5
5.
5.
මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය, විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
යම්සේ අරනෙහි මුවතෙම නො බැඳුණේ කැමැති තැනකට ගොදුරට යේ ද, එසෙයින් ස්වෛරීභාවය අපේක්ෂා කරන නුවණැති පුරුෂ තෙම කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරායාති: ‘මිගො’ති ද්වෙ මිගා: එණිමිගො ච පසදමිගො ච යථා ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ ච චරමානො විස්සත්ථො ගච්ඡති විස්සත්ථො තිට්ඨති විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. වුත්තං හෙතං භගවතා: “සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ චරමානො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු:
මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය ‘මිගො’යනු: මෘගයෝ දෙදෙනෙකි: එණිමෘග ද පසද මෘග දැ යි. යම්සේ වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැයේද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, තෙල වදාරන ලද මැ යැ භාග්‍යවතුන් විසින්: “යම්සේ මහණෙනි, වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැ යේ ද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, ඒ කවර හෙයිනැ යත්:
අනාපාථගතො භික්ඛවෙ ලුද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුනච’පරං භික්ඛවෙ විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුන චපරං භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසංපජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
මහණෙනි, මුව වැදිහු ගේ ඇස්හමුවට නො ගිය හෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්මයෙන් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ කෙලෙස් මරනු හෝ මරදෙව්පිත් අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්ෂුස නසා මර්හු ගේ අදර්ශනයට ගියෝ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් සන්තානයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරනු අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්ෂුස නසා මරනුගේ අදර්ශනයට ගියේ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම ප්රීතියා ගේ ද විරාගයෙන් උපෙක්ෂා ඇති වැ වාස කෙරෙයි. වැළිත් ස්මෘතිසම්යග්ඥාන ඇත්තේ නාමකයින් සම්ප්‍රයුක්ත සුඛවේදනා විඳියි. යම් ධ්‍යානයක් හේතු කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ (ධ්යානසමඞ්ගී පුද්ගල තෙම) ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ‘යි කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, ක්ලෙශපාද රහිතකොට මාරචක්ෂුස නසා මරහුගේ අදර්ශනයට ගියෝ යැයි කියනු ලැබේ. තව ද මහණෙනි, මහණ තෙම සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ කෙලෙස් පා රහිත කොට මාරචක්ෂුස නසා මරහුගේ අදර්ශනයට ගියේ යැයි කියනු ලැබෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනත්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො තිණ්ණො ලොකෙ විසත්තිකං සො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු: අනාපාථගතො භික්ඛවෙ පාපිමතොති”. ‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය.’
තවද මහණෙනි, මහණ තෙම සර්වප්රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තයැ’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ ‘මරහු අන්ධ කෙළේ යැ කෙලෙස්පා නැති කොට මාරචක්ෂුස නසා මරහුගේ අදර්ශනයට ගියේ ය’යි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත යැ’යි. විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි....සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි ... සර්වප්රකාරයෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතන ය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරෙයි. යළි මාර්‍ගප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්ෂය කරන ලද වෙත්. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේය. කෙලෙස්පිය නැති කොට මර ඇස නසා මරහුගේ අදර්ශනයට ගියේ යැ’යි කියනු ලැබේ. ලොවැ විසත්තිකා නම් වූ, තෘෂ්ණාව තරණය කළ හෙතෙම විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී. ඒ කවර හෙයිනැ යත් : මහණෙනි, මරහුගේ ඇස්හමුවට නො ගිය හෙයිනැ‘යි ‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකයං ගච්ඡති ගොචරාය’යනුවේ.
විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානොති: ‘විඤ්ඤූ’ති පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. ‘නරො’ති සත්තො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ ජන්තු ඉන්දගු මනුජො. සෙරීති ද්වෙ සෙරී: ධම්මොපි සෙරී පුග්ගලොපි සෙරී. කතමො ධම්මො සෙරී: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං ධම්මො සෙරී. කතමො පුග්ගලො සෙරී: යො ඉමිනා සෙරිනා ධම්මෙන සමන්නාගතො සො වුච්චති පුග්ගලො සෙරී.
විඤ්ඤූ නරෝ සෙරිතං පෙක්ඛමානො- ‘විඤ්ඤූ’යනු: පණ්ඩිත වූයේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ නුවණැත්තේ විමසන නුවණ ඇත්තේ තුලිතඥාන ඇත්තේ. නරෝ යනු: සත්ත්ව යැ මාණව යැ (පුස්නා) බැවින් පොස යැ පුද්ගල යැ ජීව යැ (ච්‍යුතියෙන් ජාතියට යන හෙයින්) ජාගු යැ (උපදනා අරුතින්) ජන්තු යැ. (කර්මාධිපති වැ යන හෙයින්) ඉන්දගු යැ මනුජ යි. සේරී යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරීධර්මයෙක් ද වෙයි, ස්වෛරීපුද්ගලයෙක් ද වෙයි. ස්වෛරීධර්ම කවරැ යත්: සතර සතිපට්ඨාන යැ සතර ‘සම්‍යක් ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්ද්රිය යැ පඤ්ච බල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්ය අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යි මේ ස්වෛරීධර්ම යැ. ‘ස්වෛරීපුද්ගල’නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරීධර්මයෙන් සමන්වාගත වූයේ ද හේ ‘ස්වෛරීපුද්ගල’යි කියනු ලැබේ.
විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානොති: ‘විඤ්ඤූ නරො සෙරිතං ධම්මං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
විඤ්ඤූ නරෝ සෙරිතං පෙක්ඛමානො යනු: නුවණැති පුරුෂ තෙම ස්වෛරීධර්මය බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ ධ්‍යාන කරනුයේ විමසනුයේ නුයි ‘විඤ්ඤූනරෝ සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය, විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති
“මිගො අරඤ්ඤම්හි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.