22
22.
22.
පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපා දීපං උපප්ලවිං, අථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
කාමපඞ්කයොහි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණසෑ වෙහෙරෙහි දී චතුරෝඝය තරණය කළ ආශ්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.)
පඞ්කෙ සයානො පරිඵන්දමානොති-‘පඞ්කෙ සයානො’ති කාමපඞ්කෙ කාමකද්දමෙ කාමකිලෙසෙ කාමපලිපෙ කාමපරිළාහෙ කාමපළිබොධෙ සෙමානො සයමානො වසමානො ආවසමානො පරිවසමානොති පඞ්කෙ සයානො. පරිඵන්දමානොති: තණ්හාඵන්දානාය ඵන්දමානො, දිට්ඨිඵන්දනාය ඵන්දමානො, කිලෙසඵන්දනාය ඵන්දමානො පයොගඵන්දනාය ඵන්දමානො, විපාකඵන්දනාය ඵන්දමානො, මනොදුච්චරිතඵන්දනාය ඵන්දමානො, රත්තො රාගෙන ඵන්දමානො, දුට්ඨො දොසෙන ඵන්දමානො, මූළ්හො මොහෙන ඵන්දමානො, විනිබද්ධො’ මානෙන ඵන්දමානො, පරාමට්ඨො දිට්ඨියා ඵන්දමානො, වික්ඛෙපගතො උද්ධච්චෙන ඵන්දමානො, අනිට්ඨං ගතො විචිකිච්ඡාය ඵන්දමානො, ථාමගතො අනුසයෙහි ඵන්දමානො, ලාභෙන ඵන්දමානො, අලාභෙන ඵන්දමානො, යසෙන ඵන්දමානො, අයසෙන ඵන්දමානො, පසංසාය ඵන්දමානො, නින්දාය ඵන්දමානො, සුඛෙන ඵන්දමානො, දුක්ඛෙන ඵන්දමානො,
පඞ්කෙසයානො පරිඵන්දමානො- ‘පඞ්කෙසයානො’ යනු: කාමපඞ්ක (මඩ) යෙහි කාමකර්දමයෙහි කාමක්ලේශයෙහි කාමපලිපයෙහි කාම පරිදාහයෙහි කාමපරිරොධයෙහි හෝනෙම් ශයනය කරනු යෙම් වසනුයෙම් වෙසෙසින් වසනුයෙම් සර්වප්රකාරයෙන් වසනුයෙම් නුයි ‘පඞ්කෙසයානො’ යනු වේ. පරිඵන්දමානො යනු: තෘෂ්ණාස්පන්දයෙන් ස්පන්දනය වනුයෙම් (සැලෙනුයෙම්) දෘෂ්ටිස්පන්දයෙන් සැලෙනුයෙම් ක්ලෙශස්පන්දයෙන් සැලෙනුයෙම් ප්රයෝගස්පන්දයෙන් සැලෙනුයෙම් විපාකස්පන්දයෙන් සැලෙනුයෙම් මනොදුශ්චරිතස්පන්දයෙන් සැලෙනුයෙම් රක්ත වැ රාගයෙන් සැලෙනුයෙම් දුෂ්ට වැ ද්වේෂයෙන් සැලෙනුයෙම් මූඪ වැ මෝහයෙන් සැලෙනුයෙම් විනිබද්ධ වැ මානයෙන් සැලෙනුයෙම් පරාමෘෂ්ට වැ දෘෂ්ටියෙන් සැලෙනුයෙම් වික්ෂෙපගත වැ ඖද්ධත්‍යයෙන් සැලෙනුයෙම් නිශ්චයට නො පැමිණ විචිකිත්සායෙන් සැලෙනුයෙම් ථාමගත වැ අනුශයෙන් සැලෙනුයෙම් ලාභයෙන් සැලෙනුයෙම් අලාභයෙන් සැලෙනුයෙම් යසසින් සැලෙනුයෙම් අයසසින් සැලෙනුයෙම් ප්‍රශංසායෙන් සැලෙනුයෙම් නින්දායෙන් සැලෙනුයෙම් සුඛයෙන් සැලෙනුයෙම් දුඃඛයෙන් සැලෙනුයෙම්
ජාතියා ඵන්දමානො, ජරාය ඵන්දමානො, බ්යාධිනා ඵන්දමානො, මරණෙන ඵන්දමානො, සොකපරිදෙව දුක්ඛදොමනස්සූපායාසෙහි ඵන්දමානො, නෙරයිකෙන දුක්ඛෙන ඵන්දමානො, තිරච්ඡානයොනිකෙන දුක්ඛෙන ඵන්දමානො, පෙත්තිවිසයිකෙන දුක්ඛෙන ඵන්දමානො, මානුසකෙන දුක්ඛෙන ඵන්දමානො, ගබ්භොක්කන්තිමූලකෙන දුක්ඛෙන ඵන්දමානො, ගබ්භට්ඨිතිමූලකෙන දුක්ඛෙන ඵන්දමානො, ගබ්භවුට්ඨානමූලකෙන දුක්ඛෙන ඵන්දමානො, ජාතස්සුපනිබන්ධකෙන දුක්ඛෙන-ජාතස්ස පරාධෙය්යකෙන දුක්ඛෙන-අත්තූපක්කමෙන දුක්ඛෙන-පරූපක්කමෙන දුක්ඛෙන-සඞ්ඛාරදුක්ඛෙන-විපරිනාමදුක්ඛෙන-චක්ඛුරොගෙන දුක්ඛෙන-සොතරොගෙන දුක්ඛෙන-ඝානරොගෙන දුක්ඛෙන-ජිව්හාරොගෙන දුක්ඛෙන-කායරොගෙන දුක්ඛෙන-සීසරොගෙන දුක්ඛෙන-කණ්ණරොගෙන දුක්ඛෙන-මුඛරොගෙන දුක්ඛෙන-දන්තරොගෙන