2
2.
2.
සංසග්ගජාතස්ස භවන්ති ස‍්නෙහා ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
හටගත් (දර්ශනාදි) සංසර්‍ග ඇතියහු ට ස්නෙහයෝ වෙති, ස්නේහය අනුව යන මෙ දුක උපදි, ස්නේහයෙන් උපන් ආදීනව දක්මින් කගවෙහෙණක සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සංසග‍්ගජාතස‍්ස භවන‍්ති ස‍්නෙහාති-‘සංසග‍්ගා’ති ද‍්වෙ සංසග‍්ගා: දස‍්සනසංසග‍්ගො ච සවනසංසග‍්ගො ච. කතමො දස‍්සනසංසග‍්ගො: ඉධෙකච‍්චො පස‍්සති ඉත්‍ථිං වා කුමාරිං වා අභිරූපං දස‍්සනීයං පාසාදිකං පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතං, දිස‍්වා පස‍්සිත්‍වා අනුබ්‍යංජනනසො නිමිත‍්තං ගණ‍්හාති: කෙසා වා සොභනා, මුඛං වා සොභනං, අක‍්ඛී වා සොභනා, කණ‍්ණා වා සොභනා, නාසා වා සොභනා, ඔට‍්ඨා වා සොභනා, දන‍්තා වා සොභනා, මුඛං වා සොභනා, ගීවා වා සොභනා, ථනා වා සොභනා, උරං වා සොභනං, උදරං වා සොභනා, කටි වා සොභනං, ඌරු වා සොභනා, ජඞ‍්ඝා වා සොභනා, හත්‍වා වා සොභනා, පාදා වා සොභනා, අඞ‍්ගුලියො වා සොභනා, නඛා වා සොභනා ති දිස‍්වා පස‍්සිත්‍වා අභිනන්‍දති අභිවදති අභිපත්‍ථෙති අනුස‍්සරති අනුප‍්පාදෙති අනුබන්‍ධති රාගබන්‍ධනං. අයං දස‍්සනසංසග‍්ගො.
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා - ‘සංසග්ගා’යනු: දර්‍ශන සංසර්‍ගය ද ශ්‍රවණ සංසර්‍ගය දැ යි සංසර්‍ග දෙකෙකි. දර්‍ශන සංසර්‍ග කවරැ යත්: මෙ ලොවැ ඇතැමෙක් විශිෂ්ට රූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන උතුම් වූ වර්ණසෞන්දර්ර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ස්ත්‍රියක හෝ කුමරියක හෝ දකියි. දැක බලා ‘කෙස් හොබනේ යැ හෝ මුහුණ හොබනේ යැ හෝ ඇස් හොබනේ යැ හෝ කන් හොබනේ යැ හෝ නැහැය හොබනේයැ හෝ ලවන් හොබනේ යැ හෝ දත් හොබනේ යැ හෝ මුඛය හොබනේ යැ හෝ ගෙල හොබනේ යැ හෝ පියවුරු හොබනේ යැ හෝ උරමඬල හොබනේ යැ හෝ උදරය හොබනේ යැ හෝ කටිය හොබනේ යැ හෝ වටොර හොබනේ යැ හෝ දඟයුග හොබනේ යැ හෝ අත් හොබනේ යැ හෝ පා හොබනේ යැ හෝ ඇඟිලි හොබනේ යැ හෝ නිය හොබනේ යැ හෝ ‘යි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගනියි දැක බලා සතුටු වෙයි තුටුවදන් බෙණෙයි පතයි සිහි කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ දර්‍ශන සංසර්‍ග නම.
කතමො සවණසංසග‍්ගො: ඉධෙකච‍්චො සුණාති අමුකස‍්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්‍ථි වා කුමාරී වා අභිරූපා වා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතාති, සුත්‍වා සුණිත්‍වා අභිනන්‍දති අභිවදති අභිපත්‍ථෙති අනුප‍්පාදෙති අනුබන්‍ධති රාගබන්‍ධනං. අයං සවණසංසග‍්ගො.
ශ්‍රවණසංසර්ග කවරැයත්: මෙලොවැ ඇතැමෙක් අසුවල් ගමැ හෝ නියම්ගමැ හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී යැ දැකුම් කලු යැ ප්‍රසාද එළවන්නී යැ. උතුම් වර්‍ණ සෞන්දර්යයෙන් සමන්‍වාගත යැ” යි අසයි. අසා අසාලා සතුටු වෙයි සතුටු වදන් බෙණෙයි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ ශ්‍රවණසංසර්ග නමි.
ස‍්නෙහාති ද‍්වෙස‍්නෙහා: තණ‍්හාස‍්නෙහො ච දිට‍්ඨිස‍්නෙහො ච. කතමො තණ‍්හාස‍්නෙහො: යාවතා තණ‍්හාසඞ‍්ඛාතෙන සීමකතං මරියාදීකතං ඔධිකතං පරියන‍්තකතං පරිග‍්ගහිතං මමායිතං ‘ඉදං මමා එතං මම, එත‍්තකං මම, එත‍්තාවතා මම, රූපා සද‍්දා ගන්‍ධා රසා, ඵොට‍්ඨබ‍්බා අත්‍ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක‍්කුටසූකරා හත්‍ථිගවාස‍්සවළවා ඛෙත‍්තං වත්‍ථුං හිරඤ‍්ඤං සුවණ‍්ණං ගාමනිගමරාජධානියො රට‍්ඨං ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරං ච කෙවලම‍්පි මහාපඨවිං තණ‍්හාවසෙන මමායති, යාවතාට‍්ඨසතතණ‍්හාවිචරිතං. අයං තාණ‍්හෙස‍්නෙහො.
ස්නෙහා යනු ස්නෙහ දෙකෙකි: තෘෂ්ණා ස්නේහය ද දෘෂ්ටිස්නේහය දැ යි. තෘෂ්ණා ස්නේහය කවරැයත්: යම් පමණ තෘෂ්ණා සංඛ්‍යාතයෙන් ‘මේ මාගේ යැ, තෙල මා ගේ යැ. මෙතෙක් මාගේ යැ, මෙතෙකින් මාගේ යැ‘යි හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධිකරන ලද ද, පිරියත් කරන ලද ද, පිරිසිඳගන්නා ලද ද, මමායන කරන ලද ද, රූපයෝ ශබ්දයෝ ගන්‍ධයෝ රසයෝ ස්ප්‍රෂ්ටව්‍යයෝ අතුරුණු පවුරුණු දැසිදස්හු එළුතිරෙළු කුකුළු හූරු ඇත් අස් ගව වෙළඹහු කෙත් වතු අමුරන් රත්රන් ගම්නියම්ගම් රජදහන් රට දනවු කොටු කොටුගුළු මුළුමහපොළොව පවා තෘෂ්ණා වශයෙන් මමායන කෙරේ ද යම් පමණ අටතුරාසියක් තෘෂ්ණා විචරිත වේ ද, මේ තෘෂ්ණා ස්නෙහ නම.
කතමො දිට‍්ඨිස‍්නෙහො: වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි, දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි, දසවත්‍ථුකා අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහණං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසුකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසංයොජනං ගාහො පතිට‍්ඨාහො. අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල‍්ලාසගාහො මිච‍්ඡාගාහො අයාථාවතස‍්මිං යාථාවතන‍්ති ගාහො යාවතා ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානි. අයං දිට‍්ඨිස‍්නෙහො.
