්ද කල් බලත් ද මෙ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය වඩා ද, ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි. ලබයි පර අත්බැව්හි නො වෙයි පරලෙව්හි නො වේ. මෙසෙයින් අකාලික නුයි ‘සන්දිට්ඨිකමකාලිකං’ යනු වේ.

තණ‍්හක‍්ඛයමනීතිකන‍්ති. ‘තණ‍්හා’ති රූපතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා. තණ‍්හක‍්ඛයන‍්ති: තණ‍්හක‍්ඛයං රාගක‍්ඛයං දොසක‍්ඛයං මොහක‍්ඛයං ගතික‍්ඛයං උපපත‍්තික‍්ඛයං පටිසන්‍ධික‍්ඛයං භවක‍්ඛයං සංසාරක‍්ඛයං වට‍්ටක‍්ඛයං. අනීතිකන‍්ති: ‘ඊති’ වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච. ඊතිප‍්පහානං ඊතිවූපසමං ඊතිපටිනිස‍්සග‍්ගං ඊතිපටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති ‘තණ‍්හක‍්ඛයමනීතිකං’

තණ්හක්ඛයමනීතිකං- ‘තණ්හා’ යනු රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්‍ෂය යැ ගතික්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං- ‘ඊති’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ඊතිප්‍රහාණය ඊති සන්හිඳුවීම ඊති දුරැලීම ඊති නො පැවැත්ම අමාමහ නිවන නුයි ‘තණ්හක්ඛයමනීතිකං’ යනු වේ.

යස‍්ස නත්‍ථි උපමා ක්‍වචීති-‘යස‍්සා’ති නිබ‍්බානස‍්ස, නත්‍ථි උපමාති: උපමා නත්‍ථි, උපනිධා නත්‍ථි සදිසං නත්‍ථි පටිභාගො නත්‍ථි, න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති ක්‍වචීති: ක්‍වචි කිම‍්හිචි කත්‍ථචි අජ‍්ඣත‍්තා වා බහිද‍්ධා අජ‍්ඣත‍්තබහිද‍්ධා වා’ති යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි.’

යස්ස නත්‍ථි උපමා කච්චි- ‘යස්ස’ යනු: නිර්‍වාණයට. නත්‍ථි උපමා යනු: උපමා නැති උපනිධි නැති සදෘශයෙක් නැති ප්‍රතිභාගයෙක් නැති නො වේ නො පැනේ නො ලැබේ. කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්ම බාහ්‍ය වේවයි කිසිවකැ කිසිවෙක්හි කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“යො මෙ ධම‍්මමදෙසෙසි සන්‍දිට‍්ඨික මකාලිකං, තණ‍්හක‍්ඛයමනීතිකං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචී”ති.

“යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචි” යී.