යෙදුමෙන් කියවන්න

25

25.

25.

අධිදෙවෙ අභිඤ‍්ඤාය සබ‍්බං වෙදි පරොපරං, පඤ‍්හානන‍්තකරො සත්‍ථා කඞ‍්ඛීනං පටිජානතං.

අධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හීන-ප්‍රණීත වූ (හෝ තමාත් මෙරමා ත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්‍මජාතය දතු වහ. ශාස්තෘහු සැක ඇතියන් වැ මැ ‘නිසැකයම්හ’ යි පිළින කරනුවන්ගේ ප්‍රශ්න කෙළවර කරනුවහ.

අධිදෙවෙ අභිඤ‍්ඤායාති-දෙවා’ති තයො දෙවා සම‍්මුතිදෙවා උප‍්පත‍්තිදෙවා විසුද‍්ධිදෙවා. කතමෙ සම‍්මුතිදෙවා: ‘සම‍්මුතිදෙවා’ වුච‍්චන‍්ති රාජානො ච රාජකුමාරා ච දෙවියො ච, ඉමෙ වුච‍්චන‍්ති සම‍්මුතිදෙවා. කතමෙ උප‍්පත‍්තිදෙවා: ‘උප‍්පත‍්තිදෙවා’ වුච‍්චන‍්ති චාතුම‍්මහාරාජිකා දෙවා තාවතිංසා දෙවා -පෙ- බ්‍රහ‍්මකායිකා දෙවා යෙ ච දෙවා තදුත‍්තරි ඉමෙ වුච‍්චන‍්ති උප‍්පත‍්තිදෙවා. කතමෙ විසුද‍්ධිදෙවා: ‘විසුද‍්ධිදෙවා’ වුච‍්චන‍්ති තථාගතා තථාගතසාවකා අරහන‍්තො ඛීණාසවා, යෙ ච පච‍්චෙකසම‍්බුද‍්ධා, ඉමෙ වුච‍්චන‍්ති විසුද‍්ධිදෙවා. භගවා සම‍්මුතිදෙවෙ අධිදෙවාති අභිඤ‍්ඤාය උප‍්පත‍්තිදෙවෙ අධිදෙවාති. අභිඤ‍්ඤාය විසුද‍්ධිදෙවෙ අධිදෙවාති අභිඤ‍්ඤාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති අධිදෙවෙ අභිඤ‍්ඤාය.

අධිදෙවෙ අභිඤ්ඤා - ‘දේව’ යනු: දෙවියෝ තිදෙනෙකි. සම්මුති දේව යැ උත්පත්ති දේව යැ විශුද්ධි දේව යැ යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජවරු ද රාජකුමාරයෝ ද දෙවීහි ද ‘සම්මුති දේවහ’යි කියනු ලැබෙති. මොහු සම්මුති දේවහ යි කියනු ලැබෙත්. උත්පත්ති දේවයෝ කවරහ යත්: සිව්මහරද වැසි දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද ... බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මත්තෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙති. මොහු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙත්. විශුද්ධිදේවයෝ කවරහ යත්: තථාගතයෝ ද තථාගත ශ්‍රාවකයෝ ද ක්ෂිණාශ්‍රව රහත්හු ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු දු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙති. මොහු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙත්. බුදුහු සම්මුති දෙවියනට අධිදේවහ’යි දැන උත්පත්ති දෙවියනට අධිදේවහ’යි දැන විශුද්ධි දෙවියනට අධිදේවහ’යි දැන, දැන ගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත (ප්‍රකට) කොට නුයි ‘අධි දෙවෙ අභිඤ්ඤාය’ යනු වේ.

සබ‍්බං වෙදි පරොපරන‍්ති: භගවා අත‍්තනො ච පරෙසං ච අධිදෙවකරෙ ධම‍්මෙ වෙදි අඤ‍්ඤාසි අපස‍්සි. පටිවිජ‍්ඣ. කතමෙ අත‍්තනො අධිදෙවකරා ධම‍්මා: සම‍්මාපටිපදා අනුලොමපටිපදා අපච‍්චනීකපටිපදා අන්‍වත්‍ථපටිපදා ධම‍්මානුධම‍්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙ මත‍්තඤ‍්ඤුතා ජාගරියානුයොගො සතිසම‍්පජඤ‍්ඤං චත‍්තාරො සතිපට‍්ඨානා -පෙ- අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. ඉමෙ වුච‍්චන‍්ති අත‍්තනො අධිදෙවකරා ධම‍්මා. කතමෙ පරෙසං අධිදෙවකරා ධම‍්මා: සම‍්මාපටිපදා -පෙ- අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. ඉමෙ වුච‍්චන‍්ති පරෙසං අධිදෙවකරා ධම‍්මා. එවං භගවා අත‍්තනො ච පරෙසං ච අධිදෙවකරෙ ධම‍්මෙ වෙදි අඤ‍්ඤාසි. අපස‍්සි පටිවිජ‍්ඣීති ‘සබ‍්බං වෙදි පරොපරං’.

සබ්බං වෙදි පරොපරං යනු: බුදුහු තමාගේ ද මෙරමා ගේ ද අධිදෙව කරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්‍රතිවේධ කළහ. තමහට අධිදෙව කර ධර්‍මයෝ කවරහ යත්: ප්‍රශස්ත ප්‍රතිපදා යැ අවිරුද්ධ ප්‍රතිපදා යැ අප්‍රත්‍යනීක ප්‍රතිපදා යැ අර්ථානුගතප්‍රතිපදා යැ ධර්‍මානුධර්‍ම ප්‍රතිපදා යැ ශීලයෙහි සපුරා කරන බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව යැ වැළඳීමෙහි පමණ දන්නා බව යැ නිදිවැරීමෙහි යෙදීම යැ ස්මෘති සම්ප්‍රජන්‍ය යැ සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය යැ යන මොහු ‘තමහට අධිදෙවකර ධර්‍මහ’යි කියනු ලැබෙත්. මෙරමාහට අධිදෙවකර ධර්‍මයෝ කවරහ යත්: ප්‍රශස්ත ප්‍රතිපදා යැ ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය යැ යන මොහු ‘මෙරමාහට අධිදෙවකර ධර්‍මහ’යි කියනු ලැබෙත්. මෙසෙයින් බුදුහු තමහට ද ‘මෙරමා හට අධිදේවකරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්‍රතිවේධ කළාහු නුයි ‘සබ්බං වෙදි පරොපරං’ යනු වේ.

පඤ‍්හානන‍්තකරො සත්‍ථාති: භගවා පාරායනිකපඤ‍්හානං අන‍්තකරො පරියන‍්තකරො පරිච‍්ඡෙදකරො පරිවටුමකරො. සභියපඤ‍්හානං අන‍්තංකරො පරියන‍්තකරො, පරිච‍්ඡෙදකරො පරිවටුමකරො සක‍්කපඤ‍්හානං සුයාමපඤ‍්හානං භික‍්ඛුපඤ‍්හානං භික‍්ඛුනී පඤ‍්හානං උපාසකපඤ‍්හානං උපාසිකාපඤ‍්හානං රාජපඤ‍්හානං ඛත‍්තියපඤ‍්හානං බ්‍රාහ‍්මණ-වෙස‍්ස- සුද‍්දපඤ‍්හානං දෙව පඤ‍්හානං බ්‍රහ‍්මපඤ‍්හානං අන‍්තකරො පරියන‍්තකරො පරිච‍්ඡෙදකරො පරිවටුමකරොති පඤ‍්හානන‍්තකරො. සත්‍ථාති: භගවා සත්‍ථවාහො යථා සත්‍ථවාහො සත්‍ථෙ. කන‍්තාරං තාරෙති, චොරකන‍්තාරං තාරෙති, වාළකන‍්තාරං තාරෙති, දුබ‍්භික‍්ඛකන‍්තාරං තාරෙති, නිරුදකකන‍්තාරං තාරෙති, උත‍්තාරෙති නිත‍්තාරෙති පතාරෙති ඛෙමන‍්තභූමිං සංපාපෙති. එවමෙව භගවා සත්‍ථවාහො සත‍්තෙ කන‍්තාරං තාරෙති ජාතිකන‍්තාරං තාරෙති, ජරා-ව්‍යාධි-මරණ-සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසකන‍්තාරං තාරෙති, රාගකන‍්තාරං තාරෙති, දොස-මොහ -මාන-දිට‍්ඨි-කිලෙස-දුච‍්චරිතකන‍්තාරං තාරෙති, රාගගහනං තාරෙති, දොසගහනං-මොහගහනං-දිට‍්ඨි-කිලෙස-දුච‍්චරිතගහනං තාරෙති උත‍්තාරෙති නිත‍්තාරෙති පතාරෙති ඛෙමන‍්තභූමිං අමතං නිබ‍්බානං සම‍්පාපෙතීති එවම‍්පි භගවා සත්‍ථවාහො,