දෘෂ්ටිස්නෙහ කවරැ යත්: විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි යැ දශවස්තුක අන්තග්‍රහාහිකදෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි වැ ගන්නා) ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාස ග්‍රහණයෙක් විපරීතග්‍රහණයෙක් පෙරළි කොට ගැනීමෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථා ස්වභාව යයි ගැනීමෙක් යම් පමණ දෙසැට දෘෂ්ටියෙහි ඇතුළු කෙනෙක් වෙත්ද මේ ‘දෘෂ්ටිස්නේහ’නමි.
සංසග‍්ගජාතස‍්ස භවන‍්ති ස‍්නෙහාති-දස‍්සනසංසග‍්ගපච‍්චයා ච සවණසංසග‍්ගපච‍්චයා ච තණ‍්හාස‍්නෙහො ච දිට‍්ඨිස‍්නෙහො ච භවන‍්ති සංභවන‍්ති ජායන‍්ති සඤ‍්ජායන‍්ති නිබ‍්බත‍්තන‍්ති අභිනිබ‍්බත‍්තන‍්ති පාතුභවන‍්තීති ‘සංසග‍්ගජාතස‍්ස භවන්ති ස‍්නෙහා’.
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා යනු: දර්‍ශන සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු ශ්‍රවණ සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු, තෘෂ්ණාස්නේහයත් දෘෂ්ටි ස්නේහයත් වෙයි උපදියි හට ගනියි මැනැවින් හටගනියි නිපදියි වෙසෙසින් නිපදියි පහළ වේනු නුයි ‘සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා’යනු වේ.
ස‍්නෙහත්‍වයං දුක‍්ඛමිදං පහොතීති-‘ස‍්නෙහාති’ ද‍්වෙ ස‍්නෙහා: තණ‍්හාස‍්නෙහො ච දිට‍්ඨිස‍්නෙහො ච -පෙ- අයං තණ‍්හාස‍්නෙහො. -පෙ- අයං දිට‍්ඨිස‍්නෙහො. දුක‍්ඛමිදං පහොතීති ඉධෙකච‍්චො කායෙන දුච‍්චරිතං චරති, වාචාය දුච‍්චරිතං චරති, මනසා දුච‍්චරිතං චරති, පාණම‍්පි හන‍්ති, අදින‍්නම‍්පි ආදියති, සන්‍ධිම‍්පි ඡින්‍දති, නිල‍්ලොපම‍්පි හරති, එකාගාරිකම‍්පි කරොති,
ස්නෙහත්‍වයං දුක්ඛමිදා පහෝති - ‘ස්නෙහා’යනු: තෘෂ්ණාස්නෙහය ද දෘෂ්ටි ස්නේහය දැ යි ස්නෙහ දෙකකි. . . . මේ තෘෂ්ණා ස්නෙහ යැ. . . මේ දෘෂ්ටි ස්නෙහයි. දුක්ඛමිදං පහෝති යනු: මෙලොවැ ඇතැමෙක් කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. ප්‍රාණවධ ද කෙරෙයි, අදත්තාදාන ද කෙරෙයි, ගෘහසන්‍ධි ද සිඳියි. ගමුදු වොලොගනියි. එක් ගෙයක් පැහැරීමුදු කෙරෙයි.
පරිපන්‍ථෙපි තිට‍්ඨති, පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති. තමෙනං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙන‍්ති අයං දෙව චොරො ආගුචාරී, ඉමස‍්ස යං ඉච‍්ඡති තං දණ‍්ඩං පණෙහීති. තමෙනං රාජා පරිභාසති, සො පරිභාසපච‍්චයාපි දුක‍්ඛං දොමනස‍්සං. පටිසංවෙදෙති, එතං භයං දුක‍්ඛං දොමනස‍්සං. කුතො තස‍්ස: ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං, එත‍්තකෙනපි රාජා න තුස‍්සති.
