යෙදුමෙන් කියවන්න

24

24.

24.

එස භීයො පසීදාමි සුත්‍වාන මුනිනො වචො, විවත‍්තච‍්ඡදො සම‍්බුද‍්ධො අඛිලො පටිභානවා.

තෙල මම් මුනීන්‍ද්‍රයන් වහන්සේගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු විවෘත වූ (රාගාදි) සියන් ඇතියහ, ‘(රාගාදි) ඛිල රහිතයහ, ප්‍රතිභාන ප්‍රතිසංවිද්ඥාන ඇතියහ.

එස භීයො පසීදාමීති-එස භීයො පසීදාමි, භීයො භීයො සද‍්දහාමි භීයො භීයො ඔකප‍්පෙමි, භීයො භීයො අධිමුච‍්චාමි, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති භීයො භීයො පසීදාමි, භීයො භීයො සද‍්දහාමි, භීයො භීයො ඔකප‍්පෙමි, භීයො භීයො අධිමුච‍්චාමි, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති භීයො භීයො පසීදාමි -පෙ- ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති භීයො භීයො පසීදාමි -පෙ- ‘යං කිඤ‍්චි සමුදය ධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති භීයො භීයො පසීදාමි, භීයො භීයො සද‍්දහාමි, භීයො භීයො ඔකප‍්පෙමි, භීයො භීයො අධිමුච‍්චාමීති ‘එස භීයො පසීදාමි’.

එස හීයො පසීදාමි යනු: තෙල මම් බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි බෙහෙවින් පහදිමි ... ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි බෙහෙවින් පහදිමි ... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එම හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙම්’ නුයි ‘එස හීයො පසීදාමි’ යනු වේ.

සුත්‍වාන මුනිනො වචොති-‘මුනී’ති ‘මොනං’ වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනී. සුත්‍වාන මුනිනො වචොති තුය‍්හං වචනං බ්‍යප‍්පථං දෙසනං අනුසාසනං අනුසිට‍්ඨිං සුත්‍වාන උග‍්ගහෙත්‍වාන උපධාරයිත්‍වාන උපලක‍්ඛියිත්‍වානාති ‘සුත්‍වාන මුනිනො වචො’.

සුත්‍වාන මුනිනො වචො - ‘මුනි’ යනු: ‘මොන’යි ඥාන ය කියනු ලැබෙයි. ... (රාගාදි) සංගජාලය ඉක්ම සිටි හෝ මුනි නම් වෙයි. සුත්‍වාන මුනිනො වචො යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය අනුසිට්ඨිය අසා උගෙන ධරා ගෙනැ විමසා ගෙනැ නුයි ‘සුත්‍වාන මුනිනො වචො’ යනු වේ.

විවත‍්තච‍්ඡදො සම‍්බුද‍්ධොති-‘ඡදන’න‍්ති පඤ‍්ච ඡදනානීති: තණ‍්හාඡදනං දිට‍්ඨිඡදනං කිලෙසඡදනං දුච‍්චරිතඡදනං අවිජ‍්ජාඡදනං තානි ඡදනානි බුද‍්ධස‍්ස භගවතො විවටානි විද‍්ධංසිතානි උග‍්ඝටිතානි සමුග‍්ඝටිතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, තස‍්මා බුද‍්ධො විවත‍්තච‍්ඡදො. ‘බුද‍්ධො’ති යො සො භගවා -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං බුද‍්ධොති ‘විවත‍්තච‍්ඡදො සම‍්බුද‍්ධො’.

විවත්තච්ඡදො සම්බුද්ධෝ - ‘ඡද්නං’ යනු: ඡද්නයෝ පස් දෙනෙකි: තෘෂ්ණාඡද්න යැ දෘෂ්ටි ඡද්න යැ ක්ලේශ ඡද්න යැ දුශ්චරිතඡද්න යැ අවිද්‍යා ඡද්න යැ යි. ඒ ඡද්නයෝ (සියන්) භාග්‍යවත් බුදුන් විසින් විවෘත කරන ලදහ විධ්වංසනය කරන ලදහ උපුරන ලදහ වෙසෙසින් උපුරන ලදහ ප්‍රහීණය හ සිඳුනා ලදහ සන්හිඳුවන ලදහ අප්‍රවෘත්තියට පමුණුවන ලදහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණගින්නෙන් දවන ලදහ. එයින් බුදුහු ‘විවත්තච්ඡද’ නම් වෙති. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු: බෝධිමූලයෙහි දී අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘විවත්තච්ඡදො සම්බුද්ධෝ’ යනු වේ.

