8
8.
8.
චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ඉතරීතර (කුදුමහත් ප්‍රත්‍යය) යෙන් සතුටු වනුයේ බඹවිහරණ පතළ සිව්දිග ඇතියේ ප්‍රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැති ගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
චාතුද්දිසො අප්පටිඝො ච හොතීති ‘චාතුද්දිසොති සො පච්චෙකසම්බුද්ධො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්නං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන -පෙ- මුදිතා සහගතෙන -පෙ- උපෙක්ඛාසහගතෙන -පෙ- විහරති. චාතුද්දිසො අප්පටිඝො ච හොතීති: මෙත්තාය භාවිතත්තාය යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති යෙ දක්ඛිණාය දිසාය සත්තා තෙ අප්පටිකූලාහොන්ති, යෙ පච්ඡිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උත්තරාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති. යෙ පුරත්ථිමාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ දක්ඛිණාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ පච්ඡිමාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උත්තරාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යො හෙට්ඨිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උපරිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ දිසාසු විදිසාසු සත්තා තෙ අප්පටිකූලා, හොන්ති, කරුණාය භාවිතත්තාය -පෙ- මුදිතාය භාවිතත්තාය -පෙ- උපෙක්ඛාය භාවිතත්තා. යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති -පෙ- යෙ දිසාසු විදිසාසු සත්තා තෙ අප්පටිකූලා, හොන්තීති ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති.’
චාතුද්දිසො අප්පටිඝො ච හොති - “චාතුද්දිසො’ යනු: ඒ පසේබුදුහු මෛත්‍රිසහගත සිතින් එක් දෙසක් අරමුණු කොට වාස කෙරෙති. එසෙයින් දෙ වැනි දෙස එසෙයින් තෙ වැනි දෙස එසෙයින් සතර වැනි දෙස මෙසෙයින් උඩ යට සරස හැම තන්හි හැම දෙන ආත්මසම බැවින් (හෝ මුළු සිතින්) හැම සතුන් ඇති ලොව මෛත්‍රි සහගත වූ (එරණ විසින්) විපුල වූ (භූමි විසින්) මහද්ගත වූ (ආලම්බන) විසින් අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් ස්පර්ශ (අරමුණු) කොට වාස කෙරෙති. කරුණා සහගත වූ ...මෘදුතා සහගත වූ ... උපේක්ෂාසහගත වූ ... සිතින් යුක්ත වැ වාස කෙරෙත්. චාතුද්දිසො අප්පටිඝො ච හොති යනු: මෛත්‍රිය භාවිත බැවින් පෙරදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, දකුණුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, අවරදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, උතුරු දිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, පැදුම් අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, දකුණු අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, පැළ අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, උතුරු අනුදිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, යට දෙස යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, උඩ දෙස යම් සත්ත්ව කෙනෙක් ඇත්නම් ඔහු අප්‍රතිකූල වෙති, දසනුදසැ යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙත්. කරුණාව භාවිත බැවින්-මෘදුතාව භාවිත බැවින්-උපේක්ෂාව භාවිත බැවින් පැදුම් දිග යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙති. ....දිශාවිදිශාවන්හි යම් සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙත් නුයි ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති” යනු වේ:
සන්තුස්සමානො ඉතරීතරෙනාති: සො පච්චෙකසම්බුද්ධො සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති,
සන්තුස්සමානො ඉතරීතරෙන යනු: ඒ පසේබුදුහු කුදුමහත් සිවුරින් සන්තුෂ්ට වෙති, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ, චීවර හේතුයෙන් අයුතු අනෙසනයට ද නොපැමිණෙති, සිවුරු නො ලැබ (චීවරලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. යළි (දැහැමින් සෙමෙන්) සිවුරු ලැබ ලොභග්‍රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණ ප්‍රඥා ඇත්තාහු වළඳති. තවද ඒ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්ර්කෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙත්.
යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති පච්චෙකසම්බුද්ධො පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන -පෙ- සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන -පෙ- සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර සන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති, යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති පච්චෙකසම්බුද්ධො පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතොති ‘සන්තුස්සමානො ඉතරීතරෙන’.