කඩපළා සොරකමුදු කෙරෙයි, විරඹුසොරකමුදු කෙරෙයි මුසවා ද බෙණෙයි. ඔහු ගෙන දේවයෙනි, ‘මේ අපරාධකාරී සොරෙක’මොහුට කැමැති දඩයක් පණවනු මැනැවැ’යි රජහට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව බිණීම් ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳියි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්‍දිරාග ප්‍රත්‍යයෙනුදු උපන. රජ මෙතෙකිනුදු තුටු නො වෙයි.
තමෙනං රාජා බන්‍ධාපෙති අන්‍දුබන්‍ධනෙන වා රජ‍්ජුබන්‍ධෙනෙන වා සඞ‍්ඛලිකබන්‍ධනෙන වා වෙත‍්තබන්‍ධනෙන වා ලතාබන්‍ධනෙන වා පක‍්ඛෙපබන්‍ධනෙන වා පරික‍්ඛෙපබන්‍ධනෙන වා ගාමබන්‍ධනෙන වා නිගමබන්‍ධනෙන වා නගරබන්‍ධනෙන වා රට‍්ඨබන්‍ධනෙන වා ජනපදබන්‍ධනෙන වා, අන‍්තමසො සච‍්චනීයම‍්පි කරොති න තෙ ලබ‍්භා ඉතො පක‍්කමිතුන‍්ති. සො බන්‍ධනපච‍්චයා පි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: ස‍්නෙහපච‍්චයා ච. නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං, එත‍්තකෙනපි රාජා න තුස‍්සති.
රජ ඔහු සිරබැඳුමින් හෝ රැහැන්බැඳුමින් හෝ හැකිලිබැඳුමින් හෝ වේවැල්බැඳුමින් හෝ ලියබැඳුමින් හෝ සිපිරිගෙ බැඳුමින් හෝ පිරිකෙව්බැඳුමින් හෝ ගම්බැඳුමින් හෝ නියම්ගම් බැඳුමින් හෝ නුවර බැඳුමින් හෝ රටබැඳුමින් හෝ දනවුබැඳුමින් හෝ බඳවයි. යටත් පිරිසෙයින් ‘තා මෙයින් බැහැර යන්නට නො ලැබේ’යයි සවචනීයකමුදු කෙරේ. හෙතෙම බන්ධනප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. මෙතෙකිනුදු රජ තුටු නො වෙයි
තමෙනං රාජා තස‍්ස ධනං ආහාරපෙති: ඝතං වා සහස‍්සං වා සතසහස‍්සං වා, සො ධනජානි පච‍්චයාපි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං එත‍්තකෙනපි රාජා න තුස‍්සති.
රජ ඔහු ලවා සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ ඔහුගේ ධනය ගෙන්වයි. හෙතෙම ධනහානි ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳියි, තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. මෙතෙකිනුදු රජ තුටු නො වෙයි.
තමෙනං රාජා විවිධා කම‍්මකාරණා. කාරාපෙති: කසාහිපි තාළෙති වෙත‍්තෙහිපි තාළෙති, අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙති, හත්‍ථම‍්පි ඡින්‍දති පාදම‍්පි ඡින්‍දති හත්‍ථපාදම‍්පි ඡින්‍දති, කණ‍්ණම‍්පි ඡින්‍දති, නාසම‍්පි ඡින්‍දති, කණ‍්ණනාසම‍්පි ඡින්‍දති, බිලඞ‍්ගථාලිකම‍්පි කරොති, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොති රාහුමුඛම‍්පි කරොති, ජොතිමාලිකම‍්පි කරොති, හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොති, එරකවත‍්තිකම‍්පි කරොති, චීරකවාසිකම‍්පි කරොති, එණෙය්‍යකම‍්පි කරොති, බලිසමංසිකම‍්පි කරොති, කහාපණකම‍්පි කරොති, ඛාරාපතච‍්ඡිකම‍්පි කරොති, පළිඝපරිවත‍්තිකම‍්පි කරොති, පළාලපිට‍්ඨිකම‍්පි කරොති, තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චති, සුනඛෙහිපි ඛාදාපෙති, ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙති, අසිනාපි සීසං ඡින්‍දති, සො කම‍්මකාරණපච‍්චයාපි දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං, රාජා ඉමෙසං චතුන‍්නං දණ‍්ඩානං ඉස‍්සරො.
රජ උහුගෙනවිවිධ කම්කටොලු කරවයි: (රාජපුරුෂ) කසයෙනුදු තළයි, වේවැලිනුදු තළයි, අඩදඬියෙනුදු තළයි, අත් ද සිඳියි පා ද සිඳියි, අත් පා ද සිඳියි, කනුදු සිඳියි, නැහැය ද සිඳියි, කන්නාසාද සිඳියි, කාඩිසැළි කම්කටොලුදු කෙරෙයි, සක්මුඩු කම්කටොලුදු කෙරෙයි, රාහුමුඛ කම්කටොලුදු කෙරෙයි, ගිනිවළලු කම්කටොලුදු කෙරෙයි, අත් දල්වන කම්කටොලුදු කෙරෙයි, එරුවත් කම්කටොලුදු කෙරෙයි, තිහිරිවත් කම්කටොලුදු කෙරෙයි, එණෙය්‍යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් මස් සිඳුනා කම්කටොලු දු කෙරෙයි, කහාපණික කම්කටොලුදු කෙරෙයි, කොස්සෙන් කාරම් ගල්වන කම්කටොලුදු කෙරෙයි, පරිඝපරිවර්තන කම්කටොලුදු කෙරෙයි, පිදුරුපිටු කම්කටොලුදු කෙරෙයි, කකාළ තෙලුදු ඉසියි. ශුනකයන් (කීණබල්ලන්) ලවා ද කවයි, දිවස්නුලැ ද හිඳුවයි, කඩුවෙනුදු හිස සිඳියි, හෙතෙම කම්කටොලු ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපන යත්; ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. රජ මේ සිව් වැදෑරුම් දඬුවමට ඊශ්වරයැ.
සො සකෙන කම‍්මෙන කායස‍්ස භෙදා පරම‍්මරණා, අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති, තමෙනං නිරයපාලා පඤ‍්චවිධබන්‍ධනං නාම කම‍්මකාරණං කාරෙන‍්ති තත‍්තං අයොඛීලං හත්‍ථෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං දුතියෙ හත්‍ථෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං පාදෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන‍්ති. තත‍්තං අයොඛීලං මජ‍්ඣෙ උරස‍්මිං ගමෙන‍්ති. සො තත්‍ථ දුක‍්ඛා තිප‍්පා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං.
හේ සියකැමින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නරකයෙහි උපදී. නිරෑ-පල්ලෝ ඔහු ගෙන පඤ්චවිධ බන්‍ධන නම් වූ කම්කටොලු කරවති: රත් වූ යහුලක් අත්හි ප්‍රවේශ කරවති, රත් වූ යහුලක් දෙ වැනි අත්හි ප්‍රවේශ කරවති, රත් වූ යහුලක් පයැ පිවිසවති, රත් වූ යහුලක් දෙවැනි පයැ පිවිසවති, රත් වූ යහුලක් උරමැද පිවිසවති. හෙතෙම එහි තීව්‍ර වූ ක්‍රෑර වූ කටුක වූ දුක්වේදනා විඳියි. ඒ පව්කම් විගතාන්ත නො වන තාක් නො ද කලුරිය කෙරේ. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපන යත්: ස්නේහ ප්‍රත්‍යයෙනුදු නන්දි ප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන.