පඤ්හානන්තකරො සත්‍ථා යනු: බුදුහු පාරායනිය බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නයන් අවසාන කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් (නිගමන) කරනුවහ. සභිය ප්‍රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ. ශක්‍ර ප්‍රශ්නයන් සුයාම ප්‍රශ්නයන් මහණුන්ගේ ප්‍රශ්නයන් මෙහෙණන්ගේ ප්‍රශ්නයන් උවසුවන්ගේ ප්‍රශ්නයන් උවැසියන්ගේ ප්‍රශ්නයන් රජුන්ගේ ප්‍රශ්නයන් ක්‍ෂත්‍රියයන්ගේ ප්‍රශ්නයන් බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නයන් වෛශ්‍යයන්ගේ ප්‍රශ්නයන් ශුද්‍රයන්ගේ ප්‍රශ්නයන් දෙවියන්ගේ ප්‍රශ්නයන් බඹුන්ගේ ප්‍රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ නුයි පඤ්හානන්තකරො’ යනු වේ. සත්‍ථා යනු: බුදුහු සාර්ථවාහයහ: යම්සේ සාත්තුනායක ගැල්සාත්තු කාන්තාරය තරණය කරවා ද, සොර කතර තරවා ද, වල් කතර තරවා ද, දුබික්කතර තරවා ද, මරු කතර තරවා ද, උත්තරණ නිස්තරණ ප්‍රතරණ කරවා ද, ක්ෂේමභූමියට මැනැවින් පමුණුවා ද, එසෙයින් මැ බුදුහු සාත්තුනායක වූවාහු සත්ත්‍වයන් කතර තරවති: ජාතිකාන්තාරය තරණය කරවති. ජරා-ව්‍යාධි-මරණ-ශෝක-පරිදේව- දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාස කාන්තාරය තරණය කරවති, රාග- කාන්තාරය තරණය කරවති, ද්වේෂ-මෝහ-මාන-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිත කාන්තාරය තරණය කරවති, රාගගහනය තරණය කරවති, ද්වේෂගහනය- මොහගහනය-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිතගහනය තරණය කරවති, උත්තරණ නිස්තරණ ප්‍රතරණ කරවති, ක්ෂේමභූමි වූ අමාමහනිවනට පමුණුවා නුයි මෙසේ ත් බුදුහු සාර්ත්ථවාහ වෙති.

අථවා භගවා නෙතා විනෙතා අනුනෙතා පඤ‍්ඤාපෙතා නිජ‍්ඣාපෙතා පෙක‍්ඛෙතා පසාදෙතාති එවම‍්පි භගවා සත්‍ථවාහො. අථවා භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා. අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා, මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදො මග‍්ගානුගා ච පනස‍්ස එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡා සමන‍්නාගතාති එවම‍්පි භගවා සත්‍ථවාහොති.

නොහොත් බුදුහු (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනේතෘ වූහ (සැක සිඳඅර්ථය) පනවනුවහ නිශ්චය කරනුවහ (පිළිවෙත් දක්වනුවහ ප්‍රතිපත්ති ඵලයෙන් පහදනුවහු නුයි මෙසේත් බුදුහු සාර්‍ත්‍ථවාහ වෙති. නො හොත් බුදුහු (ස්වසන්තානයෙහි) නූපන් මාර්‍ගය උපදවනුහ (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය දනවනුවහ. ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුවහ. මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ මාර්‍ගයෙහි විචක්‍ෂණයහ ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ග හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයන්) පසු පසැ යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු සාර්ත්ථවාහ නම් වෙත්.

කඞ‍්ඛීනං පටිජානතන‍්ති: සකඞ‍්ඛා ආගන‍්ත්‍වා නික‍්කඞ‍්ඛා සම‍්පජ‍්ජන‍්ති සලෙඛා ආගන‍්ත්‍වා නිල‍්ලෙඛා සම‍්පජ‍්ජන‍්ති සද‍්වෙළ‍්හකා ආගන‍්ත්‍වා නිද‍්වෙළ‍්හකා සම‍්පජ‍්ජන‍්ති සවිචිකිච‍්ඡා ආගන‍්ත්‍වා නිබ‍්බිචිකිච‍්ඡා සම‍්පජ‍්ජන‍්ති සරාගා ආගන‍්ත්‍වා වීතරාගා සම‍්පජ‍්ජන‍්ති සදොසා ආගන‍්ත්‍වා වීතදොසා සම‍්පජ‍්ජන‍්ති සමොහා ආගන‍්ත්‍වා වීතමොහා සම‍්පජ‍්ජන‍්ති සකිලෙසා ආගන‍්ත්‍වා නික‍්කිලෙසා සම‍්පජ‍්ජන‍්තීති ‘කඞ‍්ඛීනං පටිජානතං’

කඞ්ඛීනං පටිජානතං - සශංක වැ අවුත් නිශ්ශංකයෝ වෙති සලෙඛ (විචිකිත්සායෙන් රෙඛිත මනස ඇති) වැ අවුත් නිල්ලෙඛයෝ වෙති ද්වේළ්හක (අනෛකාන්තග්‍රාහ) සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් විචිකිත්සා රහිතයෝ වෙති සරාග වැ අවුත් වීතරාගයෝ වෙති සදෝස වැ අවුත් වීතදොසයෝ වෙති සමෝහ වැ අවුත් වීතමෝහයෝ වෙති ක්ලේශ සහිත වැ අවුත් ක්ලේශ රහිතයෝ වෙත් නුයි ‘කඞ්ඛීනං පටිජානතං’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“අධිදෙවෙ අභිඤ‍්ඤාය සබ‍්බං වෙදි පරොපරං, පඤ‍්හානන‍්තකරො සත්‍ථා කඞ‍්ඛීනං පටිජානත”න‍්ති.

“අධිදෙවෙ අභිඤ්ඤාය -පෙ- කඞ්ඛීනං පටිජානතං” යී.