යම් කෙනෙක් ඒ චීවර සන්තෝෂයෙහි දක්ෂ වූවාහු අනලස වූවාහු සම්‍යග්ඥාන ඇත්තාහු ස්මෘතිසම්ප්රයුත්ත වූවාහු වෙත් ද මේ පසේ බුදුහු පෞරාණික වූ ‘අග්‍ර’ යයි දතයුතු ආර්යවංශයෙහි සිටියාහ’යි කියනු ලැබෙත්. ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ශයනාසනයෙන් සන්තුෂ්ට වෙති ... ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්යපරිෂ්කාරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ. ගිලන්පස බෙහෙසත් පිරිකර හෙයින් අයුතු අනෙසනයට නො ද පැමිණෙති, යළි ගිලන්පසබෙහෙසත් පිරිකර නො ලැබ (ලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. (දැහැමින් සෙමෙන්) ගිලන්පසබෙහෙසත් පිරිකර ලැබ ද, ලොභග්‍රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණප්‍රඥා ඇති වැ වළඳති. තවද ඒ ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාර සන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්කර්ෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙති, යම් කෙනෙක් එහි දක්ෂ වූවාහු අනලස වූවාහු සම්‍යක්ඥාන ඇත්තාහු සිහි ඇත්තාහු වෙත්ද, මේ පසේ බුදුහුපෞරාණික වූ ‘අග්‍ර’ යයි දතයුතු ආර්‍ය්‍යවංශ යෙහි සිටියාහ’යි කියනු ලැබෙත් නුයි ‘සන්තුස්සමානො ඉතරීතරෙන’ යනු වේ.
පරිස්සයානං සහිතා අඡම්භීති’-පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච. කතමෙ පාකටපරිස්සයා: සීහා ව්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා ‘හත්ථි අහි විච්ඡිකා සතපදී චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා. චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සා ඉති වා. ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
පරිස්සයානං සහිතා අජම්හී- ‘පරිස්සයා’ යනු: උපද්‍රව දෙකෙකි: ප්‍රකට උපද්‍රව ද ප්‍රතිච්ඡන්න උපද්‍රව දැ යි. ප්‍රකට උපද්‍රව නම් කවරැ යත්: සිහ යැ වග යැ වලස් යැ තරස් යැ කොක්නා යැ මියු යැ ඇත් යැ සප් යැ නුහුසු යැ පත්තෑ යැ කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ. චක්ෂුරෝග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්රාණයොග යැ ජිහ්වාරෝග යැ කායරෝග යැ ශීර්ෂරෝග යැ කර්ණරෝග යැ මුඛරෝග යැ දන්ත රෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජීවර යැ කුක්ෂිරෝග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්රණ යැ විතච්ඡිකා (තලරෝග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්දරා යැ පිතින් නැගි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසි-මදුරු-වා-අව්-දික්දෑ යන මොවුන්ගේ පහසින් උපත් පීඩන යැ යන මේ හෝ යි, මොහු ප්‍රකට උපද්රාවයෝ යි කියනු ලැබෙත්.
කතමෙ පටිච්ඡන්නපරිස්සයා: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසංඛාරා. ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා’.
ප්‍රතිච්ඡන්න උපද්‍රව කවරැ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ කාමච්ඡන්දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්ච කුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ උපනාහ යැ මකු බව යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ. මායා යැ සඨ බව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ. සියලු දුශ්චරිතයෝ යැ. සියලු දරථයෝ යැ. සියලු පරිදාහයෝ යැ. සියලු සන්තාපයෝ යැ. සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යි කියනු ලැබෙත්.
පරිස්සයාති-කෙනට්ඨෙන පරිස්සයා: පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා.
පරිස්සයා යනු: කවර හෙයින් පරිස්සය වෙතී ය: පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, එහි ආසය ඇත්තාහු නුයි ‘පරිස්සය’ නම් වෙති.
කථං පරිසහන්තීති පරිස්සයා: තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති පරිමද්දන්ති, එවං පරිසහන්තීති පරිස්සයා.
කිසෙයින් ‘පරිසහනය කෙරෙත්’ නුයි පරිස්සය නම් වෙතී යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති මැඩගෙන සිටිති, හාත්පසින් අල්වා ගනිති, මිරිකාගනිත්, මෙසෙයින් පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති.
කථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා: තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. කතමෙසං කුසලානං ධම්මානං: සම්මාපටිපදාය අනුලොමපටිපදාය අපච්චනීකපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස, සතිසම්පජඤ්ඤස්ස චතුන්නං සතිපට්ඨානං භාවනානුයොගස්ස, චතුන්නං සම්මප්පධානානං-චතුන්නං ඉද්ධිපාදානං-පඤ්චන්නං ඉන්ද්රියානං-පඤ්චන්නං බලානං-සත්තන්නං බොජ්ඣඞ්ගානං-අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස, ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති, එවං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
කිසෙයින් ‘පරිහානයට වැටෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙතී යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය (හැරීම) පිණිස පවතිත්. කවර කුශලධර්‍මයන්ගේ ද යත්: සම්‍යක් ප්‍රතිපත් යැ අනුලොමප්‍රතිපත් යැ අප්රත්යනික ප්‍රතිපත් යැ අවිරුද්ධ ප්‍රතිපත් යැ අන්වර්ථ ප්‍රතිපත් යැ ධර්මානුධර්මප්රතිපත් යැ ශීලයෙහි පරිපූරකාරිත්ව යැ ඉන්ද්රියයන්හි ගුප්තද්වාරතා යැ භෝජනයෙහි මාත්‍රඥතා යැ ජාගර්‍ය්‍යානුයෝග යැ ස්මෘති සම්ප්‍රඥාන යැ. චතුර්විධ ස්මෘති ප්රස්ථානයන් ගේ භාවනානුයෝග යැ චතුර්විධ ඍද්ධිපාදයන් ගේ භාවනානුයෝග යැ පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනානුයෝග යැ පඤ්චබලයන්ගේ භාවනානුයෝග යැ සප්තබොධ්යයන්ගේ භාවනානුයෝග යැ ආර්ය්යාෂ්ටාඞ්ගිකමාර්ගයාගේ භාවනානුයෝග යැ යන මේ කුශලධර්මයන් ගේ අන්තරාය පිණිස පරිහානය පිණිස වැටෙත්. මෙසෙයින් පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති.
කථං තත්රාසයාති පරිස්සයා: තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා, යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති, එවමෙව තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති එවම්පි තත්රාසයාති පරිස්සයා.
කිසෙයින් ‘එහි ආසය ඇත්තාහු’ නුයි ‘පරිස්සය’ නම් වෙතී යත්: ඒ අත්බැව්හි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසිරි කොට උපදිත්, යම්සේ බිලය ඇසුරු කරන ප්‍රාණීහු බිලයෙහි හොවිත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුක්හි හොවිත් ද, එසෙයින් මැ අත්බැව ඇසුරු කරන තෙල ලාමක අකුශලධර්‍මයෝ ඒ අත්බැව්හි උපදිත්, මෙසෙයිනුදු තත්‍රාසය (එහි ආසය) ඇත්තාහු නුයි ‘පරිස්සය’ නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
මෙ වදාරන ලද මැ යි බුදුන් විසින්:
“සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථං ච භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්සවන්ති පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො වුච්චති. තෙ නං සමුදාචරන්ති සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා ‘සාචරියකොති වුච්චති. පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්සවන්ති පාපකා අකුසලා ධම්මාති තස්මා ‘සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති තස්මා ‘සාචරියකො’ති වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසුවිහරතී’ති. එවම්පි තත්රාසයාති පරිස්සයා.
“මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකයේ නො සුවසේ වෙසෙයි යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණක් හට ඇසින් රූපයක් දැක සරසංකල්ප (නොයෙක් අරමුණුහි හැසිරෙන හෙයින් සංකල්පනය කටයුතු) වූ සංයෝජනයන්ට හිත වූ යම් ලාමක අකුශලධර්ම කෙනෙක් උපදිත් ද ඒ අකුශල ධර්මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබෙයි. යම් හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. තවද මහණෙනි, මහණක්හට කනින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් අසා...දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැසැ ... සිතින් දහමක් දැන නානාලම්බනයෙහි හැසිරීම් වශයෙන් පරිකල්පිත වූ සංයෝජනීය වූ යම් ලාමක අකුශලධර්ම කෙනෙක් උපදිත් ද, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිතතුළ වෙසෙති, ඔහුගේ සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික” යයි කියනු ලැබෙයි. යම්හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද ඔහු කෙරෙහි පවතිත්ද, එහෙයින් ‘සාචරියක’ යයිකියනු ලැබේ. මෙසෙයින් මහණෙනි, මහණ තෙම සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ වෙසෙයි, සුවසේ නො වෙසේයයි’ මෙසෙයිනුදු තත්‍රාසය වෙත් නුයි උපද්‍රව නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
මෙ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
“තයොමෙ භික්ඛවෙ, අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො: ලොභො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. දොසො භික්ඛවෙ -පෙ- මොහො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා.
“මහණෙනි මෙ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි මොහු තිදෙන ඇතුළත මලයෝ යැ. ඇතුළත අමිත්‍රයෝ යැ. ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ යි.
1. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
1. ලෝභය අනර්‍ත්‍ථ උපදවන්නේ යැ, ලෝභය සිත චලනය කරන්නේ යැ, හේ ඇතුළත (සිත්හි) මැ උපන් භයහේතුයෙක, ඒ භය බාලජන තෙමේ නො දනියි.
2. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
2. ලෝභී වූයේ (ලෞකික ලෝකෝත්තර) අර්ත්ථය නො දනියි. (අර්ත්ථයට හේතු වූ) ධර්මය නො දකියි. යම් කලෙක්හි ලෝභය තෙම මිනිසා මැඩගනී ද, එකල්හි බහල වූ අන්ධකාරය වේ.
3. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
3. ද්වේෂය අනර්ත්ථජනක යැ. ද්වේෂය සිත චලනය කෙරෙයි. හේ සිත්හි උපන් භය කාරණයෙක, බාලජන තෙම එය අවබෝධ නො කෙරෙයි.
4. දුට්ඨො අත්ථං න ජානාති දුට්ඨො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං දොසො සහතෙ නරං.
4. කිපියේ අර්ත්ථය නො දනියි. ධර්මය නො දකියි. ක්‍රෝධය මිනිසා යටපත් කරන කල්හි බහල වූ අන්ධකාරය වේ.
5. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
5. මෝහය අනර්‍ත්‍ථ උපදවයි. මෝහය සිත කලඹයි. හේ සිත තුළ උපදනා භය කාරණයෙක, බාලජන තෙම එය අවබෝධ නො කෙරෙයි.
6. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං මොහො සහතෙ නර”න්ති.
6. මුළා වූයේ අර්ත්ථය නො දනියි. ධර්මය නො දකියි. මෝහය මිනිසා මැඩගන්නා කල්හි බහල වූ අන්ධකාරය වේ.
එවම්පි තත්රාසයාති පරිස්සයා.
මෙසේත් ‘තත්‍රාසය වෙත්’ නුයි පරිස්සය නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
මේ වදාරනලද මැ යි බුදුන් විසින්:
“තයො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ -පෙ- මොහො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ, තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය.”
“මහරජ, පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනා ධර්මයෝ තිදෙනෙක් අහිත පිණිස දුක් පිණිස අසුඛවිහරණය පිණිස උපදිති. කවර තිදෙනෙකැ යත්: මහරජ, ලෝභධර්මය පුරුෂයා ගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, ද්වෙෂධර්මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, මෝහධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදයෙන් අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, මේ ධර්මයෝ තිදෙන පුරුෂයා ගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස අඵාසුවිහරණය පිණිස උපදිත්...”
7. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං හිංසන්ති අත්ත සම්භූතා තචසාරංව සම්ඵල”න්ති.
7. ලෝභය ද ද්වේෂය ද මෝහය ද ස්වසන්තානයෙහි උපන්නාහු ස්වකීය ඵලය ත්වක්සාර හුණගසක් මෙන් පව්සිත් ඇති පුරුෂයා නසත්’යි.
එවම්පි තත්රාසයාති පරිස්සයා.
මෙසෙයිනුදු ‘තත්‍රාසය’ නුයි ‘පරිස්සය’ නම් වෙත්.
වුත්තං හෙතං භගවතා:
වදාරන ලද මැ යි බුදුන් විසින්:
8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරති රති ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධංකමිවොස්සජන්තී”ති.
8. රාගය ද ද්වේෂය ද කුශලධර්මයෙහි උත්කණ්ඨාව ද පස්කම්හි ඇලීම හා ලෝමහර්ෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහු යැ. මෙ අත්බැවින් උපන්නාහු යැ, ලාමක වූ මනොවිතර්කයෝ මෙ අත්බැවින් ඉපැද, කුඩා දරුවන් දික් හුයකින් පය බැඳ හරන ලද කවුඩකු සෙයින් සිත (බැඳ භවයෙහි) හැර පියත්.
එවම්පි තත්රාසයාති පරිස්සයා.
මෙසෙයිනුදු ‘තත්‍රාසය’ නුයි. ‘පරිස්සය නම් වෙත්.
පරිස්සයානං සහිතාති පරිස්සයෙ සහිතා ආරාධිතා අජ්ඣොත්ථරිතා පරියාදිතා පටිනිස්සටාති ‘පරිස්සයානං සහිතා’.
පරිස්සානං සහිතා යනු: උපද්‍රව ඉවසනුයේ අරියනුයේ මැඩගත්තේ හාත්පසින් මැඩගත්තේ බැහැර කෙළේ නුයි ‘පරිස්සායානං සහිතා” යනුවේ.
අඡම්භීති සො පච්චෙකසම්බුද්ධො අභීරු අඡම්භි අනුත්රාසි අපලායි පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො,
අජම්හී යනු: ඒ පසේ බුදුහු නො බියසුල්ලහ නො තැතිගනුවහ උත්‍රස්ත නො වනුවහ නො පලායන සුල්ලහ. ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇති වැ පහ වූ ලොමුදහගහැනුම් ඇති වැ වාස කෙරෙත් නුයි. ‘පරිස්සයානං සහිතා අජම්හී ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“චාතුද්දීසො අප්පටිඝො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි