6
6.
6.
ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
යහළුවන් මැද (සිටියහුට දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි ද (මහා උපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි ද ගමනයෙහි ද චාරිකායෙහි ද (මේ අසව දෙව ආදීන්) ඇමැතීම් වෙයි. (එහි කලකුළු මම කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ධර්මපුද්ගල ස්වෛරීභාවය ද අපේක්ෂා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකායාති: ‘සහායා’ වුච්චන්ති යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු, ඨානං ඵාසු, නිසජ්ජං. ඵාසු, සයනං ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, උල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකායාති සහාය මජ්ඣෙ වාසෙපි ඨානෙපි ගමනෙපි චාරිකායපි අත්තත්ථමන්තනා පරත්ථමන්තනා උභයත්ථමන්තනා දිට්ඨධම්මිකත්ථමන්තනා සම්පරායිකත්ථමන්තනා පරමත්ථත්ථ මන්තනාති ‘ආමන්තනා හොති සහා යමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය’.
ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යම් කෙනකුන් සමග ඊම පහසු ද යෑම පහසුද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද සයනය පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද, ඔහු ‘සහායයෝ ‘යි කියනු ලැබෙත්: ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යනු: සහායයන් මධ්‍යයෙහි විසීමෙහිදු සිටීමෙහිදු ගමන්හිදු චාරිකායෙහිදු ආත්මාර්‍ත්‍ථ පිළිබඳ මන්ත්‍රණ පරාර්ථ පිළිබඳ මන්ත්‍රණ උභයාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ තම අත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරඅත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරමාර්ථාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ වේ නුයි ‘ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානේ ගමනෙ චාරිකාය’යනු වේ.
අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානොති: අනභිජ්ඣිතං එතං වත්ථු බාලානං අසප්පුරිසානං තිත්ථියානං තිත්ථියසාවකානං: යදිදං භණ්ඩු කාසායවත්ථවසනතා. අභිජ්ඣිතං එතං වත්ථූ පණ්ඩිතානං සප්පුරිසානං බුද්ධසාවකානං පච්චෙකබුද්ධානං යදිදං භණ්ඩුකාසායවත්ථවසනතා. සෙරීති ද්වෙ සෙරී: ධම්මොපි සෙරී පුග්ගලොපි සෙරී. කතමො ධම්මො සෙරී: චත්තාරො සතිපට්ඨානා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං ධම්මො සෙරී. කතමො පුග්ගලො සෙරී: යො ඉමිනා සෙරිනා ධම්මෙන සමන්නාගතො සො වුච්චති පුග්ගලො සෙරී. අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානොති: සෙරිතං ධම්මං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: භණ්ඩුකර්මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් වේ නම් තෙල කරුණ නුවණමඳ වූ අසත්පුරුෂ වූ තීර්ත්ථකයන් විසින් තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් නො පතන ලද යැ භණ්ඩුකර්මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් ඇද්ද තෙල කරුණ පණ්ඩිත වූ සත්පුරුෂ වූ බුද්ධශ්‍රාවකයන් විසින් ප්රත්යෙක සම්බුද්ධයන් විසින් වෙසෙසින් පතනලද යැ. සෙරි යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරී ධර්මය ද ස්වෛරී පුද්ගල දැ’යි ස්වෛරීධර්ම නම් කවරැ යත්: සතර සතිපට්ඨාන යැ... ආර්ය අෂ්ටාඞ්ගික මාර්ග යැ යි. මේ ස්වෛරීධර්ම නම, ස්වෛරී පුද්ගල නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරී ධර්මයෙන් සමන්වාගත වූයේ නම් හේ ‘ස්වෛරීපුද්ගල‘යයි කියනු ලැබෙයි. අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: ස්වෛරී ධර්මය බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් පිරික්සම්නි නුයි ‘අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“ආමන්තනා හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.