යෙදුමෙන් කියවන්න

21

21.

21.

ජිණ‍්ණස‍්ස මෙ දුබ‍්බලථාමකස‍්ස තෙනෙව කායො න පලෙති තත්‍ථ, සඞ‍්කප‍්පයත‍්තාය වජාමි නිච‍්චං මනො හි මෙ බ්‍රාහ‍්මණ තෙන යුත‍්තො.

ජීර්‍ණ වූ (එයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එ කරුණින් මැ එහි නො යෙයි. සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.

ජිණ‍්ණස‍්ස මෙ දුබ‍්බලථාමකස‍්සාති-‘ජිණ‍්ණස‍්සා’ති ජිණ‍්ණස‍්ස වුද‍්ධස‍්ස මහල‍්ලකස‍්ස අද‍්ධගතස‍්ස වයො අනුපත‍්තස‍්ස දුබ‍්බලථාමකස‍්සාති: දුබ‍්බලථාමකස‍්ස අප‍්පථාමකස‍්ස පරිත‍්තථාමකස‍්සාති ‘ජිණ‍්ණස‍්ස මෙ දුබ‍්බලථාමකස‍්ස’.

ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස- ‘ජිණ්ණස්ස’ යනු: ජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ ත්‍රිවිධ වයෝ කොට්ඨාශයන් ඉක්මගිය තුන් වැනි වයසට පැමිණි. දුබ්බලථාමකස්ස යනු: දුර්වලවීර්‍ය්‍ය ඇති අල්පවීර්‍ය්‍ය ඇති මන්දවීර්‍ය්‍ය ඇති නුයි ‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස’ යනු වේ.

තෙනෙව කායො න පලෙති තත්‍ථාති: කායො යෙන බුද‍්ධො තෙන න පලෙති න වජති න ගච‍්ඡති නාභික‍්කමතීති ‘තෙනෙව කායො න පලෙති තත්‍ථ’.

තෙනෙව කායෝ න පලෙති තත්‍ථ - බුදුහු යම් තැනෙක්හි වෙත් ද කය එතැනින් පලා නො යෙයි, නො යෙයි, ගමනය නො කෙරෙයි, නො පෙරටයේ නුයි ‘තෙනෙව කායෝ න පලෙති තත්‍ථ’ යනු වේ.

සඞ‍්කප‍්පයත‍්තාය වජාමි නිච‍්චන‍්ති-සඞ‍්කප‍්පගමනෙන චිතක‍්කගමනෙන ඤාණගමනෙන පඤ‍්ඤාගමනෙන බුද‍්ධිගමනෙන වජාමි ගච‍්ඡාමි අභික‍්කමාමීති ‘සඞ‍්කප‍්පයත‍්තාය වජාමි නිච‍්චං’.

සඞ්කප්පයත්තාය වජාමි නිච්චං යනු: සංකල්ප ගමනින් විතර්‍ක ගමනින් ඥාන ගමනින් ප්‍රඥා ගමනින් බුද්ධි ගමනින් යෙමි ගමනය කෙරෙමි පෙරට යෙම් නුයි ‘සඞ්කප්පයත්තාය වජාමි නිච්චං’ යනු වේ.

මනො හි මෙ බ්‍රාහ‍්මණ තෙන යුත‍්තොති ‘මනො’ති “යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනො විඤ‍්ඤාණධාතු. මනො හි මෙ බ්‍රාහ‍්මණ තෙන යුත‍්තොති: මනො යෙන බුද‍්ධො තෙන යුත‍්තො පයුත‍්තො සංයුත‍්තොති ‘මනො හි මෙ බ්‍රාහ‍්මණ තෙන යුත‍්තො:

මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො- ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො යනු: බුදුහු යම් තැනෙක්හි වෙත් ද සිත එතැන්හි යුක්ත යැ ප්‍රයුක්ත යැ සංයුක්ත නුයි ‘මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො.

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“ජිණ‍්ණස‍්ස මෙ දුබ‍්බලථාමකස‍්ස තෙනෙව කායො න පලෙති තත්‍ථ, සංකප‍්පයත‍්තාය වජාමි නිච‍්චං මනො හි මෙ බ්‍රාහ‍්මණ තෙන යුත‍්තො”ති.

“ජිණ්ණස්ස මෙ -පෙ- මනෝ හි මෙ බ්‍රාහ්මණෙ තෙන යුත්තො” යි.