තමෙනං නිරයපාලා සංවෙසෙත්‍වා කුඨාරීහි තච‍්ඡන‍්ති. තමෙනං නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා වාසීහි තච‍්ඡන‍්ති. තමෙනං නිරයපාලා රථෙ යොජෙත්‍වා ආදිත‍්තාය පඨවියා සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය සාරෙන‍්තිපි පච‍්චාසාරෙන‍්තිපි. තමෙනං නිරයපාලා මහන‍්තං අඞ‍්ගාරපබ‍්බතං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං ආරොපෙන‍්තිපි ඔරොපෙන‍්තිපි. තමෙනං නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා තත‍්තාය ලොහකුම‍්භියා පක‍්ඛිපන‍්ති ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චති, සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චමානො සකිම‍්පි උද‍්ධං ගච‍්ඡති, සකිම‍්පි අධො ගච‍්ඡති, සකිම‍්පි තිරියං ගච‍්ඡති. සො තත්‍ථ තිප‍්පා ඛරා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තීහොති. එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං. තමෙනං නිරයපාලා මහානිරයෙ පක‍්ඛිපන‍්ති. සො ඛො පන මහානිරයො:
නිරයපාලයෝඋහු හොවා පොරොවින් සස්ති, නිරයපාලයෝ උහු පා උඩුහුරුකොට හිස යටිහුරුකොට ගෙනවෑයෙන් සස්ති, නිරයපාලයෝ උහු රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොව්හි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙත්. පව්කම් කළ උහු යමපල්හු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අංගාර පර්‍වතයට නංවති, බස්වන්නාහු ද වෙත්. පව්කම් කළ උහු යමපල්හු ඌර්‍ධවපාද අධඃශීර්‍ෂ කොට ගෙන තප්ත වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිතවූ ලොහකුම්හියෙහි බහා ලත්. හේ එහි පෙණපිඬු බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬු බඳු දේහ ඇති වැ පස්නේ වරක් උඩට ද නැගෙයි. වරක් යටට ද බසියි. වරක් සරසට ද යේ. හේ එහි තියුණු වූ රළු වූ කටුක වූ දුක් වේදනා විඳි. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපනැ යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්‍දිරාග ප්‍රත්‍යයෙනුදු උපන. පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි බහාලත්. ඒ මහානිරය වූ කලි:
1. “චතුක‍්කණ‍්ණො චතුද‍්වාරො විභත‍්තො භාගසො මිතො අයො පාකාරපරියන‍්තො අයසා පටිකුජ‍්ජිතො,
1. (ඒ මහානිරය) සතරකන් ඇත්තේ යැ, සතර දොර යැ, වෙන වෙන මැ කොටස් වශයෙන් බෙදන ලද, යපවුරින් පරික්‍ෂිප්ත යැ, යපියනින් වසන ලද.
2. තස‍්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා සමන‍්තා යොජනසතං ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා.
2. ඒ මහනිරෑහි යපොළොව ජ්වලිත වූවා තේජසින් යුක්ත යැ, හාත්පසැ සියක් යොදුන් තැනැ සියලු කල්හි පැතිරැ සිටී.
3. කදරියා තාපනා ඝොරා අච‍්චිමන‍්තො දුරාසදා ලොමහංසනරූපා ච භිස‍්මා පටිභයා දුඛා
3. (ඒ අෂ්ටමහානරකයෝ) නිරතුරු තවන්නාහු ඝෝර වූවාහු (කල්පස්ථායී) ගිනිසිළු ඇත්තාහු ළං වියැ නො හැක්කාහු ලොමුදහන පියවි ඇත්තාහු බිහිසුණු වූවාහු බිය උපදවන්නාහු දුක් වූවාහු ද වෙත්.
4. පුරත්‍ථිමාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො දහන‍්තො පාපකම‍්මන‍්තෙ පච‍්ඡිමාය පටිහඤ‍්ඤති,
4. පෙරදිගැ බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් (ගොස්) පැසුළු බිතැ වැදෙයි.
5. පච‍්ඡිමාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො දහන‍්තො පාපකම‍්මන‍්තෙ පුරත්‍ථිමාය පටිහඤ‍්ඤති,
5. පැසුළු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් පෙරදිගැ බිතැ වැදෙයි.
