10
10.
10.
වොරොපයිත්වා ගිහිබ්‍යඤ‍්ජනානි සංසීනපත‍්තො යථා කොවිළාරො, ඡෙත්‍වාන වීරො, ගිහිබන්‍ධනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
ගිලිහුණු පත්‍ර ඇති කොබළලරුකක් සෙයින් (කෙහෙ රවුළු ඈ) ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්ගවීර්‍ය්‍ය ඇත්තේ ගිහි (කාම) බන්ධනයන් (මාර්‍ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
වොරොපයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානීති ‘ගිහිබ්‍යඤ‍්ජනං’ වුච‍්චන‍්ති කෙසා ච මස‍්සු ච මාලා ච ගන්‍ධං ච විලෙපනං ච ආභරණං ච පිළන්‍ධනං ච වත්‍ථං ච පාරුපනං ච වෙඨනං න උච‍්ඡාදනං පරිමද‍්දනං නහාපනං සම‍්බාහනං ආදාසං අඤ‍්ජනං මාලාගන්‍ධවිලෙපනං මුඛචුණ‍්ණකං මුඛලෙපනං හත්‍ථබන්‍ධං සිඛාබන්‍ධං දණ‍්ඩං නාලිකං ඛග‍්ගං ඡත‍්තං චිත්‍රූපාහනං උණ‍්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්‍ථානි දීඝදසානි, ඉති වා, වොරොපයිත්‍වා ගිහි බ්‍යංජනානීති ගිහිබ්‍යඤ‍්ජනානි ඔරොපයිත්‍වා සමොරොපයිත්‍වා නික‍්ඛිපිත්‍වා පටිප‍්පස‍්සම‍්භයිත්‍වාති, වොරොපයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි’.
වොරොපයිත්වා ගිහිඛ්‍යඤ්ජනානි- ‘ගිහිඛ්‍යඤජන’ යි කෙස් ද රවුළු ද මල් ද ගඳ ද විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්තූ ද පොරෝනා ද හිස් වෙළුම ද සුවඳසුණු ගැල්වීම (තෙල්ගල්වා) පිරිමැදීම සුවඳපැනින් නැහැවීම (මල්‍යයන්ගේ අත්පා සෙයින් මුගුරින් මැඩ කරන) සම්බාහනය කැටපත් අඳුන් මල්ගඳවිලෙවුන් මුවසුණු මුඛලෙපන හස්තබන්ධ ශිඛාබන්ධ සෝලුලීය (ලීලාදණඩ) චිත්‍රනාළිකා විසිතුරු කොපු ඇති කඩු විචිත්‍ර ඡත්‍ර විසිතුරු වහන් නළල්පට මිණි වල්විදුනා දික්දහවලු ඇති සුදුවත් යන මොහු හෝ කියනු ලැබෙති. වොරොපයිත්වා ගිහිඛ්‍යඤජනානි’ යනු: ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහා තබා පටිප්පස්සම්භනය කොට නුයි ‘වොරොපයිත්වා ගිහිඛ්‍යඤජනානි’ යනු වේ.
සංසීනපත‍්තො යථා කොවිළාරොති යථා කොවිළාරස‍්ස පත‍්තානි තානි සංසීනානි පතිතානි පරිපතිතානි, එවමෙව තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස ගිහිබ්‍යඤ‍්ජනානි සීනානි සංසීනානි පතිතානීති සංසීනපත‍්තො යථා කොවිළාරො.
සංසීනපත්තො යථා කොවිළාරො- යම්සේ කොබළලරුකක්හු ගේ පත්‍රයෝ ගිලිහුණාහු ද මොනොවට ගිලිහුණාහු ද වැටුණාහු ද වෙසෙසින් වැටුණාහු ද එසෙයින් මැ ඒ පසේබුදුන් ගේ ගිහිව්‍යඤ්ජනයෙන් ගිලිහුණාහු මොනොවට ගිලිහුණාහු වැටුණාහු වෙසෙසින් වැටුණාහු වෙත් නුයි ‘සංසීනපත්තො යථා කොවිළාරො’ යනු වේ.
ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානීති වීරො’ති විරියවාති වීරො, පහූති වීරො, විසවීති වීරො, අලමත‍්තොති වීරො, සූරොති වීරො, වික‍්කන‍්තො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසි අපලායී පහීනභයභෙරවොති වීරො, විගතලොමහංසොති වීරො:
ඡෙත්‍වාන වීරො ගිහිබන්ධනානි- ‘විරෝ’ යනු: වීර්‍ය්‍ය්‍යවත් නුයි වීර යැ ප්‍රභූ නුයි වීරයැ, වශයෙහි පවත්නේ නුයි වීරයැ, සමර්ථසිත් ඇත්තේ නුයි වීර යැ, ශූර නුයි වීර යැ, වික්‍රම ඇත්තේ යැ. බිය නැත්තේ යැ නො තැති ගන්නේයැ, උත්‍රාස නැත්තේයැ නො පලායන්නේ යැ ප්‍රහීණ කළ බිය හා බිය අරමුණු ඇත්තේ නුයි. වීරයැ, පහ වු ලොමුදහගැනුම් ඇත්තේ නුයි වීර යැ.
1. “විරතො ඉධ සබ‍්බපාපකෙහි නිරයදුක‍්ඛමතිච‍්ච විරියවාසො, සො විරියවා පධානවා වීරො තාදි, පවුච‍්චතෙ තථත‍්තා”ති.
1. ‘මෙලොවැ සියලු පාපයන් ගෙන් වෙන් වූ වීර්‍ය්‍ය්‍යයට නිවාස වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම නිරයදුක් ඉක්මැ සිටියේ වෙයි. වීර්‍ය්‍ය්‍යය ඇති ප්‍රධන්වීර්‍ය්‍ය ඇති ඒ වීර තෙම තථ බැවින් ‘තාදි’ යයි කියනු ලැබේ’ යයි.
ගිහිබන්‍ධනානි’ වුච‍්චන‍්ති පුත‍්තා ච දාරා ච දාසී ච දාසා ච අජෙළකා ච කුක‍්කුටසූකරා ච හත්‍ථිගවාස‍්සවළවා ච ඛෙත‍්තං ච වත්‍ථුං ච හිරඤ‍්ඤං ච සුවණ‍්ණං ච ගාමනිගමරාජධානියො ච රට‍්ඨං ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරං ච යං කිඤ‍්චි රජනීයවත්‍ථු, ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානීති සො පච‍්චෙකසම‍්බුද‍්ධො වීරො ගිහිබන්‍ධනානි ඡින්‍දිත්‍වා සමුච‍්ඡින්‍දිත්‍වා ජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි එකො ච චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
‘ගිහිබන්ධන’යි අඹුදරුවෝ ද දැසිදස්හු ද එළුබැටළුවෝ ද කුකුළුවෝ ද හූරෝ ද ඇත්- ගව- අස්- වෙළඹහු ද කෙත්වතු ද අමුරන් ද රත්රන් ද ගම්නියම්ගම් රජදහන් ද රටදනවු ද කොටු ද කොටු ගුළු ද යම්කිසි සිත් අලවන වස්තු කෙනෙක් වෙත් නම් ඔහු කියනු ලැබෙත්. ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි’ යනු: ඒ පසේබුත් වීරයෝ ගිහිබන්‍ධනයන් සිඳපියා මොනවට සිඳපියා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“වොරොපයිත්‍වා ගිහිබ්‍යඤ‍්ජනානි සංසීනපත‍්තො යථා කොවිළාරො, ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“වොරොපයිත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
පඨමො වග‍්ගො.
ප්‍රථමවර්ගය යි.