2
2.
2.
නො චෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො,
ඉදින් පියවින් නිපුණ වූ සාධුවිහාර ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු නො ලැබේ නම් දිනූ රට හැරපියා එකලාව යන රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
නො චෙ ලභෙථ නිපකං සහායන‍්ති නො චෙ නිපකං පණ‍්ඩිතං පඤ‍්ඤවන‍්තං බුද‍්ධිමන‍්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්‍ය පටිලභෙය්‍ය අධිගච‍්ඡෙය්‍ය වින්‍දෙය්‍යාති ‘නො චෙ ලභෙථ නිපකං සහායං’.
නො චෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසුම් නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු නො ලැබේ නම් ප්‍රතිලාභ නො කෙරේ නම් අධිගම නො කෙරේ නම් නො විඳී නම් නුයි ‘නො චෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද‍්ධිං චරං සාධුවිහාරි ධීරන‍්ති: ‘සද‍්ධිං චර’න‍්ති එකතො චරං, සාධු විහාරින‍්ති පඨමෙනපි ඣානෙන සාධුවිහාරිං -පෙ- නිරොධසමාපත‍්තියාපි සාධුවිහාරිං ඵලසමාපත‍්තියාපි සාධුවිහාරිං. ධීරන‍්ති: ධීරං පණ‍්ඩිතං පඤ‍්ඤවන‍්තං බුද‍්ධිමන‍්තං ඤාණිං විභාවිං මෙධාවින‍්ති ‘සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං’.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චර’ යනු: එක් වැ හැසිරෙන සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ... නිරෝධසමාපත්ති යෙනුදු සාධුවිහාර ඇති, එලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: ප්‍රාඥ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසනනුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
රාජාව රට්ඨං විජිතං පහායාති: යථා රාජා ඛත‍්තියො මුද‍්ධාභිසිත‍්තො විජිතසඞ‍්ගාමො නිහතපච‍්චාමිත‍්තො ලද‍්ධාධිප‍්පායො පරිපුණ‍්ණකොසකොට‍්ඨාගාරො රට‍්ඨං ච ජනපදං ච කොසං ච කොට‍්ඨාගාරං ච පහූතහිරඤ‍්ඤසුවණ‍්ණං නගරං ච පරිච‍්චජිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා අකිඤ‍්චනභාවං උපගන‍්ත්‍වා එකො චරති විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙති, එවං පච‍්චෙකසම‍්බුද‍්ධොපි සබ‍්බං ඝරාවාසපළිබොධං ඡින්‍දිත්‍වා පුත‍්තදාරපළිබොධං ඡින්‍දිත්‍වා ඤාතිපළිබොධං ඡින්‍දිත්‍වා මිත‍්තාමච‍්චපළිබොධං ඡින්‍දිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා අකිඤ‍්චනභාවං උපගන‍්ත්‍වා එකො චරති විහරති ඉරියති වත‍්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.
රාජාව රට්ඨං විජිතං පහාය යනු: යම්සේ මුදුනෙහි බිසෙව්ලත් දිනන ලද සඞ්ග්‍රාම ඇති නසනලද පසමිතුරන් ඇති මුදුන්පත් අදහස් ඇති පිරිපුන් කොටු කොටුගුළු ඇති ක්‍ෂත්‍රිය රජ කෙනෙක් රට ද දනවු ද කොටුදු බොහෝ වූ කළ නොකළ රන් ඇති කොටුගුළුදු නුවර ද හැරපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය පැවිද්දට පැමිණ පළිබෝධ රහිත (කිසිත් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙත් ද වෙසෙත් ද ඉරියවු පවත්වත් ද පවතිත් ද රැකෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද එසෙයින් පසේ බුදුහු ද හැම ගිහිගේ පළිබෝධය සිඳපියා අඹුදරු පළිබෝධය සිඳපියා ඥාති පළිබෝධය සිඳපියා සගයහළු පළිබෝධය සිඳපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යශාසනයට පැමිණ අකිඤ්චනභාවයට පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි. ‘රාජා’ ව රට්ඨං විජිතං පහාය ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. එ පසේබුදුහු:
“නො චෙ ලභෙථ නිපකං සහායං සද‍්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“නො චෙ ලභෙථ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.