6. උත‍්තරාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො දහන‍්තො පාපකම‍්මන‍්තෙ දක‍්ඛිණාය පටිහඤ‍්ඤති,
6. උතුරු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් දකුණු බිතැ වැදෙයි.
7. දක‍්ඛිණාය ච භිත‍්තියා අච‍්චික‍්ඛන්‍ධො සමුට‍්ඨිතො දහන‍්තො පාපකම‍්මන‍්තෙ උත‍්තරාය පටිහඤ‍්ඤති,
7. දකුණු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් උතුරු බිතැ වැදෙයි.
8. හෙට‍්ඨතො ච සමුට‍්ඨාය අච‍්චික‍්ඛන්‍ධො භයානකො දහන‍්තො පාපකම‍්මන‍්තෙ ඡදනස‍්මිං පටිහඤ‍්ඤති,
8. යට පොළොවිනුදු බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළවුන් දවමින් ගොස් ඡදනයෙහි (සියන්හි) පැහැරැ සිටී.
9. ඡදනම‍්හා සමුට‍්ඨාය අච‍්චික‍්ඛන්‍ධො භයානකො දහන‍්තො පාපකම‍්මන‍්තෙ භූමියං පටිහඤ‍්ඤති,
9. ඡදනයෙන් බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් බිමැ පැහැර සිටී.
10. අයො කපාලමාදිත‍්තං සංතත‍්තං ජලිතං යථා එවං අවීචිනිරයො හෙට‍්ඨා උපරි පස‍්සතො,
10. අවීචිනරකය උඩ යට බලනුවහුට හාත්පසින් දිලියෙන අතිශයින් තැවුණු දැල්වුණු යකබලක් මෙනි.
11. තත්‍ථ සත‍්තා මහාලුද‍්දා මහාකිබ‍්බිසකාරිනො අච‍්චන‍්තපාපකම‍්මන‍්තා පච‍්චන‍්ති න ච මීයරෙ,
11. එහි මහද්රෞද්‍ර වූ මහ දරුණුකම් කරන සුලු වූ අතිශයින් පව්කම් ඇති සත්ත්‍වයෝ පැසෙති, නො ද මියෙත්.
12. ජාතවෙදසමො කායො තෙසං නිරයවාසිනං පස‍්ස කම‍්මානං දළ‍්හත‍්තං න භස‍්මා හොති නපි මසි.
12. ඒ නිරැවැසියන්ගේ කය ගිනි වැන්න, කර්‍මයන්ගේ දැඩි සේ බල, හළු නො වෙයි, දැලි නො ද වේ.
13. පුරත්‍ථිමෙනපි ධාවන‍්ති තතො ධාවන‍්ති පච‍්ඡිමං උත‍්තරෙනපි ධාවන‍්ති තතො ධාවන‍්ති දක‍්ඛිණං,
13. (කිසි කලෙක පූර්‍වද්වාරය, විවර වූ කල්හි) එ දිගට ද දිවෙති, යළි පශ්චිමද්වාරයට ද දිවෙති, උත්තරද්වාරයට ද දිවෙති, යළි දක්ෂිණද්වාරයට ද දිවෙත්.
14. යං යං දිසං පධාවන‍්ති තං තං ද‍්වාරං පිථීයති අභිනික‍්ඛමිතාසා තෙ සත‍්තා මොක‍්ඛගවෙසිනො,
14. යම් යම් දිශාවකට වේගයෙන් දිවෙත් නම්, (සම්ප්‍රාප්ත කල්හි) ඒ ඒ ද්වාරය වැසෙයි. නික්මැ යන ආශා ඇති ඒ නිරිසත්හු මිදෙන උපාය සොයන්නාහු වෙත්.
15. න තෙ තතො නික‍්ඛමිතුං ලභන‍්ති කම‍්මපච‍්චයා තෙසං ච පාපකම‍්මං තං අවිපක‍්කං කතං බහු’න‍්ති.