අඛිලො පටිභානවාති ‘අඛිලො’ති රාගො ඛිලො දොසො ඛිලො මොහො ඛිලො කොධො ඛිලො උපනාහො ඛිලො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා ඛිලා. තෙ ඛිලා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා බුද‍්ධො අඛිලො. පටිභානවාති: තයො පටිභානවන‍්තො: පරියත‍්තිපටිභානවා පරිපුච‍්ඡාපටිභානවා. අධිගමපටිභානවා: කතමො පරියත‍්ති පටිභානවා: ඉධෙකච‍්චස‍්ස පකතියා පරියාපුතං ‘හොති: සුත‍්තං ගෙය්‍යං ව්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං’ තස‍්ස පරියත‍්තිං නිස‍්සාය පටිභාති අයං පරියත‍්තිපටිභානවා.

අඛිලො පටිභානවා - ‘අඛිලො’ යනු රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. ඒ ඛිලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ අනුඅභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අඛිලයහ. පටිභානවා යනු: ප්‍රතිභානවත්හු තිදෙනෙකි: පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යැ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යැ අධිගම ප්‍රතිභාන ඇත්තේ යී. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් පියවින් සූත්‍ර ගෙය වෛය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධර්‍ම වෙදල්ල යන මේ පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්තිය නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යි.

කතමො පරිපුච‍්ඡා පටිභානවා: ඉධෙකච‍්චො පරිපුච‍්ඡිතො හොති අත්‍ථෙ ච ඤායෙ ච ලක‍්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච. තස‍්ස පරිපුච‍්ඡං නිස‍්සාය පටිභාති අයං පරිපුච‍්ඡාපටිභානවා. කතමො අධිගමපටිභානවා: ඉධෙකච‍්චස‍්ස අධිගතා හොන‍්ති චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො චත‍්තාරො ච අරියමග‍්ගා චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි චතස‍්සො පටිසම‍්භිදායො ඡ ච අභිඤ‍්ඤායො. තස‍්ස අත්‍ථො ඤාතො, ධම‍්මො ඤාතො, නිරුත‍්ති ඤාතා. අත්‍ථෙ ඤාතෙ අත්‍ථො පටිභාති, ධම‍්මෙ ඤාතෙ ධම‍්මො පටිභාති, නිරුත‍්තියා ඤාතාය නිරුත‍්ති පටිභාති. ඉමෙසු තීසු ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා. භගවා ඉමාය පටිභානපටිසම‍්භිදාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො තස‍්මා බුද‍්ධො පටිභානවා. යස‍්ස පරියත‍්ති නත්‍ථි, පරිපුච‍්ඡා නත්‍ථි, අධිගමො නත්‍ථි, කිං තස‍්ස පටිභායිස‍්සතීති ‘අඛිලො පටිභානවා’.

පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍හත්ඵලයෙහි ද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි ද (අනිත්‍යාදි) ලක්‍ෂණයෙහි ද හේතුයෙහි ද කාරණාකාරණයෙහි ද ලා පිළිවිස්නේ වෙයි. ඔහට පරිපුච්ඡාව නිසා වැටහෙයි. මේ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යි. අධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ පඤ්චේන්‍ද්‍රියයෝ පඤ්චබලයෝ සප්තබෝධ්‍යංගයෝ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ග හා සතර ශ්‍රාමාණ්‍යඵල හා සතර ප්‍රතිසංවිත් හා ෂඩ්භිඥා හා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද යැ ධර්‍මය දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දන්නා ලද කල්හි අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දන්නා ලද කල්හි ධර්‍මය වටහයි. නිරුක්තිය දන්නා ලද කල්හි නිරුක්තිය වටහයි. මේ ත්‍රිවිධ ඥානයෙහි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. බුදුහු මේ ප්‍රතිභානප්‍රතිසංවිදායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු එළඹ සිටියාහු මොනොවට එළඹ සිටියාහු සමෘද්ධ වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද පරිපුච්ඡා නැද්ද අධිගම නැද්ද, කුමක් ඔහට වැටහෙන්නේ ද? යී ‘අඛිලො පටිභානවා’ යනු වේ.

තෙනාහ ථෙරො පිඞ‍්ගියො:

එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:

“එස භීයො පසීදාමි සුත්‍වාන මුනිනො වචො, විවත‍්තච‍්ඡදො සම‍්බුද‍්ධො අඛිලො පටිභානවා”ති.

“එස හීයො පසීදාමි -පෙ- අඛිලො පටිභානවා” යී.