1
1.
1.
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
සියලු සතුන් කෙරෙහි කායවාක්මනොදණ්ඩය හැරපියා ඔවුනතුරෙහි කිසි එකකුදු නො වෙහෙසනුයේ කිසි පුතකු නො කැමැති වන්නේ යැ යහළුවකු ඉස්නේ යැ යනු කොයි නැ..? කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති-‘සබ්බෙසූ’ති සබ්බෙන සබ්බං, සබ්බථා සබ්බං, අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ්බෙසූ’ති. භූතෙසූති: ‘භූතා, වුච්චන්ති: තසා ච ථාවරා ච. තසාති යෙසං තසිනා තණ්හා අප්පහීනා, යෙසං ච භයභෙරවා අප්පහීනා, කිං කාරණා වුච්චන්ති තසා: තෙ තසන්ති උත්තසන්ති පරිතසන්ති භායන්ති සංතාසං. ආපජ්ජන්ති, තංකාරණා වුච්චන්ති තසා. ථාවරාති: යෙසං තසිනා තණ්හා පහීනා, යෙසං ච භයභෙරවා පහීනා. කිං කාරණා වුච්චන්ති ථාවරා, තෙ න තසන්ති න උත්තසන්ති න පරිතසන්ති න භායන්ති න සන්තාසං. ආපජ්ජන්ති, තංකාරණා වුච්චන්ති ථාවරා. දණ්ඩාති: තයො දණ්ඩා: කායදණ්ඩො වචීදණ්ඩො මනොදණ්ඩො. තිවිධං කායදුච්චරිතං කායදණ්ඩො, චතුබ්බිධං වචීදුච්චරිතං වචීදණ්ඩො, තිවිධං මනොදුච්චරිතං මනො දණ්ඩො. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති සබ්බෙසු භූතෙසු දණ්ඩං නිධාය නිදහිත්වා ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භිත්වාති ‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං.’
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං - “සබ්බෙසු” යනු: සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල “සබ්බෙසු” යනු, භූතෙසු - තෘෂ්ණා සහිත සත්ත්වයෝ ද රහත්හු ද “භූතයෝ” යි කියනු ලැබෙත්. තසා යනු: යම් කෙනකුන්ගේ තසිනාව (පවස්) තෘෂ්ණාව ප්‍රහීණ නො වූද, යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්රාසයෝ ප්‍රහීණ නො වූවාහු ද ඔහු යැ. කවර කරුණින් “තසයෝ’යි කියනු ලැබෙත් ද යත්: ඔහු ත්‍රස්ත වෙති උත්ත්රස්ත වෙති පරිත්‍රස්ත වෙති භය වෙති සන්ත්‍රාසයට පැමිණෙති. එකරුණින් “තසයෝ”යි කියනු ලැබෙත්. ථාවරා යනු; යම් කෙනකුන්ගේ තසිනාව තණ්හාව ප්‍රහීණ වූ ද යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්රාසයෝ ප්‍රහීණ වූවාහුද ඔහු යැ. කවර කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත් ද යත්; ඔහු ත්‍රස්ත නො වෙති උත්ත්රස්ත නො වෙති පරිත්‍රස්ත නො වෙති බිය නො වෙති සන්ත්‍රාසයට නො පැමිණෙත්. එ කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත්. දණ්ඩං යනු; දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ වාග් දණ්ඩ යැ මනොදණ්ඩ යැ යි. ත්‍රිවිධ කායදුශ්චරිතය කාය දණ්ඩ නම, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ නම, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනෝ දණ්ඩ නමි. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යනු: සියලු සත්ත්වයන් කෙරෙහි දඬුවම් හැර පියා තබා බහාතබා දමා පියා බැහැර කොට සන්හිඳුවා නුයි “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩා” යනු වේ.
අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසන්ති එකමෙකම්පි සත්තං පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා අන්දුයා වා රජ්ජුයා වා අවිහෙඨයන්තො, සබ්බෙපි සත්තෙ පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා අන්දුයා වා රජ්ජුයා වා, අවිහෙඨයන්තොති ‘අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං.’
අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං යනු: එකෙකි සතකුදු අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිරබැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ හැම සතුන් මැ අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිර බැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ නුයි “අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං” යනු වේ.
