යෙදුමෙන් කියවන්න

3

3.

3.

මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො හාපෙති අත්‍ථං පටිබද‍්ධචිත‍්තො, එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

සුහද මිතුරනට අනුකම්පා කරන පිළිබැඳි සිත් ඇත්තේ අර්‍ත්‍ථය නසාලයි. සන්‍ථවයෙහි තෙල භය දක්නේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.

මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො හාපෙති අත්‍ථං පටිබද‍්ධචිත‍්තොති ‘මිත‍්තො’ති ද‍්වෙ මිත‍්තා: අගාරිකමිත‍්තො ච අනගාරිකමිත‍්තො ච කතමො අගාරිකමිත‍්තො: ඉධෙකච‍්චො දුද‍්දදං දදාති, දුච‍්චජං චජති, දුක‍්කරං කරොති, දුක‍්ඛමං ඛමති, ගුය‍්හමස‍්ස ආචික‍්ඛති, ගුය‍්හමස‍්ස පරිගුය‍්හති, ආපදාසු න විජහති, ජීවිතං චස‍්ස අත්‍ථාය පරිච‍්චත‍්තං හොති, ඛීණෙ නාතිමඤ‍්ඤති. අයං අගාරිකමිත‍්තො. කතමො අනගාරිකමිත‍්තො: ඉධ භික‍්ඛු පියො ච හොති මනාපො ච ගරූ ච භාවනීයො ච වත‍්තා ච වචනක‍්ඛමො ච ගම‍්භීරං ච කථං කත‍්තා නො ච අට‍්ඨානෙ නියොජෙති, අධිසීලෙ සමාදපෙති, චතුන‍්නං පතිට‍්ඨානානං භාවනානුයොගෙ සමාදපෙති, චතුන‍්නං සම‍්මප‍්පධානානං -පෙ- චතුන‍්නං ඉද‍්ධිපාදානං -පෙ- පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං -භාවනානුයොගෙ සමාදපෙති, පඤ‍්චන‍්නං බලානං- සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස භාවනානුයොගෙ සමාදපෙති. අයං අනගාරිකමිත‍්තො. සුහජ‍්ජා වුච‍්චන‍්ති යෙහි සහ ආගමනං ඵාසු ගමනං ඵාසු නිසජ‍්ජා ඵාසු සයනං ඵාසු ආලපනං ඵාසු සල‍්ලපනං ඵාසු උල‍්ලපනං ඵාසු සමුල‍්ලපනං ඵාසු.

මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං පටිබද්ධචිත්තො - ‘මිත්තා’යනු: ආගාරික මිත්‍ර ද ප්‍රව්‍රජිත මිත්‍ර දැ යි මිත්‍රයෝ දෙදෙනෙකි. ආගාරිකමිත්‍ර කවරැ යත්: මෙලොවැ ඇතැමෙක් නො දිය හැක්ක දෙයි, නො හළ හැක්ක හරියි, නො කළ හැක්ක කරයි, නො ඉවසිය හැක්ක ඉවසයි, තමාගේ සැඟැවිය යුත්ත ඔහුට කියයි, ඔහුගේ ගෝපනය කළ යුත්ත ගෝපනය කෙරෙයි, ආපදාවන්හි නො හරියි, ඔහු පිණිස ජීවිත පරිත්‍යාග ද කෙරෙයි. පිරිහුණු කල්හි අවමන් නො කෙරේ, මේ අගාරික මිත්‍ර යැ. ප්‍රව්‍රජිතමිත්‍ර කවරැ යත්: මෙ සස්නෙහි මහණ ප්‍රිය වූයේත් මනවඩන්නේත් ගුරු වූයේ ත් සම්භාවනාර්හ වූයේ ත් වක්තෘ වූයේ ත් මෙරමා වදන් ඉවසනුයේ ත් ගැඹුරු කථා කියන්නේ ත් වෙයි, නො ද අස්ථානයෙහි යොදයි. අධිශීලයෙහි සමාදන් කරවයි, සතර සතිපට්ඨානයන්ගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි, සතර සම්‍යක් ප්‍රධානයන්ගේ... සතර ඍද්ධිපාදයන්ගේ... පඤ්චේන්ද්‍රියන්ගේ-පඤ්චබලයන්ගේ සප්තබෝධ්‍යඞ්ගයන්ගේ - ආර්‍ය අෂ්ටාකාංගික මාර්‍ගයාගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි. මේ ප්‍රව්‍රජිතමිත්‍ර යි. යම් කෙනකුන් ‘හා සමග ඊම පහසු ද යෑම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලාපය පහසු ද සල්ලාපය පහසු ද උසස් කොට බිණීම පහසු ද පුනපුනා උසස් කොට බිණීම පහසු ද ඔහු ‘සුහදයෝ” යි කියනු ලැබෙත්.

මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො හාපෙති අත්‍ථන‍්ති: මිත‍්තෙ ච සුහජ‍්ජෙ ච සන්‍දිට‍්ඨෙ ච සම‍්භත‍්තෙ ච සහායෙ ච අනුකම‍්පමානො අනුපෙක‍්ඛමානො අනුගය‍්හමානො අත‍්තත්‍ථම‍්පි පරත්‍ථම‍්පි උභයත්‍ථම‍්පි හාපෙති, දිට‍්ඨධම‍්මිකම‍්පි අත්‍ථං හාපෙති, සම‍්පරායිකම‍්පි අත්‍ථං හාපෙති, පරමත්‍ථම‍්පි අත්‍ථං හාපෙති, පහාපෙති පරිහාපෙති පරිධංසෙති පරිවජ‍්ජෙති අන‍්තරධාපෙතීති ‘මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො හාපෙති අත්‍ථං. පටිබද‍්ධචිත‍්තො’ති ද‍්වීහි කාරණෙහි පටිබද‍්ධචිත‍්තො හොති: අත‍්තානං වා නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති අත‍්තානං වා උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො පබද‍්ධචිත‍්තො හොති. කථං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති. කථං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති: තුම‍්හෙ මෙ බහූපකාරා අහං තුම‍්හෙ නිස‍්සාය ලභාමි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං, යෙපි මෙ අඤ‍්ඤෙ දාතුං වා කාතුං වා මඤ‍්ඤන‍්ති, තුම‍්හෙ නිස‍්සාය තුම‍්හෙ සම‍්පස‍්සන‍්තා, යම‍්පි මෙ පොරාණං මාතාපෙත‍්තිකං නාමගොත‍්තං තම‍්පි අන‍්තරහිතං, තුම‍්හෙහි අහං ඤායාමි, අසුකස‍්ස කුලූපකො අසුකාය කුලූපකොති. එවං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති.

මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං යනු: මිත්‍රයනට ද සුහදයනට ද සන්දෘෂ්ට (දුටු විසැඹි) යනට ද සම්භක්ත (දළවිසගැඹි) යනට ද යහළුවනට ද අනුකම්පා කරනුයේ බලනුයේ අනුග්‍රහ කරනුයේ ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද නසයි, ඓහිකාර්ථය ද නසයි, පාරත්‍රිකාර්ථය ද නසයි, පරමාර්ථාර්ත්ථය ද නසයි, වෙසෙසින් නසයි, පිරිහෙළයි, විද්ධංසන කෙරෙයි, දුරු කෙරෙයි, අතුරුදහන් කෙරේ නුයි ‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං’යනු වේ. පටිබද්ධචිත්තො යනු: දෙ කරුණෙකින් පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වේ. කිසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ පිළිබැඳි සිත් ඇත්තේ වේ ද යත්: තෙපි මට බොහෝ උපකාර ඇතියවු, මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබමි, අන්‍ය වූ යම් කෙනෙකුත් මට දෙන්නට හෝ කරන්නට සිතත් නම් තොප නිසා යැ තොප මුහුණ බලමිනි,- මාගේ මාපියන් සතු යම් පැරණි නම්ගොතෙකුත් වී නම් එ ද අතුරුදහන් වී යැ, තොප කරණ කොට මම් ‘අසෝ තැනැත්තහු ගේ කුලුපග යැ අසෝ තැනැත්තියගේ කුලුපග යැ, යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබනුයේ පිළිබැඳි සිත් ඇත්තේ වෙයි.