දුක්ඛෙන-කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච්ඡිරොගෙන මුච්ඡාය පක්කන්දිකාය සූලාය විසුචීකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද්දුයා කණ්ඩුයා කච්ඡුයා රඛසාය විතච්ඡිකාය ලොහිතපිත්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්දලෙන පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාතසමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය උච්චාරෙන පස්සාවෙන ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන දුක්ඛෙන මාතුමරණෙන දුක්ඛෙන පිතුමරණෙන දුක්ඛෙන පුත්තමරණෙන දුක්ඛෙන ධීතුමරණෙන දුක්ඛෙන ඤාතිව්යසනෙන දුක්ඛෙන භොගව්යසනෙන දුක්ඛෙන රොගව්යසනෙන දුක්ඛෙන සීලව්යසනෙන දුක්ඛෙන දිට්ඨිව්යසනෙන දුක්ඛෙන ඵන්දමානො සම්ඵන්දමානො විප්ඵන්දමානො වෙධමානො පවෙධමානො සම්පවෙධමානොති ‘පඞ්කෙසයානො පරිඵන්දමානො’.
ජාතියෙන් සැලෙනුයෙම් ජරායෙන් සැලෙනුයෙම් ව්‍යාධියෙන් සැලෙනුයෙම් මරණයෙන් සැලෙනුයෙම් ශෝකපරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාසයෙන් සැලෙනුයෙම් නිරෑදුකින් සැලෙනුයෙම් තිරිසන්යොන්හි වූ දුකින් සැලෙනුයෙම් ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙනුයෙම් මානුෂික දුකින් සැලෙනුයෙම් ගර්භාවක්රාන්තිමූලක දුකින් සැලෙනුයෙම් ගර්භතිස්ථිතිමූලක දුකින් සැලෙනුයෙම් ගර්භාව්යුත්ථාන මූලක දුකින් සැලෙනුයෙම් උපන්හු පිළිදග්නා දුකින් උපන්හු පරාඅයත්කොට ඇති දුකින් - ආත්මොපක්‍රම දුකින්- පරොපක්‍රම දුකින්- සංස්කාර දුකින්- විපරිණාම දුකින්- චක්‍ෂුරෝගයෙන් වන දුකින්- ශ්‍රෝත රෝගයෙන් වන දුකින්- ඝ්‍රාණරොගයෙන් වන දුකින්- ජිහ්වාරොගයෙන් වන දුකින්- කායරොගයෙන් වන දුකින්- ශීර්ෂරොගයෙන් වන දුකින්- කර්‍ණරෝගයෙන් වන දුකින්- මුඛරොගයෙන් වන දුකින්- දන්ත රෝගයෙන් වන දුකින්- කාශයෙන් ශ්වාසයෙන් පීනසින් දාහයෙන් ජ්වරයෙන් කුස්රොවින් මූර්ඡායෙන් ප්රස්කන්දිකායෙන් (අතීසාරයෙන්) ආමශූලරොගයෙන් විශූචිකායෙන් (මහාවිරෙචනයෙන්) කුෂ්ටරෝගයෙන් ගණ්ඩයෙන් කබර රෝගයෙන් ශුෂ්කරොගයෙන් අපස්මාරයෙන් පිළිකායෙන් කණ්ඩුතියෙන් කැසීමෙන් රඛසා (නියහිරින් පහළ තැන උපදනා රෝග) යෙන් විතච්ඡිකා (අතුල්පතුල් හිරිතැලෙන) රෝගයෙන් රත්පිතින් මධුමෙහයෙන් අර්ශසින් ලෙහෙ පිළිකායෙන් භගන්දරායෙන් පිතින් උපදනා රොවින් සෙමින් උපදනා රොවින් වයින් උපදනා රොවින් සන්නිපාතික රොවින් ඍතු පරිණාමයෙන් උපදනා රොවින් (ස්ථානනිසද්යාදි) විෂමපරිහාරයෙන් උපදනා රොවින් උපක්‍රමයෙන් උපදනා රොවින් කර්මවිපාකයෙන් උපදනා රොවින් ශීතයෙන් උෂ්ණයෙන් සයින් පවසින් මලමූ පහ කිරීමෙන් මැසි මදුරු-වා-අව් දිග්දෑ පහසින් වන දුකින් මවගේ මරණයෙන් වන දුකින් පියාගේ මරණයෙන් වන දුකින් පුතාගේ මරණයෙන් වන දුකින් දුව ගේ මරණයෙන් වන දුකින්, ඥාතිව්‍යසන දුකින් භොග ව්‍යසන දුකින් රෝග ව්‍යසන දුකින් ශීල ව්‍යසන දුකින් දෘෂ්ටි ව්‍යසන දුකින් සැලෙනුයෙම් මොනොවට සැලෙනුයෙම් වෙසෙසින් සැලෙනුයෙම් කම්පනය වනුයෙම් වෙසෙසින් කම්පනය වනුයෙම් අතිශයින් කම්පනය වනුයෙම් නුයි ‘පඞ්කෙ සයානො පරිඵන්දමානො’ යනු වේ.
