යෙදුමෙන් කියවන්න

19

19.

19.

පස‍්සාමි නං මනසා චක‍්ඛුනා වා. රත‍්තිං දිවං බ්‍රාහ‍්මණ, අප‍්පමත‍්තො, නමස‍්සමානො විවසෙමි රත‍්තිං. තෙනෙව මඤ‍්ඤාමි අවිප‍්පවාසං.

බ්‍රාහ්මණයෙනි: (මම්,) අප්‍රමත්ත වූයෙම් ද්වරැයැ ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.

පස‍්සාමි නං මනසා චක‍්ඛුනා වාති: යථා චක‍්ඛුමා පුරිසො ආලොකෙ රූපගතානි පස‍්සෙය්‍ය, දක‍්ඛෙය්‍ය ඔලොකෙය්‍ය නිජ‍්ඣායෙය්‍ය උපපරික‍්ඛෙය්‍ය එවමෙවාහං බුද‍්ධං භගවන‍්තං මනසා පස‍්සාමි, දක‍්ඛාමි ඔලොකෙමි නිජ‍්ඣායාමි උපපරික‍්ඛාමීති ‘පස‍්සාමි නං මනසා චක‍්ඛුනා වා’.

පස්සාමිනං මනසා චක්ඛුනා වා- යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ආලෝකයෙහි රූපගතයන් බලා නම් දකී නමි අවලෝකනය කෙරේ නම් නිධ්‍යාන කෙරේ නම් විමසා නම් එසෙයින් මැ මම් භාග්‍යවත් බුදුන් මනසින් බලමි දකිමි අවලොකනය කෙරෙමි නිධ්‍යාන කෙරෙමි පිරික්සම් නුයි ‘පස්සාමිනං මනසා චක්ඛුනා වා’ යනු වේ.

රත‍්තිං දිවං බ්‍රාහ‍්මණ අප‍්පමත‍්තොති-රත‍්තිං ච දිවා ච බුද‍්ධානුස‍්සතිං මනසා භාවෙන‍්තො, අප‍්පමත‍්තොති ‘රත‍්තිං දිවං බ්‍රාහ‍්මණ අප‍්පමත‍්තො’.

රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො යනු: රැයිදු දවහල්හිදු අප්‍රමත්ත වැ බුද්ධානුස්මෘතිය මනසින් වඩනුයෙම් නුයි ‘රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො’ යනු වේ.

නමස‍්සමානො විවසෙමි රත‍්තින‍්ති-‘නමස‍්සමානො’ති කායෙන වා නමස‍්සමානො, වාචාය වා නමස‍්සමානො, චිත‍්තෙන වා නමස‍්සමානො, අන්‍වත්‍ථපටිපත‍්තියා වා නමස‍්සමානො, ධම‍්මානුධම‍්මපටිපත‍්තියා වා නමස‍්සමානො, සක‍්කාරයමානො,. ගරුකාරයමානො. මානයමානො පූජයමානො රත‍්තිං දිවං විවසෙමි, අතිනාමෙමි අතික‍්කමාමීති ‘නමස‍්සමානො විවසෙමි රත‍්තිං’.

නමස්සමානො විවසෙමි රත්තිං- ‘නමස්සමානො’ යනු: කයින් හෝ නමස්කාර කරනුයෙම් වචනයෙන් හෝ නමස්කාර කරනුයෙම් සිතින් හෝ නමස්කාර කරනුයෙම් අන්‍වර්ථ ප්‍රතිපත්තියෙන් හො නමස්කාර කරනුයෙම් ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයෙම් සත්කාර කරනුයෙම් ගරු කරනුයෙම් මාන්න කරනු යෙම් පූජා කරනුයෙම් දිවරැය ගෙවමි ඉක්මවමි අතික්‍රමණය කෙරෙම් නුයි ‘නමස්සමානො විවසෙමි රත්තිං’ යනු වේ.

තෙනෙව මඤ‍්ඤාමි අවිප‍්පවාසන‍්ති: තාය බුද‍්ධානුස‍්සතියා භාවෙන‍්තො. අවිප‍්පවාසොති තං මඤ‍්ඤාමි අවිප‍්පවුත්‍ථොති ‘තං මඤ‍්ඤාමි ජානාමි එවං ජානාමි එවං ආජානාමි, එවං විජානාමි, එවං පටිවිජානාමි, එවං පටිවිජ‍්ඣාමීති ‘තෙනෙව මඤ‍්ඤාමි අවිප‍්පවාසං.’

තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං- ඒ බුද්ධානු ස්මෘතිය වඩනුයෙම් උන්වහන්සේ අවිප්‍රවාස කොට හඟිමි උන් වහන්සේ අවිප්‍රවාස වූවන් කොට හඟිමි, දනිමි මෙසේ දනිමි මෙසේ එකත්නෙන් දනිමි මෙසේ අනෙකප්‍රකාරයෙන් දනිමි මෙසේ සකාරණ වැ දනිමි මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“පස‍්සාමි නං මනසා චක‍්ඛුනා වා රත‍්තිං දිවං බ්‍රාහ‍්මණ අප‍්පමත‍්තො, නමස‍්සමානො විවසෙමි රත‍්තිං තෙනෙව මඤ‍්ඤාමි අවිප‍්පවාස”න‍්ති.

“පස්සාමි නං මනසා -පෙ- තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං” යි.