කථං අත‍්තානං උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති: අහං තුම‍්හාකං බහූපකාරො. තුම‍්හෙ මං ආගම‍්ම බුද‍්ධං සරණං ගතා, ධම‍්මං සරණං ගතා, සඞ‍්ඝං සරණං ගතා, පාණාතිපාතා පටිවිරතා, අදින‍්නාදානා පටිවිරතා, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා. අහං තුම‍්හාකං උද‍්දෙසං දෙමි, පරිපුච‍්ඡං දෙමි, උපොසථං ආචික‍්ඛාමි, නවකම‍්මං අධිට‍්ඨාමි, අථ ච පන තුම‍්හෙ මං උජ‍්ඣිත්‍වා අඤ‍්ඤෙ සක‍්කරොථ ගරුකරොථ මානෙථ පුජෙථාති. එවං අත‍්තානං උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොතීති ‘හාපෙති අත්‍ථං පටිබද‍්ධචිත‍්තො’.

කිසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇත්තෙමි. තෙපි මා කරා පැමිණ බුදුන් සරණ කොට ගියවු යැ, දහම් සරණ කොට ගිය වූ යැ, සඟුන් සරණ කොට ගියවු යැ, ප්‍රාණවධයෙන් වැළකුණ වු යැ, අදත්තාදානයෙන් වැළකුණවූ යැ, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණු යැ, මුසවායෙන් වැළකුණ වු යැ, මදයට හා ප්‍රමාදයට හා කරුණු වූ රහමෙරින් වැළකුණ වු යැ. මම් තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි, පෙහෙවස් කියමි, නවකම් ඉටමි, එතෙකුදුවත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරවු, ගරුකාර කරවු, මානන කරවු, පූජන කරවු යයි මෙසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ නුයි. ‘හාපෙති අත්‍ථං පටිබද්ධචිත්තො’ යනු වේ.

එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානොති: ‘භයන‍්ති: ජාතිභයං ජරාභයං ව්‍යාධිභයං මරණභයං රාජභයං චොරභයං අග‍්ගිභයං උදකභයං අත‍්තානුවාදභයං පරානුවාදභයං දණ‍්ඩභයං දුග‍්ගතිභයං ඌමිභයං කුම‍්භීලභයං ආවට‍්ටභයං සුසුකාභයං ආජීවකභයං අසිලොකභයං පරිසාය සාරජ‍්ජභයං මදනභයං භයානකත‍්තං ඡම‍්භිතත‍්තං ලොමහංසො චෙතසො උබ‍්බෙගො උත්‍රාසො: සන්‍ථවෙති ද‍්වෙ සන්‍ථවා: තණ‍්හාසන්‍ථවො ච දිට‍්ඨිසන්‍ථවො ච -පෙ- අයං තණ‍්හාසන්‍ථවො -පෙ- අයං දිට‍්ඨිසන්‍ථවො. එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානොති: එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො දක‍්ඛමානො ඔලොකයමානො නිජ‍්ඣායමානො උපපරික‍්ඛමානොති ‘එතං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො එකො චරො ඛග‍්ගවිසාණකප‍්පො’.

එතං භයං සන්ථවෙ පෙක්ඛමානො - ‘භයං’යනු: ජාතිය නිසා උපදනා බිය පරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය. මුහුදු රළ නිසා උපදනා බිය මස් කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දියසුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා බිය දිවි වැටුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැති ගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය තැතිගන්නා බව ලොමුදහ ගැන්ම චිත්තයාගේ උද්වේගය උත්‍රාසය යි. සන්ථවෙ යනු: තෘෂ්ණා සන්‍ථව ද දෘෂ්ටිසන්ථව දැ යි සන්‍ථව දෙකෙකි. . . . මේ තෘෂ්ණාසන්ථව යැ . . . මේ දෘෂ්ටිසන්ථව යි. එතං භයං සන්ථවෙ පෙක්ඛමානො යනු: තෙල බිය සන්‍ථවයෙහි බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් සිතමින් විමසම්නි නුයි ‘එතං භයං සන්ථවෙ පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේ බුදුහු:

“මිත‍්තෙ සුහජ‍්ජෙ අනුකම‍්පමානො-හාපෙති අත්‍ථං පටිබද‍්ධචිත‍්තො, එකං භයං සන්‍ථවෙ පෙක‍්ඛමානො-එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“මිත්තෙ සුහජ්ජේ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.