20
20.
20.
සද්ධා ච පීතී ච මනො සතී ච නාපෙන‍්ති මෙ ගොතමසාසනම‍්හා, යං යං දිසං වජති භූරිපඤ‍්ඤො ස තෙ න තෙනෙව නතො’හමස‍්මි.
මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමසාශනයෙන් පහ වැ නො යෙති. විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දෙසකට වඩනාසේක් ද ඒ ඒ දෙසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
සද‍්ධා ච පීතී ච මනො සතීචාති-‘සද‍්ධා’ති “යා ච භගවන‍්තං ආරබ‍්භ සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං සද‍්ධාබලං -පෙ- පීතීති: “යා භගවන‍්තං ආරබ‍්භ පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති තුට‍්ඨි ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස”. මනොති “යං ච භගවන‍්තං ආරබ‍්භ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු”. සතීති: “යා භගවන‍්තං ආරබ‍්භ සති අනුස‍්සති -පෙ- සම‍්මාසතීති” සද‍්ධා ච පීතී ච මනො සතීච’.
සද්ධා ච පීති ච මනෝ සතිමා- ‘සද්ධා’ යනු, භාග්‍යවතුන් ඇරැබ යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් ගුණයෙහි බැසගැනීමෙක් අතිශය ප්‍රසාදයෙක් හැදෑරීමෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් ... ප්‍රීති යනු: බුදුන් ඇරැබ යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමොදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් තුෂ්ටියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද එය යි. මනෝ යනු: භාග්‍යවතුන් ඇරැබ යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගමනසෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥාන ධාතුයෙක් වේ ද එය යි. සති යනු: භාග්‍යවතුන් ඇරැබ යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද ඒ නුයි ‘සද්ධා ච පීති ච මනෝ සතීච’ යනු වේ.
නාපෙන‍්ති මෙ ගොතමසාසනම‍්හාති: ඉමෙ චත‍්තාරො ධම‍්මා ගොතමසාසනා බුද‍්ධසාසනා ජිනසාසනා තථාගතසාසනා දෙවදෙවසාසනා අරහන‍්තසාසනා. නාපෙන‍්තීති නාපෙන‍්ති න ගච‍්ඡන‍්ති න විජහන‍්ති න විනාසෙන‍්තීති ‘නාපෙන‍්ති මෙ ගොතමසාසනම‍්හා’.
නාපෙන්ති මෙ ගොතමසාසනම්හා යනු: මේ සතර ධර්‍මයෝ ගෞතමශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් ද්වෙද්වෙශාසනයෙන් අර්‍හත් ශාසනයෙන්. නාපෙන්ති යනු: නො පහ වෙති නො යෙති නො හරිති නො නැසෙත් නුයි ‘නාපෙන්ති මෙ ගොතමසාසනම්හා’ යනු වේ.
යං යං දිසං වජති භූරිපඤ‍්ඤොති: ‘යං යං දිසන්’ති පුරත්‍ථිමං වා දිසං පච‍්ඡිමං වා දිසං දක‍්ඛිණං වා දිසං උත‍්තරං වා දිසං වජති ගච‍්ඡති කමති අභික‍්කමති, භූරිපඤ‍්ඤොති: භූරිපඤ‍්ඤො මහාපඤ‍්ඤො තික‍්ඛපඤ‍්ඤො පුථුපඤ‍්ඤො හාසපඤ‍්ඤො ජවනපඤ‍්ඤො නිබ‍්බෙධිකපඤ‍්ඤො. ‘භූරි’ වුච‍්චති පඨවී, තාය පඨවිසමාය පඤ‍්ඤාය විපුලාය විත්‍ථතාය සමන‍්නාගතොති ‘යං යං වජති භූරිපඤ්ඤො’.
යං යං දිසං වජති භූරිපඤ්ඤො - ‘යං යං දිසං’ යනු: පෙරදිගට හෝ පෑළදිගට හෝ දකුණුදිගට හෝ උතුරුදිගට හෝ යේ ද ගමන් කෙරේ ද පිය නඟා ද ඉදිරියට හේ ද. ‘භූරිපඤ්ඤො’ යනු: පෘථුලප්‍රඥා ඇත්තේ මහා ප්‍රඥා ඇත්තේ තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේ විපුල ප්‍රඥා ඇත්තේ හර්‍ෂබහුල ප්‍රඥා ඇත්තේ ජවනප්‍රඥා ඇත්තේ නිර්වේධික ප්‍රඥා ඇත්තේ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. පෘථිවිය හා සම වූ ඒ විපුල වූ (විස්තෘත වූ) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ නුයි ‘යං යං දිසං වජති භූරිපඤ්ඤො’ යනු වේ.
ස තෙන තෙනෙව නතො ‘හමස‍්මීති: සො යෙන බුද‍්ධො තෙන තෙනෙව නතො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පභාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යොති ‘ස තෙන තෙනෙව නතො ‘හමස‍්මි’.
ස තෙන තෙනෙ’ව නතො’හමස්මි යනු: ඒ බුදුහු යම් දිසාභාගයෙක්හි වෙත් ද ඒ දිසාභාගයෙහි මැ නැමුණෙම් එයට නිම්න වූයෙම් එයට නැඹුරු වූයෙම් එයට බර වූයෙම් එහි අධිමුක්ත වූයෙම් එය අධිපති කොට ඇතියෙම් නුයි ‘ස තෙන තෙනෙ’ව නතො’හමස්මි’ යනු වේ.
තෙනාහ ථෙරො පිඞ‍්ගියො:
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“සද‍්ධා ච පීතී ච මනො සතී ච නාපෙන‍්ති මෙ ගොතමසාසනම‍්හා, යං යං දිසං වජති භූරිපඤ‍්ඤො ස තෙන තෙනෙව නතො‘හමස‍්මී”ති.
“සද්ධා ච පීතී ච -පෙ- ස තෙන තෙනෙ’ව නතො’හමස්මි” යි.