1
1.
1.
සවෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්‍ය සබ්බානි පරිස‍්සයානි චරෙය්‍ය තෙනත්තමනො සතීමා.
ඉදින් නිපුණ වූ සාධු (අර්‍පණ-උපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු ලබන්නේ නම් හැම උවදුරු මැඩලා එයින් තුටු වැ සිහි ඇතිව හැසිරෙන් නේ යි.
සචෙ ලභෙථ නිපකං සහායන‍්ති: සචෙ නිපකං පණ‍්ඩිතං පඤ‍්ඤවන‍්තං. බුද‍්ධිමන‍්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්‍ය, පටිලභෙය්‍ය අධිගච‍්ඡෙය්‍ය වින්‍දෙය්‍යාතී ‘සචෙ ලභෙථ නිපකං සහායං’.
සචෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු ලැබේ නම් ප්‍රතිලාභ කෙරේ නම් අධිගම කෙරේ නම් විඳී නම් නුයි ‘සචෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද‍්ධිං චරං සාධුවිහාරි ධීරන‍්ති: ‘සද‍්ධිං චර’න‍්ති එකතො චරං, සාධුවිහාරින‍්ති පඨමෙනපි ඣානෙන සාධුවිහාරිං දුතියෙනපි ඣානෙන- තතියෙනපි ඣානෙන- චතුත්‍ථෙනපි ඣානෙන සාධුවිහාරිං මෙත‍්තායපි චෙතොවිමුත‍්තියා සාධුවිහාරිං කරුණායපි- මුදිතායපි- උපෙක‍්ඛායපි- චෙතොවිමුත‍්තියා සාධුවිහාරිං, ආකාසානඤ‍්චායතනසමාපත‍්තියාපි සාධුවිහාරිං විඤ‍්ඤාණඤ‍්චායතන-ආකිඤ‍්චඤ‍්ඤායතන-නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන සමාපත‍්තියාපි සාධුවිහාරිං නිරොධසමාපත‍්තියාපි සාධුවිහාරිං ඵලසමාපත‍්තියාපි සාධුවිහාරිං. ධීරන‍්ති: පණ‍්ඩිතං පඤ‍්ඤවන‍්තං බුද‍්ධිමන‍්තං ඤාණිං විභාවිං මෙධාවින‍්ති ‘සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං’.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චරං’ යනු: එක් වැ හැසිරෙන. සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ද්විතීය ධ්‍යානයෙනුදු -තෘතීය ධ්‍යානයෙනුදු- චතුර්ත්‍ථධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති මෛත්‍රීචිත්ත විමුක්තියෙනුදු සාධු විහාර ඇති කරුණායෙනුදු - මෘදුතයායෙනුදු - උපෙක්ෂා චිත්තවිමුක්තියෙනුදු සාධුවිහාර ඇති, ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති නිරෝධසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති ඵලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානීති: ‘පරිස‍්සයා’ති ද‍්වෙ පරිස‍්සයා: පාකටපරිස‍්සයා ච පටිච‍්ඡන‍්නපරිස‍්සයා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති පාකටපරිස‍්සයා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති පටිච‍්ඡන‍්නපරිස‍්සයා -පෙ- එවම‍්පි තත්‍රාසයාති පරිස‍්සයා -පෙ- අභිභුය්‍ය සබ‍්බානි පරිස‍්සයානීති: සබ‍්බෙ පරිස‍්සයෙ අභිභුය්‍ය අභිභවිත්‍වා අජ‍්ඣත්‍ථරිත්‍වා පරියාදියිත්‍වා මද‍්දිත්‍වාති ‘අභිභුය්‍ය සබ්බානි පරිස‍්සයානි’.
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි- ‘පරිස්සය’ යනු: ප්‍රකට උපද්‍රව යැ ප්‍රතිච්ඡන්න උපද්‍රව යැයි උපද්‍රව දෙකෙකි.....මොහු ප්‍රකට උපද්‍රව යෝයි කියනු ලැබෙති. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යි කියනු ලැබෙත්..... මෙසේත් තත්‍රාසය නුයි පරිස්සය නම් වෙත්.....අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි යනු: හැම උවදුරු මැඩගෙන අභිභවන කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට නුයි ‘අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි’ යනු වේ.
චරෙය්‍ය තෙනත‍්තමනො සතීමාති සො පච‍්චෙකසම‍්බුද‍්ධො තෙන නෙපක‍්කෙන පණ‍්ඩිතෙන පඤ‍්ඤවන‍්තෙන බුද‍්ධිමන‍්තෙන ඤාණිනා විභාවිනා මෙධාවිනා සහායෙන සද‍්ධිං අත‍්තමනො තුට‍්ඨමනො හට‍්ඨමනො පහට‍්ඨමනො උදග‍්ගමනො මුදිතමනො චරෙය්‍ය විහරෙය්‍ය ඉරියෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍යාති ‘චරෙය්‍ය තෙනත‍්තමනො’ සතීමාති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතාති ‘චරෙය්‍ය තෙනත්තමනො සතීමා’.
චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා යනු: ඒ පසේබුදුහු ඒ පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් වූ නුවණැති විමසන නුවණැති තුලිතඥාන ඇති සහායයකු සමග සියමන් ඇති වැ තුටුසිත් ඇති වැ හටුසිත් ඇති වැ පහටුසිත් ඇති වැ උදග්‍රසිත් ඇති වැ මුදිතසිත් ඇති වැ හැසිරෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ ඉරියවු රක්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ නුයි ‘චරෙය්‍ය තෙනත්තමනො’ යනු වේ. සතීමා යනු: ඒ පසේබුදුහු ස්මෘතිමත් වෙති පරම වූ ස්මෘති නිපකභාවයෙන් සමන්‍වාගත වූවාහු චිරකෘත (කළ බොහෝ කල් ඉක්මුණු දැය) ද චිරහාෂිත ද සිහි කරන්නාහු පුනපුනා සිහි කරන්නාහු වෙත් නුයි ‘චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. එ පසේබුදුහු:
“සචෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං අභිභුය්‍ය සබ්බානි පරිස‍්සයානි චරෙය්‍ය තෙනත‍්තමනො සතීමාති”
“සචෙ ලභෙථ නිපකං සහායෙ -පෙ- චරෙය්‍ය තෙනත්තමනො සතීමා” යි.