3
3.
3.
අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
එකත්නෙන් සහායසම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සම වූ සහායයෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
අද්ධා පසංසාම සහාය සම්පදන්ති ‘අද්ධා’ති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවිරුද්ධවචනං අවත්ථාපනවචනමෙතං අද්ධාති. සහාය සම්පදන්ති සහායසම්පදා වුච්චති යො සො සහායො අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන-සමාධික්ඛන්ධෙන අසෙක්ඛෙන-අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන-අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. අද්ධා පසංසාම සහාය සම්පදන්ති සහායසම්පදං පසංසාම ථොමෙම කිත්තෙම වණ්ණෙමාති ‘අද්ධා පසංසාම සහායසම්පදං’.
අද්ධා පසංසාම සහාය සම්පදං - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිසැක වචන යැ නිශ්ශඞ්කාවචනයැ අදෛවධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ නො බොල් වචන යැ අවිරුද්ධවචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. සහාය සම්පදං යනු: යම් සහායයෙක් අශෛක්ෂ වූ ශීලස්කන්ධයෙන් සමන්වාගත වේ ද අශෛක්ෂ වූ සමාධිස්කන්ධයෙන් - අශෛක්ෂ වූ ප්රඥාස්කන්ධයෙන්- අශෛක්ෂ වූ විමුක්තිස්කන්ධයෙන්- අශෛක්ෂ වූ විමුක්තිඥානදර්ශන ස්කන්ධයෙන් සමන්වාගත වේ ද, හේ සහායසම්පත් යි කියනු ලැබේ. අද්ධා පසංසාම සහාය සම්පදං යනු: සහායසම්පත් පසසම්හ තෙමම්හ කීර්තනය කරම්හ ගුණකියම්හ නුයි. ‘අද්ධා පසංසාම සහායසම්පදං’ යනු වේ.
සෙට්ඨා සමා සෙවිතබ්බා සහායාති: සෙට්ඨා හොන්ති සහායා සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන, සමා සදිසා හොන්ති සහායා සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන සෙට්ඨා වා සහායා සදිසා වා සහායා සෙවිතබ්බා භජිතබ්බා පයුරුපාසිතබ්බා පරිපුච්ඡිතබ්බා පරිපඤ්හිතබ්බාති ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා’.
සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා යනු: සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන්ශ්‍රේෂ්ඨ වෙති සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්ශනයෙන් සමසදෘශ වෙති. ශ්‍රේෂ්ඨසහායයෝ හෝ සදෘශ්සහායයෝ හෝ සේවනය කළයුත්තාහ. භජනය කළයුත්තාහ පර්‍ය්‍යුපාසන කළ යුත්තාහ පිළිවිසිය යුත්තාහ පරිප්‍රශ්න කළ යුත්තාහු නුයි ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායං’ යනු වේ.
එතෙ අලද්ධා අනවජ්ජභොජීති: අත්ථි පුග්ගලො සාවජ්ජභොජී, අත්ථි පුග්ගලො අනවජ්ජභොජී.
එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: ‘සාවජ්ජභෝජි’ පුද්ගලයෙක් ඇත, ‘අනවජ්ජොභොජි’ පුද්ගලයෙක් ඇති.
කතමො ච පුග්ගලො සාවජ්ජභොජී: ඉධෙකච්චො පුග්ගලො කුහනාය ලපනාය නෙමිත්තිකතාය නිප්පෙසිකතාය ලාභෙන ලාභං නිජිගිංසනතාය දාරුදානෙන වෙළුදානෙන පත්තදානෙන පුප්ඵදානෙන ඵලදානෙන සිනානදානෙන චුණ්ණදානෙන මත්තිකාදානෙන දන්තකට්ඨදානෙන මුඛොදකදානෙන චාටුකම්යතාය මුග්ගසුප්යතාය පාරිභට්ඨතාය පිට්ඨිමංසිකතාය වත්ථුවිජ්ජාය තිරච්ඡානවිජ්ජාය අඞ්ගවිජ්ජාය නක්ඛත්තවිජ්ජාය දූතමනෙන පහිනගමනෙන ජඞ්ඝපෙසනියෙන වෙජ්ජකම්මෙන පිණ්ඩපතිපිණ්ඩකෙන දානානුප්පදානෙන අධම්මෙන විසමෙන, ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා ජීවිකං කප්පෙති. අයං වුච්චති පුග්ගලො සාවජ්ජභොජී.
සාවජ්ජභෝජී පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් උසස් කොට බිණීමෙන් නිමිති කරන බැවින් මෙරමා ගුණ නසන බැවින් ලාභයෙන් ලාභය සොයන බැවින් දැව දීමෙන් හුණදඩු දීමෙන් (තල් ආදී) පත්‍ර දීමෙන් පුෂ්පදානයෙන් ඵලදානයෙන් නහනු දීමෙන් සුණු දීමෙන් මැටි දීමෙන් දැහැටිදඬු දීමෙන් මුවදෝනා දිය දීමෙන් චාටුබස් කියන බැවින් මුද්ගසූපයක් වැනි වීමෙන් (දරුවන් වැඩිමාදී) පරිභටහාවයෙන් මෙරමා පිටුමස් කන බැවින් වාස්තුවිද්‍යායෙන් තිරශ්චීන විද්‍යාවෙන් අඞ්ගවිද්‍යාවෙන් නක්ෂත්රවිද්යාවෙන් දූතමෙහෙවරින් හසුන් ගෙනයෑමෙන් පා මෙහෙවරින් වෙදකමින් පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් දානානුප්‍රදානයෙන් නො දැහැමින් නො සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්රතිලාභ කොට දිවි රකී. මේ ‘සාවජ්ජභොජි පුද්ගල’යි කියනු ලැබේ.
කතමො ච පුග්ගලො අනවජ්ජභොජී: ඉධෙකච්චො පුග්ගලො න කුහනාය න ලපනාය න නෙමිත්තකතාය න නිප්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න දාරුදානෙන න වෙළුදානෙන න පත්තදානෙන න පුප්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න චුණ්ණදානෙන න මත්තිකාදානෙන න දන්තකට්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්යතාය න මුග්ගසුප්යතාය න පාරිභට්ටතාය න පිට්ඨිමංසිකතාය න වත්ථුවිජ්ජාය න තිරච්ඡානවිජ්ජාය න අඞ්ගවිජ්ජාය න නක්ඛත්තවිජ්ජාය න දූතමනෙන න පහිනගමනෙන න ජඞ්ඝපෙසනියෙන න වෙජ්ජකම්මෙන න පිණ්ඩපතිපිණ්ඩකෙන න දානානුප්පදානෙන ධම්මෙන සමෙන, ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා ජීවිකං කප්පෙති. අයං වුච්චති පුග්ගලො අනවජ්ජභොජී.
“අනවජ්ජභොජි’ පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නොවැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභය සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඞු දීමෙන් නොවැ පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුවදෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ පරිභට භාවයෙන් නො වැ මෙරමා පිටුමස් කන බැවින් නො වැ වාස්තුවිද්‍යාවෙන් නො වැ තිරශ්චීන විද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්ෂත්රවිද්යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ හසුන් ගෙන යෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නොවැ දැහැමින් සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්රතිලාභ කොට දිවිරකී. මේ
එතෙ අලද්ධා අනවජ්ජභොජීති එතෙ අනවජ්ජභොජී අලද්ධා අලභිත්වා අනධිගන්ත්වා අවින්දිත්වා අප්පටිලභිත්වාති ‘එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
‘අනවජ්ජභොජි පුද්ගල’ යි කියනු ලැබේ. එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: තෙල අනවජ්ජභෝජි පුද්ගලයන් නො ලැබ නො ලබා නො පැමිණ නො විඳ ප්රතිලාභ නො කොට නුයි ‘එතෙ අලද්ධා අනවජ්ජභොජි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. එ පසේබුදුහු:
“අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා, එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“අද්ධා පසංසාම -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.