න පුත්තමිච්ඡෙය්ය කුතො සහායන්ති-නා’ති පටික්ඛෙපො, පුත්තාති චත්තාරො පුත්තා: අත්රජො පුත්තො ඛෙත්තජො පුත්තො දින්නකො පුත්තො අන්තෙවාසිකො පුත්තො. සහායන්ති සහායා වුච්චන්ති: යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු. ඨානං ඵාසු, නිසජ්ජා ඵාසු, සයනං ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, උල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. න පුත්තමිච්ඡෙය්ය කුතො සහායන්ති: පුත්තම්පි න ඉච්ඡෙය්ය න සාදියෙය්ය න පත්ථයෙය්ය න පිහයෙය්ය නාභිජප්පෙය්ය, කුතො මිත්තං වා සන්දිට්ඨං වා සම්භත්තං වා සහායං වා ඉච්ඡෙය්ය සාදියෙය්ය පත්ථෙය්ය පිහයෙය්ය අභිජප්පෙය්යාති ‘න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං’.
න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං - “න” යනු: ප්‍රතික්ෂේප යැ. “පුත්තා” යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්ර යැ ක්ෂේත්රජ පුත්‍ර යැ දින්නකපුත්‍ර යැ අන්තේවාසික පුත්‍ර යැ යි. සහායං - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම ඊම පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද ශයනය පහසු ද ආලපනය පහසු ද සල්ලාපය පහසු ද උල්ලපනය (ඔසොවා කීම) පහසුද සමුල්ලපනය (හාත්පසින් ඔසොවා කීම) පහසු ද ඔහු යැ. න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං - යනු: පුතුදු නො කැමැති වන්නේ යැ ආස්වාද නො කරන්නේ යැ නො පතන්නේ යැ ඊප්සා නො කරන්නේ යැ තෘප්ති නූපදවන්නේ යැ. කවර හෙයින් මිත්‍රයකු හෝ සන්දෘෂ්ටයකු හෝ සම්භක්තයකු හෝ සහායයකු හෝ කැමැති වන්නේ ද ආස්වාද කරන්නේ ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ද ඊප්සා කරන්නේ ද තෘප්ති උපදවන්නේ ද නුයි “න පුත්තමිච්ජෙය්ය කුතො සහායං” යනු වේ.
එකො චරෙ ඛග්ගවිසාණකප්පොති ‘එකො’ති සො පච්චෙකබුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන. එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගං ගතොති එකො, එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ’ යනු: ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යයහ, අද්විතීයාර්ත්ථයෙන්අතුල්යයහ, තෘෂ්ණා ප්රහාණාර්ත්ථයෙන් අතුල්‍යයහ, ඒකාන්ත වීතරාග නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතදෝස නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතමෝහ නුයි අතුල්‍යයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, ඒකායනමාර්ගයට ගියාහු නුයි ඒකයහ, එකලා වැ ප්රත්යෙකසම්බොධිය අවබෝධ කළාහු නු යි ඒකයහ.
කථං සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො: සො පච්චෙකසම්බුද්ධො සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො.
කිසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්ත්ථයෙන් “එක” වූහ යත්: ඒ පසේබුදුහු හැම ගෘහාවාස පරිරොධය සිඳපියා අඹුදරු ආවරණය සිඳපියා ඥාති පලිබොධය සිඳපියා සන්නිධිපරිරොධය සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති. වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති පවත්වත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්ත්ථයෙන් “එක” යහ.
කථං සො පච්චෙකසම්බුද්ධො අදුතියට්ඨෙන එකො: සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො චරති, එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො අභික්කමති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙතීති එවං සො පච්චෙකසම්බුද්ධො අදුතියට්ඨෙන එකො.
කිසෙයින් ඒ පසේ බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” වූහ. යත්: උන්වහන්සේ මෙසෙයින් පැවිදි වූවාහු එකලා වැ අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරු සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති, උන් වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, පවත්වත්. මෙසෙයින් බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” යහ.
කථං සො පච්චෙකසම්බුද්ධො තණ්හාය පහානට්ඨෙන එකො, සො එවං එකො අදුතියො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො මහාපධානං පදහන්තො මාරං සසෙනං නමුචිං කණ්හං පමත්තබන්ධුං මිධමෙත්වා තණ්හාජාලිනිං සරිතං විසන්තිකං පජහි විනොදෙසි බ්යන්තී අකාසි අනභාවං ගමෙසීති.
කිසෙයින් ඒ පසේ බුදුහු තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් “එක” වූහ යත්: මෙසෙයින් උන්වහන්සේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයු සිත් ඇති වැ වසන්නාහු මහාප්රධන්වීර්ය්ය්ය කෙරෙමින් තෘෂ්ණාකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුචි නම් වූ ප්‍රමත්තයනට බන්ධු වූ සෙන් සහිත මරු විධමනය කොට විසත්තිකා නම් වූ තෘෂ්ණා ජාලිනිය දුරු කළහ බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
1. “තණ්හා දුතියො පුරිසො දීඝමද්ධානසංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
1. තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂතෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
2. එවමාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති.
2. (අතීතාදි ස්කන්ධයන්හි) මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යි දැන පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්ෂීණාස්රව මහණ තෙම හැසිරෙන්නේ යැ” යි
එවං සො පච්චෙකසම්බුද්ධො තණ්හාය පහානට්ඨෙන එකො.
මෙසේ ඒ පසේ බුදුහු තෘෂ්ණා ප්රහාණාර්ත්ථයෙන් එකයහ.
කථං සො පච්චෙකසම්බුද්ධො එකන්තවීතරාගොති එකො: රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො, එවං සො පච්චෙකසම්බුද්ධො එකන්තවීතරාගොති එකො.
කිසෙයින් ඒ පසේ බුදුහු ඒකාන්ත චිතරාගනුයි ‘එක’වූහ. යත්: රාගය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතරාග නුයි. “එක” යහ, ද්වේෂය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි “එක” යහ, මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් පහ වූ මෝහය ඇත්තාහු නුයි ‘එක’යහ, ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි “එක” යහ.
කථං සො පච්චෙකසම්බුද්ධො එකායනමග්ගං ගතොති එකො: ‘එකායනමග්ගො’ වුච්චති: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්චබලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
කිසෙයින් ඒ පසේබුදුහු එකායන මාර්ගයට ගියාහුනුයි ‘එක’වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර ’සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර සෘද්ධිපාදයෝ යැ. පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ග යැ, යන මේ ‘එකායන මාර්ගය” යි කියනු ලැබේ.
3. එකායනං ජාති ඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝං’.
3. ජාතික්ෂය සංඛ්‍යාත නිර්වාණය දක්නා සුලු වූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු ඒකායන මාර්ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්ගයෙන් තරණය කළාහු ය. තවද යම් කෙනෙක් (මතු) තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මෙ මඟින් තරණය කෙරෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ඒකායන මාර්ගයට ගියාහු නුයි ‘ඒක’යහ.
එවං සො පච්චෙකසම්බුද්ධො එකායනමග්ගං ගතොති එකො. කථං සො පච්චෙකසම්බුද්ධො එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො: ‘බොධි’ වුච්චති චතුසු මග්ගෙසු ඤාණං, “පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි” සො පච්චෙකසම්බුද්ධො තෙන පච්චෙකබොධිඤාණෙන සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති බුජ්ඣි, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති බුජ්ඣි, සබ්බෙ ධම්මා අනත්තාති බුජ්ඣි, අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති බුජ්ඣි සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති බුජ්ඣි, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති බුජ්ඣි, නාමරූපපච්චයා සළායතනන්ති බුජ්ඣි, සළායතනපච්චයා ඵස්සොති බුජ්ඣි, ඵස්සපච්චයා වෙදනාති බුජ්ඣි, වෙදනාපච්චයා තණ්හාති බුජ්ඣි තණ්හා පච්චයා උපාදානන්ති බුජ්ඣි, උපාදානපච්චයා භවොති බුජ්ඣි, භවපච්චයා ජාතීති බුජ්ඣි, ජාතිපච්චයා ජරාමරණන්ති බුජ්ඣි, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති බුජ්ඣි, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණ නිරොධො’ති බුජ්ඣි, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති බුජ්ඣි, නාමරූපනිරොධා සළායතනනිරොධො’ති බුජ්ඣි, සළායතන නිරොධා ඵස්සනිරොධො’ති බුජ්ඣි, ඵස්සනිරොධා වෙදනානිරොධො’ති බුජ්ඣි, වෙදනානිරොධා තණ්හානිරොධො’ති බුජ්ඣි, තණ්හානිරොධා උපාදානනිරොධො’ති බුජ්ඣි, උපාදාන නිරොධා භව නිරොධො’ති බුජ්ඣි, භවනිරොධා ජාති නිරොධො’ති බුජ්ඣි, ජාතිනිරොධා ජරාමරණ නිරොධො’ති බුජ්ඣි, ඉදං දුක්ඛන්ති බුජ්ඣි, අයං දුක්ඛසමුදයොති බුජ්ඣි, අයං දුක්ඛනිරොධොති බුජ්ඣි, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති බුජ්ඣි, ඉමෙ ආසවා’ති බුජ්ඣි, අයං ආසවනිරොධොති බුජ්ඣි, අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති බුජ්ඣි, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති බුජ්ඣි, ඉමෙ ධම්මා පහාතබ්බාති බුජ්ඣි, ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බාති බුජ්ඣි, ඉමෙ ධම්මා භාවෙතබ්බාති බුජ්ඣි, ඡන්නං ඵස්සායතනානං සමුදයං ච අත්ථඞ්ගමං ච. අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච බුජ්ඣි. පඤ්චන්නං උපාදානක ඛන්ධානං සමුදයං ච -පෙ- නිස්සරණං ච බුජ්ඣි, චතුන්නං මහාභූතානං සමුදයං ච අත්ථඞ්ගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච බුජ්ඣි, ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති බුජ්ඣි.
