26
26.
26.
අසංහීරං අසඞ‍්කුප‍්පං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි, අද‍්ධාගමිස‍්සාමි නමෙත්‍ථ කඞ‍්ඛා එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්තං.
යම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම් මෙහි ලා මට සැකයෙක් නැති, මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා ශ්‍රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව’ යි.
අසංහීරං අසඞ‍්කුප‍්පන‍්ති: අසංහීරං වුච‍්චති අමතං නිබ‍්බානං “යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අසංහීරන‍්ති: රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක‍්ඛෙන පලාසෙන ඉස‍්සාය මච‍්ඡරියෙන මායාය සාඨෙය්‍යෙන ථම‍්භෙන සාරම‍්භෙන මානෙන අතිමානෙන මදෙන පමාදෙන සබ‍්බකිලෙසෙහි සබ‍්බදුච‍්චරිතෙහි සබ‍්බපරිළාහෙහි සබ‍්බාසවෙහි සබ‍්බදරථෙහි සබ‍්බසන‍්තාපෙහි සබ‍්බාකුසලාභිසංඛාරෙහි අසංහාරියං නිබ‍්බානං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මන‍්ති අසංහීරං අසංකුප‍්පන‍්ති: ‘අසංකුප‍්පං’ වුච‍්චති අමතං නිබ‍්බානං, යො සො සබ‍්බසංඛාරසමථො -පෙ- නිරොධො නිබ‍්බානං, යස‍්ස න උප‍්පාදො පඤ‍්ඤායති, න වයො පඤ‍්ඤායති, න තස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති, නිබ‍්බානං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මන‍්ති ‘අසංහීරං අසංකුප‍්පං’.
අසංහීරං අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංහීර’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අසංහීරං යනු: රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධවෛරයෙන් මකු බැවින් පලාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායායෙන් සඨබැවින් ස්තම්භයෙන් කරණොත්තරිය කරණයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් හැම කෙලෙසුන් විසින් හැම දුසිරිත් විසින් හැම පරිදාහ විසින් හැම ආස්‍රව විසින් හැම දරථ විසින් හැම තැවුලි විසින් හැම අකුසලාභිසංස්කාරයන් විසින් අසංහාර්‍ය්‍ය වූ නිවන නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව ඇත් නුයි ‘අසංහීර’ නම් වෙයි. අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංකුප්ප’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමක්හු ගේ උත්පාදය නො පැනේ ද, ව්‍යය නො පැනේ ද, අන්‍යථාභාවයෙක් නො පැනේ ද, ඒ අසංකෝප්‍ය වූ නිවන නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමස්වභාව ඇත් නුයි ‘අසංහීරං අසංකුප්පං’ යනු වේ.
යස‍්ස නත්‍ථි උපමා ක්‍වචීති-‘යස‍්සා’ති නිබ‍්බානස‍්ස නත්‍ථි උපමා ති උපමා නත්‍ථි උපනිධා නත්‍ථි සදිසං නත්‍ථි පටිභාගො නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති. ක්‍වචීති. ක්‍වචි කිම‍්හිචි කත්‍ථචි අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා ව අජ‍්ඣත‍්තබහිද‍්ධා වාති. ‘යස‍්ස නත්‍ථි උපමා ක්වචි’.
යස්ස නත්‍ථි උපමා ක්වචි - ‘යස්ස’ යනු: නිවනට. නත්‍ථි උපමා යනු: උපමා නැති. උපනිධි නැති සදෘශයෙක් නැති ප්‍රතිභාගයෙක් නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබේ. ක්වචි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්ම බාහ්‍ය වේවයි කිසිවෙකැ කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
අද‍්ධා ගමිස්සාමි න මෙත්‍ථ කඞ‍්ඛාති ‘අද‍්ධා’ති එකංසවචනං නිස‍්සංසයවචනං නික‍්කඞ‍්ඛාවචනං අද‍්වෙජ‍්ඣවචනං අද‍්වෙළ‍්හකවචනං නියොගවචනං අන්‍වත්‍ථවචනං අපණ‍්ණකවචනං අවිරුද‍්ධවචනං අවත්‍ථාපනවචනමෙතං ‘අද‍්ධා’ති. ගමිස‍්සාමීති ගමිස‍්සාමි අධිගමිස‍්සාමි ඵස‍්සිස‍්සාමි සච‍්ඡිකරිස‍්සාමීති ‘අද‍්ධාගමිස‍්සාමි’. න මෙත්‍ථ කඞ‍්ඛාති ‘එත්‍ථා’ති නිබ‍්බානෙ. කඞ‍්ඛා නත්‍ථි විචිකිච‍්ඡා නත්‍ථි ද‍්වෙළ‍්හකං නත්‍ථි සංසයො නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිප‍්පස‍්සද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪොති ‘අද‍්ධා ගමිස්සාමි න මෙත්‍ථ කඞ්ඛා’.
අද්ධා ගමිස්සාමි න මෙත්‍ථ කඞ්ඛා - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිස්සංශයවචන යැ නිසැක වචන යැ ද්විවිධ නො වූ වචන යැ (මෙසේ වී ලැයි) නො දෙහද වචන යැ නියෝග වචන යැ අන්වර්ත්ථ වචන යැ නො සිස් වචන යැ අවිරුද්ධ වචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. ගමිස්සාමි යනු: අවබෝධ කරනෙමි අධිගම කරනෙමි පහස්නෙමි පසක් කරනෙමි නුයි ‘අද්ධා ගමිස්සාමි’ යනු වේ. න මෙත්‍ථ කංඛා යනු: ‘එත්ථ’ යනු නිවනෙහි සැක නැති විසිකිස නැති දෙහද බව් නැති සංශය නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබෙයි ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හින අප්‍රවෘත්ත යැ යළි උපදනට නො නිසි කරන ලද යැ නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අද්ධා ගමිස්සාමි න මෙත්‍ථ කංඛා’ යනු වේ.
එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්තන‍්ති-‘එවං මං ධාරෙහී’ති එවං මං උපලක‍්ඛෙහි චිත‍්තං නිබ‍්බානනින‍්නං නිබ‍්බානපොණං නිබ‍්බානපබ‍්භාරං නිබ‍්බානාධිමුත‍්තන‍්ති ‘එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්තන‍්ති’.
එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං - ‘එවං මං ධාරෙහි’ යනු: මෙසෙයින් මා නිවනට නිම්න වූ නිවනට නැඹුරු වූ නිවනට බර වූ නිවනෙහි අධිමුක්ත වූ සිත් ඇතියකු කොට සලකව නුයි ‘එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං’ යනු වේ.
තෙනාහ ථෙරො පිඞ‍්ගියො:
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
අසංහීරං අසංකුප‍්පං යස‍්ස නත්‍ථි උපමා ක්‍වචි අද‍්ධා ගමිස්සාමි න මෙත්‍ථ කඞ‍්ඛා එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්තන‍්ති.
“අසංහීරං අසංකුප්පං -පෙ- එවං මං ධාරෙහි අධිමුත්තචිත්තං” යි.
පිඞ‍්ගියසුත‍්තන‍්තං සොළසි
සොළොස් වැනි පිඞ්ගිය සූත්‍රාන්තය යි.
පාරායන වග‍්ගො නිට‍්ඨිතො
පරායණ වර්‍ගය නිමි.