යෙදුමෙන් කියවන්න

7

7.

7.

ඛිඩ‍්ඩා රතී හොති සහායමජ‍්ඣෙ පුත‍්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප‍්පයොගං විජිගුච‍්ඡමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

යහළුවන් මැද ක්‍රීඩාව ද පඤ්චකාම ගුණරතිය ද වෙයි, පුත්‍රයන් කෙරෙහි දු විපුල ප්‍රේමය වෙයි, ප්‍රියවිප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලාව සරනෙම්.

ඛිඩ‍්ඩාරතී හොති සහායමජ‍්ඣෙති ‘ඛිඩ‍්ඩා’ති ද‍්වෙ ඛිඩ‍්ඩා කායිකා ච ඛිඩ‍්ඩා වාචසිකා ච ඛිඩ‍්ඩා. කතමා කායිකා ඛිඩ‍්ඩා: හත්‍ථීහිපි කීළන‍්ති, අස‍්සෙහිපි කීළන‍්ති රථෙහිපි කීළන‍්ති, ධනූහිපි කීළන‍්ති, අට‍්ඨපදෙපි කීළන‍්ති, දසපදෙපි කීළන‍්ති, ආකාසෙපි කීළන‍්ති, පරිහාරපථෙපි කීළන‍්ති, සන‍්තිකායපි කීළන‍්ති, ඛලිකායපි කීළන‍්ති, ඝටිකායපි කීළන‍්ති, සලාකහත්‍ථෙනපි කීළන‍්ති, අක‍්ඛෙභිපි කීළන‍්ති, පඞ‍්ගචීරෙනපි කීළන‍්ති, වංකකෙනපි කීළන‍්ති, මොක‍්ඛචිකායපි කීළන‍්ති, චිඞ‍්ගුලකෙනපි කීළන‍්ති, පත‍්තාළ‍්හකෙනපි කීළන‍්ති, රථකෙනපි කීළන‍්ති, ධනුකෙනපි කීළන‍්ති, අක‍්ඛරිකායපි කීළන‍්ති, මනෙසිකායපි කීළන‍්ති, යථාවජ‍්ජෙනපි කීළන‍්ති. අයං කායිකා ඛිඩ‍්ඩා.

බිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ- ‘ඛිඩ්ඩා’යනු: ක්‍රීඩා දෙකෙකි කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි. කායික ක්‍රීඩා නම් කවරැ යත්; ඇතුන් හා සමග ද කෙළිති, අසුන් හා සමග ද කෙළිති, රිය හා සමග ද කෙළිති, දුන්නෙනුදු කෙළිති, අටපදයෙහිදු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළිදු කෙළිති, පසැටිනුදු කෙළිති, ඝටිකායෙන් (කල්ලි) ද කෙළිති, ලහ අතිනුදු කෙළිති, ගුළ (පන්දු) යෙනුදු කෙළිති, පත්නළයෙනුදු කෙළිති, කෙළි නඟුලිනුදු කෙළිති, පරිවර්‍තන කෙළිදු කෙළිති, පත්බමරිනිදු කෙළිති, පත්නැළියෙනුදු කෙළිති කුඩාරියෙනුදු කෙළිති, කෙළි දුන්නෙනුදු කෙළිති, අකුරු කෙළිඳු කෙළිති සිතැඟි කෙළිදු කෙළිති, යථාවද්‍යයෙනුදු කෙළිත්. මේ කායිකක්‍රීඩායැ.

කතමා වාචසිකා ඛිඩ‍්ඩා: මුඛභෙරිකං මුඛාලම‍්බරං මුඛදෙණ‍්ඩිමකං මුඛචලිමකං මුඛභෙරූලකං මුඛදද‍්දරිකං නාටකං ලාසං ගීතං ද‍්වකම‍්මං, අයං වාචසිකා ඛිඩ‍්ඩා. රතීති අනුක‍්කණ‍්ඨිතාධිවචනමෙතං රතීති. ‘සහායා’ වුච‍්චන‍්ති යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු, ඨානං ඵාසු, නිසජ‍්ජා ඵාසු, සයනං ඵාසු, ආලපනං ඵාසු, සල‍්ලපනං ඵාසු, උල‍්ලපනං ඵාසු, සමුල‍්ලපනං ඵාසු. ඛිඩ‍්ඩා රතී හොති සහායමජ‍්ඣෙ’ති ඛිඩ‍්ඩා ච රති ච සහායමජ‍්ඣෙ හොතීති ‘ඛිඩ‍්ඩා රතී හොති සහායමජ‍්ඣෙ’.

‘වාචසික ක්‍රීඩා’කවරැ යත්: මුවබෙර යැ මුවපනාබෙර යැ මුවපටහ යැ මුඛචාලික යැ (සීරුසන්) මුඛ හෙරුලක යැ මුවඩමරු යැ නාටක යැ ඔල්වරහඬ යැ ගායන යැ සිනාකෙළි යැ යන මේ වාචසික ක්‍රීඩා යි. රති යනු: තෙල ‘රති” යි නො උකටලියට නමෙකි. සහායා - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද ඔහු ‘සහාය’යි කියනු ලැබෙත්. බිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ යනු: සහායයන් මධ්‍යයෙහි ක්‍රීඩාව ද රතිය ද වේ නුයි ‘බිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ’යනු වේ.

පුත‍්තෙසු ච විපුලං හොති පෙමන‍්ති: ‘පුත‍්තා’ති චත‍්තාරො පුත‍්තා අත්‍රජො පුත‍්තො ඛෙත‍්තජො පුත‍්තො දින‍්නකො පුත‍්තො අන‍්තෙවාසිකො පුත‍්තො. පුත‍්තෙසු ච විපුලං හොති පෙමන‍්ති පුත‍්තෙසු ච අධිමත‍්තං හොති පෙමන‍්ති ‘පුත‍්තෙසු ච විපුලං හොති පෙමං’.

පුත්තෙසු ව විපුලං හොති පෙමං- ‘පුත්තා’යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජ පුත්‍ර යැ ක්ෂෙත්‍රජ පුත්‍ර යැ දෙනුලැබ වඩාගත් පුත්‍ර යැ අතැවැසි පුත්‍ර යැයි. පුත්තෙසු ච විපුලං හොති පෙමං යනු: පුත්‍රයන් කෙරෙහි අධික ප්‍රේමය වේ නුයි ‘පුත්තෙසු ච විපුලං හොති පෙමං’යනු වේ.

පියවිප‍්පයොගං විජිගුච‍්ඡමානොති ද‍්වෙ පියා: සත‍්තා වා’ සඞ‍්ඛාරා වා කතමෙ සත‍්තා පියා: ඉධ යස‍්ස තෙ හොන‍්ති, අත්‍ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක‍්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත‍්තො වා ධීතා වා මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා ඉමෙ සත‍්තා පියා. කතමෙ සඞ‍්ඛාරා පියා: මනාපිකා රූපා මනාපිකා සද‍්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට‍්ඨබ‍්බා. ඉමෙ සඞ‍්ඛාරා පියා. පියවිප‍්පයොගං විජිගුච‍්ඡමානොති: පියානං විප‍්පයොගං විජිගුච‍්ඡමානො අට‍්ටීයමානො හරායමානොති ‘පියවිප‍්පයොගං විජිගුච‍්ඡමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

පියවිප්පයොගං විජිගුච්ඡමානො - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යි. ප්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: මෙලොවැ යමක්හට වැඩ කැමැති හිත කැමැති පහසු කැමැති සතර යෝගයෙන් නිර්‍භය කැමැති මවක් වේවයි පියෙක් වේවයි බෑයෙක් වේවයි බුනක් වේවයි පුතෙක් වේවයි දුවක් වේවයි මිතුරෙක් වේවයි සගයහළුවෙක් වේවයි නෑයෙක් වේවයි සහලේනෑයෙක් වේවයි යම් කෙනෙක් වෙත් ද, මොහු ප්‍රියසත්ත්‍වයෝ යි. ප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ. මනවඩන ශබ්දයෝ යැ. මනවඩන ගන්‍ධයෝ යැ මනවඩන රසයෝ යැ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මොහු ප්‍රිය සංස්කාරයෝ යි. පියවිප්පයොගං විජිගුච්ඡමානො යනු: ප්‍රියයන්ගේ විප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් (ඉන්) පෙළෙනුයෙම් ලජ්ජා වනුයෙම් නුයි. ‘පියවිප්පයොගං විජිගුච්ඡමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. එ පසේ බුදුහු:

“ඛිඩ‍්ඩා රතී හොති සහායමජ‍්ඣෙ පුත‍්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප‍්පයොගං විජිගුච‍්ඡමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“බිඩ්ඩා රතී හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.