කිසෙයින් ඒ පසේබුදුහු එකලා වැ අනුත්තර වූ ප්රත්යෙක සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’වූහ යත්: සතර මාර්ගඥානය ප්‍රඥාව ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්ශනාව සම්‍යග්දෘෂ්ටිය “බෝධි’ යයි කියනු ලැබේ. ඒ පසේ බුදුහු ඒ ප්රත්යෙක බෝධි ඥානයෙන් ‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි අවබෝධ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්ඛහ යි අවබෝධ කළහ, ‘හැම ධර්මයෝ අනාත්මහ’යි අවබෝධ කළහ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී දත්හ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ යැයි දත්හ, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ යැයි දත්හ. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැයි දත්හ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ යැයි දත්හ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ යැයි දත්හ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැයි දත්හ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ යැයි දත්හ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ යැයි දත්හ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ යැයි දත්හ. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැයි දත්හ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ යැයි දත්හ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ යැයි දත්හ. විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ යැයි දත්හ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ යැයි දත්හ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ යැයි දත්හ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ යැයි දත්හ. වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ යැයි දත්හ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානනිරෝධය වේ යැයි දත්හ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ යැයි දත්හ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ යැයි දත්හ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ යැයි දත්හ. ‘මේ (පඤ්ච ස්කන්ධය) දුකැ’යි දත්හ. ‘මේ (තෘෂ්ණා සමුදය) දුක්හේතුව යැ” යි දත්හ. ‘මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීම යැ” යි දත්හ. ‘මේ (ආර්ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ” යි දත්හ. “මේ ධර්මයෝ දතයුත්තාහ” යි දත්හ. ‘මේ ධර්මයෝ හළ යුත්තාහ” යි දත්හ. ‘මේ ධර්මයෝ ප්රත්යක්ෂ කළ යුත්තාහ” යි දත්හ. ‘මේ ධර්මයෝ වැඩිය යුත්තාහ” යි දත්හ. සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළ වීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. පඤ්චොපාදානස්කන්ධයන්ගේ පහළ වීම ද . . . නිස්සරණය ද දත්හ. සතර මහාභූතයන්ගේ පහළ වීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නැසෙන පියවි ඇතැ” යි දත්හ.
අථවා යං බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං, සබ්බං තං තෙන පච්චෙකබොධිඤාණෙන බුජ්ඣි අනුබුජ්ඣි පටිබුජ්ඣි සම්බුජ්ඣි අධිගච්ඡි ඵස්සෙසි සච්ඡාකාසීති එවං සො පච්චෙකසම්බුද්ධො එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවැත නැවැත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළ යුතු නම්, නුවණින් ස්පර්ශ කළ යුතු නම්, ප්රත්යක්ෂ කළ යුතුනම්, එහැම ඒ ප්රත්යෙක බොධිඥානයෙන් දත්හ, අනුබෝධ කළහ, ප්රතිබොධ කළහ, වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්ශ කළහ, ප්රත්යක්ෂ කළාහු නුයි මෙසෙයින් ඒ පසේබුදුහු එකලා වැ අනුත්තර වූ ප්රත්යෙක සම්බෝධිය අභිසම්බුද්ධ නුයි “එක” නම් වූහ.