දීපා දීපං උපපලවින්ති සත්ථාරතො සත්ථාරං ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගණතො ගණං දිට්ඨියා දිට්ඨිං පටිපදාය පටිපදං මග්ගතො මග්ගං ප්ලවිං උප්ලවිං උපප්ලවිං සමුපප්ලවින්ති (දීපාදීපං උපප්ලවිං.)
දීපා දීපං උපපලචිං යනු: ශාස්තෘහු කෙරෙන් ශාස්තෘහු කරා ධර්ම ඛ්යානයෙන් ධර්මඛ්යානයට ගණයෙන් ගණයට දෘෂ්ටියෙන් දෘෂ්ටියට ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්තියට මාර්ගයෙන් මාර්ගයට පාවීමි තරණය කෙළෙමි උත්තරණය කෙළෙමි මැනැවින් උත්තරණය කෙළෙම් නුයි ‘දීපා දීපං උපපලචිං’ යනු වේ.
අථද්දසාසිං සම්බුද්ධන්ති-‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා පෙතං ‘අථා’ති, අද්දසාසින්ති: අද්දසං අද්දක්ඛිං අපස්සිං පටිවිජ්ඣං බුද්ධොති: යො සො භගවා සයම්භූ අනාචරියකො -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධොති, ‘අථද්දසාසිං සම්බුද්ධං’.
අථද්දසාසිං සම්බුද්ධං - ‘අථ’ යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පද පරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල ‘අථ’ යනු පදයන්ගේ අනු පිළිවෙළ නුයි. අද්දසාසිං යනු දිටිමි දුටුයෙමි දර්ශනය කෙළෙමි, ප්‍රතිවේධ කෙළෙමි. බුද්ධෝ යනු: යම් භාග්‍යවතුන් කෙනෙක් පරෝපදේශ රහිත වැ සිව්සස් අවබෝධ කළ කෙනෙක් තමහට ආචාර්‍ය්‍යයන් නැති කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු බොධිද්රැවමූලයෙහි දී සිව්සස් ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් නුයි “අථද්දසාසිං සම්බුද්ධං” යනු වේ.
ඔඝතිණ්ණමනාසවන්ති-‘ඔඝතිණ්ණ’න්ති භගවා කාමොඝං තිණ්ණො, භවොඝං තිණ්ණො, දිට්ඨොඝං තිණ්ණො, අවිජ්ජොඝං තිණ්ණො, සබ්බසංසාරපථං තිණ්ණො, උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති ’ඔඝතිණ්ණං’. අනාසවන්ති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො, තෙ ආසවා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො අනාසවො ති ‘ඔඝතිණ්ණමනාසවං’.
ඔඝතිණ්ණමනාසවං- ‘ඔඝතිණ්ණං’ යනු: බුදුහු කාමෝඝය තරණය කළහ භවොඝය තරණය කළහ දෘෂ්ටි ඕඝය තරණය කළහ අවිද්‍යා ඕඝය තරණය කළහ, හැම සංසාර පථය තරණය කළහ, උත්තීර්ණ නිස්තීර්ණ අතික්‍රමණ සමතික්‍රමණ කළහ ඉක්ම සිටියහ. උන් වහන්සේ වැසනිම වූ දශ ආර්‍ය්‍යවාස ඇතියහ පුරුදු කළ චරණධර්ම ඇතියහ … ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්භවය උන්වහන්සේට නැත් නුයි ‘ඔඝතිණ්ණං’ යනු වේ. අනාසවං යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යැ යි ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන්ට ප්‍රහීණයහ උසුන් මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ. අනු අභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා සැහැවි ඇතියහ. එයින් බුදුහු ‘අනාස්‍රව’ නුයි ‘ඔඝතිණ්ණමනාසවං’ යනු වේ.
තෙනාහ ථෙරො පිඞ්ගියො:
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපාදීපං උපප්ලවිං, අථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසව”න්ති.”
“පඞෙකසයානො -පෙ- ඔඝතිණ්ණමනාසවං” යි.