යෙදුමෙන් කියවන්න

4

4.

4.

වංසො විසාලොව යථා විසත‍්තො පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා, වංසකළීරොව අසජ‍්ජමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

අඹුදරුවන් කෙරෙහි වූ යම් අපේක්‍ෂාවක් ඇද්ද එය හුණ ළහැබෙකැ හිවීගිය මහහුණගසෙක් වැන්න, මම් එහි නො ලැගෙන හුණ කිළිලක්සෙයින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ සරනෙම්.

වංසො විසාලොව යථා විසත‍්තොති ‘වංසො’ වුච‍්චති වෙළුගුම‍්බො යතා වෙළුගුම‍්බස‍්මිං පොරාණකා වංසා සත‍්තා විසත‍්තා ආසත‍්තා ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධා’ එවමෙව ‘විසත‍්තිකා’ වුච‍්චති තණ‍්හා: “යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං ගෙධො පළිගෙධො සඞ‍්ගො පඞ‍්කො එජා මායා ජනිකා සංජනිනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසතා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්ති වනං වනථො සන්‍ථවො ස‍්නෙහො අපෙක‍්ඛො පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත‍්තං රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා, ජප‍්පා පජප‍්පා අභිජප‍්පා ජප‍්පනා. ජප‍්පිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං පුච‍්ඡිඤ‍්චිකතා සාදුකම්‍යතා, අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සම‍්පත්‍ථනා, කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා රූපතණ‍්හා

වංසො විසාලො‘ව යථා විසත්තො - ‘වංසො’ යි හුණලැහැබ කියනු ලැබෙයි. යම් සේ හුණ ලැහැබෙහි පැරැණි හුණගස් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පලිබුද්ධ වේද, එසෙයින් මැ, තෘෂ්ණාව ‘විසත්තිකා’යි කියනු ලැබේ. යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡාවක් මූර්ඡායෙක් අධ්‍යාවසානයෙක් ගෙධයෙක් පළිගේධයෙක් සංගයෙක් පංකයෙක් එජායෙක් (වඤ්චනාර්ත්ථයෙන්) මායාවක් (සත්ත්‍වයන් උපදවන) ජනිකායේක් සඤ්ජනනියක් (හිවන අර්‍ත්‍ථයෙන්) සිබ්බනියක් ජාලිනියක් (සරිත් සදෘශ වැ ආකර්‍ෂණ කරන හෙයින්) නදියක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයුහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයායෙක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (සමුත්ථාපන-ගහන හෙයින්) වනයෙක් (බලවත් භාවයෙන්) වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් අශංසනයෙක් ආශංසාකළ බවෙක් රූපාශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධානශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරනහෙයින්) ජලිපායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක්

අරූපතණ‍්හා නිරොධතණ‍්හා, රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා, ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං, දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලං තණ‍්හාසමුද‍්දො, අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.

අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් (උපදනා කුශලවාරය ගන්නා) පරියුට්ඨානයෙක් (හාත්පසින් වෙළන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමැති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාර පාශයෙක් මාරබඩිශයෙක් මාර විෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාසංඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සංඛ්‍යාත ගර්දුලයෙක් (ශුනක බන්‍ධනයෙක්) තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ නම් එය යි.

විසත‍්තිකාති කෙනට‍්ඨෙන විසත‍්තිකා: විසාලාති විසත‍්තිකා, විසතාති විසත‍්තිකා, විසටාති විසත‍්තිකා, විසක‍්කතීති විසත‍්තිකා, විසං හරතීති විසත‍්තිකා, විසංවාදිකාති විසත‍්තිකා, විසමූලාති විසත‍්තිකා, විසඵලාති විසත‍්තිකා, විසපරිභොගාති, විසත‍්තිකා.

විසත්තිකා යනු: කවර අරුතෙකින් (තෘෂ්ණාව) විසත්තිකා නම්වූ ද යත්: විශාල වන හෙයින් විසත්තිකා යැ, විසෘත වන හෙයින් විසත්තිකා යැ, විස්තෘත වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්‍ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ, වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛවිෂය එළවන හෙයින් විසත්තිකා යැ, (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ, විෂඵල හෙයින් විසත්තිකා යැ, විෂපරිභෝග හෙයින් විසත්තිකා යැ,

විසාලා වා පන තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසාය සුඛෙ චීවරෙ පිණ‍්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙ කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ‍්ඤාභවෙ අසඤ‍්ඤාභවෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ‍්චවොකාරභවෙ අතීතෙ අනාගතෙ පච‍්චුප‍්පන‍්නෙ දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු විසතා විත්‍ථතාති විසත‍්තිකාති ‘වංසො විසාලොව යථා විසත‍්තො’.

යළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හිප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යයෙහි කාමධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥා භවයෙහි එකස්කන්ධභවයෙහි චතුෂ්ස්කන්ධභවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි අතීතකාලයෙහි අනාගතකාලයෙහි ප්‍රත්‍යුත්පන්නකාලයෙහි දෘෂ්ටශ්‍රැත මුතවිඥාතව්‍ය ධර්‍මයන්හි විසෘත විස්තෘත නුයි විසත්තිකා’නම් වේ නුයි “වංසො විසාලොව යථා විසත්තො” යනු වේ.

පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛාති ‘පුත‍්තා’ති: චත‍්තාරො පුත‍්තා අත්‍රජො පුත‍්තො ඛෙත‍්තජො පුත‍්තො දින‍්නකො පුත‍්තො අන‍්තෙවාසිකො පුත‍්තො. දාරා වුච‍්චන‍්ති භරියායො. අපෙක‍්ඛා වුච‍්චති තණ‍්හා: “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූල”න‍්ති ‘පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා’.

පුත්තෙසුදාරෙසුච යා අපෙක්ඛා-‘පුත්තා” යනු පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජ පුත්‍ර යැ දින්නක පුත්‍ර යැ අන්තෙවාසීපුත්‍ර යි, ‘දාරා’යි භාර්‍ය්‍යාවෝ කියනු ලැබෙති. ‘අපෙක්ඛෙ‘ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. ‘යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද ඒ නුයි ‘පුත්තේසු දාරෙසු ච යා අපෙක්ඛා’යනු වේ.

වංසකලීරොව අසජ‍්ජමානොති ‘වංසො’ වුච‍්චති වෙළුගුම‍්බො, යථා වෙළුගුම‍්බස‍්මිං තරුණකා කළීරා අසත‍්තා අලග‍්ගා අපළිබුද‍්ධා නික‍්ඛන‍්තා නිස‍්සටා විප‍්පමුත‍්තා, එවමෙව. අසජ‍්ජාති දෙව සජ‍්ජා තණ‍්හාසජ‍්ජා ච දිට‍්ඨිසජ‍්ජා ච -පෙ- අයං තණ‍්හාසජ‍්ජා -පෙ- අයං දිට‍්ඨිසජ‍්ජා තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස තණ‍්හාසජ‍්ජා පහීනා දිට‍්ඨිසජ‍්ජා පටිනිස‍්සට‍්ඨා තණ‍්හාසජ‍්ජාය පහීනත‍්තා දිට‍්ඨිසජ‍්ජාය පටිනිස‍්සට‍්ඨත‍්තා සො පච‍්චෙකසම‍්බුද‍්ධො රූපෙ න සජ‍්ජති, සද‍්දෙ න සජ‍්ජති, ගන්‍ධෙ න සජ‍්ජති, රසෙ න සජ‍්ජති, ඵොට‍්ඨබ‍්බෙ න සජ‍්ජති, කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසාය සුඛෙ චීවරෙ පිණ‍්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙ කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ‍්ඤාභවෙ අසඤ‍්ඤාභවෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ‍්චවොකාරභවෙ අතීතෙ අනාගතෙ පච‍්චුප‍්පන‍්නෙ දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු න සජ‍්ජති, න ගණ‍්හාති න බජ‍්ඣති න පළිබුජ‍්ඣිති න මුච‍්චති නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසංයුත‍්තො. විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘වංසකළීරොව අසජ‍්ජමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’ති.

වංසකළීරෝ’ච අසජ්ජමානෝ- ‘වංසො” යි හුණ ලැහැබ කියනු ලැබෙයි. යම්සේ හුණලැහැබ්හි තුරුණු හුණකිළිල්හු නො ඇලුණාහු නො ලැගුණාහු පළිබෝධ නැත්තාහු (ලැහැබින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුනාහු වෙත්ද එසෙයින් මැ. අසජ්ජා යනු : සඞ්ග (ඇලීම්) දෙකෙකි : තෘෂ්ණසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යැ යි... මේ තෘෂ්ණසඞ්ග යැ... මේ දෘෂ්ටිසඞ්ග යි. ඒ පසේ බුදුන් විසින් තෘෂ්ණ සඞ්ගය ප්‍රහීණ යැ දෘෂ්ටිසඞ්ගය බැහැර කරන ලද, තෘෂ්ණාසඞ්ගය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිසඞ්ගය බැහැර කරන ලද වන බැවින් ඒ පසේ බුදුහු රූපයෙහි නො ඇලෙති, ශබ්දයෙහි නො ඇලෙති, ගන්‍ධයෙහි නො ඇලෙති, රසයෙහි නො ඇලෙති, ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙති, කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයෙහි කාම ධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි කාමභවයෙහි රූපභවයෙහි අරූප භවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි ඒකවෝකාරභවයෙහි චතුවෝකාරභවයෙහි පඤ්චවොකාරභවයෙහි අතීතයෙහි අනාගතයෙහි ප්‍රත්‍යුත්පන්නයෙහි දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්මයන්හි නො ඇලෙති, නො ගනිති, නො බැඳෙති, පලිබුද්ධ නොවෙති, ඝටිත නො වෙත්. (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරෙත් නුයි ‘වංසකළීරො’ච අසජ්ජමානෝ එකොචරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේ බුදුහු:

“වංසො විසාලොව යථා විසත‍්තො පුත‍්තෙසු දාරෙසු ච යා අපෙක‍්ඛා වංසකළීරොව අසජ‍්ජමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“වංසො විසාලො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.