චරෙති: අට්ඨචරියායො: ඉරියාපථචරියා ආයතනචරියා සතිචරියා සමාධිචරියා ඤාණචරියා මග්ගචරියා පත්තිචරියා ලොකත්ථචරියා. ‘ඉරියාපථචරියා’ති චතුසු ඉරියාපථෙසු. ආයතනචරියාති: ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. ‘සතිචරියා’ති චතුසු සතිපට්ඨානෙසු. ‘සමාධිචරියා’ති චතුසු ඣානෙසු. ඤාණාචරියාති චතුසු අරියසච්චෙසු. ‘මග්ගචරියා’ති චතුසු අරියමග්ගෙසු. ‘පත්තිචරියා’ති චතුසු සාමඤ්ඤඵලෙසු, ලොකත්ථචරියාති තථාගතෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු, පදෙසෙ පච්චෙකසම්බුද්ධෙසු පදෙසෙ සාවකෙසු ඉරියාපථචරියා ච පණිධිසම්පන්නානං, ආයතනචරියා ච ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං, සතිචරියා ච අප්පමාදවිහාරිනං, සමාධිචරියා ච, අධිචිත්තමනුයුත්තානං ඤාණචරියා ච බුද්ධිසම්පන්නානං මග්ගචරියා ච සම්මාපටිපන්නානං, පත්තිචරියා ච අධිගතඵලානං, ලොකත්ථචරියා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, පදෙසෙ පච්චෙකබුද්ධානං, පදෙසෙ සාවකානං, ඉමා අට්ඨචරියායො.
චරෙ යනු: චර්ය්යා අටෙකි: ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ එලචර්ය්යා යැ ලොකාර්ත්ථචර්ය්යා යි. “ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යනු සතර ඉරියවුහි යැ. ‘ආයතන චර්ය්යා’යනු සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි යැ. ‘ස්මෘතිචර්‍ය්‍යා’යනු සතර සතිපට්ඨානයන්හි යැ. “සමාධිචර්‍ය්‍යා’යනු සතර ධ්‍යානයන්හි යැ. ‘ඥානචර්‍ය්‍යා’යනු සතර ආර්ය සත්‍යයන්හි යැ. “මාර්ග චර්ය්යා’යනු සතර ආර්යමාර්ගයන්හි යැ. ‘පත්තිචරියා’යනු සතර ශ්‍රාමාණ්‍ය ඵලයෙහි යැ. ‘ලොකාර්ත්ථචර්ය්යා’යනු තථාගත අර්හත් ’සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහියැ, එකදේශයෙක්හි පසේබුදුන් කෙරෙහි යැ, එකදේශයෙක්හි ශ්‍රාවකයන් කෙරෙහි යැ. ප්රණිධිසම්පන්නයන්ට ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව ද, ඉන්ද්රියයන්හි ගුප්තද්වාරයනට ආයතනචර්‍ය්‍යා ද, අප්‍රමාද විහාරීන්ට ස්මෘතිචර්‍ය්‍යා ද, අධිචිත්තයෙහි යෙදුණවුනට සමාධිචර්‍ය්‍යා ද, බුද්ධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද, සම්යක්ප්රතිපන්නයනුට මාර්‍ගචර්‍ය්‍යා ද, අධිගම කළ එල ඇතියනට ඵලචර්ය්යා ද, තථාගත අර්හත් ’සම්‍යක් සම්බුද්ධයනට, එකදෙශයෙක්හි ප්රත්යෙක බුද්ධයනට, එකදෙශයෙක්හි ශ්‍රාවකයනට ලොකාර්ත්ථචර්ය්යාව දැ යි මේ අට වැදෑරුම් චර්‍ය්‍යාවෝ වෙති.
අපරාපි අට්ඨචරියායො: අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො විරියෙන චරති, උපට්ඨපෙන්තො සතියා චරති, අවික්ඛෙපං කරොන්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණෙන චරති, එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයාපෙන්තීති ආයතනචරියාය චරති. එවං පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරති ඉමා අට්ඨ චරියායො.
අන්‍ය වූ ද චර්ය්යා අටෙකි: අධිමෝක්ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවතියි, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවතියි, (අරමුණෙහි) සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවතියි, අවික්‍ෂේපය කරනුයේ සමාධි වශයෙන් පවතියි, ප්රජානනය කරනුයේ ප්‍රඥාවශයෙන් පවතියි, විජානනය (ආවර්ජනවිඥානයෙන් අරමුණු දැනීම) කරනුයේ විඥාන වශයෙන් පවතියි. මෙසෙයින් පිළිපන්හු ගේ කුශල ධර්මයෝ අතිශයින් පවතිත් නුයි ආයතන චර්ය්යා වශයෙන් පවතියි. මෙසෙයින් පිළිපන්නේ විශේෂයට පැමිණේ නුයි විශේෂචර්ය්යා වශයෙන් පවතී. මොහු අෂ්ටචර්ය්යාවෝවෙති.
අපරාපි අට්ඨ චරියායො: දස්සනචරියා ච සම්මාදිට්ඨියා, අභිනිරොපනචරියා ච සම්මාසඞ්කප්පස්ස, පරිග්ගහචරියා ච සම්මාවාචාය, සමුට්ඨානචරියා ච සම්මා කම්මන්තස්ස, වොදානචරියා ච සම්මාආජීවස්ස, පග්ගහචරියා ච සම්මාවායාමස්ස, උපට්ඨානචරියා ච සම්මාසතියා, අවික්ඛෙපචරියා ච සම්මාසමාධිස්ස, ඉමා අට්ඨචරියායො.
අන්‍ය වූ ද චර්ය්යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියගේ දර්ශන වශයෙන් පැවැත්ම ද සම්‍යක් සංකල්පයාගේ අභිනිරෝපණ වශයෙන් පැවැත්ම ද සම්‍යග්වචනයාගේ පරිග්‍රහ වශයෙන් පැවැත්ම ද සම්‍යක් කර්මාන්තයාගේ සමුත්‍ථාන වශයෙන් පැවැත්ම ද සම්‍යගාජීවයාගේ ව්‍යවදාන වශයෙන් පැවැත්ම ද සම්‍යග් ව්‍යායාමයාගේ ප්‍රග්‍රහ වශයෙන් පැවැත් ම ද, සම්‍යක් ස්මෘතිය ගේ වැටහීම් වශයෙන් පැවැත්ම ද සම්‍යක් සමාධීහු ගේ අවික්‍ෂේප වශයෙන් පැවැත් ම ද යන මොහු අෂ්ටචර්ය්යාවෝ යි.
ඛග්ගවිසාණකප්පොති යථා ඛග්ගස්ස නාම විසාණං එකං හොති අදුතියං. එවමෙව සො පච්චෙකසම්බුද්ධො, තංකප්පො තංසදිසො තප්පටිභාගො. යථා අතිලොණං වුච්චති ලොණකප්පො, අතිතිත්තකං වුච්චති තිත්තකප්පො, අතිමධුරං වුච්චති මධුරකප්පො, අතිඋණ්හං වුච්චති අග්ගිකප්පො, අතිසීතං වුච්චති හිමකප්පො, මහාඋදකක්ඛන්ධො වුච්චති සමුද්දකප්පො, මහාභිඤ්ඤාබලප්පත්තො සාවකො වුච්චති සත්ථුකප්පොති. එවමෙව සො පච්චෙකසම්බුද්ධො තංකප්පො තංසදිසො තප්පටිභාගො එකො අදුතියො මුත්තබන්ධනො සම්මා ලොකෙ චරති විහරති ඉරීයති වත්තති පලෙති යපෙති යාපෙතීති ‘එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
ඛග්ගවිසාණකප්පො යනු; යම් සේ කගවෙහෙණ හට එක් හඟෙක් වේ ද දෙ වැන්නෙක් නැත්තේ ද, එසෙයින් මැ ඒ පසේ බුදුහු එ බන්දහ, තත්සදෘශයහ, තත්ප්රතිභාගයහ. යම්සේ ඉතා ලුණු වූයේ ‘ලවණකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා තික්ත වූයේ ‘තිත්තකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා මිහිරි වූයේ ‘මධුරකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා උණු වූයේ ‘අග්නිකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා සිහිල් වූයේ ‘හිමකල්ප’ යයි කියනු ලැබේ ද, මහදියකඳ ‘සමුද්රකල්ප’ යයි කියනු ලැබේ ද, මහා අභිඥාප්‍රාප්ත ශ්‍රාවක තෙම ‘ශාස්තෘ කල්ප’ යයි කියනු ලැබේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු, එ බන්දහ. තත්සදෘශයහ, තත්ප්රතිභාගයහ. එකලා වූවාහු දෙවැන්නකු නැත්තාහු මිදුණු බැඳුම් ඇතියාහු මැනැවින් ලොවැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති රැකෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“සබ්බෙසු භූතෙසු -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.