15. කර්‍ම හේතුයෙන් ඔහු එයින් නික්මෙන්නට නො ලැබෙති. යම් හෙයකින් ඔවුන් විසින් නො පැසුණු විපාක ඇති පාපකර්‍මය බොහෝ කොට කරන ලද ද එහෙයිනි.
එතං භයං දුක‍්ඛං දොමනස‍්සං කුතො තස‍්ස: ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච ජාතං. යානි ච නෙරයිකානි දුක‍්ඛානි යානි ච තිරච‍්ඡානයොනිකානි දුක‍්ඛානි යානි ච පෙත‍්තිවිසයිකානි දුක‍්ඛානි යානි ච මානුස‍්සිකානි දුක‍්ඛානි තානි කුතො ජාතානි කුතො සඤ‍්ජාතානි කුතො නිබ‍්බත‍්තානි කුතො අභිනිබ‍්බත‍්තානි කුතො පාතුභූතානි: ස‍්නෙහපච‍්චයා ච නන්‍දිපච‍්චයා ච රාගපච‍්චයා ච නන්‍දිරාගපච‍්චයා ච භවන‍්ති. සම‍්භවන‍්ති ජායන‍්ති සංජායන‍්ති නිබ‍්බත‍්තන‍්ති අභිනිබ‍්බත‍්තන‍්ති පාතුභවන‍්තීති ‘ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොති. ‘
තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. යම් නිරය දුකක් තිරිසන්යොන්හි යම් දුකක් ප්‍රේතවිෂයෙහි යම් දුකක් මිනිසත් බැව්හි යම් දුකකුත් වෙත් නම්, එ දුක් කොයින් උපන්නාහු ද කොයින් හටගත්තාහු ද කොයින් නිපන්නාහු ද කොයින් වෙසෙසින් නිපන්නාහු ද කොයින් පහළ වූවාහු ද යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු වෙති උපදිති හටගනිති සඤ්ජාත වෙති නිපදිති වෙසෙසින් නිපදිති පහළ වෙත් නුයි ‘ස්නෙහන්වයං දුක්ඛමිදං පහෝති’යනු වේ.
ආදීනවං ස‍්නෙහජං පෙක‍්ඛමානොති: ‘ස‍්නෙහොති’ දෙව ස‍්නෙහා: තණ‍්හාස‍්නෙහො ච දිට‍්ඨිස‍්නෙහො ච. -පෙ- අයං තණ‍්හාස‍්නෙහො -පෙ- අයං දිට‍්ඨිස‍්නෙහො. ආදීනවං ස්නෙහජං පෙක‍්ඛමානො’ති: තණ‍්හා ස‍්නෙහො ච දිට‍්ඨිස‍්නෙහො ච ආදීනවං ස්නෙහජං පෙක‍්ඛමානො දක‍්ඛමානො ඔලොකයමානො නිජ‍්ඣායමානො උපපරික‍්ඛමානොති ‘ආදීනවං ස්නෙහජං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.
ආදීනව, ස්නෙහජං පෙක්ඛමානො - ‘ස්නෙහො’යනු: තෘෂ්ණා ස්නෙහ ද දෘෂ්ටිස්නෙහ දැ යි ස්නෙහ දෙකෙකි. . . මේ තෘෂ්ණා ස්නෙහ යැ . . . මේ දෘෂ්ටි ස්නෙහ යි. ආදිනවං ස්නෙහජං පෙක්ඛමානො යනු: ස්නේහයෙන් උපන් ආදීනව ප්‍රෙක්ෂණය කෙරෙමින් දක්මින් බලමින් සිතමින් විමසම්නි නුයි ‘ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“සංසග‍්ගජාතස‍්ස භවන්ති ස‍්නෙහා ස‍්නෙහන්‍වයං දුක‍්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“සංසග්ගජාතස්ස -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.